රතුපස්වල කම්හල යළි විවෘත කිරීමට විරෝධය පළ කරමින් ගම්පහ මිරිස්වත්තේ සිට බියගම දක්වා අද(13) උදේ ගමන් කිරීමට නියමිතව තිබූ රථ පෙළපාලියට පොලිසියෙන් බාධා වෙතියි ලද තොරතුරු අනුව නවතා දැමූ බව සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා පැවසීය.
එය නවතා දැමීමට ආ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා සහ ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය.
පෙරවරු 8.30ට රථ පෙළපාළිය ඇරැඹීමට නියමිතව තිබූ අතර ඒ වන විට වාහන 10ක් 15ක් මිරිස්වත්තේ නවතා තිබිණි. එතැනට ආ ගම්වාසීන් පිරිසක් පැවසුවේ පෙරදින රාත්‍රී පිරිසක් පැමිණ පෙළපාළියට සම්බන්ධ නොවන ලෙස ගම් වැසියන්ට දන්වා ඇති බවයි. බියට පත් ගම් වැසියෝ රථ පෙළපාළියට සහභාගීවමට අකමැති බව ද ඔවුන් කීවේය.
රතුපස්වල ප්‍රශ්නය විසඳනවා වෙනුවට පැලැස්තර දමමින් ප්‍රශ්න අවුලුවන බව ද ඔවුහු කීහ
අද (13) පෙරවරු 10.15 පමණ ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා එම ස්ථානයට පැමිණ නවතා තිබූ වාහන වළ රියදුරන් කොහේදැයි විමසා රථ පෙළපාලියට නොයන ලෙස ඔවුනට තර්ජනාත්මක ස්වරයෙන් කතා කළ බව ද කියති.
පිරිසක් වාහනයකින් පැමිණ පිස්තෝල වැනි යමක් පෙන්වා තර්ජනය කළත් එම වාහනයේ අංකය නොදන්නේ බව ගැමියෝ කියති.
මිරිස්වත්තට ආ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා වාහන රියදුරන් අමතමින් මෙසේ ද කීවේය.
‘ඕනෑම දෙයක් වෙන්න කලින් දැනුවත් කරන එක අපේ යුතුකමක්. මෙයින් ජනජීවිතය අවුල් වෙන්න පුළුවන්. දැන් සංහිදියාවක් ඇවිත් තියනවා කම්හල මාස හයකින් වහනවා කියා. දැන් ඊයේ අධිකරණයෙන් කියා තිබෙනවා ඒ ගිවිසුම ක්‍රියාත්මක කරන්න කියා. උසාවි නියෝග වලට පිටින් යන්න කාටවත් බෑ. දැන් මේ කරන වැඩේට විරුද්ධ බලවේගෙකුත් තියනවා. කරුණාකරලා තමනුන්වහන්සේලා යන්න එපා. ගියොත් පෙළපාලිය විසිරෝනවා. වාහන අත්අඩංගුවට ගන්නවා. හැබැයි පස්සේ මොනවත් කියන්න එපා.
ඊයේ (12) දුන්න යම් අධිකරණ තීරනයකට පිටින් තමයි කටයුතු කරන්නේ. පෙළපාලි යන්න එපා කියා ඊයේ කිව්වා. යම් වචනයක් ලියැවිලා තියනවා. අදත් අපි අධිකරණ නියෝගයක් ගන්නවා. අධිකරණ නියෝගයක් ඇතත් නැතත් අපි මේක නවත්වනවා සාමය ආරක්ෂා කරන්න. පස්සේ කියන්න එපා වාහන කුඩුවුනා කියලා. කලින් අපි ඕගොල්ලන්ව දැනුම්වත් කරන්නේ. ඉතාම පැහැදිලියි මේක වෙනස් වෙන්නේ නෑ. මල්වතුහිරිපිටිය සහ වැලිවේරිය පොලිස්වසම්වල යන්න දෙන්නේ නෑ. යන්න ඕනැම නම් ගම්පහ පොලිස් වසම්වල යන්න.
අවවාද කරන එක මගේ යුතුකමක්. යන නොයන එක ඕගොල්ලන්ගේ වැඩක්. ගියොත් වෙන දේත් බලා ගන්න.‘
එලෙස රියදුරන්ට අවවාද කළ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා සියනෑ ජලය සුරැකීමේ ජන නැගුමේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා හමුවී රථ පෙළපාලිය නොපවත්වන ලෙස පැවසීය.
හෙට්ටිආරච්චි මහතා හා කොඩිතුවක්කු මහතා අතර විනාඩි කිහිපයක උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය.
