IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රතුපස්වල හිමි එනතුරු ගැමියෝ කම්හල ළඟ

රතුපස්වල කම්හල වසා දමන්නැයි කියමින් මාරාන්තික උපවාසයේ යෙදුණු ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන් කර්මාන්ත ශාලාව ඉදිරිපිටට පැමිණෙන තුරු   කර්මාන්ත ශාලාව අසල ගාම්වාසීන් පිරිසක් රැදි  සිටි අතර අද සවස් වන විටත් උන්වහන්සේ එම ස්ථානයට පැමිණ සිටියේ නැත.

රතුපස්වල ජල සටනේ මුල සිටම ජනතාව සමග සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගැන තොරතුරක් නැති බවත්, ලෙඩකු බැලීම සඳහා නුවර ගොස්  දෙක වන විට නැවත එන බව කී ඒ හිමියෝ අද රාත්‍රී හත වන තුරු නැවත නොපැමිණි බවත් ගැමියෝ කියති.

වෙනදා දුරකතන ඇමතුමක් ගත් සැනින් ඊට ප්‍රතිචාර දක්වන ඒ හිමියන් අද (11) උදේ සිට ඊට ප්‍රතිචාර නොදැක්වීම ගැන ගැමියෝ කුතුහලයෙන් පසුවෙති.

 

 



අදහස් (0)

රතුපස්වල හිමි එනතුරු ගැමියෝ කම්හල ළඟ

විමල් Saturday, 12 October 2013 02:02 PM

සටන පාවා දුන්නද? (අ)

:       0       0

පැංචි Saturday, 12 October 2013 05:27 AM

වතුරට අපගේ කඳුළු උරා... පස් රතු සටනේ පලිහ දරා.... සිටි හිමියන් යලි වඩිනතුරා .... අපි ඉමු කම්හල් සෙවණ පුරා // (නි)

:       0       0

බන්ධුල පෙරේරා Saturday, 12 October 2013 03:31 PM

හාමුදුරුවන්ට කීයක්වත් දුන්නාද කියලා හිතෙනවා ඒක හොයාගන්න කවුරු හරි අල්ලාගත්තානම් හරිනේ (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 12 October 2013 06:35 AM

මේක පුදුමාකාර රටක්. කොහොම වුණත් මේ හාමුදුරුවෝ ගැන හොයලා බලන්න වෙයි (නි)

:       0       0

සරත් හේවගේ Saturday, 12 October 2013 06:37 AM

ගම්පහ ඉන්න බුද්ධිමත් ජනතාව අර අපේ වැදගත් ඇමතිතුමාට හරි අර ලස්සන නෝනට හරි තවම මේක කිවුවේ නැද්ද? ටිකිරි බණ්ඩා, ඔබ හරි (නි)

:       0       0

මංජු Saturday, 12 October 2013 06:44 AM

දෙපැත්තක් තිබෙනවා සිතාබැලිය යුතු (නි)

:       0       0

ජගත් Saturday, 12 October 2013 06:58 AM

මොනවා වුණාද? (නි)

:       0       0

අශාන් Saturday, 12 October 2013 07:02 AM

මෙවැනි සිද්ධි නිසා තමයි විදෙස් රටවල් අපේ මානව හිමිකම් ගැන කතා කරන්නේ. අපට අවංකව එම චෝදනා වලට විරුද්ධ වෙන්න බැහැ නේද ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 11 October 2013 07:32 PM

ගම්පහ එන්න බුද්දිමත් මිනිස්සු වෙනුවෙන් මුහුදු වතුර බොන්න කවුද අප්පා කැමති වෙන්නේ. (අ)

:       0       0

චාරක Saturday, 12 October 2013 07:36 AM

සත්‍යපාල, ඔයාට පුළුවන් ආකාරයකට අපිට උදවු කරන්න. අපේ දුක කියන්න, අහන්න කෙනෙක් නැහැ (නි)

:       0       0

ගජමන් Friday, 11 October 2013 07:44 PM

අන්ත්‍රස්ධාන වෙලාවද්ද? (නි)

:       0       0

ලලිත් Saturday, 12 October 2013 05:01 PM

මම මොන ආගමේ උනත් වැරදි දෙයක් ඇහැව්වේ නැහැනේ. නමුත් බලපු සමහරු හිතුවේ උන්නාන්සේ ඒ සල්ලි අරන් පැන්නද කියල අහනවා කියල. සල්ලි අතේ අරන් යනකොට හොර හතුරෙකුගෙන් හානියක් උන වෙන්නත් පුළුවනි නේ. මොනවා කරනන්ද චේතනහන් භික්කවේ කම්මන් වදාමි? (අ)

