ආනයනික අර්තාපල් හා ලොකු ලූනු සඳහා අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාසයක් ඇතුළත දෙවැනි වතාවටත් වැඩි කර ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය කියයි.
අර්තාපල් කිලෝවක් සඳහා පැවැති රුපියල් 15ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 40 දක්වා ද, ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 25ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 35 දක්වා ද ඉහළ දමා ඇත.
පසුගිය 11 වැනි දා ද ලොකු ලූනු හා අර්තාපල් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කළේය. ඒ ලොකු ලූනු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 15කින් හා අර්තාපල් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 10 කිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බද්ද වැඩිකලත් අපිට කමක් නැහැ.අනෙක් අතින් දේශීය වගාකරුවටත් පාරිබෝගිකයටත් හානියක් නොවෙනවානම් එච්චරයි. (දී)
ඉදිරියේදී තව සහන ලැබේවි (නි)
මේකේ තිර නාටක පිටපත එක අංගයක්. ඡන්දෙ බලාගෙන කරපු වැඩක් (නදී)
දම්මික, අපේ වටිනා කාලය මිඩංගු කරගෙන අදහස් දාන්නේ අර බන්දුල පෙරේරා වගේ අදහස් වලිනුත් හරිහම්බ කරන්න නෙමෙයි (නි)
මැතිවරණයක් ළඟ එද්දී ඔහොම නම් ඊට පස්සේ.....? (නි)
ආණ්ඩුවට කඩේ යන කට්ටිය එහෙම දැන් කොහෙද දන්නේ නෑ. (නදී)
මේ සේරම බදු ගහන්නේ ඌවෙ ඡන්දෙට (නදී)
ඌවෙ අල ගොවියා සතුටු කරන්න වෙන මොනවා කරන්නද? (නි)
මේක පුදුම වැඩක්නේ! (නි)
චුරු චුරු ගාන්න එපා. අග හිඟකම් මඟහරවා ගන්න තමයි කැසිනෝ තියෙන්නේ. බඩු ගන්න මාර්කට් එකට යන ගමන් කැසිනෝ ගිහින් ඔට්ටුවක් දෙකක් දාලා දෙවියන්ගේ පිහිටෙන් ආර්ථිකය සංවර්ධනය කරගන්න දැන් පුළුවන් (නි)
දැන් නම් හොඳටම ඇති. (නි)
මම දිගු කලක් මේ රටේ සේවය කරනවා, නමුත් බඩු මිල ඉහල යන්නේ නැහැ ලංකාවේ වගේ, (දී)
අනේ මන්දන්නේ නැහැ (දී)
අයියෝ සල්ලි (දී)
අයියෝ සල්ලි (දී)
මෙහෙ කළේ නැත්නම් ගොවියටඅබ සරණි. (අ)
රට අල, ලුණු වලට බදුඅය කළාට වෙළෙන්දෝ ලංකාවේ ඒවටත් බදු මිල එකතු කරලා රට අල, ලුණු කියලා විකුණනවා. (නි)
ඉන්දියාවේ අල කිලෝ 1ක් රු 20. ලංකාවේ අල කිලෝ 1ක් රු 160 වෙනවා. පකිස්තනයේත් ඔය වගේම .ලංකාව ගොඩක් දියුනු නිසා මේ මිල .(අ)
ලබන නිවාඩුවට ලංකාවට යද්දීත් අපිට අවුරුද්දට ලැබෙන තීරු බදු නිදහස් මුදලට හරි යන්න අල ලුනු,හාල්,පරිප්පු,කරවල,කිරිපිටි ටිකක් තමයි පෙට්ටියේ දාගෙන අරගෙන යන්නේ.හරියට ඉතියෝපියාවට,සෝමාලියාවට,බන්ගලිදේශයට, උගන්ඩාවට ,කින්නියාවට ගොඩබහින්න යනවා වගේ.රටකට ගිය කලක්. (නි)
