වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ යන්ත‍්‍ර සුත‍්‍ර වල නඩත්තු කටයුතු කිරීමට කාර්‍ය මන්ඩලය ඇතුළු සේවකයන් පනස් දෙනෙකුට යලි කර්මාන්ත ශාලාව ඇතුළට යාමට ඉඩ දීමට ගම්වාසීන් සහ පොලිසිය අතර අද පැවති සාකච්ඡාවකදි තීරණය විය.
රතුපස්වල සිරි සීවලී විද්‍යාලය අසල සුසාන භූමියකදී ගම්පහ කොට්ඨාශ බාර පොලිස් අධිකාරී විජිත ඞී කොමසාරු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට ගම්වාසීහු දහසක් පමණ සහභාගී වුහ.
ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ මුලිකත්වයෙන් මින් පෙර පැවති සාකච්ඡාවකදී යන්ත‍්‍ර සුත‍්‍ර නඩත්තු කටයුතු සඳහා සේවක සේවිකාවන් ක් 80 දෙනෙකුගේ කණ්ඩායමකට කර්මාන්ත ශාලාව ඇතුලව යාමට අවසර දී තිබණි.
ඒ වන විට කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නවතා දමා තිබූ අතර එය නිරීක්ෂනය කිරීමට ගම්වාසීන්ට අවසර දී තිබුණි.
එසේ තිබියදී වැලිවේරිය පොලීසිය විසින් ගල් වැලි පුරවාගත් ලොරියක් බලහත්කාරයෙන් කර්මාන්ත ශාලාව ඇතුළට යැවීමට ගත් උත්සාහයක් නිසා ගැමියන්ගේ විරෝධතාවයක් පැන නැගී එතෙක් නඩත්තු කටයුතු සඳහා ඇතුළු වීමට දී තිබු අවසරය නවතා දැමිණි.
යන්ත‍්‍ර සුත‍්‍ර අළුත්වැඩියාව සඳහා කර්මාන්ත ශාලාව තුලට සේවකයින් යැවීම අත්‍යවශ්‍ය බව කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය පොලිසියට ඉල්ලීමක් කර තිබු අතර එය ගැන සාකච්ඡා කිරීමට හදිසියේ ඊයේ මෙම රැස්වීම සංවිධානය කෙරිණි.
සාකච්ඡාව සදහා පැමිණි පොලිස් අධිකාරී විජිත කොමසාරු මහතා පැවසුවේ යන්ත‍්‍ර සුත‍්‍ර අළුත් වැඩියාවට සේවකයින්ට ඇතුළු වීමට ඉඩ නොදුනහොත් විශාල ගැටළුවක් පැන නගින බවයි.
එසේම කර්මාන්ත ශාලාව තුළ රසායනික ද්‍රව්‍ය ඇති නිසා යන්ත‍්‍ර සුත‍්‍ර අළුත්වැඩියා නොකලහොත් ඇතැම් විට එයින් විනාශයක් පවා විය හැකි යැයිද ඔහු පැවසීය
එම අවස්ථාවේ ගම්වාසීන් විසින් පොලිස් අධිකාරීවරයාට විවධ යෝජනා ඉදිරිපත් කරනු ලැබුහ. ඔවුන් පැවසුවේ සේවකයක් අසු දෙනෙකුට යාමට ඉඩ දිය නොහැකි බවත් උපරිම පනහක් යාමට අවසර දෙන බවයි.
එමෙන්ම කර්මාන්ත ශාලාව තුළ ඇති රසායන ද්‍රව්‍ය ඇතුළු යම් යම් දේවල් ඉවත් කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා වාහන ඇතුළුවීමට සහ පිටකිරීමට අවශ්‍ය බවත් පොලිස් අධිකාරීවරයා පැවසුවේය.
එවිට ගැමියන් පැවසුවේ කර්මාන්ත ශාලාව හොර රහසේ නිෂ්පාදන කටයුතු කිරීමට උත්සහ දරන බවත් තමන්ට කර්මාන්ත ශාලාවෙන් පිටවන හා ඇතුළුවන වාහන පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත්ය.
එයට පිළිතුරු වශයෙන් පොලිස් අධිකාරීවරයා පැවසුවේ ඕනෑම අවස්ථාවක නිෂ්පාදන කටයුතු කරන්නේ දැයි පරීක්ෂා කිරීමට තමන් සමග ගැමියන් හතර දෙනෙකුට කර්මාන්ත ශාලාව ඇතුලට යා හැකි බවයි.
මෙම අවස්ථාවේදී කර්මාන්ත ශාලාව ස්ථිරවම ඉවත් කරගන්නා දිනයක් තමන් වෙත ලබා දෙන ලෙස ගැමියෝ පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලූහ.
ජනාධිපතිවරයා රතුපස්වල ගැටළුව නිරාරණය කිරිම සම්බන්ධීකරණය කිරිමට බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පත් කර ඇති බවත් ඒ මහතා මේ වන විට විදේශ ගතව ඇති බැවින් තමන්ට ඒ සඳහා දින පහලොවක කාලයක් ලබා දෙන ලෙස පොලිස් අධිකාරීවරයා ගැමියන්ට පැවසීය.
ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි විද්වත් තමිටුවේ සාමාජිකයෙකු වන නීතිඥ පාලිත සේනාරත්න මහතා ගැමියන් අමතා පැවසුවේ පෙර දිනකදී තෙරි පැහැ සිරි ධම්ම හිමියන් විසින් ඒක පාර්ශිකව ගත් තීරණයකට අනුව යළි කර්මාන්ත ශාලාව විවෘත කරන බවට අත්සක් කරන ලද ගිවිසුම ගැන කිසිඳු බියක් ඇති කර නොගන්නා ලෙසයි.