සහකාර පොලිස් අධිකාරී ඡන්දන කොඩිතුවක්කු මහතා - ‘කම්හල වහන්න ඕනෑ කියන පොඩි කන්ඩිෂන් එකක් (කොන්දේසියක්) දැම්මා. එහෙම තියෙද්දී ඔබතුමාලා මෙහෙම කටයුතු කළොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. යන්න දෙන්නෙම නෑ මේ පළපාළිය. කිව්වොත් කිව්වා. මම ඉන්නේ. මම තෙල් බේත් වෙළෙන්දෙක් නෙමේ. හොඳට දැනගන්න. ඔබතුමාට ඕනැම නම් ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ යන්න.වැලිවේරියයි මල්වතුහිරිපිටියය් පොලිස් බල ප්‍රදේශවල එපා. ගියොත් වාහන අත්අඩංගුවට ගන්නවා. මිනිසුන් අත්අඩංගුවට ගන්නවා. ගැටුම්වලදි වාහන කුඩුවුණයි අරකයි මේකයි කියා අපට දොස් කියන්නත් එපා. ‘
ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා - ‘අපි මෙතනදි කිසිම නීති විරෝදී දෙයක් කරන්නේ නෑ. පත්‍රිකා බෙදන්නේ නෑ‘
කොඩිතුවක්කු මහතා - ‘පෙළපාළියක් යන්න අවසර ගන්න ඕනෑ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ ජන ජීවිතය සන්සුන්ව තිබෙනවා නම් පමණයි. දැන් එහේ ජන ජීවිතය සන්සුන් නෑ. ‘
හෙට්ටිආරච්චි මහතා - ‘අපි ඒ අදාළ ප්‍රදේශවල යන්නේ නෑ.‘
කොඩිතුවක්කු මහතා - ‘මං ඔයාට පැහැදිලිව කිව්වා. ඔයාගේ දේශපාලන ගමන නවත්වන්න නෙමේ මං හදන්නේ.‘
හෙට්ටිආරච්චි මහතා - ‘මෙතන දේශපාලනයක් නෑ‘
කොඩිතුවක්කු මහතා - ‘ඔයාගේ යටි අරමුණු මොකක් ද කියලා අපි දන්නවා. වැලිවේරියයි මල්වතු හිරිපිටියටයි නම් යන්න එපා. ඔබතුමා අත්අඩංගුවටත් ගන්නවා. ‘
හෙට්ටිආරච්චි මහතා - ‘මේ සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානය‘
කොඩිතුවක්කු මහතා - ‘සියනෑ ජලය සුරකින්න කියලා මිනිස්සු මැරෙන්න බෑ. දැන් මැරුණා ඇති. අපි මෙතන සංධිස්ථානයකට ඇවිත් තියෙන්නේ. ඔබතුමා යන්න. වෙන පොලිස් බලප්‍රදේශයක යන්න.‘
හෙට්ටිආරච්චි මහතා - ‘දැන් ඔබතුමා මේක කියකන. මාස තුනක් මේ ප්‍රශ්නෙ ගියා. තාම නීත්‍යනුකූල ක්‍රියාමාර්ගයකට එන්න බැරිව ගියා. දැන් අපි සංවිධානයක් වශයෙන් මේකට හඩක් නඟලා. යම්කිසි විසඳුමක් හොයන්න හදනවා.‘
කොඩිතුවක්කු මහතා - ‘අනේ මහත්තයෝ සංවිධාන හදාගෙන හඬක් නගපු කට්ටිය අද එඩ්‍රසුත් (ලිපින) නැතිව එන්නෙත් නෑ. මේගොල්ලන්නට නායකත්වය දෙන්න එන්නේ නෑ. දැන් මහජනතාව යම්කිසි සංධිස්ථානයකට ඇවිත් තියෙන්නේ. ගිවිසුමක් තියනවා. ඒ ගිවිසුම ක්‍රියාත්මක කරන්නැයි කියා තිබෙනවා. ‘
හෙට්ටිආරච්චි මහතා - ‘අපි කිසිම ගිවිසුමක් ගැහුවේ නෑ.ඒකෙ නීත්‍යනුකූල භාවයකුත් නෑ‘
