රත්මලාන වෙඩි කන්දේ මුහුද අයිනේ පැල්පත් පහක් රළ පහරට කැඩී අඩු ගණනේ 25ක් 30ක් පමණ අවතැන් වූහ.
ගෙවල් අහිමි වූ බව කියන පිරිසක් රේල් පාර හරහා පොල් කොට කිහිපයක් දැමූ බවත්, රුහුණු කුමාරි දුම්රිය ඒවා ඉවත් කරගෙන ධාවනය කළ බවත් අසල්වැසියෝ කියති.
ඉන් පසු කාන්තාවන් ඇතුළු කිහිප දෙනෙක් දුම්රිය පාරේ වැතිර සිටීම නිසා දුම්රිය ගමනාගමනය අවහිර විය.
පොලිසිය පැමිණ දුම්රිය ගමනාගමනයට ඉඩ සැලැස්වීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති තිබීමත් ඒවා ක්‍රියාත්මක කිරීමත් කියන්නේ දෙකක්. ලංකාවේ හැම එකටම වගේ නීති තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ඒවා හරියට ක්‍රියාත්මක නොකරන එක හෝ හරියට ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැතිකම. (නි)
ගයනි,මෙතන අදහස් පල කරන අයට, කිසි පුද්ගලික ප්‍රශ්නයක් මේ අනවසර පදිංචි කරුවන් සමග ඇති කියලා මම හිතන්නේ නැහැ...මෙතන හැම අදහසකින්ම දෝෂාරෝපනය වෙන්නේ " රුහුණු කුමාරිය " නවතා මේ කරපු විකාරය ගැනයි.අනිත් කරුණ,ඔය ගෙවල් හදපු ඒවා ගැන මෙතන කවුරුවත් දන්නෙත් නැහැ.ඒ නිසා විපක්ෂය හෝ වෙනත් පක්ෂ මේ ගැන කතා කරනවද කියලා ප්‍රශ්නාර්ථයක් [?] දාලා, ඒ ගැන අපෙන් අහන්න එපා...අපි මෙතන අදහස් දක්වන්නේ ලංකාදීපයෙන් දක්වා ඇති ප්‍රවෘත්තිය අනුව විනා,නොදන්නා කරුණු මත නොවේ. (අ)
කට්ටිය අදහස් ගොඩක් පල කරලා තියෙනවා දැක්කා, සමහර අය මුකුත් නොදැන කියවන බවකුත් පෙනෙනවා, මුහුද අයිනේ තියෙන්නේ අනවසර ඉදිකිර්‍රිම් කියලා ඔව් හැබැයි එයාලත් මේ රටේ ජනතාව, රත්මලානේ පිරිසක් කල දෙයක් නිසා හැම කෙනෙක්ටම බනිනවා, දන්නවද මෙ ප්‍රදේශ වල ජනතාව ඉවත් කලා කියලා, එත් පිරිසක් විතරයි ඉවත් කලේ, අගුලානේ ගෙවල් 288 ක් හදලා තියේනවා හැබැයි එවා මිනිස්සුන්ට දෙන්නෙ නෑ , මේවා විපක්ෂය වත් වෙන පක්ෂයක් වත් කතා කරනවද ? (දී)
චමින්ද,මොකද්ද ඒ විඳින සතුට ? (නි)
නීති මගින් කටයුතු කලයුතුයි. කව්ද මෙයාලට රේල් පාර අයිනේ පැල්පත් හදාගන්න කිව්වේ (නදී)
චතුරගේ අදහස හරියටම හරි. දුම්රියට බාධා කිරීමට එරෙහිව නීති මගින් කටයුතු කලයුතුයි. මේ ගොල්ලන්ගේ තන්හාවට කෝච්චිවල යන මිනිස්සු පලි නැහැ. (නදී)
මමත් එයේ රුහුණු කුමාරි එකේ ගියේ. ඔතන වෙන්නේ මොකද කියල බලන්න ගියා. පොලිසියෙන් ඇවිත් ප්‍රස්නෙ උන අය එන්න කිව්වා. ටික වෙලාවක් යද්දී ගැහැණු ටිකයි ළමයි ටිකයි අවා. චන්ඩි වගේ හිටපු පිරිමි ටික දෙනා මාරු. පාර නිකන්ම ක්ලියර් උනා (නදී)
