IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රතුපස්වල පවුල් 25 කට කම්හලෙන් උදව්

 වැලිවේරිය  රතුපස්වල අවට ගැමියන් විසින් පිරිසිදු ජලය ඉල්ලා  කළ උද්ඝෝෂණයේදී  යුධ හමුදාව සහ ගැමියන් අතර ඇති වු ගැටුමේදී  වෙඩි වැදීමෙන්  තුවාල ලබා ඉතා අසරණ  වු  පවුල්  25 ක,  ජීවිත යළි නගා සිටුවීමට පියවර ගත් බව  රතුපස්වල රබර් අත්වැසුම් කම්හළේ කලමනාකාර අධ්‍යක්ෂක ආචාර්‍ය මහේෂ් රණසෝම මහතා අද පැවසුවේය.

මීට දින කිහිපයකට පෙර හේලීස් සමුහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පන්ඩිතගේ මහතා පෞද්ගලිකවම  වැලිවේරිය ගැටුමේදී  වෙඩි වැදී තුවාල ලැබුවන්ගේ නිවෙස් කිහිපයකට ගොස්  ගොස් රැකියාවක් පවා කරගත නොහැකි තත්වයකට පත්ව ඇති පවුල් සඳහා ජීවත්විමට යම් පරිත්‍යාගයක් කරන බව පොරොන්දු වී ඇත.

ඒ අනුව අද වැලිවේරියට පැමිණි  වෙනිග්‍රොස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක  ආචාර්ය මහේෂ් රණසෝම මහතා ඇතුලූ කළමනාකාරිත්වය විසින් ගෙන් ගෙට ගොස් තෝරාගත් පවුල් විසි පහක් සඳහා මුදල් පරිත්‍යාග කළේය.
 

ඔවුන්ම  මුලින්ම ගියේ වැලිවේරියේදී වෙඩි වැදීමෙන් ඉතාමත් අසාධ්‍යව මාස දෙක හමාරක් පමණ රෝහල් ගතව සිට උකුල් ඇටයද බද්ධ කර සදාකාලික ආබාධිත තත්වයට  පත් වු මෙලන් චින්තක පෙරේරාගේ(43)  මහතාගේ නිවසටයි.

 එහි ගිය රණසෝම මහතා  ලංකාදීපයට පැවසුවේ 
   ‘‘ ඉස්සල්ලම මම මාධ්‍යයෙන් ඉල්ලනවා මේක වන්දි මුදලක්  කියලා  හඳුන්වන්න එපා.  අපි කළේ මේ පවුල් වල අසරණ කම ගැන බලලා ප‍්‍රජා සත්කාරයන් විදියට යම් පරිත්‍යාගයක් කිරීම විතරයි.

 මෙහිදී තුවාල වු අයගේ පවුල් සමග අපි සාකච්ඡා  කළා.  ඔවුන් බොහෝ අසරන තත්වයකයි හිටියේ. සමහරු මේ සිදුවීම නිසා රැකියාවක් පවා කර ගත නොහැකි තත්වයට  පත් වෙලා හිටියා. ඒ නිසා ඔවුන් ගැන සානුකම්පිතව  සොයාබලා යම් කිසි සහනයක් ලබා දෙන්න  ඕනා කියලා අපි තීරණය කලා.  ඒ අනුව අපි තීරණය කළා ඉතාමත් අසරණව ඉන්න පවුල් 25 කට මුදල් පරිත්‍යාග කරන්න. සමහරු කියන්න පුළුවන් අපි මේ පරිත්‍යාගයන් කළේ  යටි අරමුණු ඇතිවයි  කියලා. 

ඒත්   අපේ සභාපති තුමා මේ පවුල් වලට කියලා ගිහින් තිබුනා කර්මාන්ත ශාලාව ඇරියත් නැතත් ප‍්‍රජා සත්කාරයක් විදියට මේ පවුල් වලට සහනයක්  ලබා දෙනවා කියා.  අපි බලාපොරොත්තු වෙනවා  මෙයින්  සැමට යහපතක් වෙයි  කියා.‘‘
 
වැලිවේරියේදි යුධ හමුදාව හා ගැමියන් අතර ගැටුමේදී  වෙඩි වැදිමෙන් තුවාල ලබා  පුර්ණ අබාධිත තත්වයට පත්වු   වැලිවේරියේ  මෙලන් චින්තක මහතා කර්මාන්ත ශාලාව විසින් ලබා දුන් පරිත්‍යාගය ලබා ගනිමින් මෙසේ පැවසුවේය

   ‘‘ මේ වෙන කම් රජයෙන් හෝ කිසිම සංවිධානයකින් තුවාල වු අපි ගැන  සොයා බැලූවේ නැහැ. මට දැන්  රැකියාවක් පවා කරගන්න බැහැ.  මම කලින් හිටියේ යුධ හමුදාවේ. උතුරු යුද්දෙයේදී තුන් වතාවක් මට වෙඩි වැදුනා. 
පස්සේ මම යුධ හමුදාවෙන් අයින් වෙලා ත‍්‍රිරෝද රියක් අරගෙන වැලිවේරියේ හංදියේ දාගෙන හයර් කළා. ඒක ගත්තේ ලීසිං වලට.

