වැලිවේරිය රතුපස්වල අවට ගැමියන් විසින් පිරිසිදු ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයේදී යුධ හමුදාව සහ ගැමියන් අතර ඇති වු ගැටුමේදී වෙඩි වැදීමෙන් තුවාල ලබා ඉතා අසරණ වු පවුල් 25 ක, ජීවිත යළි නගා සිටුවීමට පියවර ගත් බව රතුපස්වල රබර් අත්වැසුම් කම්හළේ කලමනාකාර අධ්‍යක්ෂක ආචාර්ය මහේෂ් රණසෝම මහතා අද පැවසුවේය.
මීට දින කිහිපයකට පෙර හේලීස් සමුහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පන්ඩිතගේ මහතා පෞද්ගලිකවම වැලිවේරිය ගැටුමේදී වෙඩි වැදී තුවාල ලැබුවන්ගේ නිවෙස් කිහිපයකට ගොස් ගොස් රැකියාවක් පවා කරගත නොහැකි තත්වයකට පත්ව ඇති පවුල් සඳහා ජීවත්විමට යම් පරිත්‍යාගයක් කරන බව පොරොන්දු වී ඇත.
ඒ අනුව අද වැලිවේරියට පැමිණි වෙනිග්‍රොස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ආචාර්ය මහේෂ් රණසෝම මහතා ඇතුලූ කළමනාකාරිත්වය විසින් ගෙන් ගෙට ගොස් තෝරාගත් පවුල් විසි පහක් සඳහා මුදල් පරිත්‍යාග කළේය.
ඔවුන්ම මුලින්ම ගියේ වැලිවේරියේදී වෙඩි වැදීමෙන් ඉතාමත් අසාධ්‍යව මාස දෙක හමාරක් පමණ රෝහල් ගතව සිට උකුල් ඇටයද බද්ධ කර සදාකාලික ආබාධිත තත්වයට පත් වු මෙලන් චින්තක පෙරේරාගේ(43) මහතාගේ නිවසටයි.
එහි ගිය රණසෝම මහතා ලංකාදීපයට පැවසුවේ
‘‘ ඉස්සල්ලම මම මාධ්‍යයෙන් ඉල්ලනවා මේක වන්දි මුදලක් කියලා හඳුන්වන්න එපා. අපි කළේ මේ පවුල් වල අසරණ කම ගැන බලලා ප‍්‍රජා සත්කාරයන් විදියට යම් පරිත්‍යාගයක් කිරීම විතරයි.
මෙහිදී තුවාල වු අයගේ පවුල් සමග අපි සාකච්ඡා කළා. ඔවුන් බොහෝ අසරන තත්වයකයි හිටියේ. සමහරු මේ සිදුවීම නිසා රැකියාවක් පවා කර ගත නොහැකි තත්වයට පත් වෙලා හිටියා. ඒ නිසා ඔවුන් ගැන සානුකම්පිතව සොයාබලා යම් කිසි සහනයක් ලබා දෙන්න ඕනා කියලා අපි තීරණය කලා. ඒ අනුව අපි තීරණය කළා ඉතාමත් අසරණව ඉන්න පවුල් 25 කට මුදල් පරිත්‍යාග කරන්න. සමහරු කියන්න පුළුවන් අපි මේ පරිත්‍යාගයන් කළේ යටි අරමුණු ඇතිවයි කියලා.