මුහුදට හෝදගෙන යන්නේ වැල්ල. ඉතින් වැල්ලේ ගෙවල් හැදුවම එ්කට ආණ්ඩුව පලිද. (නදී)
මොන පිසුවක්ද මේ. ඉගෙනගෙන තියෙන තරම පේනවා මේ වැඩවලින්. ඔය මිනුස්සුන්ට කියල වැඩක් නැහැ. (නදී)
මේ ගොල්ලෝ මොන නිවාස පිට තැන් වලින් දුන්නත් යන්නේ නැහැ. පාන්දරට වලක් හාරාගෙන ලබන සතුට මොන මාලිගා වලවත් ලබන්න බැරි බව ඒ ගොල්ලෝ හොදා කාරවම දන්නවා. ඒකයි මුලිකම හේතුව. (නදී)
මේ වගේ අයගේ ගති ගුණ මේ වගේ වැඩවලින් පේනවා. සුනාමිය නිසා වෙරලෙන් ඉවත් වෙන්න කීවාම දේශපාලනයින් එක්ක එකතුවෙලා බෙරිහන් දුන්නා. දැන් ඒ අයම කියනවා මේකද ආශ්චර්ය්‍ය කියලා. තමන්ම තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසිය යුතු කාලයක් මේක. තමන් වැරදි කරලා ආණ්ඩුවට හෝ වෙනත් අයට බැනලා වැඩක් නෑ. මේ ප්‍රදේශයේ ඉන්න බහුතරය කරන්නේ වෙළදාම් මුහුදු රස්සාව නොවේ. අනික සුනාමියෙන් මේ හරියේ අයට වන්දි නිවාස දුන්නා. ඒවා කෝ. කොහොමත් මේ වගේ පහත් වැඩ කරන අයගේ අනිත් ගතිගුණ ගැන කියන්න දෙයක් නෑ.(නදී)
මේ අය අනවසර පදිංචි කරුවො නේද? දේශපාලන වාසි ගන්නෙ නැතුව වෙනත් ස්ථානයක ඉඩම් දීලා මේ අය මෙතනින් ඉවත් කරන්න කවුරුත් සහයෝගය දෙන්න ඕනා. අායිමත් කාටවත් වෙරල අයිනේ පදිංචි වෙන්න දෙන්න එපා. මොන දේටත් පාරක් වහගන්න එක දැන් විලාසිතානේ. කැමරා ඉදිරිපිට ගමේ අක්කලා කියන කථා ඇහුවම හිනා යනවා. (නදී)
උගත් දොස්තරලත් ලෙඩ්ඩු ඇපයට තියල වර්ජනය කරනකොට නුගත් මෙවැනි අයගෙන් මේවගේ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. (නදී)
මෙයාල සුනාමියට ලැබුන ගෙවල් කුලියට දීල ඔතන ඉන්නේ. (නදී)
ලුනාවේ අගුලානේ ගෑනුන්ට කෝච්චියට නගින්න ගියත් ප්‍රශ්න බහින්න ගියත් ප්‍රශ්න. රැල්ලට ගෙවල් කඩාගෙන ගියත් දුමරිය ප්‍රශ්න. මේවා සොබා දහමෙන්ම දෙන දඩුවම්. (නදී)
මේක පුදුම වැඩක්නේ. තව ටික දවසක් යනකොට ළමයෙක් විභාගේ අසසමත් වුණත් රේල් පාරට කොට දාන්න පටන් ගනීවි. (නි)
මුහුදට ගෙවල් ටික කැඩිලා ගියයි කියලා දුම්රිය මගීන් පලිද,ආණ්ඩුව පලිද,වෙන කවුරුත් පලිද ? කොහොමත් ඔය වැල්ල අයිනේ තියෙන ගොඩක් ගෙවල් අනවසරයෙන් හදපු ගෙවල්.තව දසකයක කාලයක් විතර යනකොට රත්මලාන,අගුලාන,ලුනාව දුම්රිය ස්ථානත් මුහුදට හෙදීලා යාවි.. (දී)
