රතුපස්වල පරිසර කමිටුවේ මාධ්‍ය ලේකම් එම් කුමාරදාස මහතාට ඉරිදා (17) සවස පහර දුන් පිරිස අත්අඩංගුවට ගන්නැයි කියමින් ගම්මු 200ක් පමණ රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව අසලට රැස්ව සිටිති.
රතුපස්වල ජල සටනෙන් ඉවත් වන ලෙස තමාට මරණ තර්ජන කළ පුද්ගලයකුට තම සංවිධානයේ මාධ්‍ය ලේකම්ට පහර දුන් අය අතර වෙතියි එහි ප්‍රධාන සංවිධායක සුරේෂ් පරේරා මහතා කියයි.
මේ වන විට එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සෙසු සැකකරුවන් දෙදෙනා පැය 24ක් යන්නට මත්තෙන් අත්අඩංගුවට ගන්නා බවත් ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා මීට ටික වේලාවකට පෙර රතුපස්වල කම්හල අසලට ගොස් ගැමියනට පොරොන්දු විය.
පහරකෑ කුමාරදාස මහතා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහු රතුපස්වල ජල සටනේ ඉදිරියෙන්ම සිටි ගැමියෙකි.
(වීඩියෝ සහ ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්හල වෙන තැනකට අරන් ගිහින්වත් මේ ප්‍රස්නේ ඉවර නැද්ද? මේක නික හිගන්නාගේ තුවාලේ වගේ. (අ)
අනේ කර්මාන්ත ශාලාවෙන් භාගයක් අයින් කරලත් ඡන්ද ටික ගන්න බැරි හැටියක්! (දී)
චන්දෙ ලැබෙයිද ඉතින් (දී)
චන්දෙ කාලේ එනකල්ම හිටියද අයින් කරන්න (දී)