රතුපස්වල ජල ගැටුළුවට විසදුම් ඉල්ලා වැලිවේරියේ කළ උද්ඝෝෂණයේ දී වෙඩි වැදී තුවාල ලැබූවන් වෙනුවෙන් කර්මාන්ත ශාලාව ආධාර මුදල් ලබා දෙද්දී එම ගනුදෙනුවේ අතර මැදියකු ලෙස කටයතු කළ පුද්ගලයකු විසින් නැවත එම මුදල් ඉල්ලා බලපෑම් කළැයි කියන සිද්ධිය විභාග කිරීමට පොලිසියට නොපැමිණි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
එම පැමිණිල්ල විභාග කිරීම සඳහා ජූඩ් පෙරේරා නම් පැමිණිලිකරුට සහ ඔහුගේ බිරියට බලපෑම් කළ බව කියන අතරමැදිකරුට අද (1) උදේ 10ට පොලිසියේ පෙනී සිටින ලෙස දැනුම් දි තිබුණත් අතරමැදිකරු පොලිසියට පැමිණ නැත.
නියමිත වේලාවට පොලිසියට ගිය ජූඩ් පෙරේරා මහතා පැය දෙකක් පමණ පොලිසියේ රැඳී සිට සැකකරු නොපැමිණි නිසා නැවත ගොස් ඇත. පොලිසියෙන් ඔවුන්ට දැනුම් දී ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනව බවයි.
පසුගිය අගෝස්තු පළමුවැනි දා වැලිවේරිය නගරයේ දී ගැම්වාසීන් හා යුද හමුදාව අතර ගැටුමේ දී පැමිණිලිකරුගේ පිටකොන්දට වෙඩි වැදී තිබිණි.
වෙඩි වැදී තුවාල ලැබුවන්ගේ පවුල්වලට රතුපස්වල කර්මාන්ත ශාලාවෙන් ආධාර මුදල් ලබා දෙද්දී ජූඩ් පෙරේරා මහතාට ද රුපියල් 25000ක මුදලක් ලැබී ඇත.
ඉන්පසු දිනක පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනක දී වෙඩි වැදුණු ආකාරය ගැනත්,මෙතෙක් රතුපස්වල සිදුවූ සිද්ධීන් ගැනත් ජූඩ් පෙරේරා මහතා විස්තර කර ඇත. කර්මාන්ත ශාලාව හා තුවාලකරුවන් අතර ගනුදෙනුවේ අතරමැදියකු ලෙස ක්‍රියා කළ පුද්ගලයකු ජූඩ් පෙරේරා මහතා වැඩසටහන නිමා වී නිවසට යෑමටත් පෙර අලුයම එකට පමණ නිවසට ගොස් ලබා දුන් මුදල් නැවත ඉල්ලා බිරියට බලපෑම් කර ඇතැයි පැමිණිල්ලේ සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා ගැනත් සැකයි මට (නි)
මේ සැකකාරයාගේ නම හිතාගන්න පුළුවන් (නි)
නීතිය ක්‍රියාත්මක කරනකොට යම් යම් අයගේ තරාතිරම පිළිබඳ ප්‍රශ්නයක් එනවානේ ජෝයි ඩයස් මහත්මයා, අහවලාගේ අහවලා මම කිව්වම ඊළඟට "'බලේ දැක මුදලේ. නීති රිංගා දුවයි අකුලේ " (නි)
මෙහෙම යනකොට මේ ගමේ මහා විනාශයක් වෙනවා. ඇත්තට මේ රටේ වගකිවයුතු කට්ටියට මේක තේරුම් ගන්න බැරිද? (නි)
පිටකොටුවේ විකුණන, සෙල්ලම් බඩු වල ප්‍රමිතිය පරික්ෂාවට ලක් කළ යුතුයි. මම හිතන්නේ ඒවා බොහොමයක තීන්ත අලේප අධික අැලුමිනියම් සහිත තීන්ත අාලේප කර ඇති බැවින් ළමයින්ගේ සෞඛ්‍යයට යෝග්‍යය නැත. (නි)
