රුපියල් විසිතුන් ලක්ෂ තිස් දහසක් වටිනා රන් කූරක් සහ විදේශ මුදල් තොගයක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දීයා ජාතික තරුණයෝ දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරුවෝ වයස 26 සහ 28 වියේ පසුවන ඉන්දියාවේ චෙන්නායිහි පදිංචිකරුවෝ වෙති.
මින් එක් තරුණයෙකු ලග තිබී ග‍්‍රෑම් 106 ක් බරැති රන් කූරක් ඉවතට ගත් බවත් අනෙකා ලග තිබී යූරෝ දස දහසක් ඉවතට ගත් බවත් රේගුව කියයි. රන් කූරෙහි වටිනාකම රුපියල් පන්ලක්ෂ තිස්දහසක් වන අතර යූරෝවල වටිනාකම රුපියල් දහඅට ලක්ෂයකි.
යුරෝ ගෙන ආ තරුණයාගේ ශරීර අභ්‍යන්තරයේ තවත් මුදල් හෝ රන් කැබැලි ඇති බවට සැක කරන බැවින් ඔහුව මීගමුව රෝහලට ඇතුලත් කළ බව රේගුව කියයි.
මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පමනක් මෙලෙස රන් ප‍්‍රවාහනය කරන පුද්ගලයින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අසුවූ නමවන අවස්ථාව මෙය බවද ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
මොවුන් දෙදෙනා ඊයේ අලූයම ජෙට් ගුවන්සේවයට අයත් 9 ඩබිලිව් 255 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධික්ෂනය යටතේ රේගු අධිකාරී ඞී රත්නකුමාර මහතාගේ මෙහෙයවීමෙන් පී.එච්.යූ වජේපාල, එම්.ඞී.ටී සිරිසේන, ආර්.එම්.එච්.කේ අභයවර්ධන, පී.පී නන්දසිරි, ආර්.පී.එන් ධර්මසේන යන රේගු නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගු අධ්‍යක්ෂක ජනරාල් තුමා ඉලීමක් කරන්න ජනතාවගෙන් ඔත්තු ලබා ගැනීමට.(නදී)
පිටරටින් ගෙන එන විදේශ විනිමය වැඩි මිලට කළුකඩ වලින් මාරු කරගෙන නැවත පිටරට ගෙනයනවා. නිත්‍යානුකුලව පිටරට උපයන මුදල් ලංකාවේදී මාරු කරන පුද්ගලයන්ට රජය මඟින් යම්කිසි ලකුණු දීමේ ක්‍රමයක් ඇති කර වාහන, යතුරුපැදි තීරුබදු සහන වැනි දෙයක් ලබාදීම මඟින් ශ්‍රමිකයන් නිත්‍යානුකුල ක්‍රමයට මුදල් මාරු කිරීමට පෙලඹිය යුතුයි. නැත්නම් මේ විදේශ විනිමයෙන් අපේ රටට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ , බලධාරින් අවධි විය යුතු කාලය ඇවිත් (ස)
වහාම අවශ්‍යයි. මගේ රත්තරන් දාන්න තැනක් හොයනවා. අහස් යානාවක නැගපු කිසිම කෙනෙකුගේ අයදුම් පත්‍ර නම් සළකා බලනු නොලැබේ.. (නි)
"ඉන්දු ලංකා ගුද ප්‍රවාහන සේවය" (නි)
පුජනීය රත්තරන් වලට වෙච්ච දේ? (නි)
පහුගිය ටිකදොහෙත් ගුද ප්‍රවාහනය ගැන විස්තර තිබුනා.දැන් ඉතින් ඔය ප්‍රවාහන සේවය හරියන්නේ නැහැ. මොකද නිලධාරී ඇත්තෝ පශ්චාත් පැත්තට ඇහැ ගහගෙනමයි ඉන්නේ ආයුබෝවන් (නි)