මින් පසු ගම්මුන් එකිනෙකා බේද බින්න නොවී සාදාරණ විසුදුමක් පැමිණෙන තුරු පෙර සිටියාක් මෙන් එකාවන්ව සමගියෙන් සිටිය යුතු බවත් ඔහු ගැමියන්ට පැහැදිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල කියන්නේ පිස්සෙක් නෙවෙයි හැබයි අංගොඩ , මුල්ලේරියාව පැත්තේ ගියාට අවුලක් නැහැ ! මහත්වරුනි කලබල නොවී ඉන්න , අතිගරු ජනාධිපති තුමා කියයන්නේ කවදත් තැලෙන පෑගෙන අහිංසක මිනිසුන් වෙනුවෙන් වැඩ කල කෙනෙක් එ අය නිසාම මේ කම්හල බොහොම ඉක්මනට මතනින් ඉවත් කරගන්න අණ දෙනවා . රතුපස්වල ජනතාවට ජය වේවා ! බන්දුල බංග වේවා ! (අ)
රැස්වීම තිබුණු තැන ඉස්සර උයනක්. දැන් කැළෑවක් වෙලා. (නි)
රතුපස්වල සිද්ධිය ගත්තහම ඒක තනිකරම අද ඔඩු දුවා ඇත්තේ දේශපාලිනික ප්‍රශ්නයක් විදිහටයි. (ස)
මම ඉතා ගරු කරන කෙනෙක් තමයි ලක්මිණි වෙදමුල්ල මිලානෝ -ඉතාලිය මැතිනිය. ඇය වැනි කාන්තාවන් කාන්තාවන් අතර ශ්‍රේෂ්ඨ කුල කාන්තාවක් ලෙස හඳුන්වා දීමට මම කැමතියි. සාමාන්‍යයෙන් කාන්තා පාර්ශවය ක්ෂණකිව ආවේග ශීළීවන පිරිසක් ලෙස ඇතැමුන් විසින් අර්ථකථනය කර තිබුණද මා එදා සිටම කාන්තාවන් පිරිමින්ටද වඩා ශ්‍රේෂ්ඨ උත්තමාවියන් පිරිසක් බව පිළිඅරගත්තෙමි. එය අද මැනවින් ඔප්පු වූයේ ලක්මිණි වෙදමුල්ල මිලානෝ -ඉතාලිය මැතිනිය රතුපස්වල සිදුවීම සම්බන්ධව ඉතා ඥාණානූකූල අර්ථ විග්‍රහයක් ඉදිරිපත් කළ පසුවය. ඇගේ අදහස මම මුඨ හදවතන්ම අනුමත කරමි. මෙහි අදහස් හා ප්‍රතිචාර දක්වා ඇති සමස්ත පිරිසගෙන් ඉතා වැදගත්ම කාලෝචිතම ප්‍රතිචාරය මා දුටුවේ ඇයගෙනි. ඇත්ත වශයෙන්ම රතුපස්වල ජනතාවට අද දින අවශ්‍යව ඇත්තේ ජල ප්‍රශ්නයට විසදුමක් නොව දැනට විසුරුවා හරිමින් ක්‍රියාත්ක වන පළාත් සභා මැතිවරණ කටයුතු සඳහා යම් දේශපාලනික ප්‍රචාරාත්මක වාසියක් ලබා ගැනීමේ පටු අදූරදර්ශී චේතනාව බව මම නොබියව ප්‍රකාශ කර සිටිමි. එබැවන් රතුපස්වල ජනතාවට විසඳුම් ලබා දිය යුත්තේ උණ්ඩයෙන් පමණක් බවද පවසමි.(නදී)
කට්ටිය බන්දුල පෙරේරා මැතිතුමාට දොස් කියන්න එපා. ඔහු ඉතා ඥාණාන්විත කෙනෙක් විදිහටයි මට නම් පෙනෙන්නේ. මොකද වන්නි සහෝදරයා කියපු විදිහට බන්දුල හදවතින් නෙවෙයි ඔලුවෙන් හිතන පුද්ගලයෙක්. අද අපේ රටට ඔලුවෙන් හිතන මිනිස්සු හරි අඩුයි. මොකද මේකට හේතුව අද අපේ රටේ මිනිස්සුන්ගේ ඔලුවක් නැතිකම තමයි. බලලෝභී කුහක ආත්මාර්ථකාමී දේශපාලන අදමිටු සුළුතර පිරිසකට අද රටේ විශාල පිරිසක් පහසුවෙන් රවට්ටන්න පුලුවන් වෙලා තියෙනවා. රතුපස්වල ඛේදවාචකය මම දකින විදිහට මේ සිදුවීමේ තවත් එක පැතිකඩක් පමණයි. (නදී)
මෙතන ප්‍රතිචාර දමා ඇති අයගෙන් මා දුටු සාර්ථකම ප්‍රතිචාරය දමා තිබුනේ ලක්මිණි මිලානෝ -ඉතාලිය මැතිනිය පමණකි. මම ඇගේ අදහසට ඉතා ගරු කරමි. මොකද අද රතුපස්වල ජනතාවට ඇති එකම ප්‍රශ්න කාලා තෙල වැඩි වුන අයට ඇති ලෙඩයමය. මන්ද මේ පුහු මිනිස්සු නැති ප්‍රශ්න ලොකුවට ගෙන අඳබාල දේශපාලකයින්ගේ පහසු ගොදුරක් බවට පත්ව සිටිති. මේ මිනිස්සුන්ට හොඳින් කිව්වාට තේරෙන්නේ නැතිනම් ඔවුන්ට තේරෙන එකම බාසාව උන්ඩය පමණක්ම නම් ඔවුන්ට වැටහෙන එම බාසාවෙන්ම ඔවුන් ඇමතීමට සිදු වීමේ කිසිදු වරදක් මම නම් නොදකිමි. අනික එසේ වූවා කියා එලෙස කරන අයට දොස් කීමෙන්ද කිසිදු පලක් නොමැත. කළ යුතු එකම දෙක මේ රතුපස්වල මෝඩ මැට්ටන් ටිකට දේශපාලනේ අයනු ආයනු යළිත් වරක් කියාදීම පමණකි.(නදී)
අපේ කාන්තාවන් දැන් ටෙලි නාට්‍ය වල තියෙන චරිත වෙන්න උත්සහ කරනවා. ඒ නිසා සුළු සුළු දේ පවා සංකිර්ණ ගැටළු බවට පරිවර්තනය වෙනවා. මේ ප්‍රවනතාවය ඒ තරම්ම රටකට හොද නැති බවයි, මගේ හැගීම. මෙයට හොදම විසදුම විද්වත් තාක්ෂණික කණ්ඩායමක සහබගිත්වය ඇතිව, ඔවුනගේ තීන්දු තීරණ හා නිර්ණයන් ඇතිව ගමේ බුද්දිමත් පිරිසක් බලදාරීන් සමග සාකච්ඡා කිරීමයි. නැත්නම් හැමදාම වුනා වගේ ගමේ මිනිස්සුන්ට වෙන්නේ නොයෙක් කණ්ඩායම්වලට දඩමීමා වෙන්නයි,(නදී)