මෙහෙම බඳු නැංගුවාම අහිංසක දුප්පත් මිනිස්සු කන්නෙ මොන අලද? (අ)
වැඩේ හරිනේ වර්ග දෙකට බදු යළි නඟී, පත්කළ උප ඇමතිලා දෙන්නට ඕන කරන පහසුකම් දෙන්න අද ඉඳල අපිත් ලක ලැහැස්ති වෙන්න ඕනනේ,(අ)
එකට කමක් නැහැ.දැන් දේශීය අල ළුණු බෙදා හරින කාලේ නිසා අපේ ගොවීන්ට සෙතක් වේවි.(අ)
මොනවා වැඩි කලත් කමක් නැහැ පුන්නකු මිලටනම් අත තියන්න එපා.(අ)
තුන් වෙල කාල ඇදල ජීවත් වෙන්න බැරිව දරුවන් සමග ජීවිත විනාශ කර ගන්න අම්මල තාත්තල ඉදිරියේදී තව තවත් බිහි වේවි.කාටද ආඩම්බර. (අ)
අපේ ගොවීන්ට සෙත සළසන්න මෙසේ කළාද? (නි)
රටේ සමහරුන්ට තේරෙන්නම ගහන්න තියෙන්නේ බදු "ඇති වෙන්නම" (නි)
නිදහසින් පසුව මතක ඇති කාලයක මේ තරම් බදු වලින් මිනිස්සු අසරණ වෙලා නැහැ. (නි)
රජය මොන තරම් බදු ගැහැව්වත් පාරිභෝගිකයාට අතමිට සරු නැහැ. වෙළෙන්දාට බිස්නස් නැහැ.සබර ගමුවේ අද ලොකු ලුණු සිල්ලර මිල කිලෝව 90/= රට අල කිලෝව 65/=යි .බීජ,පොහොහොර මිල ,දේශගුණය නිසා ගොවියාත් ,පාරිභෝගිකයාත්,වෙළෙන්දත් අමාරුවේ !(අ)
තව ඇමති තනතුරු 5-6 ක් දුන්නා නම් සමහරුන්ට සනීපෙට නින්ද යාවි. (නි)
ටිකිරි බණ්ඩාගේ ටිකිරි මොළයට දැනුන දේ නම් අපුරුයි.පුන්නක්කු අඩු මිලට දෙනකොට ටිකක් ඉතුරු කරලා තියන්න. (නි)
අපේ ලුනු ගෙඩියටත් බදු. අපි මිලදී ගන්න හැම දෙකටම බදු. අඩුම තරමේ පොලිස් රාළහාමි අපිට දෙන දඩ කොලයටත් අපි බදු ගෙවන්න ඕනෑ. සුඛෝපභෝගී වාහන වලට බදු නැහැ. පාර්ලිමේන්තුවේ කෑම එකත් ලැබෙන්නේ සහන මිලට.මේ ගැන කතාකරන්න කවුරුත් නැහැ (නි)
දුප්පත් අපිට තමයි හැමදේම.... (නි)
එහෙන් රක්ෂණය කියල හැම පොහොර කිලෝ එකකින්ම ලොකු මුදලක් අය කරනවා. අපි වගේ වෙනත් මධ්‍යම රටවල පොහොර රජයෙන් ලබාදෙන්නේ නොමිලේ. මෙහෙන් පිටරටින් එන එකටත් බදු ගහනවා. අන්තිමට අහස උසටත් වඩා උසට බඩු මිල ඉහළ යනවා. හූල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (නි)
පසුගිය වසරේදී විදේශ සම්බන්ධතා දියුණු කරගැනීම සදහා ඇමති, මන්ත්‍රී, නිලධාරීන් අතිවිශාල ලෙස විදේශ සංචාර ප්‍රමාණයක නිරත වුණා නේද? මේ ගමන් රටට අතිශයින් වැදගත්. මේ මුදල් ආයෝජනය වන්නේ එවැනි ඵලදායි දේවල් වෙනුවෙන්ද? (නි)
දේශීය ගොවියාට පොහොර රුපියල් 1000ක ගනිද්දී 400ක් විතර රක්ෂණය කියලා අය කරනවා. බීජ මිලත් අහස උසට දාලා. එහෙන් දේශීය ගොවියාව විනාශ කරනවා. මෙහෙන් බදු ගහලා පාරිභෝගිකයාව විනාශ වෙනවා (නි)
දැන් වැඩි කළේ නැත්නම් කොහොමද? (නි)