මට වැඩි වැදිලා මාස දෙකහමාරක් විතර  ගම්පහ රෝහලේත් කොළඹ රෝහලෙත් හිටියා.  මගේ උකුල් ඇටය අයින් කරලා සුදු යකඩ වලින් මට උකුල් ඇටයක් දාලා තියෙන්නේ. මගේ ජීවිත කාලයටම මා අබ්බගාතයෙක් විදියට තමයි ජීවිතය ගත කරන්න වෙන්නේ.

මා අසනිප වීම නිසා මගේ ත‍්‍රී රෝද රියේ වාරික ගෙවීම අතපසු වුනා. ඒ වුනත් වැලිවේරියේ අහල පහල අයත් මගේ මිතුරනුත් එකතුවෙලා ඒ හිග මුදල් ගෙව්වා. ඒ වගේම මට කුඩා දරුවන් දෙදෙනෙක් ඉන්නවා. පවුලේ වියදම වගේම ඒ දරුවන්ගේ අසනීප වලටත් මගේ අසනීපයටත් මට පිහිටවුනේ පල්ලියත් ගමත්  මගේ මිතුරනුත් විතරයි.
 

දැන් දැන්  රතුපස්වල එක එක සංවිධාන බිහි වෙලා තියෙනවා. මේ වෙනකම් අපිට වන්දියක් ලබා දෙන්න කිසි කෙනෙක් කටයුතු කර නැහැ. අඩුම තරමේ ඒ සංවිධාන වල නියෝජිතයෝ වත් අපිට බලන්න ආවේ නැහැ.

අද වෙනකොට අපි හැම අතටම නය වෙලා  හිටියේ. හැමදාම ගමේ  අයට බරක් වෙන්න බැරි නිසා ඇත්තටම මට ජීවිතය එපා වෙලා තිබුනා. ඔය අතරෙදි තමයි දැන් දවස් තුන හතරකට කලින් හේලීස් සමුහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පන්ඩිතගේ මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් අපේ ගෙදර ඇවිත් මට සිදු වු දේට කනගාටුව ප‍්‍රකාශ කළා.


මම ඉන්න තත්වය දැකලා මට යම් සහනාදායී මුදලක් පරිතයාග කරන බව කිව්වා. මා දැන් පත්වෙලා ඉන්න තත්වය අනුව එයත් මට වටිනවා. ඒ ගැන මම එම ආයතනයට ස්තුති වන්ත වෙනවා.
 

එහෙම වුනත් මට වුන ආබාධිත තත්වය අනුව  මේ ජීවිත කාලෙදි කිසිම වැඩක් පලක් කරන්න බැහැ. මේ ලැබුන මුදලට මගේ ආබාදිත තත්වය හිලව් කරන්න බැහැ. ඒ වුනත් වෙලාවේ හැටයට මට නය තුරුස් බේරගන්න හරි මේක ලොකු දෙයක්.
 

මේ සිද්ධියේදී තුවාල ලැබුවන් ගැන රජය සොයා බැලිය යුතුයි.   මා මේ රජය වෙනුවෙන් මැයි පෙළපාළි  පවා ගිය. ඒ නිසා මම බලාපොරොත්තු වුනා අපි ගැන  පාක්ෂිකයෝ  හැටියට හිතලවත් රජෙයෙන් බලයි කියලා. මේ වන තුරු කිසිවෙක් ආවේ නැහැ.  හැමෝටම අපි ගැන අමතක වෙලා තියෙන්නේ.  රජයට වුනත් යුතුකමක් තියෙනවා තුවාල වෙලා අන්ත අසරණ තත්වයට වැටුන අය ගැනවත් අඩුම තරමේ හොයලා බලන්න.

එදා වැලිවේරියේ  තිබුන උද්ඝෝෂණයට ගමේ අහළ පහළ අය ගිය නිසා තමයි මමත් බලන්න ගියේ.   යුධ හමුදාව වෙඩි තියනකොට මම පාරෙන් අයින් වුනා. ඒත් ගමේ කොල්ලෝ දෙතුන් දෙනෙක් මා ඉස්සරහම සිටින නිසා මා පාරට බැස ඔවුන්ට අයින් වෙන්න කිව්වා.  මට වෙඩි වැදුනේ ඒ අවස්ථාවෙදි ‘‘.
 

