IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


රණවිරු ස්මාරකය යළි තැන්පත් කරන්න ජනපති නියෝග

මාර්ගය පුළුල් කිරීම සඳහා ගලවා ඉවත් කළ කුරුණෑගල රණවිරු ස්මාරකය යළි ස්ථාපනය කරන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති අද ආරක්ෂක ලේකම්වරයාට නියෝග කළේය.

මෙම ස්මාරකය ගලවා ඉවත් කර වෙනත් සුදුසු ස්ථානයක පිහිටුවන බව එය ගලවන්නට පෙර මාර්ග සංවර්ධන අධිකාරිය හා ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය. එහෙත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණය කළහ.

යහපාලන රජයට අවශ්‍යවී ඇත්තේ මේ රටේ යුද්ධයක් සිදු නොවූවා සේම රණවිරුවන් කොට්ඨාසයක් නොසිටියා යැයි පෙන්වීමට බවත් එබැවින් රණවිරු ස්මාරක කඩා ඉවත් කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (31) කුරුණෑගල දී පැවසීය.

කුරුණෑගල මාලිගාපිටිය අසල රණවිරු ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂණයක් අවසන රණවිරු පවුල්වල සාමාජිකයන් හමුවී රාජපක්ෂ මහතා එසේ කීවේය.

එම රණවිරු ස්මාරකය ඉවත් කළේ මාර්ගය පිළිසකර කිරීමට බවත් එය මාර්ගය අලුත්වැඩියාවෙන් පසු යළි සුදුසු ස්ථානයක ඉදිකරන බවත් ඇමැති රාජිත සේනාරත්න අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

රණවිරු ස්මාරකය තිබුණාට වඩා අලංකාර නව නිර්මාණශීලී එකක් ලෙස ඉදිකරන ලෙස උපදෙස් දුන් බවත් පිරිසක් මෙය කඩා ඉවත් කළ බව කියමින් බොරු ප්‍රචාර ගෙනයමින් ජනතාව නොමග යැවීමට දරණ උත්සාහය හෙළාදකින බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

FormatFactory(1) FormatFactory(2)



අදහස් (0)

රණවිරු ස්මාරකය යළි තැන්පත් කරන්න ජනපති නියෝග

නිමල් ලලිත Friday, 02 September 2016 01:52 AM

අර ඇමතිතුමා කියාතිබෙන සුදුසු ස්ථානය කුමක්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 31 August 2016 09:46 AM

පැහැදිලිව කියලා තිබුනා මේ අලුත්වැඩියා කටයුතු ඉවර උන ගමන් රණවිරු පිළිමය නැවත ප්‍රතිස්ටපනය කරනවා කියලා. (ර)

:       0       0

ගයන්ත සේනානායක Wednesday, 31 August 2016 10:27 AM

මේ තරම් අවිංසාවාදියෙක් තවත් ඉන්නවාද (අ)

:       0       0

ලුම්බිණි Wednesday, 31 August 2016 11:11 AM

අභිරහස් විදියට මිනිසුන් මැරුණ වෙලාවේ නිහඬව හිටපු මෙතුමා සිමෙන්ති පිළිමයක් කැඩුවට කලබල වෙලා තියෙන හැටි. (ම)

:       0       0

හේවා Wednesday, 31 August 2016 11:38 AM

ලුම්බිණි මෙතුමා නොඉන්න කොටි බෝම්බ ප්‍රහාර වලින් ඔබත් මෙලහකට අතුරුදන් වෙලා (බ)

:       0       0

අැසළ Wednesday, 31 August 2016 11:41 AM

උතුරේ බුදු පිළිම කඩනවා, ඇමතිලා හදාපු මං තීරු කඩල මිනිස්සු විරුද්ධ වෙන කොට ආයිත් හදනවා, පල්ලෙහා රණවිරු ස්මාරක කඩනවා. උතුරට වෙනම පාලනයක් ඉල්ලා ඉල්ලා කොළඹ දෙමල මහා විදුහල් හදන්න යනවා. යාපනේ සිංහල විශ්ව විද්‍යාල සිසුන්ට පහර දෙනවා,පැහැදිලිද?.නියම සංහිදියාව නේද පී. ජයා . (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 31 August 2016 11:36 AM

රජය කියපු දෙයක් කල්පනා කරන්න බැරි කෙනෙක් ද යලිත් වරක් බලය ඉල්ලන්නේ ? මහජනයා කුපිත කරවා රටේ අසහනයක් ඇති කිරීමට ගන්නා හැම ක්‍රියාවක්ම පිළිකුලෙන් හෙළ දැකිය යුතු වෙනවා (බ)

:       0       0

සාගර Wednesday, 31 August 2016 12:00 PM

අනේ පිටබැද්දර ජයෝ, ඔයාට දුරකථන ඇමතුමක් දීලද පැහැදිලිව කියල තිබ්බේ? උද්ඝෝෂණ නොවුන නම් බලන්න තිබුන...ඕකට තමා කියන්නේ දැක්කොත් බුවා නොදක්කොත් එබුවා...(බ)

:       0       0

චතුරි Wednesday, 31 August 2016 12:05 PM

යහපාලනය අතින්. සුළු වැරද්දක් වුනත් රෙදි කරේ තියන් ටකරන් මඩුවක් හොයාගෙන මිනිසුන්. කෝප කරවනවා (බ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 31 August 2016 12:48 PM

වේදනාවෙන් පෙලෙන සමහරක් මේවගේ දේකින් දැන් වේදනාව දින දෙක තුනකට සමනය කරගන්නවා. ඒ අයට මේ වගේ දේවල් නිකන් එදා වේල හොයාගන්නවා වගේ තමා. (බ)

:       0       0

ජයරත්න Wednesday, 31 August 2016 01:17 PM

අභිරහස් ලෙසත්, ප්‍රසිද්ධියෙත්, රැයෙත් දවාලෙත් මේ රටේ එකිනෙකා මරාගත් යුගයක් නිමාකර සියලු පුරවැසියන් හට සාමය උදාකර දුන් යුගයේ උදාරතර ජන නායකයා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා. එතුමාට එම කාර්යයේදී දිවි හිමියෙන් සහාය දුන් අපගේ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ඉදිකළ ස්මාරක කඩා බිද දමන විට එතුමාට පමණක් නොව ඕනෑම දේශප්‍රේමියෙකුගේ හදවතට වේදනාවක් දැනීම ස්වභාවිකයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 149 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2288 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 879 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2563 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1546 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2805 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site