රතුපස්වල වෙනිග්‍රෝස් කම්හල සම්බන්ධයෙන් කමිටු වර්තා ලැබෙන තුරු එය වසා තබන බවත්, යන්ත්‍ර නඩත්තු කටයුතු සඳහා පමණක් 85 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කම්හලට දිනපතා යන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කියයි.
කම්හල වසා දමන්නැයි ඉල්ලා කම්හල ඉදිරිපිට දෙදිනක් තිස්සේ උපවාසයක යෙදී සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව දැනුම් දීමෙන් පසු මීට සුළු මොහොතකට කලින් ඒ හිමියෝ සිය උපවාසය අත් හළහ.
කම්හලේ වැඩකටයුතු පිරික්සීම සඳහා ගැමියන් ඇතුළු විද්වත් කමිටුවකට පොලිසිය ද සමග එහි යාමට අවසර දී ඇතැයි ද සේනානායක මහතා කීය.
(වීඩියෝ තරිඳු ජයවර්ධන සහ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිට කලින් මේවගේ තීරනයක් අරගත්තනම් අහිංසක ජීවිත නැතිවෙන්නේ නැනේ.නියෝජ්‍ය පොලිස්පතිතුමා වග කිමෙන් වැඩ කරලා තියෙනවා.ඔබට ස්තුතියි (අ)
අනේ මොනවද මේ කරන හැංගි මුත්තන් (අ)
මේ සමාගමේ පාලකයන් මීට වඩා බුද්ධිමත් විය යුතුයි. සමාගම පරිසරයට හිතකර විදියට පවත්වාගෙන යන්න පුළුවන් තාක්ෂණික උපකරණ ඕනේ තරම් ලෝකෙ තියෙනවා. ලෝභ නොවි මුදල් ආයෝජනය කරන්න.විදේශීය සමාගම්වලට ඔනේ සල්ලි මිසක් අපී රට,සමාජය ගෙන ඔව්න් හිතන්නේ නැහැ.ඒනිසා සමාගම ප්‍රදේශයේ ජනතාවගේ විශ්වාසය දිනාගන්න සහයෝගිතා වැඩපිළිවෙළක් හදාගත යුතුයි නැත් නම් හැමදාම පොලිසිය ඔතන තියන්න බැහැ.ගෙයින් ගෙට ගිහින් එම ප්‍රශ්නයට යෙදු පිළියම පිළිබඳව ජනතාව දැනුවත් කරන්න.පිළියම් නැතිව පොලිස් ආරක්ෂාව මැද ඡන්ඩිය වගේ සමාගම විවෘත කලොත් වෙන හානිය ඉතාමත් දරුණු වේවි.මොකද අද සමාජය ඉතාමත් කාර්‍යශීලි සහ හුදෙකලා නොවුණ සමාජයක් නිසා. (අ)
සිරිදම්ම ස්වාමීන් වහන්සේ ට, මේ කරපු පිනට, මේ ජාතියේම නිවන් දකින්නට හේතු වාසනා වේවා! සාදු සාදු සාදු. මෑත යුගයේ මිගේට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ කියලයි අපට හිතෙන්නේ . (අ)
අපේ මිනිස්සුන්ට මොලේ පෑදෙන්නේ වැඩක් වරදුනහම තමා එකට් හොදයි කරපු පව් ගෙවන්න වෙයි. (අ)
සාමේ කිරිල්ලී සොයා ආවේ මා.... (නි)
කර්මාන්ත ශාලාවෙන් 6km දුරට ජලය ආම්ලික වෙන ආකාරයේ ක්‍රියා කාරිත්වයක් තිබේනම් එය කරමාන්ත ශාලාව ඉවත් කර සෙනින් හෝ කටයුතු නතර කල සැනින් ජලයේ අම්ලිකතාව නැතිව යන්නේ නැහැ නේද? ඒ සදහා අදාල නිලධාරීන්ට සැලැස්මක් තිබේද? ඊට අමතරව එය වෙනත් ප්‍රදේශයකට ගෙන ගියත් ඒ අවට ප්‍රදේශයට මෙවැනි තත්වයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා නේද? අනික ජලය ආම්ලික වීමට බලපාන හේතුව කර්මාන්ත ශාලාව බව හෝ වෙනත් සාදකයක් දැයි සෙවීමට පරික්ෂයක් වෙනවද ? කලබල නොවී ප්‍රඥාන්විත ලෙස ප්‍රශ්නය දෙස බලා විසදුමක් සොයා ගන්න එක තමයි හොද (අ)
වතුර හොදටම හොදයි කියල වාර්තා 100 දෙන්න පුළුවන්නේ.අර්ථ වීදුරුවකට වතර ටිකක් දාල දවස් දෙක 3 ක් යනකොට මලකඩ එස්තරයක් මතු වෙනවා.ඒ වතුර තමන්ගේ දරුවන්ට බොන්න කියන්නේ මොන හිතකින්ද ?. (දී)
මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන මේ ප්‍රශ්නය කවදද විසදන්නේ? (දී)
මුදලට හැම දෙයම යටයි. අපේ අත්දැකිමෙන් අපි දන්නවා ඔය ආයතනය ආවට පස්සේ ඔය පැත්තේ කුඹුරකටවත් බහින්න බැහැ කියලා. (නි)
පක්ෂ දේශපාලනය මෙවන් වැඩ වලින් ලකුණු දාගන්නවා (දී)
දේශපාළුවෝ බලයට එන්නේ පොඩිමිනිහගේ ඡන්දෙන්. එහෙම ඇවිල්ලා වැඩකරන්නේ ලොකු මිනිහටයි.පොඩි මිනිහා පාගලා දාන හැටි මෙතනදි මනාව පේනවා.(නදී)