 



අදහස් (0)

රතුපස්වල පවුල් 25 කට කම්හලෙන් උදව්

අමිල කටුනායක Monday, 28 October 2013 10:23 PM

එහෙත් මේ මියගිය අයගේ පවුල් ගැන බලන්නේ කවුද? (නි)

:       0       0

චන්දි Monday, 28 October 2013 10:34 PM

මහතාණෙනි,ඔබගේ නිහතමානිකම අගයකොට සළකමි. මේ දුප්පත් පවුලට කළ උපකාරයට නොවක් තුති පුදමි ...!! මනුස්සයෙකුට පිහිට විය යුත්තේද මනුස්සයෙකි. මා හරිදැයි මා නොදනිමි (නි)

:       0       0

තබුක් සිල්වා Monday, 28 October 2013 11:55 PM

කොතන වුණත් නැත මරු හට බදා,විදින මෙහෙ සැප පින් ඇති තෙක් වේදා,ගෙවන සසර දුක් බුදු බණ නාහා,කුමන නැටුම් කෙලි කවට සිනා දා... (නි)

:       0       0

කුමාරි Tuesday, 29 October 2013 12:14 AM

අහිංසක අසරණ වුන අය ගැන බලන්න කවුරුවත් නැහැ. (නි)

:       0       0

බුද්ධදාස Tuesday, 29 October 2013 04:36 PM

ඔයා හරි සුජීව (දිල්)

:       0       0

ගමේකොල්ලා Tuesday, 29 October 2013 11:36 AM

සුජීව ලංකාවේද. මේ මිනිස්සු හමුදාව සමඟ ගහ ගත්තේ නැහැ. වතුර විතරයි ඉල්ලුවේ. (ස)

:       0       0

චමත් (ඉතාලිය) Tuesday, 29 October 2013 04:42 PM

සුජීව,හමුදාවෙන් එදා ගැහුවේ ගල් නම් නෙමෙයි කියලා අපිත් දන්නවා. (නි)

:       0       0

චමත් (ඉතාලිය) Tuesday, 29 October 2013 01:18 AM

පුලුවන් නම් චින්තක පෙරේරා මහතාගේ දුරකථන අංකය ලබා දෙන්න. .ළගම ඇති බැංකු ශාඛාවත් දන්වන්න. මට පුළුවන් තරමින් උදව් කරන්නම්. (නි)

:       0       0

මොහාන් Tuesday, 29 October 2013 11:58 AM

කැලුම්, ඔයා වගේ උදවිය නිසා තමා ප්‍රශ්න දුර දිග යන්නේ. (ස)

:       0       0

ගුණරත්න Tuesday, 29 October 2013 02:52 AM

හරිම අහිංසක මුහුණක් තියෙන්නේ.පව්! (නි).

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 29 October 2013 12:48 PM

තරුණමදයට කොළුකමට අයියලා වෙන්න රැල්ලට ගිහින් හැමදේකටම ඔලුව ඔබන කට්ටියට මේ කෙනාගෙන් ඉගෙනගන්නවා නම් පාඩමක් තියෙනවා.කුලප්පු කරවලා ඉස්සරහට දාන එකෙක්වත් වැඩේ වැරදිලා අසරණ වුණාම නැහැ.කම්හල ගත් ක්‍රියාමාර්ග අගය කළයුතුයි. වරද කවුරු අත වුණත් රජයත් මේ මිනිසුන් වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. (නි)

:       0       0

ජයතිලක Tuesday, 29 October 2013 05:27 PM

ලංකාවේ නොකළ යුතුම දේ තමයි සාමුහික අරගල.මොකද ඕනෑම අරගලයක් සල්ලි වලින් නවත්වන්න පුළුවන්.අරගල පාවාදෙන්නෝ මේ රටේ ඉන්නේ රජ කාලේ ඉදන්. (නි)

:       0       0

සුජීව Tuesday, 29 October 2013 12:59 PM

ගමේ කොල්ල මම ශ්‍රිලංකාවේ . මහා පාරේ තිබ්බ දේවල් ඔයා දැක්ක නේද? හමුදාවෙන් ගල් ගහන්නේ නැනේ, බෝතල් වලින් ගහන්නේ නැනේ. අපිත් මාධ්‍යයෙන් දැක්කනේ සිවිල් මිනිස්සු කරපු වැඩ වැරදුනාට පස්සේ හමුදාවට ගැහුවේ නෑ කියනවා. කොල්ල ඕව සුරඟන කතා. (ස)