බන්දුල පෙරේරා කියන්නේ අසරණ වල් ඌරෙක් ඕනෑම කුණු ගොඩක් කනවා හොද කසල සොදකයෙක් රටට !!(නදී)
බන්දුල පෙරේරා කාටද ඔබ කඩේ යන්නේ ඔයා ලොකු බත් ගොට්ටෙක් කියලා රටම දන්නවා. නිකන් මෝඩයෙක් වගේ ලියන්නේ නැතිව ගෙදර නෝනට කියලා වෙලාවට බෙහෙත් ටික ගන්න..!(නදී)
මේ රතුපස්වල චන්ඩි මෙල්ල වෙන්නෙම නැත්ද? මේ පැක්ටරිය පරිසර හිතකාමී එකක කියල ඔප්පු වුණා (අ)
බන්දුල පෙරේරා හැම විටම ඔලුවෙන් හිතන කෙනෙක්, අනෙක් අය හදවතින් හිතන අය. රතුපස්වලට ප්‍රබාට දුන්න බේත දෙන්න ඕන (අ)
රතුපස්වල මිනිස්සු කියන තරම්ම ලොකු හානියක් වතුර වලට වෙලා නැහැ. මෙතන සැබැවටම තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. මිනිස්සු පරාජිත දේශපාලනයේ ගොදුරක් වෙලා. ආයිමත් හමුදාවෙන් දාලා හොඳ පෝරියල් එකක් දුන්නම් ගොඩ (අ)
බන්දුල,ලක්මිණි, අනුන් සොයා හඹා යන්නැයි ඔබ අණකරනා උණ්ඩය, ඔබ සොයා පැමිණි දිනකදී ඔබ නියෝජනය කරන්නේ කුමන පාර්ශවයද? පවතිනා ප්‍රශ්ණයට උණ්ඩය ආශීර්වාදයක් කරගන්නා සංස්කෘතියක් ගොඩනැගුනහොත්, එයින් ප්‍රතිලාබ ලබන්නේ ඉතා සීමිත පිරිසකුයි. බහුතරයක් දෙනා ඉන් පීඩාවටත්, දුකටත් පත්වන බව අමතක නොකරන්න. ප්‍රශ්නය කෙළවර ඇත්තේ ප්‍රශ්නාර්ථ ලකුණක් විනා, උණ්ඩයෙන් තැබිය හැකි විරාම ලකුණක්වත්, නැවතීමේ ලකුණක්වත් නොවේ. (නි)
බන්දුල පෙරේරාගේ ගෙවල් කොහෙද දන්නේ නැහැ නේද .(අ)
බන්දුල පෙරේරා කියන්නේ හරකෙමත් නෙවේ, එයා කපටි නරියෙක්, ඕක බාර් පෙර්මිට් එකක් හම්බ වෙච්ච මහත්තයෙක් ද කොහෙද. බන්දුල පෙරේරාගේ ගමට කැසිනෝ එකක් දල දෙමු (අ)
අපේ මව් බිමේ "බන්දුල පෙරේරා" වගේ මැටි හරක් නැවත නැවත ඉපදේවා.(නදී)
අචිනි ඕවා බන්දුලගේ බයිලා.(නදී)
බන්දුල පෙරේරා මේ හරකව බදදමන්න. (අ)
නිමල් ඔයත් රනිල්ට කඩේයන කෙනෙක් වගේ (අ)
""රතුපස්වල රැස්වීම කනත්තේ"".හොද වෙලාවට ඔය රැස්වීම කනත්තේ තිබ්බේ.නැතිනම් අර බන්දුල පෙරේරා කියන "මානසික ලෙඩ" කියාවි පාරවල් අවහිර කරගෙන කරන වුද්ගූසන වලට වෙඩි තියල මරල දාන්න ඔනේ කියල. (අ)
ඔක්කොමට ඉස්සර බන්දුල පෙරේරා මහතාව මානසික වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කොට පතිකාර ලබාදියුතුයි පසුව රතුපස්වල ප්‍රශ්නය විසදිය හැකිය. (අ)
අචිනි මොනවා කිව්වත් මුකුත් කියන්න හිතෙන්නේ නැහැ..ඔය නම ඇහුවම හිත දුක හිතෙන අතීතයකට යනවා.. (අ)
බන්දුල පෙරේරාට මුල අමතක වෙලා.... හාමුදුරුවෝ මිනිස්සු එක්ක ඉන්නකොට කිව්වා හාමුදුරුවන්ව බෙලී බාගෙන තමන්ගේ දේශ පාලන අරමුණු ඉටුකරගන්න කියල.. හැබැයි දැන් හාමුදුරුවෝ හොදවෙලා.... හිතෙන් නැද්ද දැන් හාමුදුරුවෝ ගොඩක් ලොකු වටිනා බිලී කොක්කක පැටලිලා වගේ කියල.......(අ)
ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ මුලිකත්වයෙන්...........බලන් ඉන්න තව කල්ප කාලාන්තරයක්. අන්තිමට පිළිතුරක් ලැබේවි හරියට කටු ගෙයි හොරු ඇල්ලුවා වගේ. අදිකරණ ලේකම්ට ගහපු අයගේ මොබියල් නොම්මර ලක්ෂ 5 ක් සමීක්සනය කළා වගේ....මට නම් මේ ප්‍රශ්නෙට පිළිතුර ඉර හද වගේ දැන් විස්වාසයි.(නදී)
ලක්මිණී වෙදමුල්ල මැතිණිය විසින් දක්වා ඇති අදහස මමද අනුමත කරමි. ඇය වැනි කාන්තා රත්නයක් මෙහි පැමිණ අප සමඟ අදහස් දැක්වීම පිළිබඳ අගය කරමි. (නි)