කොඩිතුවක්කු මහතා - ‘ඔබතුමාල දැන් මේ කරන දෙයින් වෙන්නේ ඊයේ සිදුවීමට සම්බන්ධ බව කියන සැකකරුවන්ටත් යම් අගතියක් වීම. ‘
හෙට්ටිආරච්චි මහතා - ‘ඒ කිසිම කෙනෙක් මෙතනට සම්බන්ධ වෙලා නෑ අද.‘
කොඩිතුවක්කු මහතා - ‘මේ අහන්න.. පංසලක් ළඟින් යද්දී කවුරු හරි ගලක් ගැහුවොත් ඔබතුමාට වගකියන්න වෙනවා.‘
හෙට්ටිආරච්චි මහතා - ‘එහෙම කරන පිරිසක් මෙතන නෑ.‘
කොඩිතුවක්කු මහතා - ‘පිටින් ඉන්න මිනිහෙක් කොළොත් මොකද කියන්නේ? අපි ඔයාට ආරක්ෂාව දෙන්න එන්නේ නැහැනේ. හරි මෙච්චරයි කියන්නේ. මේක මගේ නියෝගයක්. මල්වතු හිරිපිටියයි වැලිවේරියයි බල ප්‍රදේශවල පෙළපාළිය යන්න බෑ. මං කලින් දැනුම් දුන්නා. ඔයාට කැමතිනම් යන්න. වෙන්නේ මොකක්ද කියලා බලා ගන්න.‘
හෙට්ටිආරච්චි මහතා - ‘මහත්තයා මෙතන ලොකු මානව හිමකම් උල්ලංගනය වීමක්.‘
කොඩිතුවක්කු මහතා - ‘ මානව හිමිකම් උල්ලංගනය වෙනව නම් ඔයාට යන්න ආයතන තියනවා. හැබැලි පෙළපාලි ගියොත් මං මේක නවත්වනවා. පස්සේ දොස් කියන්න එපා. ‘
හෙට්ටිආරච්චි මහතා - ‘අපිට ප්‍රජාතන්ත්‍ර වාදී අයිතියක් නැද්ද?‘
කොඩිතුවක්කු මහතා -‘ඔයාට වැඩියෙ හොඳට මං මානව හිමිකම් දැනගෙන තියෙන්නේ. නීතියත් ඔබතුමාට වඩා දන්නවා. ඔබතුමා යන්න එපා. පස්සේ දොස් කියන්නත් එපා.‘
එම වචන හුවමාරුවෙන් පසු පෙළපාලි නොයන ලෙස දන්වා සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා පිටව ගියේය.
ඉන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ රථ පෙළපාලිය පවත්වන බවට මීට දින තුනකට පෙර බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිට දැනුම් දී තිබූ බවයි.
‘අපි සියලු පිරිස් සම්බන්ධ කරගෙන මේ පෙළපාළිය පවත්වන්න හිටියේ. උදේ උසස් පොලිස් නිලධාරියෙක් කියා කෙනෙක් කතා කර කිව්වා පෙළපාළිය යන්න එපා. අපේ කීම නාහ ගියොත් මා අත්අඩංගුවට ගන්නා කියලා. එහෙම අත්අඩංගුවට ගත්තොත් ඊයේ පෙරේදා කරපු සියලු සිදුවූම්වලට තමුන්නාන්සේ සම්බන්ධ කරනවා කිව්වා. ඊයේ රාත්‍රී ඉඳන් පිරිසක් ගම්වැසියන්ට බලපෑම් කර තිබුණා මේවාට සම්බන්ධ වෙන්න එපා කියලා. මේකට ආවොත් ගහනවා කියා තිබුණා. එහෙම කියල මෙතනට එන එක නැවැත්වුවා. මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.‘
