පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබූ අවස්ථාවේ එම උද්ඝෝෂණය පාලනය කිරීමට යුද හමුදාව ගෙන ආ ගිනි අවි 107ක් මේ වන තුරු යුද හමුදාව පොලිසියට බාර දී නැතැයි රහස් පොලිසිය අද (24) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
එම උද්ඝෝෂණය පාලනය කිරීමට යුද හමුදාවේ 289 දෙනකු ද, පොලිස් විශේෂ කාර්ය බළකායේ 134 දෙනකු සහ පොලිසියේ හත් දෙනකු පැමිණි බවට කරුණු අනාවරණය වී ඇතැයි ද රහස් පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය.
යුද හමුදා වේ 289 දෙනා අතර නිලධාරීන් 16 දෙනකු සිට ඇති බවත්, ඔවුන් හැර ඉතිරි 273 දෙනා ගිනි අවි භාවිත කර ඇති බවට තොරතුරු ඇති බවත් රහස් පොලිසිය කීවේය.
යුද හමුදාව එදින ගෙන ආ බව කියන ගිනි අවි 98ක් මීට පෙර රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර තිබූ අතර ඉතිරි පිරිස අත තිබූ ගිනි අවි ද රස පරීක්ෂකට ඉදිරිපත් කිරීමට සඳහා ලබා දෙන ලෙස නියෝග කරන්නැයි රහස් පොලිසිය ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවියගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව මේවන තෙක් ඉදිරිපත් නොකළ ගිනි අවි වහාම රහස් පොලිසියට බාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය යුද හමුදාවට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට නියෝග කළාය.
රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට 2013 අගෝස්තු පළමු වැනිදා යුද හමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් පාසල් සිසුහු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. තුවාල ලැබූ පිරිස අතර මාධ්‍යවේදීහු ද වූහ.
කොළඹ අපරාධ කොට්ඨාසය මෙහි මුල් විමර්ශන සිදු කළ අතර පසුව පොලිස්පතිට ලැබුණු ඉල්ලීම් අනුව පරීක්ෂණ රහස් පොලිසියට පැවැරිණි.
උද්ඝොෂණය අතරතුර මිය ගිය තිදෙනාගෙන් දෙදෙනකුගේ හිසට වෙඩි වැදුණු බවට වෛද්‍යවර්තා අනුව තහවුරු වී ඇතැයි ද, අනෙක් පුද්ගලයා පහරකෑමට ලක්වූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
රහස් පොලිසිය මේ වන විට සියයකට ආසන්න පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. රතුපස්වලට පැමිණි යුද හමුදා කණ්ඩායමේ ප්‍රධානියා වන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේ, ඔබ නම් කුහකයි. (ර)
ගිනි අවියක් පත්තුවෙන තැනට වැඩකරන්නේත් අපේ මිනිස්සුම තමයි.ඉල්ලීම් දිනාගන්න බලන්නේ මැරබලය හෝ වෙනත් ක්‍රම මගින්.අන්තිමේදී ඒවාට බිලි වෙන්නේ ඔය කෝකටවත් නැති එවුන්.ඒ කෙසේ වෙතත් හමුදාව අතින් සිද්ධ වුනේ ලොකු වැරද්දක් සිවිල් පරිපාලනය අතට ගැනීමෙන්. (බ)
සුරංග, මොන ශතවර්ෂයේද ජීවත්වෙන්නේ? මහජන කැළඹීමකදී සිදුකරන සරඹ මාලාවක් හමුදා නීති පොතේ තියනවා. එක පෙළට වෙඩි තබමින් ඉදිරියට යන්නේ යුද බිමේදී පමණයි (නි)
වසර ගණනකට පසු අවි රසපරීක්ෂා කර කොහොමද මේවා මිනීමැරීමට යොදාගත් බව ඔප්පු කරන්නේ? (නි)
මේ ප්‍රශ්න දැනටත් කල්ගියා වැඩි නැද්ද? (නි)