මෙතන සුදු ඇඳගෙන ගෑනු ලොකු උපාසකම්මලා වෙන්න හදනවා. පොලිස් කාරයාට පෙන්න ගෑනු මායම් දානවා. මම දන්නවනේ ගෑනු මායම් දානවා කියලා මොකද මමත් ගෑනියෙක්නේ. ඒත් මම නම් කාවවත් මේ දක්වලා රවට්ටගෙන නැහැ. බන්දු පෙර්රා මැතිතුමා තමයි මෙතන නිවැරදිව අදහස් දක්වන පරමාදර්ශී පිරිමියා විදිහට මම දකින එකම එක පුද්ගලයා. අනික එතුමා ගැහැණුන්ට හරියට ගරු කරනවා. මම කැමතියි ගැහැණුන්ට ගරු කරන පිරිමින්ට. මේ සිදුවීමේදි ගැහැණුන් පිරිමි මෙන් හැසිරීම හරි නැත. ගැහැණුන් වන අපි කළ යුත්තේ අපිට අයිති කාර්යයන් පමණි. ගැහැණු වන අපි අපිට අයත් වැඩ නිසි ලෙස කලට වේලාවට ඉටු නොකර පිරිමි කරන කාර්යයන් සමඟ පටලවාගත් විට සිදු වනුයේ මුලු පවුලම නන්නත්තාර වීම පමණකි. (අ)
තිසල් මහත්තයෝ..මම ඔය උන්දැව වාහන පෙළපාලියේ පින්තුරෙත් දැක්කා. අනේ මන්දා .කිරි සුදට බැබලි බැබලි තියෙන හොදම ඇදුම ඇදන් පත්තරේට ටී වී එකට මුණ දාගන්න එන කට්ටිය තමයි ඔතන වැඩි හරිය ඉන්නේ..ඇසිඩ් වතුර බොන ඇසිඩ් වතුරෙන් ලෙඩ වුන එහෙමත් නැත්නම් ඇසිඩ් වතුරෙන් ඇගවල් වල දද කුෂ්ට දාපු අයනම් ඔතන නැති බව මම සහසුද්දෙන්ම දන්නවා.. ඔය කියන ඇසිඩ් වතුරෙන් ඔක්කොම වැඩ කර ගෙන ඇවිත් තමයි කට්ටිය ඔය බැබලි බැබලි මාධ්‍ය සංදර්ශන තියන්නේ..(නදී)
ඔය කොන්දක් නැති කඩේ යන අයට බලලා ආදර්ශයට ගන්න ගැහැනියක් පලවෙනි රූපයේ ඉන්නවා. ඔන්න කොන්ද ඇති නායකයෝ. සමහරවිට විවිධ මානසිකව වැට්ට වීම් මගින් ඇයවත් යට කර ගනිවී. එසේ උවත් මා පුදුම නොවෙමි. එහෙත් මම ඇයට මගේ ආචාරය පුදකර සිටිමි. කොන්දක් නැති අය වැඩි වැඩියෙන් මතුවී කරනම් ගසන රටක, ඉතා ඉදහිට බිහි වෙන මෙවැනි අයගේ කොන්ද නොකඩන ලෙස ආයාචනය කරමි.(නදී)
මාගරී, මෙම කර්මාන්ත ශාලාවෙන් ඉවතලන රබර් මිශ්‍ර අපිරිසිදු ජලය ලිටර් 66,000 ක් ගැඹුරු ළිං 4 කට කිසිම ෆිල්ටෙර් කිරීමකින් තොරව මුදා හරිනවා කියල සියලුම මාද්‍ය විසින් අනාවරණය කලා. වතුර ලිටර් 66,000ක් ගැමුරු ළිං වලට මුදා හැරියම මුළු ප්‍රදේශ සියල්ලම ආවරණය වෙන පරිදි ළිං උල්පත් සමග මිශ්‍ර වුනහම වෙන දේ හිතා ගන්න පුළුවන්නේ. කිලෝමීටර් 4-5 දුරක සිටින අසරණ මිනිසුන්ගේ ළිං වල වතුර පවා ඇසිඩ් වෙනවා. ඒවා බොනවා කියන්නේ අනිවාර්යෙන්ම වැඩි කල් නොගොස්ම ලෙඩෙක් වෙලා විදවලා මැරෙන්න වෙන්නේ. එකෙන් මේ අසරණ මිනිසුන්ගේ ඉල්ලීම අසාදාරණද?(නදී)
මාගරී, ඔහේ ඉන්නේ ලංකාවේද වෙන රටකද ? බලය තිබෙන සල්ලි තිබෙන එකාට ඕනෑම දෙයක් තමන්ගේ වාසියට ඔප්පුවෙන රටක අහිංසක ගම්වාසීන්ට ඇත්ත කියල වාර්තාවක් දෙන්න පුළුවන් මොන ආයතනයටද ? කන්ටේනර් ගණන් කුඩු ගෙනාවත්, මත්පැන් ගෙනාවත්, බොරු බෙහෙත් ගෙනාවත්,වකුගඩු දියවෙන කෘෂි රසායන ගෙනාවත්, වතුර කලවම් ඉන්ධන ගෙනාවත් මහා දවල් මිනිමරුවත් ඔප්පුවෙලා හිරේ ගිහින් තියෙන්නේ මොන සල්ලි කාරයද ? මොන දේශපාලකයද ? එහෙම රටක බැරි එකා මැරියන්.තව බැරි එවුන් (මාගරී,ලක්මිණි වෙදමුල්ල,බන්දුල පෙරේරා වගේ ) ගොඩකුත් නරිය එළුවා පස්සේ ගිය වගේ මහා එවුන් පස්සේ ගිහින් පස්සේ මැරිලා යයි.(නදී)
මේක ඉතාමත් අවාසනාවන්ත දෙයක්. අනුන්ගේ නම් වලින් ප්‍රතිචාර දාන එක. කෙනෙක්ගේ චරිතය ඝාතනය කිරීම අනුමත කරන්න බැහැ. ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ගරු කර්තෘ තුමාගේ අවධානය යොමුවේව කියා ප්‍රාර්ථනා කරමි. බන්දුල මහත්මය ලියන්නේ එතුමාගේ පෞද්ගලික මත හැමෝටම තම තමන්ගේ මත ලියන්න නිදහස තිබෙනවා කියා සිතමී. (නදී)
රැස්වීම කනත්තේ තිබ්බේ යම් අයුරින් සාකච්ඡාව අසාර්ථක වෙලා ආයෙ ආරවුලක් ඇතිවුනොත් මිනිස්සුන්ව භූමිදානය කරලම යන්නද? (නදී)
රතුපස්වල ජනතාවට මෙම කර්මාන්ත ශාලාව නිසා ජලයෙහි පී එච් අගය අඩුවුණා කියල හරියටම ඔප්පු කරන්න පුලුවන්ද ?එසේ ඔප්පු කරන්න පුලුවන්නම් මෙලෙස කලහකාරී විදියට හැසිරුනට කමක් නැහැ. නැත්නම් අර බන්දුල පෙරේරා මහත්මයා කියන විදියට තම මේ ගොල්ලන්ට සලකන්න වෙන්නේ.(නදී)
කෝටි ගානක් වියදම් කරලා විපක්ෂයේ මන්ත්‍රීලත්, රටේම තියෙන මාධ්‍ය ආයතන හිමිකරුවන්වත් මිලදී ගෙන තියෙන්නේ මෙවැනි ජනතා ප්‍රස්න වලට උත්තර සපයන්න තමයි. රටේ සත්‍ය දැන ගන්න කුමන බාදක තිබුනත් අන්තර්ජාලයටම පියිසෙන්නයි වෙලා තියෙන්නේ.(නදී)
