වසර 12ක් නොසපුරා වෛද්‍ය හේතු මත විශ්‍රාම ගිය රණවිරුවන්ට යෝජිත විශ්‍රාම වැටුප පිළිබඳ ගැටලුව මාස තුනක දී විසඳීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කොළඹ කොටුවේ දී අද (26) පැවසීය.
විශ්‍රාම වැටුප් ඉල්ලා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආබාධිත රණවිරුවන් හමුවීමට ඇමැති එහි ගියේය.
ආබාධිත රණවිරුවන්ගේ එකමුතුවේ නියෝජිත යූ.ඩී. වසන්ත මසහතා ප්‍රකාශ කළේ ජනපති දුන් බව කියන පොරොන්දු තම සාමාජිකයන් පිළිගන්නා බවයි. මාස තුනකින් තම ප්‍රශ්නය නොවිසඳුනහොත් අඹුදරුවන් ද සමග පාරට බසින බවද ඔහු කීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය අවසන් කරපු නායකයට මේ ටික වත් කරන්න බැරි වුනා. පාද යාත්‍රාවේ යන අය මේ සෙබළුන් ටික කරේ තියාගෙන ගියා නම් තමා හොඳ. (බ)
මෙතනට යන්න තිබුනේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා. (නි)
විරුවන්ට මහපාර අකැපද ? (ම)
ශෂික, අනුරාධ, මේ සිද්ධියට පහත් විදියට දේශපාලනය යොදාගෙන මේ රජයට බැනලා වැඩක් නැහැ. 2009 ඉඳලම උවමනාවක් තිබුනා නම් මේ දේ කරන්න තිබුනනේ (නි)
ගිය ආණ්ඩුවෙන් නොවිසඳා මඟහැරපු ප්‍රශ්නයක් විසඳීම ගැන ජනාධිපතිතුමාට ස්තුතියි. (බ)
යුද හමුදාවේ සේවය කල ආබාධිත සෙබළුන් , ඉල්ලා අස් වීමේදී විශ්‍රාම වැටුප් නොමැති බව පැහැදිලිව ඔවුන් දැනසිටිද්දීත් සේවයෙන් අස්ව ගොස් මෙසේ යුදහමුදා සමස්ත සෙබළුන්ට කෙරෙන අවමානයක් ලෙස සිතමි. යුද හමුදා රෙගුලාසි මේ කරුණ සම්බන්දව පැහැදිලි උපදෙස් මේ අයවලුන් දැනසිටියා.(අ)
මෙතන කොමෙන්ට් දාල තියන අය දන්නේ නැතුවට මේ ප්‍රශ්නය 2009 සිට තිබෙන ප්‍රශ්නයක්. මෙය විසඳන බව මැතිවරණ පොරොන්දුවක් වූ නිසා මොවුන් වැඩිදෙනෙක් මෙම ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. ප්‍රශ්නය විසඳුනේ නැතිනිසයි මෙලෙස පාරට බැස්සේ. ජනපති විසදනවානම් හොඳයි. (අ)
ගිය ආණ්ඩුවෙන් නොවිසඳා මඟහැරපු ප්‍රශ්නයක් විසඳීම ගැන ජනාධිපතිතුමාට ස්තුතියි. (නි)
මැති ඇමතිවරුන්ට සැප කාර් ගන්න සල්ලි වෙන්කරන්න කලින් රට දැය වෙනුවෙන් යුධවැදී අතපය අහිමිව සිටින මේ අසරණ වීරෝධාර රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමට මුදල් වෙන්කරන එක නේද කළයුත්තේ. මෙහෙම පාරේ වැටිලා තමන්ට හිමි විශ්‍රාම වැටුප් ඉල්ලන හැටි බලාගෙන ඉන්න හිතක් පපුවක් නැද්ද? මේකද යහපාලනය? (නි)
දුමින්ද දිසානායක මහත්තයා දැන් යහපාලනයේ කෝකටත් තෛලය වෙලා වගේනේ. (නි)
ජනාධිපතිට යන්න බැරිනම් කෝ අඩුගානේ නියෝජ්‍ය ඇමති? අනේ මෙහෙමත් ආණ්ඩුවක්? (නි)
චින්තක, තිස් අවුරුදු යුද්ධය අවසන් කළ නායකයා මේ රණවිරුවන්ව අමතක කරලා යුද්ධය විකුණාගෙන කන්න ගිය නිසා තමා අවුරුදු පහෙන් ගෙදර ගියේ. (නි)
වැරදි මිනිහනේ යවල තියෙන්නේ. කෘෂිකර්ම ඇමති නෙමේනේ යන්න ඕන ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සම්බන්ධ නිලධාරීන් මේ සාකච්ඡා වලට යන්න ඕන (බ)
ගුණමකු ජාතියක් වෙනුවෙන් තම අවයව දන්දීමේ විපාක දැන් තේරිලා ඇති, අනිත් අතට අවුරුදු තිස් පහක යුද්ධයක් අවසන් කරපු පාලකයාව අවුරුදු පහෙන් ගෙදර යැව්ව ජාතියකගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නනත් බැහැ තමයි (බ)
ඔය ටයි දාගත්තු උදවිය ගැන සත පහකට විශ්වාස කරන්න එපා. කළු සුදු අදුනන්නේ නැති උදවිය (බ)
ඉතාම අවාසනාවන්ත දෙයක් මේක (බ)
එකක්වත් විශ්වාස කරන්න එපා. ඔය මාස 3 බොරු රඟපෑමක් (බ)
බලධාරීන් හැමදේමටම විසඳුම් හොයන්නෙ වැඩේ අවුල් කරගෙන වගේ .මෙයට වඩා බුද්ධිමත්ම වැඩ කළොත් හොඳයි (හේ).