සෙන්තිල්ගේ යාළුවො වෙන්න ඇති නේද මේ දෙන්නා. බොහොම තරහ ගිහින් තියෙන්නේ? එහෙම නැත්නම් නීතිය ගැන නොදන්නාකම වෙන්න ඇති. ඇමෙරිකන් ඩොලර් 10000 ට වැඩි වටිනාකමක් ඇති මුදල් ගෙනියනවා නම්, ගේනවානම් රේගුවට ලිඛිතව ප්‍රකාශ කලයුතුයි. රුපියල 23 ලක්ෂයක් කියන්නේ ඩොලර් 18 දාහක් විතර. තේරෙනවද දැන් ඇයි මේ දෙන්නව ඇල්ලුවේ කියල? (නදී)
පසු ගිය දවස් ටිකේම මේ වගේ පුවත් වලට අදහස් දැක්වුවා .මේකට කියන්න තියෙන්නෙත් ඒවම තමයි. ඒ නිසා මොකුත් නොකිය ඉන්නවා.(නදී)
අධෝ මාර්ගය, අදායම් මාර්ගයක් කරගෙනනේ මේ ගොල්ලෝ.... (නදී)
සෙන්තිල් එදා ඉදලම සිංහලයට විනකරපු අයගෙන් පැවත එන ඔබ වන් අය සිංහල අපේ පරම්පරාගත හතුරෝ බැවි පෙනෙන්නේ,. මේ අයට නවාතැන් දෙන්න උදව් කරන පුද්ගලයන්ට වැඩියෙන්ම දඬුවම් කල යුත්තේ. එදා මියේම්වා රැකෙම්වා කියලා මුහුදේ පිහිනගෙන ආපු අයගෙන් පැවත එන අයනේ වෙනම රටක් ඉල්ලා දහස් ගණනක් ජිවිත විනාස කර අන්තිමට ඉල්ලගෙනම කෑවේ.(නදී)
දැන් කාලය එළඹී තිබෙන්නේ සියලුම ඉන්දියානු සහ පාකිස්තානු සහ ඉන්දියාව බලා යන අපේම ලාංකිකයන්වත් ගුවන් ගතවීමට පෙර විශේෂ පරික්ෂාවකට ලක් කිරීමටයි. හියුමන් බොඩි ස්කෑනරයක් සවි කිරීම ඉතා අවශ්‍ය දෙයක් (නි)
අද සල්ලි කොහොම හරි හොයලා ව්‍යාපාර කරන්නයි කව්රුත් හිතන්නේ. ඉතින් මේ තරුණයෝ දෙන්න හොරකමක් කෙරුවේ නැහැ නේද? එහෙනම් මොකටද මේ තරම් මැරෙන්න යන්නේ?මානවඩු, ඔබ ඉන්නේ ඉතාලියේ පින් සල්ලි වලින් ජීවත් වීගෙන. ඉතින් උඹට ප්‍රශ්නයක් නැහැ මෙතන. රැකියා නැති තරුණයින්ටයි ප්‍රශ්න තියෙන්නේ.(නදී)
මේ නිලධාරීන් හිරිකිතයක් නැතිව මේ නෝට්ටු අතපත ගාන්නේ කෙසේද? මෙච්චර මුදල් ගිනියන් ඒ පැත්තේ ඉඩ තියනවද? අනේ මන්දා.(නදී)
මෙන්න තවත් ජංගම ගබඩා සංකීර්ණයක්. රේගු නිලදාරීන්ටත් දැන් මිනිසුන්ගේ පස්චත් භාගය බලලා හොදට පුරුදු ඇති. ගුවන්තොටුපොළට ඇතුලුවෙන හැමෝටම කියන්න ගුද මාර්ගයේ එක්ස් රේ එකක් අරගෙන එන්න කියලා.(නදී)
ඒකත් හොද ක්‍රමයක්.(නදී)
දැන් දිනපතාම අපට ලංකාදීපය මගින් දකින්න ලැබෙන වාර්තාවක් තමයි මෙම ගුද මාර්ගයේ රන් කුරු, පොලු, මුදල් රැගෙන යාම. රේගු නිලදාරීන් දැනුවත් වී දැන් විමසිල්ලෙන් සිටින නිසා මෙම හොරුන් අසුවනවා මෙන්ම තව කි දෙනෙක් මොවුන්ගේ ඇසට වැලි ගසමින් පනිනවාද . කි දෙනෙක් මුදල් වලට කැදර රේගු නිලදාරින්ට මුදල් දීමෙන් අසු නොවී පනිනවාද? (නදී)
හැමදාම අල්ලනවා , ඉන්දියාවේ මෙතරම රන් හිගයිද ? (නදී)
මේ විදිහට අහු නොවී කී දෙනෙක් පස්ස පැත්තත් අරන් පාස් වෙනවා ඇද්ද? මේ මිනිස්සු කුලී ප්‍රවාහකයෝ කොටසක්. රේගුවට එක්ස්රේ යන්ත්‍ර වැනි නවීන තාක්ෂනය වහාම ලබාදිය යුතු කාලය ඇවිත්. (නදී)
මේ ඉතින් අහුවෙන ටිකනේ අහු නොවී යන ප්‍රමාණය කොයි තරම්ද කවුද දන්නේ ?(නදී)