රත්මලාන වෙඩි කන්ද මුහුද අයිනේ තිබූ නිවාස තුනක් අද මුහුදට කඩා ගෙන යෑම නිසා එහි සිටි 20 දෙනකු පමණ අවතැන්වී සිටිතියි රත්මලාන ප්‍රාදේශීය ලේකම් ඩී ඒ එච් පියතිලක මහතා කියයි.
පසුගිය දින කිහිපයේ සිදුවූ මුහුදු කාදනය නිසා නිවාස 20ක් පමණ මුහුදට ගසාගෙන ගොස් නිවාස 70කට පමණ අර්ධ හානි වී ඇතැයි ග්‍රාම නිලධාරී ඩබ්ලිව් එස් කේ ධනපාල මහතා පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට ආසන්නම හේතුව තමයි මම හිතන විදිහට කොළඹ වරාය නගරය සදහා මුහුද ගොඩ කිරීම. ගාලුමුවදොරත් මුහුද පෙරට වඩා දැන් රළු ස්වභාවයක් ගන්නා බවට ආරංචියි. ඒ විතරක් නෙමේ කොළඹ වරාය පරිශ්‍රයේ ඇති නෞකා වලින් ඉන්ධන ගොඩබාන බෝයාවටද මේ නිසා හානි සිදුවූ බවට තොරතුරු ලැබෙනවා. මේවා කියන්නේ ආණ්ඩුව හෙලා දකින්න නෙමේ. ඉවක් බවක් නැතුව ගස්-කොළන් කපල නියගය ගෙන්න ගත්තා වගේ ඉවක් බවක් නැතුව මුහුදත් ගොඩ කරලා මුහුද ගොඩබිමට ගෙන්න ගන්නවා වගේ දැනෙන නිසයි මේ කියන්නේ...(අ)
රජින්ද, තර්කයක් හැටියට වර්තමාන ආණ්ඩුව පරිසර හානිය ගැන කිසිවක් නොකරන බව ඇත්ත. නමුත් පරිසර හානියට ඍජුව දායක වන බවත් ඇත්ත. මුහුද ගොඩ කිරීමෙන් වෙරළ ඛාදනය වැඩිවෙන බව නම් මම කවදාවත් අසා නැහැ. නෙදර්ලන්තය වැනි මුහුදු මට්ටටමින් පහළ භූමියක් තියෙන රටවල් හෙක්ටයාර දස දහස් ගණන් මුහුද ගොඩකර ගොවිතැන් සඳහා යොදා ගෙන තිබුනත් ඔය කියන අන්දමේ වෙරළ ඛාදනයක් මේ වනතුරු වාර්තා වී නැහැ. අනෙක් අතට පසුගිය වසර දහස් ගන්නන් තුල බටහිර හා දක්ෂිණ වෙරළ නිරන්තරවම ඛාදනයට ලක්වීම නිසා ලක්දිවට අහිමිවූ භුමි ප්‍රමාණය නැවත දිනා ගැනීමට උත්සහ කිරීමෙන් සමතුලිතය බිඳ වැටේ කියා හිතන්න අමාරුයි. (නදී)
මේ පාර "සමුද්‍ර දේවිය" එහෙම නවත් වන්න, අදහසක් තියෙනවද දන්නේ නැහැ. (නදී)
මුහුද ගොඩ කළා කියලා මුහුදට රැල්ල ගහන්න එපා කියන්න බැහැනේ. ඒ වතුර රැල්ල වෙන තැනකින් හරි ගහනවමයි. රත්මලානේට වෙලා තින්නේ මේකයි. ගාලුමුවදොර ඉඳලා රත්මලානට මුහුද කරළබිලා, ගිහිල්ලම බලන්න. මේගොල්ල ස්වභාවධර්මයට ගරු නොකරන එකයි පාපය. මහවැලි කියලා ගාමිණී දිසානායක මහත්තයත් පරිසරය එක්ක සෙල්ලම් කළා, දැන් වෙලා තියෙන විනාශය බලන්න (නදී)
ඕවට පිළියම් යොදනකොට වෙන්න ඕන ඔක්කොම වෙලා හමාරයි. (නදී)
ආසියාවේ ගොඩ අශ්චර්ය (අ)
මුහුද අද්දර පදිංචියට කොහෙත්ම සුදුසු ස්ථානයක් නෙවෙයි කොහොමටත්. රට වටේම තවත් ස්ථාන රාශියකම ඔය දේ සිදුවෙනවා. එහෙම වෙන්න හේතුව මුහුද ගොඩකීරීම කියලා ඒ තැන් වල එහෙම දෙයක් කරලා නැහැනෙ. ජනාකීර්ණ නගර ආසන්න වෙරළට ගල් වැටි දාලා හෝ ආරක්‍ෂා කරන වැඩ පිලිවෙලක් යොදනවා නම් හොදයි. (නදී)
ගරු ඇමතිතුමා නොසිටින්න අද මහවැලියක් නැහැ නමුත් අද ගාමිණී දිසානායක නමට වදිනවා. ඒ ඇයි දන්නවද මහවැලි වතුර නිසා නැතිනම් අද ඔයාල කරුවලේ, හාමතේ මැරෙන්න වෙනවා. දන්නේ නැත්නම් දන්නා අයගෙන් දැනගන්න (නදී)
සුනාමියෙන් පස්සේ යම් නීති පද්ධතියක් ස්ථාපනය වුණා වෙරල ආශ්‍රිත ඉදිකිරීම් වලට. වෙරළාසන්න තර්ජනය තියෙන නිත්‍යානුකුල හා අනවසර සියලු පදිංචි කරුවන්ට සුනාමියෙන් පසුව වෙනත් පදිංචි ස්ථාන ලබල දුන්නා මම දන්නා විදියට. ඉතින් එහෙම තියෙද්දී මේ මුහුදට ගහගෙන යන්නේ කවුද කියන එක ප්‍රශ්නයක්. මෙහෙම මුහුදට ගහගෙන යන සිමාවේ නිවාස තියෙන්න විදියක් නැහැ නීතිය හරියට ක්‍රියාත්මක උනානම්. දැන්වත් මේ පුද්ගලයින් ඉවත් කරන්න. ඔවුන්ට ලබාදුන් ස්ථාන වලට මොකද උනේ කියල විමසා බලන්න. (නදී)
වෙරල සංරක්ෂිත කලාපයේ දේශපාලන බලපෑම් මත ගෙවල් හදන්න දෙනවා ඊට පස්සේ ඉතින් වෙන්නේ ඔය ටික තමයි. (නදී)
ඔය කට්ටියට සුනාමියෙන් ගෙවල් දුන්න ඒවා ගැන පොඩ්ඩක් හොයල බැලුවා නම් සමහරක් කට්ටිය ඉන්නවා ගෙවල් කුලියට දීල පරන තැනටම වෙලා ඉන්න. (නදී)