විශ්‍රාම වැටුපක් වෙනුවෙන් මේ සටන් කරන්නේ අපි වෙනුවෙන් අත පය අහිමි කරගත් රණවිරුවෝ. වසර පහකින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට විශ්‍රාම වැටුපක් හිමිවීම සදාචාර සම්පන්නද? (බ)
පාරට බහිනකල්ම හිටියා පොරොන්දුවක් දෙන්න. අනේ මෙහෙමත් පාලකයෝ. (බ)
අනේ මේ ශෂික, යුද්ධය ඉවර වුනේ යහපාලනය ආපු පහුගිය අවුරුද්දේ නෙමයි 2009දි . එතොකොට අඩුගානේ මෙහෙමෙ තමන්ගේ සිරුරේ කොටස් කැපකළ අය ගැන හොයල බැලුවද . අඩුගානේ දැන් මෙයාලට පාරට බැහැල ඉල්ලීමක් කරන්න පුළුවන් . මාස 3න් විසදීමක් ලැබෙයි (බ)
ශෂික හැම එකටම යහපාලන රජය කියල කියන්න ලජ්ජා නැද්ද ? ඔය හැම කෙනාම 2009 යුද්ද කාලේ ආබාධිත වෙච්ච විරුවෝ ඉතින් දැන් අවුරුදු 7 ක් වෙනවා .පහුගිය රජයෙන් පුළුවන් කමක් තිබ්බේ නැද්ද විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදන්න. අනික එච්චර රණවිරුවෝ විකුණම් කාපු වෙන කිසිම රජයක් තිබ්බේ නෑනේ. (බ)
පුෂ්ප, ඔයාට දැනෙන විදිහේ ඇත්තක් තියෙනවා. ඇත්තටම කිසිම වැදගත්කමක් නැති, මිනිස්සුන්ට ගරුසරු ඇතිව කතා කරන්න දන්නේ නැති අය තමයි අද ලොකු තැන් වල ගොඩක් ඉන්නේ. (බ)
2009 ඉදල මේ වනතුරු වසර ගාණන් මේ අයගේ වැටුප් නොගෙවා පසුගිය ආණ්ඩුව රණවිරුවන් අනාථ කර දැන් ඔවුන්ගේ වුවමනාවට වැරදි කළ අය නීතියෙන් දඩුවම් කරනවිට රණවිරුවන් රකිමු කියල කෑගහනවා (බ)
පාලකයන්ගේ වැරැදියි මේ.(හේ)
දකුණේ අය කියන විදිහට පසුගිය කාලේ රණවිරුවන්ට හොදට සලකලා තියෙන බව මේකෙන් පැහැදිලි වෙනවා. අනේද කියන්නේ (හේ)
මේ අපි වෙනුවෙන් තමන්ගේ සිරුරේ කොටස් කැපකළ අය නේද...ගානක් නෑ..යහපාලනේ කොටස් කරුවන්ට අනුව අට පාස් ආමි කාරයොනේ... (බ)
ලංකාවේ ගොඩක් ඉහල තැන්වල මිනිස්සු හරි රස්තියාදුකාර පාටයි කතා කරද්දී එහෙම, අනේ මන්ද මට දැනෙන විදිහද කියල. (බ)
මැති ඇමතිවරුන්ට සැප කාර් ගන්න මුදල් වෙන් කරන්න ඉස්ස්සර වෙලා රට ජාතිය වෙනුවෙන් අත පය අහිමිකරගත් වීරෝදාර ආබාදිත රණවිරුවන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුපට මුදල් වෙන්කලානම් නේද හොඳ. මොවුන් ඉල්ලන්නේ නීතියෙන් ඔවුන්ට හිමි විශ්‍රාම වැටුපයි. මෙහෙම මහපාරේ වැටිලා ඉන්නහැටි දැක්කම අපේ පපුව හෝස් ගාල දැවිලා යනවා. (ර)
රට වෙනුවෙන් යුධ්දය නිසා ආබාධිත උණු රණවිරුවන් සැමදා සෑම රජයක්ම හොදින් සලකන්න ඕනේ, සමහර නිලදාරීන් ඉන්නවා කිසිම හිතක් පපුවක් නැතුව තීන්දු තීරණ ගන්නවා මේ විරුවන් මෙහෙම් පාරේ අරගල කරන්න ඕනෙද තමන්ගේ විශ්‍රාම වැටුප ලබාගන්න දේශපාලනයට කඩේ යන කිසිම මහත්මයෙක් මේ ගැන කිසිම අදහස පල නොකිරීම කණගාටුවට කරුණක්. (ර)