IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රටින් ගෙන්වන ලොකු ලූනු / අර්තාපල් බදු යළි නඟී

ආනයනික අර්තාපල් හා ලොකු ලූනු සඳහා අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාසයක් ඇතුළත දෙවැනි වතාවටත් වැඩි කර ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය කියයි.

අර්තාපල් කිලෝවක් සඳහා පැවැති රුපියල් 15ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 40 දක්වා ද, ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 25ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 35 දක්වා ද ඉහළ දමා ඇත.

පසුගිය 11 වැනි දා ද ලොකු ලූනු හා අර්තාපල් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කළේය. ඒ ලොකු ලූනු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 15කින් හා අර්තාපල් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 10 කිනි.



අදහස් (0)

රටින් ගෙන්වන ලොකු ලූනු / අර්තාපල් බදු යළි නඟී

සිල්වා Tuesday, 26 August 2014 08:24 AM

අනේ මන්දන්නේ නැහැ (දී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 25 August 2014 05:45 PM

රටේ සමහරුන්ට තේරෙන්නම ගහන්න තියෙන්නේ බදු "ඇති වෙන්නම" (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 25 August 2014 05:47 PM

නිදහසින් පසුව මතක ඇති කාලයක මේ තරම් බදු වලින් මිනිස්සු අසරණ වෙලා නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 25 August 2014 05:52 PM

ලබන නිවාඩුවට ලංකාවට යද්දීත් අපිට අවුරුද්දට ලැබෙන තීරු බදු නිදහස් මුදලට හරි යන්න අල ලුනු,හාල්,පරිප්පු,කරවල,කිරිපිටි ටිකක් තමයි පෙට්ටියේ දාගෙන අරගෙන යන්නේ.හරියට ඉතියෝපියාවට,සෝමාලියාවට,බන්ගලිදේශයට, උගන්ඩාවට ,කින්නියාවට ගොඩබහින්න යනවා වගේ.රටකට ගිය කලක්. (නි)

:       0       0

සඳකැළුම් Wednesday, 27 August 2014 04:45 AM

රට අල, ලුණු වලට බදුඅය කළාට වෙළෙන්දෝ ලංකාවේ ඒවටත් බදු මිල එකතු කරලා රට අල, ලුණු කියලා විකුණනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 25 August 2014 05:55 PM

තව ඇමති තනතුරු 5-6 ක් දුන්නා නම් සමහරුන්ට සනීපෙට නින්ද යාවි. (නි)

:       0       0

ජයසුන්දර Monday, 25 August 2014 06:24 PM

ටිකිරි බණ්ඩාගේ ටිකිරි මොළයට දැනුන දේ නම් අපුරුයි.පුන්නක්කු අඩු මිලට දෙනකොට ටිකක් ඉතුරු කරලා තියන්න. (නි)

:       0       0

ද සිල්වා Monday, 25 August 2014 08:07 PM

අපේ ලුනු ගෙඩියටත් බදු. අපි මිලදී ගන්න හැම දෙකටම බදු. අඩුම තරමේ පොලිස් රාළහාමි අපිට දෙන දඩ කොලයටත් අපි බදු ගෙවන්න ඕනෑ. සුඛෝපභෝගී වාහන වලට බදු නැහැ. පාර්ලිමේන්තුවේ කෑම එකත් ලැබෙන්නේ සහන මිලට.මේ ගැන කතාකරන්න කවුරුත් නැහැ (නි)

:       0       0

මහේෂ්‍ Monday, 25 August 2014 08:41 PM

දුප්පත් අපිට තමයි හැමදේම.... (නි)

:       0       0

සමීර Monday, 25 August 2014 11:15 PM

එහෙන් රක්ෂණය කියල හැම පොහොර කිලෝ එකකින්ම ලොකු මුදලක් අය කරනවා. අපි වගේ වෙනත් මධ්‍යම රටවල පොහොර රජයෙන් ලබාදෙන්නේ නොමිලේ. මෙහෙන් පිටරටින් එන එකටත් බදු ගහනවා. අන්තිමට අහස උසටත් වඩා උසට බඩු මිල ඉහළ යනවා. හූල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 25 August 2014 11:18 PM

පසුගිය වසරේදී විදේශ සම්බන්ධතා දියුණු කරගැනීම සදහා ඇමති, මන්ත්‍රී, නිලධාරීන් අතිවිශාල ලෙස විදේශ සංචාර ප්‍රමාණයක නිරත වුණා නේද? මේ ගමන් රටට අතිශයින් වැදගත්. මේ මුදල් ආයෝජනය වන්නේ එවැනි ඵලදායි දේවල් වෙනුවෙන්ද? (නි)

:       0       0

සෙනරත් Tuesday, 26 August 2014 09:41 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

දම්මික Monday, 25 August 2014 11:21 PM

දේශීය ගොවියාට පොහොර රුපියල් 1000ක ගනිද්දී 400ක් විතර රක්ෂණය කියලා අය කරනවා. බීජ මිලත් අහස උසට දාලා. එහෙන් දේශීය ගොවියාව විනාශ කරනවා. මෙහෙන් බදු ගහලා පාරිභෝගිකයාව විනාශ වෙනවා (නි)

:       0       0

රොෂාන් ද සිල්වා Wednesday, 27 August 2014 05:53 AM

ඉන්දියාවේ අල කිලෝ 1ක් රු 20. ලංකාවේ අල කිලෝ 1ක් රු 160 වෙනවා. පකිස්තනයේත් ඔය වගේම .ලංකාව ගොඩක් දියුනු නිසා මේ මිල .(අ)

