වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්තශාලාවට ගල් හා වැලි පටවාගත් වාහන දෙකකට අතුළු වීමට පොලීසිය අවසර දුන්නැයි කියමින් ඊට විරෝධය දක්වා ගැමියෝ දහසක් පමණ මින් මද වේලාවකට පෙර කර්මාන්තශාලව අසලට රැස් වුහ.
කර්මාන්තශාලාව වසා දමන්නට උපවාසයේ යෙදුණු තෙරිපැහැ සිරි ධම්ම හිමියෝ ද එම ස්ථානයට වැඩම කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කර්මාන්ත ශාලා පරමා ලාභා... (නි)
ආස්චර්‍ය හසන්ත, ආස්චර්‍ය!! (නදී)
වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්තශාලාවට පේන තෙක් මානයේ ඉන්න මගේ යාලුවෙක් නම් කියන්නේ ගම්පහ කොහොමත් පී.එච් අගය අඩුයිලු. වැස්ස වැඩිලු. ඔය කර්මාන්ත ශාලාව නිසා වෙලදාම් කරමින් ගොඩාක් අය ජීවත් වෙනවලු. මේ රජය තරම් සේවයක් රටට කරලා නැහැලු. ඔය හාමුදුරුවෝ වැරදීලු. ඉතින් මේ වගේ අය ගැන මොනවා කියන්නද? කාටද මේ කඩේ යන්නේ. තන්ගේ දරුවන්ටත් වහ වුනත් කන්න දෙනවා. ඔබලාට හොදනම් අපිට මොකෝ.(නදී)
ගම්පහ ඉන්න දේශපාලන නායකයා ඇයි නිශ්ශබ්ද? එයා නේද මේවට වගකියන්න ඕනේ.(නදී)
මේ කොමෙන්ට්ස් දාන සියල්ලෝ යථාර්තය දන්නවා..නමුත් රජයට එරෙහිව ක්‍රියාත්මක වන බලවේගයන්ට ,ක්‍රියාත්මක කල හැකි බලවේගයන්ට, විකිනිය හැකි අමුද්‍රව්‍ය වලට යථාර්තය බල පාන්නේ නැහැ. මහත්තුරුනේ ඔය රතුපස්වල තව දුරටත් විකුනන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. රටේ මිනිස්සු රතුපස්වල දැකපු හැටි ඊයේ පෙරේද පැහැදිලි උනානේ. හෙට බස්නාහිර විසුරුවලා මැතිවරණයක් තිබ්බත් ගම්පහ ප්‍රතිපලෙත් ඔකමයි. මිනිස්සුන්ගේ යම් අනුකම්පාවක් මේ රතුපස්වල මිනිස්සු ගැන තිබුනානම් දැන් ඒක ඉවරයි. මෙතන සිදුවෙන දේ දැන් මිනිස්සු හොදින් දන්නවා.(නදී)
දැන් මොනවටද හදිස්සියේ වැසිකිළි හදන්න යන්නේ? (නි)
මම දකින විදිහට නම් ඔය ගල් හා වැලි පටවාගත් වාහන දෙක ඔතනට එවන්න ඇත්තේ ඩයස්පෝරාව නැත්නම් අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණකාරයෝ. වයඹ සහ මධ්‍යම පළාත්වල රජය ලැබූ විජයග්‍රහණය ආපසු හැරවීමට ගත් නින්දිත ප්‍රයත්නයක් වෙන්නත් පුළුවන් (නි)
මහත්වරුණේ ඔබතුමාලට කැමැත්තක් කියන්න පුළුවන් මොකද අදහස් ප්‍රකාස කිරීමේ අයිතියක් ඇති නිසා. නමුත් මේකයි ඇත්ත ආන්ඩු මාරුවේවි පාලකයෝ සැප විදිවි. දුප්පත් අපී ගම්වල මැරෙනතුරාවට ජීවත් වෙන්න ඕනේ. අපේ දරුවෝ ඉස්සරහට දුක් විදීවී කොම්පැනිකාරයෝ කරපු පව් අපි ගෙවන්න ඕනේ. රටක් රාජ්ජයක් වටිනා මගේ ගමට සෙතක් වේවා.(නදී)
මේ අදහස් දක්වන සමහර අය මේකට දේශපාලනය ගාවගෙන දගලනවා.ඇත්ත තත්වය නම් දන්නේ ගමේ අයයි.අපිට මේ කර්මාන්ත ශාලාවේ සිට මීටර් 800 කට වඩා දුර නැහැ.කම්හලේ වැඩ කරන දවස් වල වතුර ගන්න ලිදේ පී .එච් .අගය 3.40.. දැන් කම්හල වැඩ නැතුව මාස දෙක හමාරක් විතර වෙනවා.දින දෙකකට පෙර පරික්ෂා කරපුවම පී.එච් .අගය.3.84 දක්වා වැඩි වෙලා.ඉතින් ඇත්ත තේරුම් ගනිත්වා. (නි)
මේකේ හිමිකරුට හැමෝම යටයි වගේ. (නි)
මෝඩ මිනිසුනේ, කළු ගලේ ඔලුව ගහගන්නේ නැතුව වතුර උණුකරලා පෙරලා හරි මොනවා කරලා හරි පුළුවන් විදිහට බොන්න (නි)
උපාලි, බත්ද කෑවෙ මෙච්චර කල (අ)
