පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට කඩිනමින් නළ ජලය ලබා දීම සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් කාණු කපා ජල නල එළති.
රතුපස්වල-නැඳුන්ගමුව ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව යටතේ කාණු කපති.
පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට කඩිනමින් නළ ජලය ලබා දීම සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් කාණු කපා ජල නල එළති.
රතුපස්වල-නැඳුන්ගමුව ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව යටතේ කාණු කපති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කිවාරු ගහන කී දෙනෙක් රතු පස්වල ගිහින් තියෙනවද ? රතුපස්වල කියන්නේ බොහොම සශ්‍රික පලාතක් වගේම සුන්දර ගම පියසක්
මේ අයට වෙන කරන්න දෙයක් නැහැ දැන් (නි)
හරියට පොලිස් ආරක්ෂාව දාන්නේ මහජනතාව කොටි වගේනේ? ලංකාවේ ආශ්චර්ය .... (නි)
මිනිස් ජීවිත හානි වෙන්න කලින් මේවට විසදුම් දුන්නා නම් කොයිතරම් වටිනවද? (නි)
ඔය කාණු කැපුවට මිනිසුන්ට වතුර ගන්න සල්ලිකෝ . වතුර ටික නොමිලේ දෙනවනම් හොදයි නේද .?(නදී)
නල ජලය නිකම් දෙයි කියලා කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒක හීනයක් විතරයි. අනික නිකම් දුන්නොත් අපේ ඇයට ටැප් එක වහන්න අමතක වෙනවා.වතුර ලීටරයෙන් කරන්න පුළුවන් දේට ගැලුමක් ඕනෑ වෙනවා. ඉතින් කොහොමද නිකම් දෙන්නේ? (නි)
මේවා මතක් වන්න මළගෙයක් දකින්නම ඕනෑ (නි)
අසේල තොත්ත බබා. පසේ ඇසිඩ් තියෙන්නේ කොහොමද කියල දන්නෙම නැතුව ඇති. අපි වගේ කට්ටිය ඉන්න නිසා තමයි අසේල මේගොල්ලන්ගේ කෙරුවාව ගැන නිවැරදිව නිර්භයව අදහස් දාන්නේ. අපි හොඳ දේ අගය කරනවා. ඒත් අපි , අපි වගේ දුප්පත් ජනතාව කබලෙන් ලිපට දාන වැඩ අනුමත කරන්නේ නැහැ. (නදී)
නිදහස් අධ්‍යාපනයට පින් සිදුවෙන්නට ලබාගත් දැනුමට ණයක් නොවෙන්න, රටේ උන්නතියට යම් තරමක හෝ සමාජ මෙහෙවරක් වෙතැයි සිතමින් පෙර ගමන්කරුවන් ලෙස අදහස් දක්වන්නට යෙදු කාලයට තිත තබනු මිස කුමට කවට සිනා කෙලි, ඉදින් සබඳ ආයුබෝවන්... (නි)
රට ගැන නොහිතන මිනිස්සු ඉන්න එකම රට. (නි)
ඊළඟට නල ජලය අපිරිසිදු වෙයිද? (ස)
අජිත් වගේ අය ඉන්නකන් මේ රටට කවදාවත් ගොඩ එන්න බැහැ.අනික පසේ ඇසිඩ් තියෙනවනම් මොන එහෙකටද පාරවල් වහගෙන මැරුම් කෑවේ.(ස)
අපරාදෙ කාපට් පාර. ඊලඟට පාර කැඩිල කියල උද්ඝෝණ කරන්න... (ස)
ඇයි පොලිස් ආරකෂාවක්? තමන්ට වතුර දෙනවට අකමැති මිනිස්සුත් ඉන්නවද? වැඩේ හොඳ වුනත්, ගුණේ කියනවා වගේ වතුර බිල් එනකොට නම් අවහිර කරන්න පාරක් ඕන වෙනවා. (ස)
මම අසා ඇති ලෙසට ඇසිඩ් වලට ස්ලෝන් බට පමණක් නොව යකඩ බටද දිරයි. මෙම පසෙහිත් තද බල ලෙස ඇසිඩ් මිශ්‍රවී ඇත්නම් එසේ නම් මෙම බට දිරායාම වැලැක්වීම සඳහා ආරක්ෂක පියවර ගන්නවද.නැතිනම් එසේ ගත පියවර කොන්ත්‍රාත්කරුගේ මුදලට යටවී දුර්වල කරනවද. (ස)
පිස්සු කියවන්නේ නැතුව ඉන්න දයා .. මොනවා කරත් හොඳ වැඩේට හොඳයි කියන්න පුරුදු වෙන්න. නිකන් බාල අදහස් දාන්නේ නැතුව. (ස)
ඊළගට වතුර බිලට මහපාරට බහින්ඩ ලැස්ති වෙන්ඩ. (ස)
රතුපස්වල කියන්නේ එක ගම්මානයක් විතරයි. භූ ගත ජලයේ පී එච් අගය අඩු වූ බව සනාථ වී ඇති අවට කිලෝ මීටර් 10 පමණ සියලුම ගම්මාන මේ සැලැස්ම යටතේ ජලය ලබා නොදෙන්නේ නම් එයට හේතු කවරේද? මේ සැලැස්ම ඒ අවට තිබෙන කර්මාන්තශාලා වලට ජලය ලබාදීම නොවේද? (ස)
මේකත් එක්තරා අන්දමක ජනතාව ඇන්දවීමක්.ගණන් ගන්න එපා. මෙහෙ කවුරුවත් අකමැති නැහැ පිරිසදු ජලය දෙනවට. මෙච්චර කල් ගෙදර ලිඳෙන් නොමිලේ ගත්තු ජලය වෙනුවට නල ජලය අරන් මුදල් ගෙවන්න උනොත් තමයි මිනිස්සු අකමැති. (ස)
කාගෙන් ආරක්ෂා වෙන්නද පොලිසිය දාලා තියෙන්නේ, අයෙත් හමුදාව ඇවිත් වෙඩි තියි කියලද ..? මට නම් තේරෙන්නේ නෑ (අ)