පොලිසියෙන් කළ බලපෑම මත පෙළපාළිය නවතා දමන බව කියමින් පැමිණ සිටි පිරිස විසිර ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ඉතාම පැහැදිලිව කරුණු තේරුම් කරලා දීලා තියෙනවා නීති විරෝධීව පෙළපාලිය ගියොත් බලය පාවිච්චි කරලා හරි ඒක නවත්වන බව. මං හිතන්නේ නැහැ පොලිසියක් පින්සෙන්ඩු වෙලා ඉල්ලා සිටියි කියලා එහෙම නොකරන්න. මෙහි ජනතාවට ප්‍රශ්නයක් තිබෙන බව ඇත්ත, නමුත් පෙළපාලි ගිහින් කාටහරි ගුටිකන්න සලස්වලා, නැත්නම් වාහන කුඩුකරවාගෙන මහජන අනුකම්පාව දිනාගැනීම මගින් විසඳුම් හොයන්න හදන්නේ ඇයි? උසාවියේදී එකඟ වූ දේවල්වත් පිළිගන්නේ නැද්ද? ඒක පිළිගන්නේ නැත්නම් ඒ බව උසාවියේදීම නොකියා මෙහෙම කරනකොට පොලිසියට අවස්ථාව දුන්නා වෙනවා නේද? (නි)
ඇත්තටම මම නම් හිතන්නේ මෙතැනදී පොලිසිය ගත් ක්‍රියාමාර්ගය හරි. මොකද ඔය පෙළපාලිය යන්න දුන්නා නම් ඇතටම ලොකු ගැටුමක් ඇතිවෙන්න තිබුනා. හොද වෙලාවට පෙළපාලිය යන්න නොදුන්නේ. (නි)
පොලිස් මහත්තයෝ, නුඹලාටත් අපිටත් දරුවෝ ඉන්නවා නේද? (නි)
සත්‍යයා , ඔබ හරි. පොලිසියේ මහත්වරුන්ටත් වෙලා තියෙන්නේ, " ගෙදර ගියොත් තෝ නසී,මග හිටියොත් අඹු නසී" වගේ වැඩක්.මට මතක් වෙන්නේ ඒ පරණ කියමන. ඒ වගේම ගුටිකන්න යන්නෙත් පොලිසියට,ගහනකොට බේරෙන්න යන්නෙත් පොලිසියට.දුකට සැපට දෙකටම පොලිසිය. (නි)
"වතුර නැත්නම් වයින් බීපල්ලා " කියන පණිවුඩයද බලධාරියෝ ජනතාවට දෙන්නේ?? (නි)
අටවා ගත් ඊනියා සදාචාරාත්මක බවකින් හා පුහු පාණ්ඩ්‍යත්වයකින් ඇතැමුන් මේ තීරයේ දක්වන තුච්ඡ වූ රඟ දැක්ම පිටුපස, අහවලුන්ගේ නිවට නියාලුකම හා බයාදුකම සාධාරණීකරනය කරන්න කරන දීන උත්සාහයකුත් එළි දකිනවා. මා හට ඇති පිළිකුල හා කළකිරීම රතුපස්වල වැනි තනි තනි සිදුවීම් නොව ඒවාට උපත දෙන හා පෝෂණය කරන අය යෙහෙන් සිටීමයි. පොලිසියේ සිටින්නේත් මිනිසුන් නිසා අසරණකම අතින් ප්‍රශ්න වලට මැදිවී දුක්විඳින සාමාන්‍ය මිනිසෙක් හා පොලිස් නිලධාරියෙක් අතර කිසිම වෙනසක් නැහැ. (නි)
තිලක්-ඩුබායි මිතුරා, ඔබ හරි. පුළුවන් නම් එහෙම කරන්න. මට නම් හරි දුකයි ලංකාවේ මිනිස්සු වතුර වලට මැරෙනවා කිවුවහම. (නි)
කවදා මේවා අවසාන වේවිද? (නි)
රතු පස්වල ඉඩම් රජයට පවරාගෙන එහි සිටින ජනතාවට පානීය ජලය තිබෙන වෙනත් ස්ථානයකින් ඉඩම් ගෙවල් ලබාදෙන්න කියා මම රජයට යෝජනා කරමි. මේකට උතුරු නැගෙනහිර වඩා සුදුසුයි. හේතුව මේ අය සාමයෙන් සමාදානයෙන් මේ ප්‍රශ්නය විසඳාගන්න කැමති නැති නිසා. (නි)
ඇත්තටම මම නම් හිතන්නේ මෙතැනදී පොලිසිය ගත්ත ක්‍රියා මාර්ගය හරි. මොකද ඔය පෙළපාලිය යන්න දුන්න නම් ඇතටම ලොකු ගැටුමක් ඇති වෙන්න තිබුනා. හොඳ වෙලාවට පෙළපාලිය යන්න නොදුන්නේ සමහර දේශපාලුවෝ බලන්නේ මොනව හරි දෙයක් ඉස්සරහට දමල මහ ජනතාව කුපිත කරවල තවත් ගැටලුව වැඩි කිරීමට මිසක් මහජනයාට ආදරේකට නොවෙයි. රටේ මොලේ කළදක් නැති කිහිප දෙනෙකුත් මේවට අහු වෙනවා. නීතිය මොකක්ද කියලාවත් දන්නේ නැති මේ මිනිස්සුන්ට පෙළපාලි ගිහිල්ල ජන ජීවිතය අවුල් කරන්න දුන්නොත් වෙන්නේ ගැටලුව තවත් බරපතල වෙන එක විතරයි. (ස)
