රුපියල් විසිනම ලක්ෂ තිස් දහසක් වටිනා මතුපිටින් රිදී ආලේප කළ රන් ආබරණ පැළඳ ඉන්දියාවේ චෙන්නායි බලා යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදි අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
රිදී ආලේප කළ රන් වළලක් සහ මාලයක්ද, නිම නොකල රන් මාලයක්ද සැකකරු ලග තිබුනු බවත් එහි බර ග්‍රෑම් පන්සිය අසූ හයක් වූ බවත් රේගුව කියයි.
ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි සැකකරු හතලිස් අට වියේ පසුවන බවත් ඔහු නිතර නිතර ශ්‍රී ලාංකාවට පැමිණ ඇති බවත් රේගුව විසින් අනාවරණය කරගෙන ඇත.
රේගුව විසින් සැකකරුගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදි තමන් කුලී පදනම මත රන් ප්‍රවාහනය කරන බව පවසා ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධික්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩී.එන් හෙට්ටි ආරච්චි, රේගු අධිකාරීවරුන් වන ඩී.එම්.ජී නිමල් තිලක්, එච්.කේ.කේ කරුණාසේකර සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ.එම්.ටී.බී අධිකාරම්, සී.ෙජ් අබේසිරිගුණවර්ධන, පී.අයි උදය, එච්.ඒ.ඩී.ඩී දේවන්ත, ඩී.එම්.කේ ප්‍රනාන්දු සහ අසංක ප්‍රියදර්ශන යන නිලදාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තියන කළු ආර්ථිකයේ තරම මෙයින් පෙනෙනවා. රත්තරන් වල මිල කොහෙත් එක සමානයි.මේ බඩු වල හැදුන් කුලිය, රිදී ආලේප වියදම, නැවත ඒ රිදී ඉවත් කිරීමේ වියදම, ගුවන් ගාස්තු, මේවා ගියාම මේවයේ වටිනාකමින් 10% පමණ තමා ඉතුරුවෙන්නේ. නමුත් මේ සල්ලි නීති විරෝධී මාර්ග වලින් උපයාපු නිසා ඒකත් විශාල ලාභයක්.(නදී)
රත්තරන් වලටත් වඩා වටින ජාතියේ ප්‍රෞඩත්වය අද අන්තයටම කෙලෙසිලා තියෙන්නේ. රත්තරන් ටික රැක ගන්නවා වගේම අපගේ සාම්ප්‍රදායික ඇගයුම් සමුදායත් රැක ගන්න ඕනේ. හැබැයි ඒක රේගුවට කරන්න බැහැ(දිල්)
එල්.ටී.ටී එකේ රත්තරන් ටොන් ගානක් ගත්තේ කවුද කියලා අපි නොදන්නවාද ? (නදී)
ඉන්දියාවේ රත්තරන් වල බදු මුදල් නිසා රත්තරන් වලට තියෙන අධික ඉල්ලුම නිසා මෙහෙම හොරෙන් රත්තරන් ඉන්දියාවට අදින එක බිස්නස්ස් එකක් වෙලා....අපේ රටෙන් එලියට ගෙනියන ටිකට පොඩි බද්දක් ගහල ගෙනියන අයට ගෙනියන්න කිව්වා නම් හරි ... කීයක් හරි හොයාගන්නවනේ ඔය මිනිස්සු.... (දී)