බන්දුල පෙරේරාගේ "හමුදා බෙහෙත" දැන් දකුණට ලැබෙන කලේ ඇවිල්ලා. හොද නැද්ද රතුපස්වලට ඇවිල්ලා ටිකක් කලින්ම රස බැලුවනම්? තමන් ලඟට එනකොට ටිකක් පමා වෙන්න පුළුවන්. පමාව පසුතැවිල්ලට හේතුවේ! (අ)
පුබුදු සදරුවන්. ඔය මිනිස්සුන්ට ප්‍රස්නයක් නැතිනම් අර වයසක ආරච්චි අම්මල/සීයල පවා මේ උද්ඝෝෂනයට සහභාගී වෙයිද? මෙතන එන්න 99% ක්ම මේ රජය බලයට ගීන්න තමන්ගේ ඡන්දය කුට්ටිය පිටින්ම දීපු අයනේ. ඒත් අද කෝ ඒ ජනතා නියෝජිතයෝ.(නදී)
දැන් තමයි රතු පස්වල ජනතාව නියම තැනට වැටිලා තියෙන්නේ. තව දුරටත් ඔය උද්ගෝෂණය කරගෙන ගියොත් ජනතාව කනත්තෙන් අවසන් වේවි. ඇත්ත තිත්තයි.(නදී)
"රතුපස්වල සිද්ධිය ගත්තහම ඒක තනිකරම අද ඔඩු දුවා ඇත්තේ දේශපාලිනික ප්‍රශ්නයක් විදිහටයි - ලක්මිණි වෙදමුල්ල මිලානෝ "ඔබ හරියටම හරි.ඔය කම්හල අයිති ධම්මික පෙරේරාට නොවුනානම් දඩත් ගහල අයින්කරලා ඉවරයි.විපක්ෂය පවා මැදි නොවන්නේ එමනිසා.ජනතාව අසරණව ඇත්තේ මුදල ඉදිරියේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් නිවට නියාලු නිසා.(දිල්)
රතුපස්වල මිනිස්සු රටේ නීතිය, පොලිසිය ගැන නිසිම විශ්වාසයකින් නෙමේ ඉන්නෙ. වගකිවයුත්තන් ක්‍රියා කරපු අදූර දර්ශී ක්‍රමය නිසා එහෙම උනේ. මේක හොඳ තත්වයක් නෙමේ. ඒත් මිනිසුන් සාධාරණයි. කව්රු කව්රුත් තේරුම් ගන්න ඕන මේ හැමදෙනාටම වඩා බලවත් මහජනතාව කියලා. පොලිසිය , දේශපාලකයො මේ හැමෝම අවසානයට වග කියන්න ඕන මහජනතාවට. මේ රටේ අයිතිකරුවන් වෙන්නෙ මහජනතාව කියන එක අපි හැමෝම මතක තියාගන්න ඕන නේද?(නදී)
මේ ප්‍රථිචාර බස් එකේ යන අපි අතර මත වාද ගැටුම් තිබුනට පුද්ගලික තරහවල් නැහැ. මේ විවිද මතවාද නිසයි බස් එකේ ගමන රසවත් වෙලා තියෙන්නේ. මේ බස් එකේ පුංචි ටිකිරිලා, ඩුබායි තිලක්ලා, සත්යල ,සත්‍යපාලලා, දිසානායකලා වගේ විරුද්ධ මත දරන ඔක්කොම ඉන්න ඕනා. නැත්නම් බස් එකේ ගමන රසවත් නැහැ. මම කවදාවත් එයාල නැති බස් එකක නැගල යන්න කැමැති නැහැ. කණගාටුවට කරුණ බස් එකට හොර නම් වලින් රිංගල හොරෙන් යන්න හදන අනුන්ගේ මතවාද ඉවසන්න බැරුව ඒවා නිහඩ කරන්න මෝඩ උත්සාහ ගන්න හදන කීප දෙනෙකුත් මේ බස් එකේ ඉන්න එකයි. 2013-10-19 22:18:09/ 2013-10-19 22:53:43 මගේ අදහස් නෙමෙයි. (නදී)
ගණන් ගන්න එපා. "මානසික ලෙඩ" තියන අය විවිද නම් වලින් අදහස් දානවා. සමහර වෙලාවට ගෑනු කෙනෙකුත් වෙනවා. මම හිතන්නේ මේ මනුස්සයා දෙකටම නැති කෙනෙක්ද කොහෙද? (නදී)
ලක්මිණි වෙදමුල්ල මිලානෝ -ඉතාලිය කියන්නේ බන්දුල පෙරේරාගේ භාර්‍යාවද? මෙයාගේ ගුණ වර්ණ කරනවා. මෙයා ඇයගේ ගුණ වර්ණ කරනවා.(නදී)
රතුපස්වල කර්මාන්ත ශාලාව වැහුවම ප්‍රස්නේ ඉවරයි. එතන පොදු කනත්ත කරන්න. වතුරත් ඕනේ නෑ...ගම ගම වගේ තිබුනාවේ.(නදී)
මහත්තුරුනේ 2013-10-19 22:18:09/ 2013-10-19 22:53:43 අදහස් මගේ නෙමෙයි. මගේ ඩුප්ලිකේට් එකේ..මේක තමය කට්ටියගේ ප්‍රජාතන්ත්‍ර වැඩේ. තමන්ගේ අදහස් වලට පිටින් නම් ඒවා ඉවසන්න බැරිනම් එම අදහස් නිහඩ කරන්න අනුගමනය කරන ක්‍රමේ. අදහස් බලන කොට ඔලුවත් පාවිච්චි කරන්න.(නදී)
මඩේ ලැගපු මඩ කරියෙක් නැහැව්වාට මං.... රතුපස්වල වස ජලයත් පිරිසිදුයිනේ දැන් ....... "මිලාන්" ඉඳන් රටටම ලොකු කතා දෙනවා මං...... එහෙම කියපු මටම හිතෙයි මෝඩ ගෑනි මං ......මෝඩ ගෑනි මං...... සිරිධම් හිමියන් අපිත් දකින්නැති, බණත් අහන්නැති ඒ කාලේ..... අරවා කන්නට කට මදි වෙන්නැති ඒකයි තවමත් බඩගින්නේ...... (නි)
පොලිසිය කා වෙනුවෙන්ද කියලා පෙනෙනවනේ (නි)
