රුපියල් පන්ලක්ෂ හතලිස් දහසක් වටිනා රන් කැබලි තුනක් ජංගම දුරකතන චාජරයක් තුල සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතිකයෙක් කටුනායක ජාතයන්තර ගුවන්තොටුපොළේදී අද අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගනු ලැබු රන් කැබලි තුනෙහි බර ග‍්‍රෑම් 108 කි.
ඔහු අද අළුයම ජෙට් ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කර ඇති අතර පසුව ඔහුව රේගුවට බාර දී ඇත.
මේ පිළබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම පොඩි පොඩි දෙවල් කරන අයව අල්ලන්න. ලොකු වැඩ කරන අයව එපා.(නදී)
ඔහොම නෙමෙයිනේ කරන්න තිබුනේ. රන් කැබලි චාජරයට දමල චාජරය ගබඩාව ඇතුලට දමලානේ ගෙනියන්න ඕන. ආධුනිකයෙක් වෙන්න ඇති. (නදී)
ගුද මාර්ගය අහු උනාට පස්සේ රන් වයර් බෑග් වලට දැම්මා . දැන් අලුත් ක්‍රමය රන් කැබලි බැටරි චාජර් . මේ ඉන්දියානු පකිස්තානු කාරයෝ අපේ රටේ රන් සහ වස්තුව සුර ගෙන යනවා . රේගු නිලධාරින්ට ගොඩක් ස්තුතියි. මෙයා අල්ලා ගත්තට. (ස)
උපාලි, ගබඩාව ඉඩ තියෙනවද දන්නේ නැහැ චාජරය ඔබන්න? (ස)
මේ තරම් රත්තරන් අපේ රටේ තිබෙනවද? මට නම් බය උගස් කළ අපේ රත්තරන් කෑලිත් පන්නාගෙන යයිද කියලා? (නි)
ග්රෑම් 108ක් කියන්නේ ඉතාමත් සුළු ගානක්. පවුම් 14යි. ඕකට වඩා කිලෝ ගණන් රටෙන් පනිනවා නේද? (නි)