:       0       0

රන්ජිත් Tuesday, 29 October 2013 05:26 AM

අනේ හොදයි ඒ මිනිසුන්ට කවුරුහරි උදව් කරනවා නම්. දැන් ඒ මිනිස්සු හරිම අසරණයි. ජනතාව තාම හරියට දන්නේ නැහැ නේද පෙළපාලියට වෙඩි තැබිමට අණ දුන්නේ කවුද කියලා? දැන් මිනිසුන්ට එහෙම සිද්ධියක් වුණාද කියලා මතක නෑහැ. ඒ සිංහල ජාතියේ හැටි. ඉක්මණින් අමතක වෙනවානේ. (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 29 October 2013 05:31 AM

මිනිසුනි, නුඹලාට නුවණැස පහළ වේවා! (නි)

:       0       0

නිමා Tuesday, 29 October 2013 08:19 AM

මේ අය ගැන මේ වෙන තෙක් කිසිවෙක් බැලුවේ නැහැ. තවත් අය ඇති රැකියාවක්වත් කරගන්න බැරිව. ඒ අයගේ විස්තරත් මේ වගේ දාන්න. අපි උදව් කරනවා. (නදී)

:       0       0

පෙරේරා Monday, 28 October 2013 07:50 PM

වෙනදෙයක් වෙන්න කියලා තමන්ගේ පාඩුවේ හිටියම කොයිකටත් බෙහෙත එයයි. (නි)

:       0       0

කේ. Tuesday, 29 October 2013 08:45 AM

පවුල් 25ක් විතරක් මදි, අනිත් පවුල් වලටත් වතුර බොන්න විදියක් නැහැ. (නි)

:       0       0

දිමුතු Tuesday, 29 October 2013 08:52 AM

මිනිසුනි, සියලුම දේශපාලකයෝ කන් නෑසෙන්නෝ බව නොදන්නේද? (නි)

:       0       0

ආරියසේන Monday, 28 October 2013 08:11 PM

අලුත් ජීවිතයකට අපෙන් සුබ පැතුම්.. (නි)

:       0       0

සුජීව Tuesday, 29 October 2013 09:07 AM

මල්ලි හමුදාව සමඟ ගහගෙන කාටද හරි ගියේ . දැන් දුක් විදින්නේ ඔබ නේද? ඕව කලින් හිතන්න තිබුනේ. ඔය හමුදාවේ හිටපු කෙනෙක්නෙ. දැන් සැප නේද?? (ස)

:       0       0

සිසිර Monday, 28 October 2013 08:33 PM

සල්ලි වලට සටන පවා දුන්න වගේ ?(දිල්)

:       0       0

නජිත් Monday, 28 October 2013 08:44 PM

ඔන්න හොද වැඩ (නි)

:       0       0

මුදිත Monday, 28 October 2013 08:58 PM

යාන්තම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි වගේ. කොච්චර හොද ආයතනයක්ද? (නි)

:       0       0

නිලන්ක Tuesday, 29 October 2013 09:43 AM

මේක අරුම පුදුම රටක් විදිහටයි පෙනෙන්නේ. (නි)

:       0       0

දබ්බා Tuesday, 29 October 2013 09:45 AM

අයියෝ පවු.! (නි)

:       0       0

නිමල් Tuesday, 29 October 2013 09:46 AM

මෙවැනි ප්‍රවෘත්ති දකිද්දී මට හිතෙන්නේ මේ යම් යම් සංවිධාන වල නායකයිනුත් දේශපාලන නායකයින් වගෙයි කියලා (නි)

:       0       0

රන්ජිත් Tuesday, 29 October 2013 09:52 AM

ගුණරත්න, ඔබ හරි. ඔය ඉන්නේ රතුපස්වල අහිංසක ජනතාව. මම එදා ඉදලම කිව්වානේ ඕකේ ගොඩක් දවල් තිබෙනවා කියලා. (නි)

:       0       0

කළණ Tuesday, 29 October 2013 09:53 AM

ගැමියෝ කොහොමද හමුදාවක් එක්ක ගැටුම් ඇති කරන්නේ? (නි)

:       0       0

කැලුම් Tuesday, 29 October 2013 09:57 AM

කීය දුන්නත් කමක් නැහැ.කම්හල ආයේ අරින්න නම් එපා. (ස)

:       0       0

දෙවිඳු Monday, 28 October 2013 09:48 PM

අයි වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බේ? කවුද? මොන පක්ෂයේ වුණත් මේ අපරාධයට වගකිය යුතු අය හෙළි කරලා දඬුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3662 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 52 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 223 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 97 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 125 0


කල්කුඩා සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 136 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 65 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site