:       0       0

වසන්ති Friday, 11 October 2013 08:02 PM

සොයා බැලිය යුතුයි. දැන් උස්සනවා ගෙනත් දානවා. (ත)

:       0       0

අනුර Saturday, 12 October 2013 08:27 AM

කොහේහරි ගියාවද්ද? (නි)

:       0       0

දිසා Sunday, 13 October 2013 08:43 AM

උන් වහන්සේට මොනවාහරි කරලාද දන්නෙ නැහැ මේ මිනිස්සු? (නි)

:       0       0

චමින්ද ප්‍රදීප් සිල්වා Saturday, 12 October 2013 08:38 AM

මම හොඳටම දන්නවා මේ හාමුදුරුවෝ ගැන (නි)

:       0       0

ක්‍රිස් Friday, 11 October 2013 08:14 PM

ගජමන් හෝව් ගජමන් වෙන්න එපා ෆොනේ එකේ බැටරිය නිල් වෙලා හරි සිග්නල් නැතිව හරි ඇති හාමුදුරුවෝ මරන්න තරම් උස්සන්න තරම් මේ රට පිරිහෙලා නැහැ (අ)

:       0       0

සුනෙත් Friday, 11 October 2013 08:14 PM

මේක දැන් විකාරයක් වෙලා නේ. (අ)

:       0       0

ශ්‍රියාලතා Friday, 11 October 2013 08:17 PM

අයියෝ මේ ගමක්ම වෙනුවෙන් මේ අහිංසක මිනිසුන් කීප දෙනෙක් බිල්ලට දීල

:       0       0

රණා Saturday, 12 October 2013 08:52 AM

අපේ හාමුදුරුවන්ටත් වැටහිලා ඇති ඇත්ත තත්වය. උන්වහන්සේ නැවත එන එකක් නැහැ. බලාගෙන සිටියට වැඩක් වෙන එකක් නැහැ. මහා පොළොවේ ස්වභාවය වැටහුණාම ඔයාලත් යයි. (නි)

:       0       0

සෙනවිරත්න Friday, 11 October 2013 08:28 PM

මේවා කාටවත් පේන්නේ නැද්ද? (ත)

:       0       0

රත්නායක Saturday, 12 October 2013 09:10 AM

සටන පාවා දුන්නාද? (නි)

:       0       0

ලලිත් Friday, 11 October 2013 08:47 PM

උන්නාන්සේ පහුගිය දවස්වල ඔය වැඩවලට ආධාර එහෙම එකතුකලාද(දිල්)

:       0       0

වසන්ත Saturday, 12 October 2013 09:18 AM

අයියෝ අපේ රට? (නි)

:       0       0

ෂේන් Saturday, 12 October 2013 06:04 PM

ජරාවක් වත් වැලදුව වද්ද? (නදී)

:       0       0

නිමල් Sunday, 13 October 2013 10:25 AM

මතකනේ සිංහලයාගේ අනාගතය ගැන වැටහ දීමට ගිය පුජ්‍ය ගංගොඩ විල සෝම ස්වාමින් වහන්සේට සිදු වූ දෙය.(දිල්)

:       0       0

රුවන් Friday, 11 October 2013 09:14 PM

සටන පාවා දුන්නාවද්ද? (නි)

:       0       0

ගජමන් Friday, 11 October 2013 09:18 PM

ක්‍රිස්, ඔබට ස්තුති වේවා! එහෙම නම්. අපිත් හිතන්නේ පතන්නේ එහෙම දෙයක් නොවේවා කියලයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 12 October 2013 07:17 PM

අනේ මම හාමුදුරුවෝ සල්ලි ගත්තා කියලනම් කිව්වේ නැහැ..මගේ ප්‍රතිචාරය විකෘතිකරලා..මම කිව්වේ පුංචි ටිකිරි හෙට අනිද්දා මේ ගැන දාන ප්‍රතිචාරය මෙහෙම වෙන්න පුළුවන් කියලා.(නදී)