බන්දුල පෙරේරා යන නාමය දිගුකල් වැජඹේවා! (නි)
කුමක් හෝ වරදක් අඩුපාඩුවක් නිවැරදි කරන යාන්ත්‍රණයක් අපේ රටේ නැද්ද? පී.එච්.අගය පී.එච් .අයි ට සොයා බලා විසදන්න බැරි දෙයක්ද ? (නි)
සත්‍යම ජයගනිත්වා! (නි)
රටේ නීතිය කව්රුවත් අතට නොගත යුතුය.ප්‍රශ්නයක් විසදා ගැනීමේ ක්‍රමවේදයක් ඇත. (නි)
බටහිර රටවල් නොදියුණු රටවල් වල සංවර්ධනය අඩාල කරන්න භාවිත කරන උපක්‍රම තමා මානව හිමිකම් නීති කම්කරු නීති පරිසර නීති ආදිය. නමුත් ඒ රටවල් දියුණු වුනේ ඕවා එකක්වත් සළකලා නෙමෙයි. (නි)
ආසනික් සයනයිඩ් වගේ ඒවා වතුරට අල ළූණු වලට දාලා ජනගහනය බහුතරය අඩුකරන්න ව්‍යාපාරයක් යනවා වගේ. අනතුරු ඉදිරියේ සමගි වෙන්න. රට අස්ථාවර කරන එකයි විනාශ කරන එකයි ක්‍රියාත්මක වෙන්නේ අපේ අයවම යොදවාගනයි. (නි)
මිනිස්සුන්ට පිරිසිදු වතුර ටික නැතිවුණා වගේද මේක අයිති මහත්තයාගේ හිත රිදුනොත් එහෙම.ඔයාලට තේරෙන්නේ නැද්ද? (නි)
ඇතුලේ බංකර් හදන්න යනවද කොහෙද?(නදී)
ගල්,වෑලි ගෙනාවේ පානීය ජල බෝතල් කර්මාන්ත ශාලාවක් හදන්නයි...... ගෑමියන්ට 5%හේ ඩිස්කවුන්ට් එකකට වතුර බෝතල් මිලදී ගන්න පුලුවන්.... වෑඩිය නෑ.... ලීටර් එකේ බෝතලේ රු.50යි.... ඉතින් ප්‍රශ්නය ඉවරයිනේ??????(දී)
ඡන්දෙ දිනපු නිසා ආණ්ඩුව අහිංසක මිනිස්සුන්ගේ හඬ අහන්නේ නැහැ. මරාගෙන මැරෙමු වෙන කරන්න දෙයක් නැහැ. අහිංසක දරුවන් වෙනුවෙන් අපේ ජීවිත පුජා කරමු.(නදී)
ගම්පහට ගිය කලක්
බලාගෙන.. (නි)
මිනිස්සුත් දන්නේ නැහැ අනතුර තමන් ළඟට එනකල්ම.ඔහොම යමුකො (නි)
අනේ පව්. අහිංසක මිනිස්සු එක්ක සෙල්ලම් එපා (නි)
මොකට කලබල වෙනවද? (නි)
මැර බලයට ඉඩදෙන්න එපා (නි)
අනේ හොදයි. ඉතුරු පළාත් සභා ටිකත් කොහොමහරි දිනවලා දෙමු (නි)
මේ ක්‍රමය හොඳයි (නි)
කියන්න ගොඩක් තිබුනත් වැදිබන කියලා වැඩක් නැහැ.(අ)
දැන් බලාගෙන ගියහම උතුරේ විතරක් නෙමෙයි රතුපස්වලත් වෙනමම රාජ්‍යයක් වගෙයි නේද. (දී)
අපි මහින්ද චින්තනය සමගයි
ජනතාව ඡන්දෙ දෙන ආකාරය උඩ තමයි වැඩ සිද්ධ වෙන්නේ. (නි)
ලලිත් මහත්තය නිවැරිදිව අවශ්‍ය දේ කෙටියෙන්ම කියල..රස්තියාදුකාර මදාවි මැරයෝ පිරිසක් මිසක් රතුපස්වල දැන් වතුර ප්‍රස්නයකට හඩ නගපු අහිංසක ගැමියෝ නැහැ..හාමදුරුවෝ වපුරලා එක පාරක් අස්වැන්න කට්ටියටම නෙලලා දුන්න..හැමදුරුවෝ උත්සහ කරන්නේ තව පාරක් වපුරන්න.දන්නා සෙල්ලම් ඔක්කොම දානවා... (දී)
බන්දුල පෙරේරා කියන්නේ කවුද
මිනිස්සුන්ට මොනවා වෙලාද අයියෝ
බන්දුල පෙරේරා හොදින් කඩේ යනවා. ප්‍රාදේශීය මන්ත්‍රීකමක් ෂුවර් එකට ලැබෙයි (නි)
මට පෙනෙන්නේ තවත් වැඩකට අර අදිනවා වගෙයි. (නි)
නීතියක් යුක්තියක් ධර්මයක් නොදැන වැරදියට කුලප්පුවෙන මේ අය නිසා රටක් වශයෙන් අසීරුවට පත්වෙන එකට කවුද වග කියන්නේ? (නි)
ඒ කියන්නේ මේ ප්‍රශ්නයට රජයෙන් දෙන කිසිම විසඳුමක් එපා කියන එකද? අධිකරණයෙන් දෙන තීන්දු වැඩක් නැහැ කියන එකද? හාමුදුරුවෝ කියන "විසඳුම" මොකක් වුනත් ඒක කළයුතුයි කියන එකද? මේ ප්‍රශ්නය අවුලුවලා තියාගන්න කාට හරි වුවමනා වෙලාද? (නි)
ගඩොල් ගෙනාවේ ලිපක් හදන්න.වැලි ගෙනාවේ වැලි බත් උයන්න. (නි)
රුවන්, බන්දුල පෙරේරා කියන්නේ මානසික ලෙඩෙක්. ගණන් ගන්න එපා පිස්සෝ කියන ඒවා. (නි)