(ලසන්ත නිරෝෂණ පෙරේරා )
රත්නපුර නියොජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය අවිස්සාවේල්ල නගරයට ගෙන යෑමට විරෝධය පළකරමින් කම්කරු ජනතාව, පළාත් පාලන නියෝජිතවරු ඇතුළු පිරිසක් එම කාර්යාලය ඉදිරිපිටදි අද (15) උද්ඝෝෂණයක නිරතවුහ.
කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය රත්නපුර බණඩාරනායක පාරේදී හරස් කරමින් විරෝධතා පළකළ එම පිරිස පසුව නියොජ්‍ය කම්කරු කාර්‍යාලය තුළට ගොස් නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයා හමුවුහ. එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර එම කාර්යාලය තුළදී රත්නපුර මහා නගර සභාවේ සහ රත්නපුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් විරෝධතාව පළකළහ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කම්කරු ජනතාව වෙනුවෙන් පිහිටි මෙම කාර්යාලය දිස්ත්‍රික්කයෙන් පිටත පිහිටි අව්ස්සාවේල්ල නගරයට ගෙන යෑමට ගෙන තිබෙන තීරණය ඉවත් කරගන්නා ලෙස විරෝතාවයට එක්වු කම්කරු වෘත්තීය සමිති නියෝජිතවරු සහ පළාත් පාලන ආයතන නියෝජිතවරු මෙහිදී ඉල්ලා සිටියහ.
රත්නපුර නියෝජ්‍ය කම්කරු කොමසාරිස් එස්.ඒ.වසන්ත අල්ගම මහතා මෙහිදී පැවසුවේ මෙය රජය ගත් තීරණයක් බවයි. නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයා සමග සාකච්ඡාවෙන් ප්‍රයෝජනයක් නැතැයි පවසමින් විරෝධතාකරුවෝ නැවත ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් පමණක් අවහිර කරමින් පැයක පමණ කාලයක් විරෝධතාවයේ යෙදුණහ.
රත්නපුර දිස්ත්‍රික්කයේ දුප්පතුන් අහිංසක වතුකම්කරුවන් ඇතුළු කම්කරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ඇති මෙම කම්කරු කාර්යාලය දිස්ත්‍රික්කයෙන් පිටතට ගෙන යෑමෙන් කිලෝමීටර සිය ගණන් දුරක ගොස් සේවා ලබාගැනීමට සිදුවීම අසාධාරණ බවත්, මේ ගැන රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේද අවධානය යොමුවිය යුතු බවත් ඔවුහු කීහ.
කම්කරු කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීමට පසුගිය රජය සමයේදී රත්නපුර නගරයේ මුල්ගලක් ද තබා තිබියදී එය නගරයෙන් පිටතට ගෙන යෑම වහාම නතර කරන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
රත්නපුර මහ නගර සභාව, රත්නපුර ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක්ද විරෝධතාවට සහභාගී වූහ.
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රත්නපුර නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය අවිස්සාවේල්ලට ගෙනයාමට විරෝධය