:       0       0

එදිරිසිංහ Friday, 11 October 2013 09:54 PM

1 රනිල් 2 චන්ද්‍රිකා 3ෆොන්සෙකා ඇවිත් වැද නමස්කාර කලා මදැයි. මේ හිමිට නමුත් කලින් උවමණා තිබුනේ ජනපතිව ඔය තත්වයට ගන්න. ඕන් කිවා අහගනිල්ලා අපේ ඇත්තෝ (නදී)

:       0       0

සමීර Saturday, 12 October 2013 10:00 AM

මෙය කාග‍ේ වැඩක්ද කියලා මට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ෂෙහාන් Friday, 11 October 2013 10:01 PM

පොඩ්ඩක් හොයලා බැලුවා නම්? (නි)

:       0       0

රංජිත් Saturday, 12 October 2013 10:34 AM

බලන්න පුළුවන් වන දේ ඉදිරියට සටන පාවා දුන්නා නේද ?(දිල්)

:       0       0

මේනක Saturday, 12 October 2013 08:15 PM

හිමියන්ටත් මතක නැතිවෙලාවද්ද? (නි)

:       0       0

බණ්ඩාර Friday, 11 October 2013 11:03 PM

ලලිත්, ඔබ බෞද්ධයෙක්ද? (නි)

:       0       0

පෙරේරා Friday, 11 October 2013 11:10 PM

හාමුදුරුවෝ ප්‍රවේශමෙන්! (නි)

:       0       0

පී. Saturday, 12 October 2013 12:05 AM

හාමුදුරුවෝ ඇයි ආවේ නැත්තේ? (නි)

:       0       0

ගජමන් Saturday, 12 October 2013 10:52 PM

ඉතින් හාමුදුරුවෝ කෝ? මක්කැයි උනේ? පැය 48 ක් වුනානේ! (අ)

:       0       0

සත්‍යපාල Saturday, 12 October 2013 12:34 AM

මෙම ආයතනයේ සියලු නිෂ්පාදන හැකිපමණ වර්ජනය කිරීමටත්, මෙම ආයතනයේ නිෂ්පාදන මිලදී නොගන්නා ලෙසට ප්‍රධාන විදෙස් මිළදීගන්නන් දැනුවත් කිරීමටත් යමක් කරමු. රතුපස්වල හඩක් නැති අහිංසක ගැමියනි, මම ඔබ සමගයි.ඉහත කියූ ප්‍රධාන විදෙස් මිලදීගන්නන් දැනුවත් කිරීමට හැකි පිටරට සංවිධාන සොයාගන්නට මම උත්සාහ කරමි.ඔබලාගේ සටනට ශක්තියක් වෙමි.මෙම විරෝදය ජාත්‍යන්තරයට ගෙනයමි. (නි)

:       0       0

සමන් Saturday, 12 October 2013 12:52 AM

ඉවසන්න ගැමියනි, ඉවසන්න (නි)

:       0       0

පින්හාමි Saturday, 12 October 2013 12:17 PM

මම අහල නැනේ සත්‍යපාල ඇත්ත කියනවා ( අ)

:       0       0

සමන්ත Saturday, 12 October 2013 01:53 AM

ලලිත්, ඔබේ ප්‍රකාශය ගැන කණගාටුයි. දෙයියනේ! මොකද මේ දුප්පත් මිනිස්සුන්ට වද දෙන්නේ? ජීවිතත් නැති වෙලා නේද තියෙන්නේ? මිනිස්සුන්ගේ ජීවිත වල වටිනාකමක් නැද්ද? දුප්පත් මිනිස්සු මිනිස්සු නෙමෙයිද? මේ අපි කතා කරන්නේ බොන වතුර ටික ගැන. මේකට දේශපාලනය ගාවන එකත් පවක් (නි)

:       0       0

චමින්ද Saturday, 12 October 2013 01:53 AM

මොනවාහරි අලුත් යමක් සිදුවුණාද දන්නේ නැහැ (නි)

:       0       0

මහරුෆ් Saturday, 12 October 2013 02:03 AM

ගැමියනි, මදක් ඉවසන්න. (නි)

:       0       0

උපාලි Saturday, 12 October 2013 03:19 AM

උන්වහන්සේට හිතුනද දන්නේ නැහැ ගිවිසුම අස්සන් කළාට පස්සේ තමන්ගේ වචනයවත් පිළිගන්නේ නැතුව නැවතත් උද්ඝෝෂණයක් පටන්ගත් මිනිස්සු සමග මොන ඇයි හොඳයිද කියලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 94 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 83 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 4143 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2585 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3240 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5934 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18868 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site