ජනතා බලයේ තරම තාම දන්නේ නෑ. මුළු රටේම මිනිස්සු පාරට බැස්ස දාට තේරේවි. රතුපස්වල ජනතාව ගැනනම් බොහොම ආඩම්බරයි. මේ මිනිස්සු මුදලට, බලයට ගැති නොවී ඉදිරියට යන හැටි හරිම අපුරුයිත අර බන්දුල කියන කෙනා මිනිස්සු ගැන මෙලෝ දෙයක් දන්නා කෙනෙක් නෙවෙයි ආණ්ඩුවේ හොද හොර තඩියෙක් වගේ... එකයි මේ කඩේ යන්නේ. ගැහැණු මිනිස්සු දෙකටම අයත් නැති ජාතියේ කෙනෙක්ද කොහෙද ? .(නදී)
රතුපස්වල කර්මාන්ත ශාලාව නිසා ජලය අපිරිසිදු වී ඇතැයි එම ප්‍රදේශයේ ජලය පිලිබදව සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණ වාර්තාවල ඇතුලත් වී නැතැයි වාර්තාවෙයි. කෘෂි කර්මාන්තයේ දී භාවිත කරන පොහොර, මිනිස් ජනාවාස වැඩි වීම, සතුන්ගේ මළ සහ දේශ ගුණික විපර්යාස වැනි හේතු නිසා ජලයේ පී.එච් අගය අඩුවී ඇතිබව මෙම වාර්තා වල සඳහන් බවත් ගම්පහ මහ දිසාපති ජේ ජේ රත්නසිරි මහතා කියයි. භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ වාර්තාව හැර සෙසු සියලු වාර්තා මේ වන විට ලැබී ඇති අතර ඒ කිසිදු වාර්තාවක කම්හල නිසා ජලය දුෂ්‍ය විමක් සිදු නොවු බව සදහන් වන බව දිසාපති පවසයි.(නදී)
බන්දුල පෙරේරා වගේ අයට තාමත් තියෙන්නේ යුධ මානසිකත්වය. තමන්ට කරදරයක් නැති හැම දෙයක්ම තුවක්කුවෙන් විසදන්න පුළුවන් කියල හිතන්නේ. ඔහොම යන්! ඔහොම යන්!!(නදී)
බන්දුල, ජනතා බලවේග තමයි ලෝකයේ තියන ප්‍රබලම බලවේගය. මතකනේ සදාම් හුසේන්, ගඩාෆි වගේ නායකින් පවා එයට යටවුනු හැටි. ඒ හඩට කන්දීම නිවට කම නෙවෙයි. ඔය කවුරුත් රජ වෙන්නේ ජනතා ඡන්දයෙන් වග අමතක නොකළ යුතුයි .මිනිසුන්ගේ ඉල්ලීම් වලට සාදාරණව ඇහුම්කම් දීම තමයි නියම නායකයෙකුගේ ලක්ෂණය. නැතුව ඔබ කියනවා වගේ පිළිතුර උණ්ඩය නෙවෙයි (ස)
ආරියසේන, ඔබ හරි. නියෝජ්‍ය පොලිස්පතිවරයාටවත් කරුණු පැහැදිලි කරන්න මේ පිරිස හරියට ඉඩක් නොදෙන බවයි පෙනුනේ. ඇයි, තමන් දරන මතයම විතරයි හරි කියලා හිතන නිසාද? කවුරු හෝ ප්‍රශ්නය අවුල් කරන කොටසක් මෙතන ඉන්නවා වගෙයි හැගෙන්නේ. (නි)
වතුර වෙනුවට මොනවද දෙන්නේ? (නි)
ගම්වාසීන්ගේ විශ්වාසයක් තිබෙනවා නම්, මේ වතුර අපවිත්‍ර වන්නේ කර්මාන්ත ශාලාවෙන් නම්, ඒකට සවන්දී ඒක වෙනත් සුදුසු ස්ථානයකට රැගෙන යාම හෝ වසා දැමීම ගැන බලධාරින්ගේ අවධානය යොමු විය යුතුව ඇත.මේ ගම්වාසීන්ගේ ක්‍රියා සහ හැසිරීම ගැන රජයේ බුද්ධි අංශය අවධානයෙන් සිටීම අතිසෙයින්ම වැදගත්.උදේ අවදි වූ විට කල්පනා කරනවා අද මම කා සමගද පටලැවිල්ලක් ඇති කරගන්නේ කියලා. එහෙම පිරිසක් මේ අතර සිටිය හැක.මේක හිගන්නාගේ තුවාලේ වගේ හොඳවීමක් නම් පෙනෙනතෙක් මානයකවත් නැහැ. මේ ගැන මේ රටේ ඉන්න අන්තවාදීන් බොහොම සන්තෝෂයෙන් බලා සිටිනවා.ඔවුන්ගේ සතුටට වෙනත් හේතුවක් නොමැති නිසා. (නි)
බලන්න ලංකාවේ මිනිස්සු කන වස එළවළුත් සමග.කෝ ඒවාට විරුද්ධ හඬ? (නි)
අනේ ඕක ඉක්මණට අවසන් කරලා අපිට කරදරයක් නැතුව ඉන්න දෙන්න (නි)
මෙහෙම රටක් ඉදිරියට යන්නේ කොහොමද? හැමදේටම දේශපාලන වාසි ගන්න බලන්නේ (නි)
අශාන් ...ඔයාගේ බන අනුව ලෝකය පාලනය වෙන්න ගියොත්, නායකත්වයක් නැතිව, විනයක් නැතිව ,රැල්ලට එකතුවෙලා රටක ආර්ථිකයට පහර ගහනවානම්, කිසිම තර්කයක් නැතිව කම්හලකින් පරිසරයට හානියක් වෙනවා කියල වසර ගණනක් කරදරයක් නැතිව දුවපු කම්හලක් විනය කඩකළ පිරිසකගේ උසි ගැන්වීමට පෙරහරේ ගියාට රජයක් හෝ පාලකයෙක් දන ගහන්න ඕනේ නැහැ. .(නදී)
කවුරු මොනවා කිවුවත් මේක මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්නයක්.විවිධ උපක්‍රම යොදා මිනිසුන් බේද කිරීම, පගාදීම, කල්මැරීමෙන් වෙහෙසට පත්වීම,තර්ජන යනාදී එකී නොකී මානසික බිදවැට්ටවීම් කරමින් ජනතාව පරාජයට පත්කිරීමට ගෙන යන උත්සාහයන් සැබවින්ම නින්දාසහගතය. එසේම මිනිසුන්ගේ හඩ උපක්‍රම මගින් නිහඩ කිරීම ජයග්‍රහණයක් නොවේමය. මෙය දකින මිනිසුන් වෙනත් ගමක වෙනත් ප්‍රශ්නයකදී තව තවත් සටන්කාමී වීමත් එමගින් ජීවිත හානි වීමත්,සකච්ඡා මාර්ගය කෙරෙහි විශ්වාශ නොකිරීමත් රටක අර්බුද පැනනංවයි.දෙවනුව මිනිසුන්ගේ පෞරුෂත්වය,නායකත්වය ගැනීමේ හැකියාව තලා පෙලා දමයි.මෙය නිවට ජාතියක් බිහිකිරීමේ පියවරකි.මොන වාසි සදහා කළත් අවසානයේ වෙනත් ස්වරූපයකින් මේවා මතුවී රටට අවාසි ඇතිකරයි. (නි)