ජනිත්,කූඩෑල්ලන්ව මෙට්ටය උඩ තියන්න අමාරුයිනේ.මාළිගා හදවලා දීලා පදිංචි කරවන්න හැදුවත් යවන්න අමාරුයි. ඔවුන් ධීවර රැකියාව කරගෙන යා යුතුයි.දැන් ඒ අයට වැල්ල නැතුව ජීවත්වෙන්න බැහැ. (නි)
මම නම් කියන්නේ වෙරළ අද්දර ඇති නිවාස ඉවත්කළ යුතු බවයි (නි)
රළ පාරට ගෙවල් කැඩුනා කියලා දුම්රිය දෙපාර්තමේන්තුව හෝ මඟීන් පළිද ? මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න බැරිද? (නි)
සුනාමියට දාපු මීටර් 100 නිතිය කෝ . (දී)
බන්දුලගේ කතාව හරියටම හරි (දී)
බලන්ඩ මොන තරම් කතාද කියලා. කොහමද මේ විදිහට රට හදන්නේ. මේ අයව මන්නාරමේ හෝ යාපනයේ පදිංචි කරවමු.(අ)
කොළඹ ලස්සන කරන එක ඉතා හොඳයි. කරුණාකර දුම්රිය දෙපස ඇති ඉඩම්වල පදිංචි කරුවන් වන්දි ගෙවා හෝ නොගෙවා අයින් කරන්ඩ. මේ අයට ටිකක් දුර ප්‍රදේශ වල නිවාස යෝජනා ක්‍රම ඇති කොට පදිංචි කරවන්ඩ. . අපේ සහයෝගය නාගරික සංවර්ධන අදිකාරියට.(අ)
ලියනගේ මහත්තයෝ, මුහුද අද්දර අනවසර පැල්පත් ගහගන ඉඳලා මේ විදිහට ඒවා අහිමි වුනාම කාගෙන්ද විසඳුම් බලාපොරොත්තු වෙන්නේ? ස්ථිර විසඳුම් ඉල්ලන්නේ? ඔබට පුළුවන් කමක් තියනවා නම් ඔබේ ගානේ ඒවා විසඳලා දෙන්න!(අ)
ආශ්චර්ය කෝක උනත් මෙයාලට සුනාමියෙන් පස්සේ තට්ටු නිවාස හදල දුන්න, මෙයාල ඒවා කුලියට දීල මෙතනම පදිංචි උනා, අනික සුනාමියෙන් පස්සේ වෙරළට මීටර් ගානක් දුරට යනකම් කිසිම ඉදි කිරීමක් තියෙන්න බෑ කියල නීතියක් තියනවා නේද? හැම දේකටම අශ්චර්යටයි, ආණ්ඩුවටයි බනින්න එපා, මේක ආණ්ඩුවට කඩේ යමක් නෙමෙයි, මමත් මේ කිට්ටුව නිසයි කියන්නේ.(අ)
මෙන්න වෙඩි තියන්න ඕන කට්ටිය. අනික කව්ද මෙයාලට රේල් පාර අයිනේ පැල්පත් හදාගන්න කිව්වේ? (දී)
මෙයාල කියන අශ්චරිය මේකද ? මේවා දැක්කම රට තියෙන තැන හිතාගන්න පුළුවන් (නදී)
බන්දුල සමග මම එකගවෙමි (නදී)
කවුද මේවට විසඳුම් දෙන්නේ? තාවකාලික පැලැස්තර නොව ස්ථිර විසඳුම් දෙන්න. මේවා දකිනකොට අද රටේ බොහෝ දේවල් අඩපන වෙලා කියලා පේනවා (නි)
තමන්ට ස්වභාව ධර්මයාගෙන් වුනු විපතට සාධාරණය පතන්නේ තව දහස් ගානක් මහා මග අතරමන් කරලා. මෙහෙම මිනිස්සු ගැන අනුකම්පාවක් නෙමෙයි හිතෙන්නේ. රැල්ලට මුන් ටිකවත් ගහගෙන ගියේ නැති එක ගැන දුකක්. ප්‍රශ්න විසදා ගන්න කට්ටිය දැන් තෝරගෙන තියෙන පහසු ලේසිම ක්‍රමය තවත් පිරිසක් තමන්ගේ ගැටලුව වෙනුවෙන් ප්‍රාණ ඇපයට ගැනීම. (නදී)