වැලීවේරිය රතුපස්වල නැඳුන්ගමුව පිහිටි වෙනීග්‍රොස් රබර් අත්වැසුම් කම්හළ බියගම ආයෝජන කළාපයට ගෙනයන බවත් එහි නිෂ්පාදන කටයුතු සිදු කළ යන්ත‍්‍රාගාර පහෙන් තුනක් ගලවා ඉවත්කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බවත් එහි කළමනාකාර අධ්‍යක්ෂක ආචාර්‍ය මහේෂ රණසෝම මහතා අද එසැනට පැවසුවේය.
නැඳුන්ගමුවේ අක්කර පහලොව හමාරක පමණ භූමි භාගයක මෙම කර්මාන්තශාලාව පිහිටා ඇතත් බියගම ආයෝජන කලාපයෙන් මෙය ස්තාපනය කිරීම සඳහා ලැබී ඇත්තේ අක්කර පහක ඉඩ ප‍්‍රමාණයකි.
නැඳුන්ගමුවේ පිහිටි කර්මාන්ත ශාලාවේ ඇති මුළු යන්ත‍්‍රාගාර ගනන පහකි.
බියගම ආයෝජන කලාපයේ මේ සඳහා වෙන්කර ඇති ඉඩ ප‍්‍රමාණය අනුව මුලින්ම එහි සවිකිරීමට හැකිවන්නේ මින් යන්ත‍්‍රාගාර තුනක් බවත් ඉතිරි යන්ත‍්‍රාගාර දෙක ඉතිරි ඉඩ ප‍්‍රමානයේ සවිකිරීමට හැකිවන ලෙස නවීකරණය කළ යුතු බැවින් එම කටයුතු අවසන් කිරීම සඳහා යම් කාලයක් ගත වන බවත් ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් සියළු යාන්ත‍්‍රාගාර නැඳුන්ගමුවෙන් ඉවත්කිරිමට තම ආයතනයේ පාලනාධිකාරිය තීරණය කර ඇති බවත් කීය.
මෙම යන්ත්‍ර සුත්‍ර නැවත සවිකිරීමට හැකිවන අයුරින් ගැලවීම ඉතා අසීරු කටයුත්තක් බවත් ඒවා යළි සවිකිරීමද එකින් එක කළ යුතු බවද ඔහු කීවේය.
කෙසේ වෙතත් එක් යන්ත‍්‍රාගාරයක් හෝ බියගම ආයෝජන කලාපයේ ස්ථාපනය කළ පසු ලබන ජූලි මාසයේ පමණ මෙතෙක් නවතා දමා ඇති නිෂ්පාදන කටයුතු ඇරඹීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීවේය.
රතුපස්වල ප‍්‍රදේශයේ ජල දූෂනයට තම ආයතනය වග කිවයුතු බව මෙතෙක් කිසිදු පරීක්ෂන වාර්ථාවකින් ඔප්පු වී නැති බවද කී ඒ මහතා පැවසුවේ තවදුරටත් මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාමට ගැමියන් තුළ පවතින දැඩි විරෝදය හේතුවෙන් ඔවුන් ගැන සිතා මෙම තීරණය ගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලංකාවට වටිනා කම්හලක් දන්නෝ දනිති මේකේ මොනවද හැදුවේ කියලා. දැන් ඉතින් වැඩ කරන කට්ටියට බියගම යන්න වෙනවනේ.(නදී)
අනිවාර්යෙන්ම විය යුතු වැඩක්. හැබැයි පුතෝ ඡන්ද ගුණ්ඩුවක් නම් මෙදා ගමන ඔය පළාතේ මිනිස්සු ඔය යන්ත්‍ර ටික දවසෙන් ගලවලා අයින් කරාවි. ඒ නිසා කෙටි කාලයක් ගත උනත් ඔය කර්මාන්ත ශාලාව වගේම අර මිනුවන්ගොඩ පැත්තේ තියෙන කාබන් නිපදවන කර්මන්ත ශාලාවත් ඒවා පිහිටුවීමට සුදුසු ස්ථාන වල පිහිටුවන්න.(නදී)
පරීක්ෂණ වාර්තා වලින් කර්මාන්ත ශාලාව නිදොස් නම් වෙන අහවල් කාරනයටද මේ වැඩපල ගෙනියන්නේ මේක ලංකාවේ පරිෂණ කණ්ඩායම්වල දුර්වල කමද ? (නදී)
මේ කම්හල ගමෙන් ගිනියන්න අපිට සහය දුන් ඔබ සැමට පින්. හැබැයි මෙහෙම ගියාට ඉතුරු යන්ත්‍රවලින් වැඩ කරන්න නම් එපා. අපි බලන් ඉන්නේ.(නදී)
පුදුමයක් නෙමෙයි පරිසර අමාත්‍යංශයෙත් ඉන්නේ දේශපාලඥයෝනේ. ජලය දුෂණය වෙලා කියල පරීක්ෂන වාර්ථාවකින් ඔප්පු උනොත් ඒ ලංකාවේ නෙමේ ඇමරිකාවේ. (නදී)
පරිසරදූෂක බොහොමයක් කම්හල් පටන්ගන්නෙ බලපත්‍ර රහිතව.ඒව පටන්ගත්තට පසුව වහන්න අපහසුයි විවිධ බලපෑම් නිසා. බලපත්‍ර තියෙනඒව වහන්න කොහෙත්ම ලෙහෙසි නැහැ. මහ පොලව මිනිස් වාසයට අහිතකර තැනක් වුනොත් මොනව වෙයිද? මෙය වටිනා කම්හලක් බව ඇත්තක්. ඒකිසා එය සුදුසු ස්ථානයක පිහිටුවීමට දැන්වත් කටයුතු කිරීම සතුටට කරැණක්.(දිල්)
මිනිස්සු සමගිව හිටිය නිසා නැදුන්ගමුවේ මිනිස්සු වාසනාවන්ත වුණා.කර්මාන්ත ශාලාව ගලවගෙන යනකල්ම සමගියන් අවදානයෙන් ඉන්න.බොරු කාරයොන්ට අහු වෙන්න එපා අන්තිම මොහාතේ.(දිල්)
දැන් එතකොට ඊලගට වතුර ප්‍රශ්නේ එන්නේ බියගම මිනිස්සුන්ට නේ....?? ඒකට මොකක්ද ගන්න පියවර.....?? (දී)
මම මේ හොයන්නේ ඔය කම්හල බියගමට ගෙනාවොත් උපවාස කරනවා කියපු බියගම හිටපු සභාපතිතුමාව.,අනේ කවුරු හරි එයාව දැක්කොත් පණිවිඩේ කියනවද? (දී)
චන්දෙ තිබ්බ නිසා හොදට ගියා (දී)
ඔන්න බන්දුල අපේ මතය නිවැරදියි නේද ? මින් මතුවටත් කඩේ නොයා හරි දැක්මක් ඇතුව රට අංක එකට තියල අදහස් දෙම්මොත් හොඳයි ඔන් කීව (දී)
සමහර අය හැදුවේ මේක මෙතනම තියාගන තුවාලයක් වගේ තියාගන්න (දිල්)