මතක තබාගන්න අද ලෝකයේ තිබෙන්නේ හොඳ නරක දෙක පමණක් බව. (නි)
පොලිසියේ ඉන්නවද මානව හිමිකම් දන්නා අය? (නි)
වැඩි දවසක් නොගිහින් දෙයියනේ කියලා අපිට බලන්න ලැබේවි වෙන දේ (නි)
තිලක්-ඩුබායි ගේ ගම රතුපස්වලද එහෙමනම් තිලක් රට මාරු නොකර ගම මාරුකරන්න ඔබට වරදින්නේ නැහැ (නදී)
හොදට අහගත්තනේ පොලිස් ලොක්ක ගෙන්. මේ පෙළපාලි යන්න එන උන්ට කතා කළා හොද වැඩියි.(නදී)
තමන් උපන් රට එපා අයට තමන් වැදු මවද අගය නැත. එවන් අය වෙනත් රටකට යන තරමට තම රටට ආදරය ඇති ඉතිරි අයට යහපතක්ම සිදු වේ. "වැදු මවත් ඔබ දිනු බිමත් රැක ගන්න ඔබේ ඇස් දෙක වාගේ..." (නි)
කටුවල්ලෝ කෑවනම් විරවාපන් බලලෝ කීවලු (නදී)
මිනිස්සුන්ට බොන්න කියල තියල තියන ටැංකිවල තිත්ත පැටවු ඉන්නව.නිකන් බොන්න දෙන වතුරේ මොනවා තිබුනම මොකෝ (දිල්)
ප්‍රමිත හෙට්ටිආරච්චි කියන්නේ මොනවද. අවස්ථාව ලැබුණු විට මේ වැනි කඩාකප්පල්කාරී මිනිස්සු නීතිය හස්තය මඟින්ම මර්ධනය කර දැමිය යුතුයි. රටක දියුණුව රඳා පැවතීමට නම් නීතිය හා සාමය ඒ රටෙහි ස්ථාපිත විය යුතුයි. ප්‍රමිත හෙට්ටිආරච්චි කියන කෙනා කරන්නේ අනුන්ගේ නිදහසේ ජීවත්වීමේ අයිතිය පාගා උදුරා දැමීමක්. අනුන්ගේ ජීවත්වීමේ අයිතිවාසිකම හා ජීවත්වීමේ නිදහස උදුරා දමන මේ වැනි අයට ලබාදිය යුතු දඩුවමත් ඔහුගේ ජීවත්වීමේ අයිතිය හා නිදහස නැති කර දැමීමේ දඩුවමක් විය යුතු බව පැහැදිලිව පෙනී යයි. මෙය උණ්ඩයෙන් හෝ නීතියෙන් හෝ විය හැකිය. සාමාන්‍ය මිනිසුන්ගේ සුභ සිද්ධිය පතා හැකි ඉක්මනින් මෙවැනි අය ඒ විසඳුම ලබා දිය යුතු යැයි රජයට දැඩිව අවධාරණය කර සිටිමි. (අ)
පොලීසිය යුක්තිය හා සාමය ආරක්ෂා කිරීමට කටයුතු නොකර ජනතාවට එරෙහිව කටයුතු කිරීමෙන් රටේ ඉදිරි අනාගතයේ තත්ත්වය කුමක් වේවිද ? (නි)
මේ නඩුව අදාළ නීත්‍යානූකූල විසඳුමකට එළඹ තිබියදී නීතියට පිටින් කැලෑ නීතියට අනුව ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ගේ මළ මිනී මතින් ගිිහිල්ලා කරන පාදඩ දේශපාලනය නෙමෙයිද කියලා මම අහන්න කැමතියි (නි)
ප්‍රමිත මහත්තයෝ, පොලිසිය මේ වෙලාවෙ තියන්නෙ ඇත්තක් තමා, පොඩ්ඩක් ඉවසන්න, පේනවනෙ මාතරදිත් වෙච්ච හරිය, පෙළපාලිය ගියොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. මොකද දැන් අනුශාසක හාමුදුරුවොත් අනිත් පැත්තට ගිහින් නේද?(නදී) .
