IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රන් පන්දුව ස්පාඤ්ඤයට

2013 දී පාපන්දු කී‍්‍රඩාවේ දක්‍ෂතම කී‍්‍රඩකයාට පිරිනමන රනින් නිමවූ පන්දුව ස්පාඤඤයේ රියල් මැඩ්රිඩ් පාපන්දු ක‍්‍රිඩා සමාජයට ඉදිරි පෙළ ප‍්‍රහාරක කී‍්‍රඩකයකු පෘතුගීසි  ජාතික 29 හැවිරිදි ක‍්‍රිස්ටියානෝ රොනල්ඩෝට විය.

විසින් හිමිකර ගත් අතර  මෙම කුසලානය ප‍්‍රදානය කිරීම ජනවාරි 13 වැනි සදුදා ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර ලෝක පාපන්දු සම්මේලන මුලස්ථානයේදි උත්කර්ශවත් ලෙස සිදු විය.

 එම කුසලාන ලෝක ප‍්‍රසිද්ධ බ‍්‍රසීල් ජාතික පාපන්දු ක‍්‍රීඩක පේලේ විසින් පිළිගැන්වූණ අතර ලෝක පාපන්දු සම්මේලනය විසින් විශේෂ අනුස්මරණ කුසළානයක් බ‍්‍රසීල් ජාතික එඞ්සන් අරන්ටෙස් ඩො නැසිමෙන්ටෝ නොහොත්  පේලේට  ප‍්‍රදානය කැරිණි.

කඳුළු පිරි දැසින් සභාවට පැමිණි පේලේ ඉකි ගසමින් එම සම්මානය ගත්තේය.

 ප‍්‍රංශයේ පළවන ලෝක ප‍්‍රසිද්ධ ‘ප‍්‍රංශ පාපන්දු‘නම් කී‍්‍රඩා සඟරාව මෙම කුසලානයේ ආරම්භකයාවේ. මෙම සඟරාවේ ආරම්භක සංස්කාරක ප‍්‍රංශ ජාතික ගැබ්රියල් හනෝ විසින් තම සහෝදර මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් ප‍්‍රංශයේ දක්‍ෂතම පාපන්දු කී‍්‍රඩකයා තෝරා ඔහුට කුසලානයක් පිරිනැමිම 1956 දී ඇරඹියේය.

ඒ වනවිට ප‍්‍රංශයේ සිටි කි‍්‍රඩා විචාරක මාධ්‍යවේදින්ගේ ඡුන්දයෙන් තෝරාගත් දක්‍ෂතම කි‍්‍රඩකයාට මෙම කුසලානය පිරිනැමීමෙන් කලකට පසු එය යුරෝපයේ දක්‍ෂතම කි‍්‍රඩකයාටත්; 1995 දි ලෝකයේ දක්‍ෂතම කි‍්‍රඩකයාටත් ලෙස පරිනාමයවිය.

එම කුසලානය රත්තරන් පන්දුව  නමින් පසුකාලීනව හැදින්වූණි.

ඒ අනුව එංගලන්තයේ බ්ලැක් ෆූල් කි‍්‍රඩා සමාජයේ කි‍්‍රඩා කල ඉංගී‍්‍රසි ජාතික ස්ටැන්ලි මැතිව්ස් : ප‍්‍රථමයා ලෙසත්; 1995 දී ලෝකයේ දක්‍ෂතම පාපන්දු කි‍්‍රඩකයා ලෙස ඒ වනවිට ප‍්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මන් පාපන්දු කි‍්‍රඩා සමාජයට කි‍්‍රඩා කල ලයිබීරියා ජාතික ජෝර්ඡ් වේහා  එම කුසලානය හිමිකර ගනිමින් ඉතිහාසයට එක්වුහ.

 ලෝකයේ දක්‍ෂතම කි‍්‍රඩිකාවට ද මෙම කුසලානය පිරිනමන අතර එය 2001 දී ආරම්භ විය.     

      මෙම කුසලානය පිරිනැමීම සදහා; යුරෝපයේ පාපන්දු කි‍්‍රඩා කරන පළමු ලීගයේ සියලූම කි‍්‍රඩා සමාජයන්හී පුහුණුකරුවෝ  208 දෙනෙක් ද එහි කණ්ඩායම් නායකයෝ 208 ක්ද, යුරෝපයේ  සුප‍්‍රසිද්ධ කි‍්‍රඩා විචාරක මධ්‍යවේදිහු 154 දෙනෙක්ද විනිශ්චය මණ්ඩලයට අයත්වේ.

ඉහත සියල්ලන්ගේ ඡුන්දයෙන් තේරී පත්වන කී‍්‍රඩකයා ලෝකයේ දක්‍ෂතම පාපන්දු කී‍්‍රඩකයා ලෙස රත්තරන් බෝලය හිමිකර ගැනීමට වාසනාව ලබයි. මෙම කුසලානය පිළිවෙළින් 1983/84/85 වර්ෂ වලදී හිමිකර ගත් ප‍්‍රංශ ජාතික මිචෙල් ෆැලැටීනි නොකඩවා තුන් වරක් හිමිකර ගත් එකම කි‍්‍රඩකයා බවට ඉතිහාසගත වේ.

