ගම්පහ රතුපස්වල වෙනිග්‍රොස් කම්හලේ ප්‍රශ්න ගැන නීතිපති උපදෙස් පතා ඇතැයි ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමාසරු මහතා ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතාට අද දැන්වීය.
කම්හල හා පොලිසිය සමග ඇති කර ගත් එකඟතාවයෙන් කම්හල ඉවත් වන බව නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කීවේය.කර්මාන්ත ශාලාවේ නඩත්තු කටයුතු සඳහා දස දෙනකුට පමණක් කම්හල තුළට යෑමට අවසර දීම හා අවශ්‍ය අවස්ථාවක ගමේ විද්වත් කමිටුවේ දස දෙනකුට කම්හල පරීක්ෂා කිරීමට ඉඩ ලැබීම එම ගිවිසුමයි.
නඩුව පවත්වාගෙන යෑමේ තේරුමක් නැතැයි කී අතිරේක මහේස්ත්‍රාත් නීතිපති උපදෙස් ලැබෙන තුරු ජනවාරි 30 වැනි දා තෙක් නඩුව කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩි වගේද මනුස්සයෝ දහස් ගානකගේ ජීවිත ? (නදී)
ගිවිසුමෙන් ඉවත් වෙනවා කියන්නේ කර්මාන්තශාලාව නැවත අරිනවා කියන එක නේද? අපි නම් කලින්ම හිතුවා ඔහොම වෙයි කියලා. (නදී)
පටු අරමුණු මුදුන්පත් කරගන්න හදන අවස්ථාවාදීන් පරාජය වේවා! කර්මාන්ත ශාලාව ඉක්මනින් විවෘත වී එහි සේවය කරන අයට රැකියා ලැබේවා! (නි)
අර වාර්තාව ලැබුනේ නැහැ නේද? පවු මැරුන අහිංසක මිනිස්සු ..... (නි)
දවසකට රබර් මිශ්‍ර වතුර ලීටර් 66,000 පිරිසිදු නොකරම ගැඹුරු ලින් 4-5 කින් පොළොවට මුදා හරිනවා කියන එකෙන්ම තේරෙන්නේ නැද්ද මෙතන තියෙන විනාශය.(නදී)
බන්දුල පෙරේරාට රතු පස්වල "වතුර" කියද්දී හරියට "පිස්සු බල්ලට" "වතුර" පෙන්නුවා වගේ තමයි කිසිම වෙනසක් නැහැ. (නදී)
රතු පස්වල තේරුමක් නැති මාතෘකාවක් බව ජනතාවත් කියයිද (නදී)
හාමුදුරුවන් සටන පාවල දීලාද (අ) t
රවී, නිකන් පස් නොවේ රතු පස් (නි)
මමත් ලංකාවේ ඔය වාගෙ වැඩපොළක වැඩ කෙරුවා. ගමේ මිනිස්සු හැමදාම උද්ඝෝෂණ ලිංවල වතුර හින්දෙනවා කියලා. පස්සේ ආයතනයෙන් විශාල වතුර ටැංකියක් හදල ගමේ සේරටම ගෙවල් වලට බට දල වතුර දුන්නා. ආපහු උද්ඝෝෂණ කෙරුවා සද්දේ වැඩියි කියලා. නමුත් ආයතනයෙන් කීවා වටේ ගෙවල් වලට මාසෙට රුපියල් දහදාහක් දෙනවා කියලා. එතනින් පස්සේ උද්ගොසන ඉවරයි. මට පෙන්නේ මේ වෙන්නෙත් එහෙම වැඩක් කරගන්න වෙන්න ඇති.(නදී)
අන්තිමට උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්.(නදී)
රියල්, මෙම කම්හලෙන් කල හානිය ඔබ නොදන්නා බව සිතමි. මෙම කම්හල මගින් රසායන මුසු ජලය පිරිසිදු නොකර පොලවට මුදා හැර භූගත ජලය අපිරිසිදු කිරීමෙන් අවට ගම් 20 ක පමණ ජනයා ඉමහත් අපහසුතාවයට පත්ව ඇත. මෙම කම්හලේ රැකියා කරන්නේ තාවකාලික පදනමින් මෑන් පවර් ක්‍රමයට ලබා ගන්නා සේවකයන්ය. විදේශ විනිමය උපයන්නට පෙර ගමේ සෙනග ජීවත් වෙලා සිටිය යුතුය. (නදී)
අනේ කැලුම් කර්මාන්ත ශාලාවෙ වැඩ කරපු සියලු දෙනාට ඔයාද පඩි දෙන්නෙ.නිකම් මෝට කතා කියන්න එපා. විදේශ විනිමය? (ස)
මොකද බන්දුල පෙරේරා නම් වූ රතුපස්වල මහදැනමුත්තා තවම අදහස් දක්වල නැත්තේ ? (නදී)
ගිවිසුමෙන් හාමුදුරුවෝත් ඉවත් වෙලාද? (ස)
කර්මාන්ත ශාලාව ඉක්මනින් විනාශ වේවා..... (ස)
මෙසේ අසරණ වී ඇත්තේ සිය මව් බිමේම අසරණ වන සිංහලයන්ය. සිංහලයා වෙනුවෙන් මොරදෙන සිංහල සංවිදාන කෝ.?(නදී)
කර්මාන්ත ශාලාව ඉක්මනින් ආරම්භ වේවා. (ස)
තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට අවශ්‍ය වී තිබෙන්න ඇත්තේ මේ ප්‍රශ්නය හැමදාම ප්‍රස්නයක් කර නොගන්න. බුද්ධ පුත්‍රයෙක් හැටියට උන් වහන්සේ මැදුන් පිළිවෙතට ගියා, එය තමා ප්‍රශ්නයකට වඩාත් සුදුසු මේ ආයතනයෙන් අඩුවක් වෙලා තියෙනවා ඒ වගේම රටට අති විශාල අදායමක් ගෙනෙනවා රජයට එන අදායම නැතිවෙනකොට අපේ සිනි පරිප්පු මිල නගිනවා, රජය කරන අය ගෙදරින් සල්ලි ගෙනෙන්නේ නැහැ මගේ දැනුම අනුව උන් වහන්සේ නිවැරදි අනික හැමෝගෙම අදහස් පරිදි ප්‍රශ්න විසදිය නොහැක, (දිල්)