පොලිසිය හරි. (ස)
පොලීසිය මෙතැනදී හරි. (නි)
නීතියක් නැති රටක හිතෙන හිතෙන දේ කරනවා නම් ඉතින් නීතිය ගැන කාට කියන්නද? (නි)
අපිට බොන්න වතුරත් දැන් නැහැ.... කාටද පුළුවන් වතුර බොන් නැතුව ඉන්න .. ටැංකිවලින් ගේන වතුර දවසටම ඇතිද?? (ස)
යමන් බන්ඩෝ ල තමා මේ රට පවා දීල තියෙන්නේ ඔය අදහස් ඉදිරිපත් පත් කරාට ගණන් ගන්න එපා.(නදී)
මෙතන අදහස් දමන බන්දුල කියන්නෙ අහිංසක මිනිසුන්ගේ දහදිය, කදුළු, වේදනාව නොදන්නා කෙනෙක් (නි)
කරන්න දෙයක් නැහැ. මෙහෙම ගියොත් වැඩිකල් නොගොස් ලංකාව ලිබියාවක් සිරියාවක් වෙන එක නවත්තන්න බැරිවෙයි. ජනතාව හැමදාම ඉවසන්නේ නැහැ (නි)
මට මොනවා කියන්නද කියල හිතාගන්න බෑ. මම දැකපු දෙයක් කියන්නම්. මිනිස්සුන්ට බොන්න කියල තියල තියන ටැංකිවල තිත්ත පැටවු ඉන්නව (දිල්)
මහජනයා උද්ඝෝෂණයක් කරන්න පෙළඹෙන්නෙ සාමාන්‍ය තත්ත්වයන් යටතේ තම පොදු ප්‍රශ්නයකට සාධාරණ විසඳුමක් පෙනෙන්න නොතිබෙන අවස්ථා වලදීයි.එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක්. මේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්න යන දේ දැනෙන්නෙ සෘජුවම බලපෑමක් තිබෙන අයට පමණයි.නැතුව මම වගේ මේ අදහස් පළකරන අයට නොවෙයි. පොලිස් නිලධාරින් සිටිය යුත්තේ මෙම වාහන කුඩුකරන කල්ලි මහජනතාවට පහරදෙන කල්ලි සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට මිස ප්‍රජාතන්ත්‍රවාදීව හඬක් නගන අයගේ අයිතීන් කප්පාදු කිරීමට නොවේ. (නි)
මේ සංවාදය අපි ඇසුවා. පොලිසිය කළේ ඇත්තටම ඉදිරියේ විය හැකිව තිබුණු මහා විනාශයක් නවත්වපු එකයි. අපේ රටේ පොලිසියට මේ විදියට ජනතාව අතරට ගොස් නීතිය කියාදෙන්න සළස්වපු දේශපාලකයින්ට මගේ විරෝධය පළ කරනවා. ඔවුන් ජනතාවට පොලිසිය එපා කරවනවා. (නි)
මම මේ කල්පනා කළේ මේ මිනිස්සුන්ගේ අදහස් වෙලින් භාගයක් රජයට විරුද්ධවයි. ඒත් මිනිස්සු ඡන්දෙ දෙනවා. ඡන්දෙනුත් දිනනවා (නි)
වතුර කියන්නේ මූලික අයිතියක්. (නි)
පොලිස් ලොක්කෝ ඕවා දන්නේ අයි ඩෝන්ට් නෝ වයි...මේ වගේ අය ඉන්නකන් ජනතාවට දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි. (නදී)
ලංකාදීපයට ස්තුති කරනවා මේ දෙදෙනා ගැනම මේ පුවත බලන මිනිස්සුන්ට නිවැරිදිව අවබෝද කරගන්න සවිස්තරව දෙදෙනා අතර වාදය දැමීම පිලිබදව. යම් සාදාරන විසදුමකට තාවකාලිකව හරි ආපු එකත් වැරදිනම් ඒකත් එපානම් මෙයාල මේ මොනවද ඉල්ලන්නේ. (නදී).
ඒ එස් පී ගේ කතාව ඇත්ත. පෙලපාලි ගියා නම් කාව හරි දාලා මිනිස්සුන්ට ගහනවා. එතනදී ලේ හැලෙනවා. දැන් පේන්නේ නැද්ද අර හමුදාවට එන්න කියපු කෙනා හොයාගන්න බැරුව දඟලන හැටි. තව එහෙම උනා නම් ඒකේත් වගකීම ගන්න වෙන්නේ ඔය ඒ.ස්.පීටයි. ගමේ පෙලපාලි ගියා කියලා වැඩක් වෙන්නේ නෑ. ඕකට නීතියෙන් කටයුතු කරන්න උත්සහ කරන්න. නැත්තම් තවත් අහින්සක ජීවිත නැතිවෙන්න පුලුවන්. ඒකට ඔය සංවිධාන වගකියන්නේ නෑ. මේකයි ඇත්ත. (නදී)
ඇසිඩ් වතුර බිබී හරි ආයෙත් මෙගොල්ලන්ටම තමයි . බොරු නම් බලන්න. (නදී)
රතු පස්වල විතරක් නෙවේ මේ ලංකා භුමියේ ඉන්න සියලුම ඇත්තෝ ඊලග ඡන්දයේදීත් මේ විදියටම ඡන්දය දෙනවා. ඒ කරලා විදවනවා. රතු පස්වල අය වගේම තමා අපේ පැතිවල උදවියත්. සැමට සුබ අනාගතයක්.. (නදී).