උතුරේ වුණෙත් ඔය ටිකම තමයි. හමුදාව වැරදි නැහැ. හමුදාවක් මෙහෙයවන, අණදෙන අය තමයි වැරදි. මේ සිද්ධියේදී රණවිරුවන් අධිකරණයට ගේනවා කියලා විරෝධතා කරන අය නැද්ද? (නි)
රණවිරුවන්ගෙන් පළිගන්නවෝ කියලා විලාපදෙන අය මේවාට අදහස් දාන්නෙම නැහැ නේද? (නි)
ඒකනායක, ආසන්න වශයෙන් පෘථිවි අවුරුදු 36 ක්වත් යයි. මොකද යහපාලනයේ අවුරුදු ගණන් ගැනෙන්නේ බ්‍රහස්පති ග්‍රහයාගේ අවුරුදු වලින්. (නි)
යුද්ධ හමුදාව ගිනි අවි ගේන්නේ නැතුව කන් හැන්දක් අරගෙන එන්නද? වැඩේ වැරදියි තමයි. හැබැයි අපේ අය ඉල්ලීම් දිනාගන්න යන්නේ මැරුම්කන විදියට. පේනවනේ මේ දවස්වල සරසවි වල අය පාරවල් අවහිර කරගෙන අපිට දෙන වදයක්. කවුරු මොනවා කියලා කෑගැහුවත් ඔය කෑගහන අයම වෙඩි තැබීමක් සිද්ධවෙන තැනට වැඩකරන්න ඇති. නිකන් අහිංසක මිනිස්සු මැරුම්කනවා (නි)
විජේ ගැන මට ලැජ්ජයි (නි)
දැන් හදිසියේම රතුපස්වල මතක් වුණේ මොකද යහපාලනයට? එංගලන්තය ජනතාව පිටරැටියන් රටට ඇතුළුවීම නවත්වන්න යුරෝපා හවුලෙන් ඉවත් වුණා නම් අපිටත් පුළුවන් ඉන්දියන්කාරයෝ මෙරටට එන එක නවත්වන්න. එහෙම නැතිනම් ආණ්ඩුව එළවන්න. (නි)
ඔහොම දෙයක් වුණාද කියලාවත් මට නම් මතක නැහැ (නි)
කරු, මෝඩ කතා කියන්න එපා (නි)
අපේ වීරෝධාර රණවිරු උත්තම ශ්‍රී පුරුෂයින්ගේ ඇඟට අතක් තිබ්බොත් අපි නිකන් ඉන්නෙ නැහැ (නි)
මේවාට දැඩි දඬුවම් දෙන්නේ කවදාද? (නි)
සිද්ධිය වී දැන් වසර තුනකට ආසන්නයි. පරීක්ෂණ තවම අවසන් නැහැ. වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට තව කොපමණ කාලයක් ගත වේවිද ? (ර)
ටිකිරි බණ්ඩා - ලිබියාවේ ගඩාෆි ඔහොම කලේ නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය කරන හැම පහසුකමක් ම දුන්න. ඒගැන වෙනම සොයා බලන්න. ගඩාෆිව මැරුවේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේග ඔහුව අවනත කරගන්න බැරිවූ නිසා. ලිබියාව ගැන ඇස්දෙකෙන් දැක්ක නිසයි මෙහෙම ලිව්වේ. (ර)
මංතීරු කඩපු අයටත් දන්ඬුවම් දෙන්න. (ර)
වරදක් වී ඇත්නම් වහාම දඬුවම් දිය යුතුයි. (ර)
අදාළ නිලධාරීන්ට දැඩි දඬුවම් දිය යුතුයි. (ර)
අපේ මිනිස්සුන්ට හිතෙන්නේ නැද්ද මේ පරණ කුණුම අවුස්සන්නේ ඇයි කියලා. (ර)
හමුදාව උද්ඝෝෂකයන්ට වෙඩි තැබූ එක වැරදීයි. ඔවුන්ට නීත්‍යානුකූලව දඩුවම් කළයුතුයි. එසේම වෙනත් යටි අරමුණක් වෙනුවෙන් ජනතාව උද්ඝෝෂණ වලට පොලඹවා මිනිස් ජීවිත විනාශ කර කම්හල් වසා දමා ජනතාවගේ රැකියා අහිමි කර රටේ ආර්ථිකයටද හානිකළ අයටද දඬුවම් කළයුතුයි. මන්ද විද්‍යාත්මක වාර්තාව අනුව කම්හල නිසා ජලය අපවිත්‍ර වී නොමැති බව සනාථ වී ඇති බැවිනි. (නි)
මේ ප්‍රශ්නය ඇති කරපු, මුලින්ම හමුදාවට ගල් ප්‍රහාර පහර දී මාරුවුණ අය අත්අඩංගුවට ගතයුතු වෙනවා (නි)
සීඅයිඩීයේ කැපවීම අගය කළයුතුයි. ඒත් චූදිතයන්ට දඬුවම් දෙයිද සැකයි. (නි)
මෙන්න වැරදි. එ්වට දැඩි දඬුවම් දියයුතුයි (නි)
ඔක්කොම අමතක කරමු. මේකත් ජාතිය, මාතෘ භුමිය වෙනුවෙන් කළ ක්‍රියාවක්ද? (නි)
ලිබියාවේ ගඩාෆිට පැය 24 යන්න කලින් අසරණ ජනතාව දැඩි දඬුවම් දුන්නා. අපේ රටේ එහෙම නොකළ එකයි වරද කියලා දැන් හිතෙනවා (නි)