:       0       0

ජිලාන් Tuesday, 26 August 2014 02:02 AM

දැන් වැඩි කළේ නැත්නම් කොහොමද? (නි)

:       0       0

රොකී Tuesday, 26 August 2014 02:06 AM

චුරු චුරු ගාන්න එපා. අග හිඟකම් මඟහරවා ගන්න තමයි කැසිනෝ තියෙන්නේ. බඩු ගන්න මාර්කට් එකට යන ගමන් කැසිනෝ ගිහින් ඔට්ටුවක් දෙකක් දාලා දෙවියන්ගේ පිහිටෙන් ආර්ථිකය සංවර්ධනය කරගන්න දැන් පුළුවන් (නි)

:       0       0

ගමගේ Tuesday, 26 August 2014 02:18 AM

ඉදිරියේදී තව සහන ලැබේවි (නි)

:       0       0

ග්‍රාම්‍යා Tuesday, 26 August 2014 02:18 AM

මේකේ තිර නාටක පිටපත එක අංගයක්. ඡන්දෙ බලාගෙන කරපු වැඩක් (නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 26 August 2014 02:34 AM

දම්මික, අපේ වටිනා කාලය මිඩංගු කරගෙන අදහස් දාන්නේ අර බන්දුල පෙරේරා වගේ අදහස් වලිනුත් හරිහම්බ කරන්න නෙමෙයි (නි)

:       0       0

නන්ද Tuesday, 26 August 2014 02:47 AM

මැතිවරණයක් ළඟ එද්දී ඔහොම නම් ඊට පස්සේ.....? (නි)

:       0       0

අමාලි Tuesday, 26 August 2014 03:33 AM

ආණ්ඩුවට කඩේ යන කට්ටිය එහෙම දැන් කොහෙද දන්නේ නෑ. (නදී)

:       0       0

චන්දිම Tuesday, 26 August 2014 04:02 AM

මේ සේරම බදු ගහන්නේ ඌවෙ ඡන්දෙට (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 26 August 2014 04:07 AM

ඌවෙ අල ගොවියා සතුටු කරන්න වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 26 August 2014 04:21 AM

මේක පුදුම වැඩක්නේ! (නි)

:       0       0

සජිත් Tuesday, 26 August 2014 12:03 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 26 August 2014 04:36 AM

මොන බද්ද වැඩිකලත් අපිට කමක් නැහැ.අනෙක් අතින් දේශීය වගාකරුවටත් පාරිබෝගිකයටත් හානියක් නොවෙනවානම් එච්චරයි. (දී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 26 August 2014 04:58 AM

දැන් නම් හොඳටම ඇති. (නි)

:       0       0

පහන්දී Tuesday, 26 August 2014 05:40 AM

මම දිගු කලක් මේ රටේ සේවය කරනවා, නමුත් බඩු මිල ඉහල යන්නේ නැහැ ලංකාවේ වගේ, (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 25 August 2014 03:11 PM

රජය මොන තරම් බදු ගැහැව්වත් පාරිභෝගිකයාට අතමිට සරු නැහැ. වෙළෙන්දාට බිස්නස් නැහැ.සබර ගමුවේ අද ලොකු ලුණු සිල්ලර මිල කිලෝව 90/= රට අල කිලෝව 65/=යි .බීජ,පොහොහොර මිල ,දේශගුණය නිසා ගොවියාත් ,පාරිභෝගිකයාත්,වෙළෙන්දත් අමාරුවේ !(අ)

:       0       0

සුනිල් Monday, 25 August 2014 03:21 PM

මෙහෙම බඳු නැංගුවාම අහිංසක දුප්පත් මිනිස්සු කන්නෙ මොන අලද? (අ)

:       0       0

ෂෙරිෆ් Monday, 25 August 2014 03:29 PM

වැඩේ හරිනේ වර්ග දෙකට බදු යළි නඟී, පත්කළ උප ඇමතිලා දෙන්නට ඕන කරන පහසුකම් දෙන්න අද ඉඳල අපිත් ලක ලැහැස්ති වෙන්න ඕනනේ,(අ)

:       0       0

කුමාරි Monday, 25 August 2014 03:45 PM

එකට කමක් නැහැ.දැන් දේශීය අල ළුණු බෙදා හරින කාලේ නිසා අපේ ගොවීන්ට සෙතක් වේවි.(අ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 25 August 2014 04:10 PM

මොනවා වැඩි කලත් කමක් නැහැ පුන්නකු මිලටනම් අත තියන්න එපා.(අ)

:       0       0

සමන් Tuesday, 26 August 2014 03:05 PM

මෙහෙ කළේ නැත්නම් ගොවියටඅබ සරණි. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 25 August 2014 04:27 PM

තුන් වෙල කාල ඇදල ජීවත් වෙන්න බැරිව දරුවන් සමග ජීවිත විනාශ කර ගන්න අම්මල තාත්තල ඉදිරියේදී තව තවත් බිහි වේවි.කාටද ආඩම්බර. (අ)

:       0       0

පද්මිණි Monday, 25 August 2014 04:51 PM

අපේ ගොවීන්ට සෙත සළසන්න මෙසේ කළාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 398 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 438 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 723 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 558 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 395 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 730 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site