මෙම පොලිස් අධිකාරීතුමා බොහොම හොද මහතෙක් (නි)
"එරින් බ්රෝච්කොවිච්" නැමැති චිත්‍රපටයේ තියෙන්නෙත් මේ රතුපස්වල වැනිම සමාන ප්‍රශ්ණයක්. ජනතාව එකමුතුකොට ජයගන්නා තේමාවක්. මෙය මේ අයට නැරඹිය හැකි නම් මම හිතන්නේ එය මේ සටනට පන්නරයක් ගන්නට හේතුවක් වනවාට සැකයක් නැහැ (නි)
මේ කර්මාන්ත ශාලාව පිහිටවිය යුත්තේ හම්බන්තොට හෝ තංගල්ල වැනි ප්‍රදේශයකයි. (නි)
සමගිය බලය වේ! (නි)
එකමුතුකමින් වැඩ කරන්න. රතුපස්වල සැමට ජය! (නි)
මෙවැනි තත්ත්වයක් යටතේ ඉදිරියේදී විදේශ අායෝජන මෙරටට ලැබේවිද? කර්මාන්ත නිසා පරිසර ප්‍රශ්න උද්ගත වුණාම ඒවා විසදන්න විද්‍යාත්මක ක්‍රම හා නීත්‍යානුකූල ක්‍රම නැද්ද? (නි)
කර්මාන්ත හිමියාගේ පැත්තත් බැලිය යුතුයි. ජනතාවද නොරැවටිය යුතුයි. (නි)
දැන් නම් නියම මාර්ගයේ යනව වගේ අපේ සුබ පැතුම් (දිල්)
එතකොට රතුපස්වල කියන්නේ වෙනම රාජ්‍යයක්? රජයේ පාලනයක් නැහැ.පොලිසිය කටයුතු කරන්න ඕනෑ ගමේ මිනිස්සු කියන විදියට..? බැහැ කිව්වොත් බැහැ, හා කිව්වොත් හා.. මේ මරණ තුනෙන් රජය පත්වූ අපහසුතාවය දඩමීමා කරගෙන රජයෙන් එනම් පොලිසියෙන් හෝ හමුදාවෙන් නැවතත් එවන් ප්‍රහාරයක් මොන තත්ත්වයක් මත හෝ එල්ල නොවේය කියන අධිමානයෙන් යුත් උපකල්පනයෙන් කට්ටිය දැන් අයියලා වෙලා.මේ නිවටකම රටට දෙන්නේ වැරදි ආදර්ශයක් කියන එකත් මේකෙන් ලැබෙන පසු ප්‍රතිපල එතරම් ගුණදායක නොවන බවත් තේරුම් නොගත්තොත් ලොකු විනාශයක් වේවි ඉදිරියට. (නි)
ඔන්න අපේ සියල්ල දත් ටිකිරි බණ්ඩා හාමදුරුවන්වත් සාදාරන ගානකට විකුනලා.. මිනිහ විකුණලා අපෙන් අහනවා ඇත්තද කියලා..(නදී)
බන්දුල පෙරේරා කියනේ හිතක් පපුවක් නැති මනුස්සයක්ද? ඔයාගේ දරුවන්ට ඔයාට අපවිත්‍ර ජලය බොන්න තිබුනානම් ඔයාට පැහැදිලි වේවි ... අනේ දරුවනේ .......... අපි මොකද කරන්නේ අපිනේ දන්නේ ප්‍රශ්නේ අපිට බොන්න තිබුණු වතුර ටික අපිරිසිදු කලට අපි කගහන්නේ බන්දුල ඔය ලබන ආත්මයේ කන්ටරේක ඉපදවී (අ)
ඔය රැක ගන්න හදන ආයතනය කාගේද කියල සේව්වනම් ඔය ප්‍රශ්න වලට පිළිතුරු ලබීවී.(අ)
ශාන්.අසාධාරණයක් වෙනුවෙන් මිනිසුන් හඩක් නගන්නේ.බොන්න පිරිසිදු වතුර ටිකක් වෙනුවෙන් ඒ මිනිසුන් සාධාරණයක්, යුක්තියක් ඉල්ලන්නේ. ඒ මිනිසුන්ගේ සාධාරන උද්ඝෝෂණ්‍යට අපි වැනි පිට රටවල විසිරී සිටින ලක්ස සංඛ්‍යාත මිනිසුන්ගේ සහයෝගය ලැබෙනවා. ඒ අසරණ මින්සුන්ගේ දරුවන් අසිඩ් වතුර බොනවා දකින්න අපි කැමති නැහැ.වකුගඩු අමාරු වලින් මිය යනවා දකින්න අපි කැමති නැහැ.(අ)
සමහරු අදහස් දාන්නේ මෙතන අර තව කොටසක් කාලයක් තිස්සේ බලාපොරොත්තු වුනා වගේ "අරාබි වසන්තයක්" උදාවෙයි කියල. නිමල්, තිලක් ඩුබායි වගේ ය කියනවා "මහා ජනතා බලයක්" ගැන. ටිකිරි මහත්තය නම් චනද්‍රිකා යුගයෙන් ගැලවෙන්න බැරුව හරියට දුක් විඳින බව පේනවා. මහත්වරුනි පහුගිය පළාත් සභා චන්දෙදි පෙනුනේ මොන බලයද? මෙතනදී නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉතාම නිහතමානීව මිනිසුන්ට කරුණු පැහැදිලි කරද්දීත් ඔවුන්ට ඕනේ "මස් රාත්තලම", නේද? අධිකරණය ඉදිරියේ එකඟ වී තියෙද්දී, බ.ප. මහා ඇමති ජනාධිපති විසින් පත්කර තියෙද්දී, කාටද මේ හදිස්ස්ය? "ජනතා බලවෙගෙට" වෙන්න ඇති නේද? (අ)