       2013 වර්ෂයේ දක්‍ෂතම පාපන්දු  කී‍්‍රඩකයා තේරීමේ තරගයේ අවසන් තරගකරුවන් තිදෙනා අතරට ස්්පාඤඤයේ රියල් මැඞ්රිඞ් පාපන්දු ක‍්‍රිඩා සමාජයට ඉදිරි පෙල ප‍්‍රහාරක කී‍්‍රඩකයෙකු ලෙස කී‍්‍රඩා කරන පෘතුගීසි  ජාතික  ක‍්‍රිස්ටියානෝ රොනල්ඩෝ, ස්පාඤඤයේ බාර්සිලෝනා ක‍්‍රිඩා සමාජයට ක‍්‍රිඩා කරන ගියවර මෙම කුසළානය හිමි කර ගත් ආර්ජන්ටිනා ජාතික ලයනල් මෙස්සි, මෙවර යුරෝපා පාපන්දු කුසළානය ජයගත් ජර්මනියේ බයන් මියුනික් පාපන්දු ක‍්‍රිඩා සමාජයට ඉදිරි පෙළ ප‍්‍රහාරක කී‍්‍රඩකයෙකු ලෙස  ක‍්‍රිඩා කරන ප‍්‍රංශ ජාතික ප‍්‍රැරැන්ක් රිබේරි තෝරා පත් කර ගත්තේය. අවසාන වටයේදි ක‍්‍රිස්ටියානෝ රොනල්ඩෝ දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස තේරී පත්වුහ.

මීට අමතරව ලයනල් මෙස්සි යනු ලෝකයේ දක්‍ෂතම පාපන්දු  කී‍්‍රඩකයන්  අතර වැඩිම මුදලක් අයකරන කී‍්‍රඩකයාද වේ. පාපන්දු කි‍්‍රඩා කිරීම වෙනුවෙන් මසකට ඔහු අයකරන මුදල රුපියල් කෝටි නමයක් පමණ වේ.

        2013 වර්ෂයේ දක්‍ෂතම  පාපන්දු කි‍්‍රඩිකාව ලෙස ජර්මන් ජාතික පාපන්දු කන්ඩායමේ ගෝල් පන්දු රකින්නා වූ ජර්මන් ජාතික නඞීන්  අන්ජේරේරා තෝරා පත්කර ගත්තේය. එහි අවසන් තරග කරුවන් වුයේ ගියවර ජයගත් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ගෝල්ඞ් ෆරයිඞ් පාපන්දු කි‍්‍රඩා සමාජයට කි‍්‍රඩා කරන බ‍්‍රසීල ජාතික මාර්ථා වියේරියා ඩා සිල්වා සමග ඇමෙරිකා කණ්ඩායමේ අබේ වැම්බැච් ද තේරි පත්විය. මෙම උත්සවයට පැරණි හා වර්ථමාන ලෝක ප‍්‍රසිද්ධ පාපන්දු ක‍්‍රීඩකයෝ හා ඔවුන්ගේ සුරූපී බිරින්දැවරුද ලෝක ප‍්‍රසිද්ධ පාපන්දු ක‍්‍රීඩිකාවෝ සමග ජාත්‍යයන්තර පුහුණු කරුවන්ද සහභාගි වුහ.

 

 

 

 

 



අදහස් (0)

රන් පන්දුව ස්පාඤ්ඤයට

සුභාෂිණි Tuesday, 14 January 2014 11:59 PM

ලොව වඩාත් ජනප්‍රිය ක්‍රීඩාව පාපන්දු.සංඛ්‍යා ලේඛන අනුව රටවල් ලෙස ගත විට අංක 1 පාපන්දු,2 රගර්,3 ක්‍රිකට්. ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ ඉතා සුළු රටවල් ප්‍රමාණයක්.එත් ජනගහණය අතින් ගත් විට ක්‍රිකට් අංක 2. එකට හේතුව ඉන්දියාවේ අතිවිශාල ජනගහණයනේ (දිල්).

:       0       0

සත්‍යයා Wednesday, 15 January 2014 05:05 AM

බෝලේ රත්තරන් වුනේ වැඩ රත්තරන් හින්දා. අපේ මිනිසුන්ගේ වැඩ බෙලෙක් උනත් ජීවිත රත්තරන්. (නදී)

:       0       0

සන්ධ්‍යා Wednesday, 15 January 2014 11:13 AM

ජර්මනියේ ජීවත් වන ශ්‍රී ලංකික පුරවැසියෙක් හැටියට ලබාගත් මේ සුවිසල ජයග්‍රහයට එක සිතින් සුබ පතමි. I (දිල්)

:       0       0

හේමාල් වෙරෝනා Wednesday, 15 January 2014 02:45 PM

මේ ලෝකයට බීහිවුණු අතිවිශිෂ්ට ක්‍රීඩකයෙක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 819 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 998 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 521 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 297 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 323 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 605 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 60 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site