අනේ අපොයි.(නදී)
යන්න එපා. ගියොත් ගහනවා. වාහන කුඩුවෙයි , පස්සේ දොස් කියන්න එපා. එච්චරයි. රතු පස් වල ..........? (නදී)
පොලිෂ් ඔෆිසර්ගේ පැහැදිලි කිරීම මෙතනදී වැදගත් උනා. ඔහු තව කාරුණිකව පැහැදිලි කරානම් හොදයි. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ. (නදී)
හරියට හරි නිතිය ක්‍රියාත්මක කරන්න ඔය කතා කරන අය කරන්නේ පිටිපස්සෙන් කියන ඒවා (නදී)
රටේ හැම තැනම පෙළපාලි රැස්වීම් තෝරාගන්නේ මහපාර. මේකෙන් එදිනේදා රැකියාවල් වලට යන අයට, පාසල් ළමයිනට ,රථවාහනවල ගමනා ගමනයට බාදාවක්. මේ කාටත් මේ වැඩ කරන්න පොදු ස්ථානයක් ලබා දුන්න නම් හොදයි. (නදී)
පොලවේ පස් කාලා අග්‍රවිනිස්ච්‍යකාර තුමිය එලවනකොට මම හිතුවා ලංකාවේම ජීවත් වෙන මිනිස්සු හොද පරිප්පුවක් කනවා කියලා. දැන් ඒකේ ප්‍රතිපල ලැබෙමින් පවතිනවා. (නදී)
මම හිතන්නේ ඔය මිනිස්සු ලබා උපන් හැටි වෙන්න ඇති. පෙර කල පව් වලට වන්දි ගෙවන්නත් එක්ක ඇසිඩ් වතුර බීපන් පුතේ.ඔබලාගේ දරුවන්ටත් ඇසිඩ් වතුරම පොවපන් පුතේ. තව අවරුදු කීයකින්ද මහා මැතිවරණය/ජනාදිපතිවරණය තියන්නේ. එතකන්ම ඇසිඩ් වතුර බීපන් පුතේ. (නදී)
පොලිසියේ අයට වාහන කුඩු කරන්න හා ගහන්න පුළුවන් පනත තියෙන ගැසට් එක මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද. මාත් පොලිසියේ. හතුරෙක්ගේ වාහනයක් තියනවා පොඩි ගේමක් දෙන්න. ටිකක් නෙලන්නත් ඕන මතක හිටින්න. (නදී)
පොලිසියේ මහත්තයෝ ඔබ තුමාට මන් ගරු කරනවා දෙන්න එපා අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක දේශ පාලන පලි ගැනීම් ගන්න (ත)
මේ ලංකාවේ බංකොලොත් දේශපාලුවන් රතුපස්වල සිද්දිය ඔවුන්ගේ වාසියට ගැනිමට එම පළාතේ මිනිසුන් කුපිත කරවමින් ක්‍රියා කරනවා . මේවා පිටුපස සිටින්නේ බුද්ධිමත් ජනතාවගෙන් කොන් වන එකතරා දේශපාලන පක්ෂ කීපයක් (නදී)
ඔන්න අපි සුද්දාගෙන් ගත්ත නිදහසේ තරම පේනවා නේද ? වතුර ඉල්ලුවොත් මරණය නියතයි !(නදී)
අනේ උඹලට ගිය රට. (නදී)
‘අනේ මහත්තයෝ සංවිධාන හදාගෙන හඬක් නගපු කට්ටිය අද ඇඩ්‍රසුත් (ලිපින) නැතිව එන්නෙත් නෑ. මේගොල්ලන්නට නායකත්වය දෙන්න එන්නේ නෑ.(නදී)
කොහොමද ටිකිරි මොලේ, කෑවද පොල් සම්බෝලේ .... (නදී)
තිස්ස,ඔබේ අදහස ඉතා මත් කාලෝචිතයි පොඩි වදනකින් ඔබ ලොකු අදහසක් ඉදිරිපත් කර ඇත.(නදී)
නීතියේ පිලිසරණක් තවමත් නැත්තටම නැතිවී ගොසින් නැහැ ටිකිරි බණ්ඩා! ඔබ කියන විදිහට මේ මිනිස්සු පෙලපාලී ගියායි කියලා මේ ප්‍රශ්නේ විසදෙනවාද? ප්‍රායෝගිකව හිතන්න ටිකක්.(නදී)
