රතුපස්වල කම්හල වසා දමන්නැයි කියමින් මාරාන්තික උපවාසයේ යෙදුණු ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන් කර්මාන්ත ශාලාව ඉදිරිපිටට පැමිණෙන තුරු කර්මාන්ත ශාලාව අසල ගාම්වාසීන් පිරිසක් රැදි සිටි අතර අද සවස් වන විටත් උන්වහන්සේ එම ස්ථානයට පැමිණ සිටියේ නැත.
රතුපස්වල ජල සටනේ මුල සිටම ජනතාව සමග සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගැන තොරතුරක් නැති බවත්, ලෙඩකු බැලීම සඳහා නුවර ගොස් දෙක වන විට නැවත එන බව කී ඒ හිමියෝ අද රාත්‍රී හත වන තුරු නැවත නොපැමිණි බවත් ගැමියෝ කියති.
වෙනදා දුරකතන ඇමතුමක් ගත් සැනින් ඊට ප්‍රතිචාර දක්වන ඒ හිමියන් අද (11) උදේ සිට ඊට ප්‍රතිචාර නොදැක්වීම ගැන ගැමියෝ කුතුහලයෙන් පසුවෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න පුළුවන් වන දේ ඉදිරියට සටන පාවා දුන්නා නේද ?(දිල්)
ගම්පහ ඉන්න බුද්ධිමත් ජනතාව අර අපේ වැදගත් ඇමතිතුමාට හරි අර ලස්සන නෝනට හරි තවම මේක කිවුවේ නැද්ද? ටිකිරි බණ්ඩා, ඔබ හරි (නි)
දෙපැත්තක් තිබෙනවා සිතාබැලිය යුතු (නි)
මොනවා වුණාද? (නි)
මෙවැනි සිද්ධි නිසා තමයි විදෙස් රටවල් අපේ මානව හිමිකම් ගැන කතා කරන්නේ. අපට අවංකව එම චෝදනා වලට විරුද්ධ වෙන්න බැහැ නේද ? (නි)
සත්‍යපාල, ඔයාට පුළුවන් ආකාරයකට අපිට උදවු කරන්න. අපේ දුක කියන්න, අහන්න කෙනෙක් නැහැ (නි)
කොහේහරි ගියාවද්ද? (නි)
මම හොඳටම දන්නවා මේ හාමුදුරුවෝ ගැන (නි)
අපේ හාමුදුරුවන්ටත් වැටහිලා ඇති ඇත්ත තත්වය. උන්වහන්සේ නැවත එන එකක් නැහැ. බලාගෙන සිටියට වැඩක් වෙන එකක් නැහැ. මහා පොළොවේ ස්වභාවය වැටහුණාම ඔයාලත් යයි. (නි)
සටන පාවා දුන්නාද? (නි)
අයියෝ අපේ රට? (නි)
මෙය කාගේ වැඩක්ද කියලා මට හිතාගන්න පුළුවන් (නි)
මේක පුදුමාකාර රටක්. කොහොම වුණත් මේ හාමුදුරුවෝ ගැන හොයලා බලන්න වෙයි (නි)
මම අහල නැනේ සත්‍යපාල ඇත්ත කියනවා ( අ)
සටන පාවා දුන්නද? (අ)
හාමුදුරුවන්ට කීයක්වත් දුන්නාද කියලා හිතෙනවා ඒක හොයාගන්න කවුරු හරි අල්ලාගත්තානම් හරිනේ (දිල්)
මම මොන ආගමේ උනත් වැරදි දෙයක් ඇහැව්වේ නැහැනේ. නමුත් බලපු සමහරු හිතුවේ උන්නාන්සේ ඒ සල්ලි අරන් පැන්නද කියල අහනවා කියල. සල්ලි අතේ අරන් යනකොට හොර හතුරෙකුගෙන් හානියක් උන වෙන්නත් පුළුවනි නේ. මොනවා කරනන්ද චේතනහන් භික්කවේ කම්මන් වදාමි? (අ)
ජරාවක් වත් වැලදුව වද්ද? (නදී)
අනේ මම හාමුදුරුවෝ සල්ලි ගත්තා කියලනම් කිව්වේ නැහැ..මගේ ප්‍රතිචාරය විකෘතිකරලා..මම කිව්වේ පුංචි ටිකිරි හෙට අනිද්දා මේ ගැන දාන ප්‍රතිචාරය මෙහෙම වෙන්න පුළුවන් කියලා.(නදී)