ඒත් අපේ සභාපති තුමා මේ පවුල් වලට කියලා ගිහින් තිබුනා කර්මාන්ත ශාලාව ඇරියත් නැතත් ප‍්‍රජා සත්කාරයක් විදියට මේ පවුල් වලට සහනයක් ලබා දෙනවා කියා. අපි බලාපොරොත්තු වෙනවා මෙයින් සැමට යහපතක් වෙයි කියා.‘‘
වැලිවේරියේදි යුධ හමුදාව හා ගැමියන් අතර ගැටුමේදී වෙඩි වැදිමෙන් තුවාල ලබා පුර්ණ අබාධිත තත්වයට පත්වු වැලිවේරියේ මෙලන් චින්තක මහතා කර්මාන්ත ශාලාව විසින් ලබා දුන් පරිත්‍යාගය ලබා ගනිමින් මෙසේ පැවසුවේය
‘‘ මේ වෙන කම් රජයෙන් හෝ කිසිම සංවිධානයකින් තුවාල වු අපි ගැන සොයා බැලූවේ නැහැ. මට දැන් රැකියාවක් පවා කරගන්න බැහැ. මම කලින් හිටියේ යුධ හමුදාවේ. උතුරු යුද්දෙයේදී තුන් වතාවක් මට වෙඩි වැදුනා.
පස්සේ මම යුධ හමුදාවෙන් අයින් වෙලා ත‍්‍රිරෝද රියක් අරගෙන වැලිවේරියේ හංදියේ දාගෙන හයර් කළා. ඒක ගත්තේ ලීසිං වලට.
මට වැඩි වැදිලා මාස දෙකහමාරක් විතර ගම්පහ රෝහලේත් කොළඹ රෝහලෙත් හිටියා. මගේ උකුල් ඇටය අයින් කරලා සුදු යකඩ වලින් මට උකුල් ඇටයක් දාලා තියෙන්නේ. මගේ ජීවිත කාලයටම මා අබ්බගාතයෙක් විදියට තමයි ජීවිතය ගත කරන්න වෙන්නේ.
මා අසනිප වීම නිසා මගේ ත‍්‍රී රෝද රියේ වාරික ගෙවීම අතපසු වුනා. ඒ වුනත් වැලිවේරියේ අහල පහල අයත් මගේ මිතුරනුත් එකතුවෙලා ඒ හිග මුදල් ගෙව්වා. ඒ වගේම මට කුඩා දරුවන් දෙදෙනෙක් ඉන්නවා. පවුලේ වියදම වගේම ඒ දරුවන්ගේ අසනීප වලටත් මගේ අසනීපයටත් මට පිහිටවුනේ පල්ලියත් ගමත් මගේ මිතුරනුත් විතරයි.
දැන් දැන් රතුපස්වල එක එක සංවිධාන බිහි වෙලා තියෙනවා. මේ වෙනකම් අපිට වන්දියක් ලබා දෙන්න කිසි කෙනෙක් කටයුතු කර නැහැ. අඩුම තරමේ ඒ සංවිධාන වල නියෝජිතයෝ වත් අපිට බලන්න ආවේ නැහැ.
අද වෙනකොට අපි හැම අතටම නය වෙලා හිටියේ. හැමදාම ගමේ අයට බරක් වෙන්න බැරි නිසා ඇත්තටම මට ජීවිතය එපා වෙලා තිබුනා. ඔය අතරෙදි තමයි දැන් දවස් තුන හතරකට කලින් හේලීස් සමුහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පන්ඩිතගේ මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් අපේ ගෙදර ඇවිත් මට සිදු වු දේට කනගාටුව ප‍්‍රකාශ කළා.
මම ඉන්න තත්වය දැකලා මට යම් සහනාදායී මුදලක් පරිතයාග කරන බව කිව්වා. මා දැන් පත්වෙලා ඉන්න තත්වය අනුව එයත් මට වටිනවා. ඒ ගැන මම එම ආයතනයට ස්තුති වන්ත වෙනවා.
එහෙම වුනත් මට වුන ආබාධිත තත්වය අනුව මේ ජීවිත කාලෙදි කිසිම වැඩක් පලක් කරන්න බැහැ. මේ ලැබුන මුදලට මගේ ආබාදිත තත්වය හිලව් කරන්න බැහැ. ඒ වුනත් වෙලාවේ හැටයට මට නය තුරුස් බේරගන්න හරි මේක ලොකු දෙයක්.