ඔය කියන නීති තියෙන්නේ කාට විතරක්ද කියන එක පැහැදිලි වුනා නේද ආයුබෝවන්ඩ අහවල් මිනීමැරුම් නඩුවේදී එලියටවත් බහින්න බෑ විෂබීජ යනවයි කියාලා නඩුකාර උන්නාන්සේ කෙනෙක්ව රෝහලටම ගෙන්නවල ඇප දුන්නු දවසෙම ආශ්චර්යකින් අහවලා සනීප වෙලා එලියට ඇවිදින් ඒ මදිවට පාටි වල දාපු නැටුම් වලින්ම.. ඔය බන්දුල ලා ඒවාට මොනවද දන්නේ නෑ කියන්නේ..(දිල්)
දැන් එතකොට මේ මිනිස්සු මස 6 ක් ඇසිඩ් වතුර බිබී ඉන්න ඕනේ ද කම්හල වෙන තැනක් හොයාගෙන එතනට යනකන්? (නදී)
වාහන කුඩු වෙනවලු. ඇඩ්‍රස් නැතිවෙනවළු. ඊයේ අත්අඩංගුවට ගත්තු අයටත් මේක ප්‍රශ්නයක් වෙයිලු. මිනීමරු ප්‍රභාකරන් හිටියානම් හොදයි කියලා හිතෙනවා මේ දෙබස අහද්දී.(නදී)
දැන් ඉතින් කරන්න ඕන දේ දන්නවනේ.(නදී)
බලදාරින්ට දොස් කියන්න බැහැ. ඔය ගැටලුවට පස්සේ මැතිවරණය තිබ්බේ. ඉතින් බහුතරයකට මේ ක්‍රමය හොද නිසානේ ආණ්ඩුව දිනවන්නේ තවත් මොන කතාද.(නදී)
පොලිසිය මෙහෙම හැසිරෙන්නේ කාගේ සල්ලිවලටද? (නදී)
සිරිදාස, අරක සංවිදානය කලේ,සහයෝගය දුන්නේ,පොලු,කඩු,පිස්තෝල දුන්නේ කව්ද කියන්න බලන්න. උපදේශකයෙක් දිගට හරහට වෙඩි තියනවා බැළුවද?(නදී)
මේ අව්රුද්දෙ ලංකාවට එන්න හිතන් හිටියේ දෙවියනේ කියල සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් වේවි කියලා හිතලා. දැන්නම් හිතෙනවා ලංකාවෙන් චුත වෙලාම මෙහෙම ජීවත් වෙනවා කියල පුළුවන් තරම් කාලයක්.(නදී)
ලංකා, දැන් පේන්නේ නැද්ද අර හමුදාවට එන්න කියපු කෙනා හොයාගන්න බැරුව දඟලන හැටි. තව එහෙම උනා නම් ඒකේත් වගකීම ගන්න වෙන්නේ ඔය ඒ.ස්.පීටයි. ගමේ පෙලපාලි ගියා කියලා වැඩක් වෙන්නේ නෑ. ඕකට නීතියෙන් කටයුතු කරන්න උත්සහ කරන්න. නැත්තම් තවත් අහින්සක ජීවිත නැතිවෙන්න පුලුවන්.රටේ නීතියකුත් නැතිනම් මොකක්ද මේ අසරණ මිනිසුන් කරන්නේ?? (නදී)
ලෝකයේ මානව හිමිකම් කියලා ආයතනයක් නොතිබුනා නම් මේ වෙන කොට බලන්න තිබුනා ලංකාවට වෙන වින්නැහිය. පිලිපීනයේ ෆෙර්දිනෙට් අර්කොළ් ගේ පාලනය කාලේදී වගේ පොකුරට වෙඩි කාලා මැරෙන්නේ වෙයිද? (නදී)
පුංචි ටිකිරි ගොම පස් වපුරනවා..මේ මනුස්සයා හිතා ඉන්නේ ලංකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ තාම අර 18 වන සතවර්ෂයේ ශේ කියල..ටිකිරිටනම් ඇසිඩ් බොන්න අවශ්‍ය නැහැ..ඔය ඇග ඇතුලේ ඇසිඩ් ඇති ගැලුම් ගණන් ඔය තියෙන කුහක ගුණමකු අදර්මිෂ්ට කමට.කටු දිය වෙලා තමය් කවද හරි චුත වෙන්න වෙන්නේ...(නදී)
පොලිසියට ඔය නුවණ මාතරදි පහල නොවුනේ ඇයි?අනේ නීතිය... (නදී)
අපි ඉපදී ඇත්තේ කරුමක් කාර රටක. එක තේරුම් ගත්තෙමු. අපේ ළමයිව පිට රටකට අරින්ඩ වෙන්නේ. අපි දුක් විද මිය යමු. (නදී)