පක්ෂ නායකත්වය දෙන නියෝග සහ උපදෙස් පිළිපැදීමට නොහැකි නම් වහා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉවත්ව යන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරු පස් දෙනෙකුට අද නියෝග කළේය.
මින් ඉදිරියට පක්ෂයේ ස්ථාවරය අභියෝගයට ලක් වන කිසිදු ක්‍රියාවලියක නිරත නොවන ලෙස ද, විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක නීතීඥ අජිත් පී පෙරේරා, ජාතික යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝධ් පෙරේරා, පත් කළ මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුනට තරයේ අවවාද කැරිණි.
ඔවුහු විපක්ෂ නායක කාර්යාලයට කැඳවනු ලැබ සිටියහ.
ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග හමුවේ අභියාචනාධිකරණය විභාගය දින උසාවියට නොයා යුතු යැයි පක්ෂය ගත් තීරණයට එරෙහිව ඔවුන් ක්‍රියා කැර ඇතැයි වික්‍රමසිංහ මහතා කීවේය. මන්ත්‍රීන් පස් දෙනා සමාව ගත් බව ද වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයාට ජය වේවා (දී)
කොහෙද තියෙන්න පක්ෂ නායකයා කියන එක ඒකමතිකව අනුමත කරන්න ඕනේ කියලා (දී)
රට දියුණුවට හොද විපක්ෂයක් තිබිය යුතය යු ඒන් පි පක්ෂයට විනයක් තිබිය යුතුයි (නු)
අනු මත කරන්න පුලුවන්ද (දී)
එහෙනම් 2014 දි අත් පළදනා හා චුයින්ගම් ලැබෙයි..!(නු)
අවුරුදු ගානකක ඉදලා වැඩ තමයි.. ඉතිං කවදාදා බලයට එන්නෙ..?(නු)
පක්ෂයක් උනාම විවිධ මත තියෙන්න පුළුවන් (දී)
සාක්කි දෙන්න ගියා නම් තමයි ප්‍රශ්නයක් වෙන්න ඕනෑ. උසාවියක නඩුවක් බලන්න යන එක වළක්වන්නෙ ඇයි? (නි)
මේ කාරනාවට මම විරුද්දයි (දී)
නව වෙනසක් (ස)
කසය පළමුවෙන්ම පාවිච්චි කරන්න ඕන කාටද කියලා කියන්න බලන්න (ස)
පක්ෂ නායකයා කවුද පත් කරන්නේ (දී)
ජනතාව විපක්ෂයට විරුද්ධව කසය අතට ගනීද? (නි)
මම විරුද්දයි එහෙම කියනවාට (දී)
ජයවේවා රනිල් මහත්තයාට ( දී)
පක්ෂයක් උනාම ඔහොම බැහැ (දී)
කොහොම වුණත් මේ රටේ වෙන දේවල් බැලුවහම නායකයන්ගේ කොන්දට කලින් ජනතාවට කොන්දක් තියෙනවද කියලා හොයලා බැලුවොත් හොඳයි. මොකද වෙන රටක මේ රටේ වෙන දේවල් වුණා නම් රටේ ජනතාව පාරට බැහැලා ආණ්ඩු එළවලා ගොඩක් කල්. (නි)
අනේ රනිල් මහත්තයෝ දැන්වත් ඉදිරියට එන්න (ස)
කස ගැහුවට හැමදාම පෙරහැර පිටිපස්සෙන්නේ යන්නේ. (නි)
සියල්ලට කලින් පක්ෂ නායාකත්වයට ගරු කරන්න (දී)
ඔබතුමා හරි (ස)
ඔය විදියට දිගටම කළොත් අර 2014 බලාපොරොත්තුව ගැන නම් හිතන්න අමාරුයි. (නි)
එහෙම දෙයක් රනිල් මහත්තයා කියලාද (දී)
රනිල් මහතා ඉවසනවා වැඩියි. ඒකයි මන්ත්‍රීවරු පක්ෂ නායකත්වය දෙන නියෝග සහ උපදෙස් පිළිපැදීමට පස්ස ගහන්නේ. පක්ෂයට හානි කරන මන්ත්‍රීවරු දෙතුන්දෙනා පක්ෂෙන් නෙරපා හරින්න කියලා තමයි අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ. (නි)
අනේ මන්දා (දී)
සුබ පෙරනිමිති (ස)
කපෝතියි...! (නි)
මොනවා වෙන්න යනවාද මන්දා
පාසලක් වගේනේ හරියට (දී)
ඕනෑම ආයතනයක විනය පවත්වගෙන් යාම වැදගත්. නමුත්, පක්ෂයේ ස්ථාවරයද ජනතාවගේ සුගතිය වෙනුවෙන් වියයුතුයි. (නි)
මේ මනත්‍රීලා කියනදේ අහන්නේ නැද්ද?(නු)
බලාගෙන ගියාම නායකතුමත් කරන්නේ අලුතින් මන්ත්‍රීවරු පක්ෂයට එකතුකරගන්නවා වෙනුවට ඉනන් අයත් එළව ගන්න හදන එකනේ.. (නු)
රටට විහිලුවක් වෙන්න එපා මහත්තයෝ. (නි)
විපක්ෂයේ කාර්යභාරය නිවැරදිව නොකරන අය මුලු ලංකාවාසී ජනතාවගෙන්ම සමාව ගතයුතුයි. (නි)
කට්ටියත් එක්ක රට යන්නනේ තිබුණේ. (නි)
හරි හෝ වේවා, වැරදි හෝ වේවා සියලුදෙනාම නායකත්වයට හිස නැමිය යුතුයි. මෙතනදී රනිල් හරි. (නි)
එතකොට අර අහවල් මහත්තුරු දෙන්නා ගියේ අවසර ඇතුවද? (නි)
එයාට හැමදාම ප්‍රශ්න. අනේ මන්දා? (නි)
මට කවියක් මතක් වුණා. උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ... කියලා. ඇයි දන්නෙ නැහැ. (නි)
අයියෝ සල්ලි (දී)
නියමයි. (නි)
ජය වේවා! (නි)
උසාවියට ගිය මන්ත්‍රීවරැන්ට අපෙගේ ප්‍රණාමය..!(නු)
ඒක සදාචාර සම්පන්නද (දී)
අයියෝ මිනිස්සු හැමදාම තැලෙනවා. පොඩිවෙනවා. රනිල් මහත්තයා කසය අතට ගන්නවා. (නි)
ඔබතුමා හරි. එක එක්කෙනාට ඕනෑ විදිහට පක්ශයක් කරන්න බැහැ. තීරණ ගන්න ඕනෑ නායකතුමා. (නි)
ඒක හරි. (නි)
රට ගිහිල්ලා ආවට පස්සේ චණ්ඩියා වෙලානේ. නියමයි නියමයි. (නි)
අනේ අපිටත් ආසයි ගොඩාක් කාලෙකට පස්සේ රනිල් මහත්තයත් විධායක බලතල සහිත ජනාධිපති කෙනෙක් වෙනවා දකින්න. ලබන අවුරුද්දෙ බලමු නේද? (නි)
ඔන්න ආයෙත් එතුමා වැඩ පටන් අරගෙන. තවත් හොද ආරම්භයක්. (නි)
අයියෝ සල්ලි
මටනම් කියන්න දෙයක් නැහැ (දී)
මට ප්‍රස්ථා පිරුලක් මතකයට එනවා (ස)
මටනම් කියන්න දෙයක් නැහැ (දී)
ඉස්කෝලයක් වගේ (දී)