මේ සිද්ධියේදී තුවාල ලැබුවන් ගැන රජය සොයා බැලිය යුතුයි. මා මේ රජය වෙනුවෙන් මැයි පෙළපාළි පවා ගිය. ඒ නිසා මම බලාපොරොත්තු වුනා අපි ගැන පාක්ෂිකයෝ හැටියට හිතලවත් රජෙයෙන් බලයි කියලා. මේ වන තුරු කිසිවෙක් ආවේ නැහැ. හැමෝටම අපි ගැන අමතක වෙලා තියෙන්නේ. රජයට වුනත් යුතුකමක් තියෙනවා තුවාල වෙලා අන්ත අසරණ තත්වයට වැටුන අය ගැනවත් අඩුම තරමේ හොයලා බලන්න.
එදා වැලිවේරියේ තිබුන උද්ඝෝෂණයට ගමේ අහළ පහළ අය ගිය නිසා තමයි මමත් බලන්න ගියේ. යුධ හමුදාව වෙඩි තියනකොට මම පාරෙන් අයින් වුනා. ඒත් ගමේ කොල්ලෝ දෙතුන් දෙනෙක් මා ඉස්සරහම සිටින නිසා මා පාරට බැස ඔවුන්ට අයින් වෙන්න කිව්වා. මට වෙඩි වැදුනේ ඒ අවස්ථාවෙදි ‘‘.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුල් 25ක් විතරක් මදි, අනිත් පවුල් වලටත් වතුර බොන්න විදියක් නැහැ. (නි)
ලංකාවේ නොකළ යුතුම දේ තමයි සාමුහික අරගල.මොකද ඕනෑම අරගලයක් සල්ලි වලින් නවත්වන්න පුළුවන්.අරගල පාවාදෙන්නෝ මේ රටේ ඉන්නේ රජ කාලේ ඉදන්. (නි)
සුජීව,හමුදාවෙන් එදා ගැහුවේ ගල් නම් නෙමෙයි කියලා අපිත් දන්නවා. (නි)
ඔයා හරි සුජීව (දිල්)
ගමේ කොල්ල මම ශ්‍රිලංකාවේ . මහා පාරේ තිබ්බ දේවල් ඔයා දැක්ක නේද? හමුදාවෙන් ගල් ගහන්නේ නැනේ, බෝතල් වලින් ගහන්නේ නැනේ. අපිත් මාධ්‍යයෙන් දැක්කනේ සිවිල් මිනිස්සු කරපු වැඩ වැරදුනාට පස්සේ හමුදාවට ගැහුවේ නෑ කියනවා. කොල්ල ඕව සුරඟන කතා. (ස)
තරුණමදයට කොළුකමට අයියලා වෙන්න රැල්ලට ගිහින් හැමදේකටම ඔලුව ඔබන කට්ටියට මේ කෙනාගෙන් ඉගෙනගන්නවා නම් පාඩමක් තියෙනවා.කුලප්පු කරවලා ඉස්සරහට දාන එකෙක්වත් වැඩේ වැරදිලා අසරණ වුණාම නැහැ.කම්හල ගත් ක්‍රියාමාර්ග අගය කළයුතුයි. වරද කවුරු අත වුණත් රජයත් මේ මිනිසුන් වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. (නි)
කැලුම්, ඔයා වගේ උදවිය නිසා තමා ප්‍රශ්න දුර දිග යන්නේ. (ස)
සුජීව ලංකාවේද. මේ මිනිස්සු හමුදාව සමඟ ගහ ගත්තේ නැහැ. වතුර විතරයි ඉල්ලුවේ. (ස)
කීය දුන්නත් කමක් නැහැ.කම්හල ආයේ අරින්න නම් එපා. (ස)
ගැමියෝ කොහොමද හමුදාවක් එක්ක ගැටුම් ඇති කරන්නේ? (නි)
ගුණරත්න, ඔබ හරි. ඔය ඉන්නේ රතුපස්වල අහිංසක ජනතාව. මම එදා ඉදලම කිව්වානේ ඕකේ ගොඩක් දවල් තිබෙනවා කියලා. (නි)
