(තිළිණි ද සිල්වා)
ප්‍රංශය , ඇෆ්ඝනිස්ථානය සහ ජපානය යන රටවල් සඳහා නව ශ්‍රී ලංකා තානාපතිවරුන් තිදෙනෙකු රජය විසින් පත් කරනු ලැබ ඇත.
ඒ අනුව ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියද , ඇෆ්ඝනිස්ථානයේ නව ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් (විශ්‍රාමික) පියල් ද සිල්වා මහතා ද, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විශ්‍රමාල් සන්ජීව් ගුණසේකර මහතාද රජය විසින් පත් කර ඇති බව විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලංකාදීපයට පැවසීය.
මෙම නව ශ්‍රී ලංකා තානාපතිවරු පත් කිරීම් වලට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා එම නම් මේ වන විට උසස් නිල තල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කර ඇති අතර අදාළ අනුමැතීන් ලැබුණු වහාම ඔවුන් එම තානාපති ධූරයන්හි රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
ප්‍රංශයේ නව තානාපතිනිය වශයෙන් පත් කරනු ලැබ සිටින මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය 2008 වසරේ සිට 2013 දක්වා කාලය තුළ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිනිය වශයෙන්ද , ඉන්පසුව එම වසරේදීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති වශයෙන් පත්වීම් ලැබූ අතර එම ධූරයට පත් පළමු කාන්තාවද ඇය වූවාය.
ඇෆ්ඝනිස්ථානයේ නව ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් ( විශ්‍රාමික) පියල් ද සිල්වා මහතා ද 2019 ජනවාරි 01 වැනිදා සිට මේ වසරේ ජූලි 20 දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී විශ්‍රාම ගනු ලැබුවේ අද්මිරාල් ධූරයට උසස්වීම් ලබමිනි.
අද්මිරාල් පියල් ද සිල්වා මහතා සිය සේවා කාලය තුළ වීර වික්‍රම විභූෂණ , රණ වික්‍රම පදක්කම , රණ සූර පදක්කම , විශිෂ්ඨ සේවා විභූෂණ සහ උත්තම සේවා පදක්කම යන පදක්කම් වලින් පිදූ විශිෂ්ඨ නාවින හමුදා නිලධාරියෙකු වේ.
ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් වීම ලැබ සිටින විශ්‍රමාල් සන්ජීව් ගුණසේකර මහතා ඇමෙරිකාවේ සහ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වේ.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටවල් තුනකට අලුතින් තානාපතිවරු
upali Wednesday, 09 September 2020 04:27 PM
රවිනාථට තැනක් නැද්ද?
විජිත් Wednesday, 09 September 2020 05:42 PM
මේ කට්ටියගේ වැඩ කිඩ මොනවා වුණත් පරිපාලන සේවයේ "විදේශ සේවය" සඳහා වන විශේෂ විභාගය සමත් කිසිවෙක් නැත. කාලයෙන් කාලයට දේශපාලුවන් ඔවුන්ගේ හිතවතුනට දෙන අල්ලසක් ලෙස තානාපතිකම සලකන්න පටන්ගත්තේ ජේ.ආර්. ගේ කාලයේ ඉඳලා.. එතන ඉඳලා විනාශයම තමයි. රට වෙනුවෙන් මිසක් දේශපාලකයින්ට කඩේ නොයන විදේශ සේවයේ දක්ෂ නිලධාරීන් අපේ රටේ ඉන්නවා. නමුත් පත්වෙන රජයන් එකකටවත් ස්ථිර විදේශ ප්‍රතිපත්තියක් නැති වැනෙන සුළු ඒවා නිසා ඒ දක්ෂ නිලධාරීන් තම නම කැතකරගන්න කැමති නැති බවකුත් පෙනෙනවා.
Gunapala Thursday, 10 September 2020 12:16 AM
මීට දින කිහිපයකට පෙර මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් 60 කට අධික සංඛ්‍යාවක් නැවත කැඳවන බවට පුවතක් පළ විය. අලුතෙන් පත් කරන ලද අය අතර 60 ට වැඩි සංඛ්‍යාවක් සිටිනවාද?
Perakum Thursday, 10 September 2020 01:35 AM
ශ්‍රී ලංකා විදේශ සේවයේ කිසිවෙකු නොසිටියේ ඇයි? ඔවුන් හඬ නඟන්නේ නැත්තේ ඇයි?