රුපියල් විසිහය ලක්ෂ විසි පන්දහසක් වටිනා නිම නොකළ රත්තරන් මාල තුනක්, වළලූ දහ තුනක් සහ මුදු තුනක් පැලඳ ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකාරියෝ කොළඔ පදිංචිකාරියන් බවත් ඔවුන් නිතර නිතර ඉන්දියාවට ගොස් ඇති බවත් රේගුව කියයි.
අත්අඩංගුවට ගනු ලැබු රන් ආභරණ වල බර ග‍්‍රෑම් පන්සිය විසි පහකි.
රේගුව විසින් ප‍්‍රශ්ණ කිරීමේදී මොවුහු පවසා ඇත්තේ තමන් මෙම රන් ආභරණ ඉන්දියාවට ගෙන ගොස් විකුනා එම මුදල් වලින් රෙදිපිළි රැගෙන ඒමට සැලසුම් කර තිබූ බවයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඞී.එන් හෙට්ටි ආරච්චි මහතා විසින් සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතත් මම කියනවා ඉන්දියාවට යන සෑම කෙනෙක්වම විශේෂ පරික්ෂාවකට ලක් කරන්න. (නි)
දැනට දින කීපයකට කලින් කිවුවා නේද ගෑණු අයෙකුට පවුම් 15 කුත් පිරිමි කෙනෙකුට පවුම් 5 දක්වා රත්තරන් අාභරණ පැළදගෙන ගුවන් තොටුපලින් යන්න පුළුවන් කියලා.මොකක්ද මේකේ තේරුම? (නි)
අනේ මන්දා ගැහැණු අය සාමාන්‍යෙයන් වළලු හයක් මාලයක් මුදු දෙක තුනක් දානවා .දෙමළ අය ඊට වඩා වැඩිය දානවා. මොකක්ද මේ නීතිය. දෙදෙනෙකුට වලලු 13 ක් දාගෙන යන්න බැරිද. අනික රත්තරන් දැන් බදු රහිත නේද? (නදී)
ලොකු ලොකු අයට කුඩු කන්ටේනර් ගෙනෙන්ඩ පුළුවන්. පොඩි එකෙකුට රෙද්දක් ගේන්ඩ තහනම්. මම විදේශ රටක ඉන්නේ. මම දන්නවා මෙහෙන් නීති විරෝදීව බඩු යවනවා ලංකාවට. රේගුවට ජරාව දීලා.(නදී)
දැන් අපිට ලංකාවට එනකොට ලංකාවෙන් යනකොට රත්තරන් බඩු ගෙන යන්න තහනම්ද?.(නදී)
සරත් නෝනිස් මහත්තයෝ, මේ කාන්තාවන් හොරකම් කෙරුවේ? නැහැ. ඒ ගොල්ලන්ගේ සල්ලි වලින් ඉතාමත් අමාරුවෙන් මේවා අරගෙන ගිහිල්ලා විකුණලා, ඒවායින් රෙදිපිළි ගේන්න නේද යන්න ගියේ? දැන් රටේ ජීවත්වෙන්න විදියක් නැති නිසයි මෙහෙම කළේ. (නදී)
මා දන්නා තරමින් තමන්ට රත්රන් මාල වළලු මුදු පැළඳගෙන යන්න එන්න මගීන්ට අවහිරයක් නොමැත. රේගුව විසින් ප්‍රශ්න කරද්දී ඔහුන්ට කියන්න තිබුනා මා මේවා පළදින ඒවා කියලා..(නදී)
මෝහමෙඩ් මහත්තයෝ,රෙදි පිලි ආයතනයක් මෙරට ලියාපදිංචි කරලා,බැංකු අයිරාවකුත් අරගෙන නීතියනු කුල විදියට කරන්න පුළුවන් ක්‍රම තියෙනවා නේද? (නදී)
ඔබට ගොඩක් ස්තුතියි මගේ අහදස පළකළාට. අනේ මන්දා. මේවායින් වෙන්නේ ලංකාවේ ආර්ථිකය තවත් හිරවෙන එක තමයි (නි)
අනේ මට නම් කමක් නැහැ .මගේ රත්තරන් ගෙදර.ඒවා එහාට මෙහාට කරනවා නම් බොරු ... (නි)
ගැහැණුන්ගේ නුවණ හැදි මිටේ දිග කිවුවලුනේ (නි)
අනිල් මහතා ඔබ තුමා බොහෝ කලෙක සිට මමත් කියන්න කියලා හිතන් සිටි දෙයක් කියලා තිබෙනවා. ස්තුතියි. (ස)
මට බයයි දැන් කොහෙවත් යන්න. මගේ කටේ රත්තරන් දත් ගොඩක් තියෙනවා. (නදී)
චමත් ඔයාට විශ්වාසද ඔයාගෙ රත්තරන් ගෙදර කියලා.හොරෙන් දවාලක ගෙදර ගිහිල්ලා බලන්නකෝ. (ස)