තවමත් මේ රටේ ඉන්න වැඩි හරියක් නැති බැරි අය. මෙම කර්මාන්ත ශාලාවේ සහ එහි කටයුතු සොයා බැලු රජයේ නිලධාරීන් තමයි යුතුකම හරියට කළා නම් මෙවැනි තත්වයක් ඇතිවෙන්නේ නැහැ. ළේ. තම ගම හා අයිතීන් රැකගැනීම ගම් වැසියන්ගේ වගකීමයි. ධනවතුන්ට ඕනැම තැනකින් මාලිගා හදාගන්න පුලුවන්. දුප්පතෙක් පැළක් අටවාගන්නෙත් බොහොම අමාරුවෙන්. තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වදික ගම්වැසියන්ට සදා ජය.(නදී)
බන්දුලට තේරෙයි එයත් රතුපස්වල හිටියා නම්. එක එකාට කඩේ යන්නේ නැතුව අවංකව කතා කරන්න.(නදී)
මේ ප්‍රශ්ණය ගැන සාධාරණව කල්පනා කරන එක වලක්වන්නේ රටේ නීතියක් නොමැති කමයි (අ)
මධ්‍යම පරිසර අදිකාරිය විශ්ව විද්‍යාල මේ සේරම තියෙද්දී පරිසර දූෂණයට ඉඩ දී තිබෙන්නේ හොඳ දේශ පාලන හයියක් කර්මාන්ත ශාලාවටත් ඇති මිත්‍රපාල .(නදී)
බලාගෙන ගියාම අර සේනා , මේ සේනා ඔක්කොම එකයි වගේ. (නදී)
තිලක්-ඩුබායි වෙත...ඔබට ලංකාවේ මිනිස්සු ගැන ඔච්චරටම ආදරෙයි නම් ලංකාවට ඇවිත් ලංකාවේ මිනිස්සුන්ට සේවයක් කරන්න..වෙන රටකට ගිහින් එහෙ මිනිස්සුන්ට වැඩ කර කර ඉන් නැතුව...එහෙම බැරි නම් ඉන්ටෙර්නෙට් එකේ බොරු කියන එක නවත්තන්න (නදී)
දැන් අර ස්වාමින් වහන්සේ නැහැ වගේ. (නි)
මාරයි බය හිතුනේ නැද්ද? (නදී)
හරි ෂෝක්. (නදී)
බන්දුල පෙරේරා, රජයෙන් ජනතාවට සහනයක් නොමැති නම් ජනතාව පාරට බැසිය යුතුයි. පක්ෂග්‍රාහිව හිතන්න එපා දේශපාලන අදහස් පැත්තකට දාලා සාදාරනව හිතන්න ජනතාව ඔය තත්වයට ඇදල දැම්මේ , මුදලට කෑදර වෙච්ච රටේ නායකයෝම තමයි.(නදී)
බන්දුල පෙරේරා කියන්නේ අසරණ මිනිසුන්ගේ ලේ උරා බොන වෘකයෙක් කියල මම මීට කලින් කියල තියෙනවනේ.ඔය මනුස්සයා කැමති හැම ප්‍රස්නයක්ම සපත්තුවෙන් පාගාගෙන බුලට් එකෙන් උත්තර සපයනවට. ඔහුට වඩා කෙරුමෝ පල්ලන් බැස්සා අපි දැකල තියෙනවා. ගඩාෆි ඉද ගත්තේ රත්තරන් පුටුවේ. ඒත් අන්තිමට මැරුම් කාවේ කුණු කානු ජනතා හදට කන් නොදෙන නායකයන්ට වෙන්නෙත් ඒ ආනිසංසෙම තමයි.(නදී)
හාමුදුරුවන්ගේ කට වැහැව්වේ ජීවිත තර්ජන වලින් සහ බිය ගැන්වීමෙන් සහ ලක්ස 50ක සහ සැප කාර් එකක් දීමෙන් කියලා කතාවක් යනවා. ඒක ඇත්තද? (නදී)
නිමල්, ජනතා බලයේ තරම තාම දන්නේ නෑ. මුළු රටේම මිනිස්සු පාරට බැස්ස දාට තේරේවි. රතුපස්වල ජනතාව ගැන නම් බොහොම ආඩම්බරයි. මේ මිනිස්සු මුදලට, බලයට ගැති නොවී ඉදිරියට යන හැටි හරිම අපුරුයි. අර බන්දුල කියන කෙනා මිනිස්සු ගැන මෙලෝ දෙයක් දන්නා කෙනෙක් නෙවෙයි ආණ්ඩුවේ හොද හොර තඩියෙක් වගේ. ඒකයි මේ කඩේ යන්නේ. ගැහැණු මිනිස්සු දෙකටම අයත් නැති ජාතියේ කෙනෙක්ද කොහෙද ? .නිමල් ඔබේ කතාවට මගෙන් මල් මිටක්.(නදී)
අශාන්,සත්‍යපාල.මම කියන දේම ඔබ දෙපලත් කියල තියෙනවා. කොහොමත් බන්දුල පෙරේරා කියන මනුස්සයා කියන දේවල් ඒතරම් ගණන් ගත යුතු නැහැ. සටන් කරනවට වඩා ලෙහෙසිනේ දන නමස්කාර කරලා සපත්තු ලෙව කන එක.(නදී)
නිමල් මහත්තය ඉන්ටෙර්නෙට් එකෙන් අතගාල බලලා. ඔබ තුමාගේ හීනත් ඔය විදියම තමයි. ජනතා බලය තමයි මහත්තයෝ ඔය මැතිවරණ වලින් පේන්නේ..මේ රටේ අනෙක් පැතිවල රතුපස්වල වගේ දක්කන්න පුළුවන් මීහරක් නැහැ..කොහොමත් ඔය අනක් ගුණක් නැති මී හරක් තව බොහොම ටික දවසකින් දක්කන එව්වන්ටත් අනිනවා..හාමුදුරුවන්ට උනෙත් ඒකයි.....ඕකට බේත තමයි හමුදාව දුන්නේ ..ආයෙත් එම බේත නොලැබෙයි කියන විස්වාසය නිසා කට්ටිය මේ තප්පුලන්නේ ..උඩ පනින්නේ...(නදී)
පොළොවේ වතුර මීනිසට දැන් උරුම නැත. වස විස පොවා ජනයා දැන් අසරණව ඇත මේ අසරණයින්ට නොමිලේ ජලයවත් නැත සිවුපා සතුන් ගේ මොලයවත් මේ පාලකයන්ට නැත. (නදී)
බන්දුල, රතුපස්වල කියන්නේ ආණ්ඩු පක්ෂයේ හොඳ බලකොටුවක්. ඒක නිසා තමන්ගේ පාක්ෂිකයින් කියන දෙය අහන්නත් ඕනේ. කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන්නත් ඕනේ. දැන් කර්මාන්ත ශාලාව බියගමට ගෙනියන්නේ ගම්මානේ මිනිස්සුන්ගේ ඉල්ලීමට සවන් දී ඡන්ද පදනම රැකගන්නයි. (නදී)