හිමියන්ටත් මතක නැතිවෙලාවද්ද? (නි)
ඉතින් හාමුදුරුවෝ කෝ? මක්කැයි උනේ? පැය 48 ක් වුනානේ! (අ)
උන් වහන්සේට මොනවාහරි කරලාද දන්නෙ නැහැ මේ මිනිස්සු? (නි)
මතකනේ සිංහලයාගේ අනාගතය ගැන වැටහ දීමට ගිය පුජ්‍ය ගංගොඩ විල සෝම ස්වාමින් වහන්සේට සිදු වූ දෙය.(දිල්)
පොඩ්ඩක් හොයලා බැලුවා නම්? (නි)
අන්ත්‍රස්ධාන වෙලාවද්ද? (නි)
සොයා බැලිය යුතුයි. දැන් උස්සනවා ගෙනත් දානවා. (ත)
ගජමන් හෝව් ගජමන් වෙන්න එපා ෆොනේ එකේ බැටරිය නිල් වෙලා හරි සිග්නල් නැතිව හරි ඇති හාමුදුරුවෝ මරන්න තරම් උස්සන්න තරම් මේ රට පිරිහෙලා නැහැ (අ)
මේක දැන් විකාරයක් වෙලා නේ. (අ)
අයියෝ මේ ගමක්ම වෙනුවෙන් මේ අහිංසක මිනිසුන් කීප දෙනෙක් බිල්ලට දීල
මේවා කාටවත් පේන්නේ නැද්ද? (ත)
උන්නාන්සේ පහුගිය දවස්වල ඔය වැඩවලට ආධාර එහෙම එකතුකලාද(දිල්)
සටන පාවා දුන්නාවද්ද? (නි)
ක්‍රිස්, ඔබට ස්තුති වේවා! එහෙම නම්. අපිත් හිතන්නේ පතන්නේ එහෙම දෙයක් නොවේවා කියලයි. (නි)
1 රනිල් 2 චන්ද්‍රිකා 3ෆොන්සෙකා ඇවිත් වැද නමස්කාර කලා මදැයි. මේ හිමිට නමුත් කලින් උවමණා තිබුනේ ජනපතිව ඔය තත්වයට ගන්න. ඕන් කිවා අහගනිල්ලා අපේ ඇත්තෝ (නදී)
ගම්පහ එන්න බුද්දිමත් මිනිස්සු වෙනුවෙන් මුහුදු වතුර බොන්න කවුද අප්පා කැමති වෙන්නේ. (අ)
ලලිත්, ඔබ බෞද්ධයෙක්ද? (නි)
හාමුදුරුවෝ ප්‍රවේශමෙන්! (නි)
හාමුදුරුවෝ ඇයි ආවේ නැත්තේ? (නි)
මෙම ආයතනයේ සියලු නිෂ්පාදන හැකිපමණ වර්ජනය කිරීමටත්, මෙම ආයතනයේ නිෂ්පාදන මිලදී නොගන්නා ලෙසට ප්‍රධාන විදෙස් මිළදීගන්නන් දැනුවත් කිරීමටත් යමක් කරමු. රතුපස්වල හඩක් නැති අහිංසක ගැමියනි, මම ඔබ සමගයි.ඉහත කියූ ප්‍රධාන විදෙස් මිලදීගන්නන් දැනුවත් කිරීමට හැකි පිටරට සංවිධාන සොයාගන්නට මම උත්සාහ කරමි.ඔබලාගේ සටනට ශක්තියක් වෙමි.මෙම විරෝදය ජාත්‍යන්තරයට ගෙනයමි. (නි)
ඉවසන්න ගැමියනි, ඉවසන්න (නි)
ලලිත්, ඔබේ ප්‍රකාශය ගැන කණගාටුයි. දෙයියනේ! මොකද මේ දුප්පත් මිනිස්සුන්ට වද දෙන්නේ? ජීවිතත් නැති වෙලා නේද තියෙන්නේ? මිනිස්සුන්ගේ ජීවිත වල වටිනාකමක් නැද්ද? දුප්පත් මිනිස්සු මිනිස්සු නෙමෙයිද? මේ අපි කතා කරන්නේ බොන වතුර ටික ගැන. මේකට දේශපාලනය ගාවන එකත් පවක් (නි)
මොනවාහරි අලුත් යමක් සිදුවුණාද දන්නේ නැහැ (නි)
ගැමියනි, මදක් ඉවසන්න. (නි)
උන්වහන්සේට හිතුනද දන්නේ නැහැ ගිවිසුම අස්සන් කළාට පස්සේ තමන්ගේ වචනයවත් පිළිගන්නේ නැතුව නැවතත් උද්ඝෝෂණයක් පටන්ගත් මිනිස්සු සමග මොන ඇයි හොඳයිද කියලා? (නි)
වතුරට අපගේ කඳුළු උරා... පස් රතු සටනේ පලිහ දරා.... සිටි හිමියන් යලි වඩිනතුරා .... අපි ඉමු කම්හල් සෙවණ පුරා // (නි)