මෙවැනි ප්‍රවෘත්ති දකිද්දී මට හිතෙන්නේ මේ යම් යම් සංවිධාන වල නායකයිනුත් දේශපාලන නායකයින් වගෙයි කියලා (නි)
අයියෝ පවු.! (නි)
මේක අරුම පුදුම රටක් විදිහටයි පෙනෙන්නේ. (නි)
මල්ලි හමුදාව සමඟ ගහගෙන කාටද හරි ගියේ . දැන් දුක් විදින්නේ ඔබ නේද? ඕව කලින් හිතන්න තිබුනේ. ඔය හමුදාවේ හිටපු කෙනෙක්නෙ. දැන් සැප නේද?? (ස)
මිනිසුනි, සියලුම දේශපාලකයෝ කන් නෑසෙන්නෝ බව නොදන්නේද? (නි)
වෙනදෙයක් වෙන්න කියලා තමන්ගේ පාඩුවේ හිටියම කොයිකටත් බෙහෙත එයයි. (නි)
මේ අය ගැන මේ වෙන තෙක් කිසිවෙක් බැලුවේ නැහැ. තවත් අය ඇති රැකියාවක්වත් කරගන්න බැරිව. ඒ අයගේ විස්තරත් මේ වගේ දාන්න. අපි උදව් කරනවා. (නදී)
මිනිසුනි, නුඹලාට නුවණැස පහළ වේවා! (නි)
අනේ හොදයි ඒ මිනිසුන්ට කවුරුහරි උදව් කරනවා නම්. දැන් ඒ මිනිස්සු හරිම අසරණයි. ජනතාව තාම හරියට දන්නේ නැහැ නේද පෙළපාලියට වෙඩි තැබිමට අණ දුන්නේ කවුද කියලා? දැන් මිනිසුන්ට එහෙම සිද්ධියක් වුණාද කියලා මතක නෑහැ. ඒ සිංහල ජාතියේ හැටි. ඉක්මණින් අමතක වෙනවානේ. (නි)
හරිම අහිංසක මුහුණක් තියෙන්නේ.පව්! (නි).
පුලුවන් නම් චින්තක පෙරේරා මහතාගේ දුරකථන අංකය ලබා දෙන්න. .ළගම ඇති බැංකු ශාඛාවත් දන්වන්න. මට පුළුවන් තරමින් උදව් කරන්නම්. (නි)
අහිංසක අසරණ වුන අය ගැන බලන්න කවුරුවත් නැහැ. (නි)
කොතන වුණත් නැත මරු හට බදා,විදින මෙහෙ සැප පින් ඇති තෙක් වේදා,ගෙවන සසර දුක් බුදු බණ නාහා,කුමන නැටුම් කෙලි කවට සිනා දා... (නි)
මහතාණෙනි,ඔබගේ නිහතමානිකම අගයකොට සළකමි. මේ දුප්පත් පවුලට කළ උපකාරයට නොවක් තුති පුදමි ...!! මනුස්සයෙකුට පිහිට විය යුත්තේද මනුස්සයෙකි. මා හරිදැයි මා නොදනිමි (නි)
එහෙත් මේ මියගිය අයගේ පවුල් ගැන බලන්නේ කවුද? (නි)
අයි වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බේ? කවුද? මොන පක්ෂයේ වුණත් මේ අපරාධයට වගකිය යුතු අය හෙළි කරලා දඬුවම් දෙන්න ඕනෑ. (නි)
යාන්තම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි වගේ. කොච්චර හොද ආයතනයක්ද? (නි)
ඔන්න හොද වැඩ (නි)
සල්ලි වලට සටන පවා දුන්න වගේ ?(දිල්)
අලුත් ජීවිතයකට අපෙන් සුබ පැතුම්.. (නි)