විස බෙදන කම්හල් සල්ලිකාරයන්ගේ වුණාට වතුර විස කරන්න බැරි නීති දියුණු රටක තියෙන්න ඕනෑ. වතුර ඉල්ලපු මිනිස්සු කලබල කරවලා වෙඩි තියන්න හමුදාව එවුවේ කවුද? මේ ප්‍රශ්නය යට ගහන්න දෙන්න බැහැ. නිවට කාටත් පොදු වෙන්න ඕනෑ නේද? ඒ කම්හලේ අයත් බොන්නේ මේ වතුරද? බෝතල් වතුරද? (නි)
පෙඩ්‍රිරික් මහතාගෙ අදහසට මමත් ගරු කරනවා.රටක් සංවර්ධනය කරා යනවිට ජාත්‍යන්තර පාරිසරික ආරක්ෂණ නීති කෙටුම්පත් ඒ ආකාරයට සම්මත කරගත යුතුයි. විශේෂයෙන්ම ලංකාවේ ගරාජ වලින් පිටවන දූෂිත දේවල් අපමණයි. ඉන් ප්‍රධාන තෑනක් ගන්නේ ස්ප්‍රේ කරන තීන්ත වලට කලවම් කරන ටිනර් වෑනි දෑ වායු අංශ සමග මුසුවී පරිසරයට වන හානියයි. අහළ පහළ කිසිම ශාකයක් පැළවෙන්නෙ නැත. අසල ගෙවල්වල වැසියන්ට විශාල හානියක් සිදුවේ.එවැනි වැඩ විදේශ රටවල ආවරණය කළ කුටි තුල ආරක්ෂක මුකවාඩම් පැළද සිදු කරනු ලබයි.නීතියත් ඒකයි. එමෙන්ම යකඩ වැනි දෑ තැලීමෙදී ඇතිවන ශබ්ද දූෂණයද සුලුපටු නොවේ. මේවාට රජය විසින් පිළියම් යෙදිය යුතු කාලය එළබ ඇත. පරිසර අධිකාරයේ අවධානය මේවාට යොමුවෙනවා නම් මෑනවි. දඩ වශයෙන් රජයට මුදලක් අයකරගත හැකි අතර,පරිසරයද ජන ජීවිතයද සුරක්ෂිත වේ. (නි)
මෙයා එහෙනුත් කාලා දැන් පොලිසියෙනුත් කන්නයි යන්නේ (නි)
කවුද මෙම නින්දිත පුද්ගලයා?මෙයාව රටටම හෙළි කළයුතුයි (නි).
ලංකාවේ කොහෙද නීතියක්? ඔය කියන මිනිහා අල්ලා දෙන්න. මම දෙන්නම් දඩුවම් (නි)
මේක දැන් හිගන්නාගේ තුවාලය වගේ. (නි)
ෆෙඩ්රික් ගේ අදහසට එකඟ වෙමි. මෙහෙ නම් ගරාජවලින් එළියට දාන තෙල් කොහොමත් පරිසරයට විසි කරන්න බැහැ. (නි)
මට ඔය කියන මිනිහා අල්ලා දෙන්න. මම දෙන්නම් දඩුවම් (නි)
ලංකාවේ කොහෙද නීතියක්? (නි)
මේ පුද්ගලයාට උපරිම දඬුවම් දිය යුතු වේ.. මෙවන් අය යළි අප අතර නොඉපදේවා! (නි)
මේ විදියට ගරාජ වලටද ආරක්ෂාව දෙන දුෂිත නිලධාරීන්ට සහ නිවැසියන්ට දඩුවම් දෙන්න. අනවසර ගරාජ වලින් පිළිකා සහ වෙනත් රෝග රැසක් පැතිරී යයි. (නි)
අපේ කාලේ නම් කාපුවා වමාරවනවා. දැන් වැරදිකාරයෝ ආරක්ෂා කරන්නත් කට්ටිය ඉන්න නිසා කිසිවක් කරන්න නොහැකි ඇති. (නි)
රැවුල ගිනි ගනිද්දී සුරුට්ටු පත්තු කරගන්න හදන නොමිනිස්සුන්ට යස පාඩමක් උගන්වන්න. (නි)
මේ මිනිස්සු රටෙන් අතුගාලම දමන්න ඕනෑ.හොර ගතිය කොතැන ගියත් මුල් තැනට (නි)