IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රනිල් ලන්ඩන් යයි

(අංජුල මහික වීරරත්න)

විදෙස් මාධ්‍ය හමුවක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේය.

මෙම සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය හමුවකට සහභාගී වීමට නියමිත අතර අල් ජසීරා මාධ්‍ය ජාලය විසින් එය මෙහෙයවනු ලබයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස අනුගමනය කළ දැඩි ආර්ථික සැලැස්ම ශ්‍රී ලංකාව කඩා වැටීමෙන් ගලවා ගත්තේද? නැතහොත් ඉදිරියේදී ඇති විය හැකි විශාල දුක්ඛිත තත්ත්වයන් සඳහා පාර සකස් කළේද?

දූෂණය සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, පාස්කු ප්‍රහාර සමයේ අග්‍රාමාත්‍ය ලෙස අත්දැකීම් ආදී කරුණු  පිළිබඳව මෙම ජාත්‍යන්තර මාධ්‍ය හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කිරීමට නියමිතව ඇත.

හිටපු ජනාධිපතිවරයා දින දහයකට ආසන්න කාලයක් ලන්ඩන් නුවර රැඳී සිටිනු ඇත.



අදහස් (18)

රනිල් ලන්ඩන් යයි

thilak Monday, 03 February 2025 03:01 PM

ඉතින් අපිට මොකද?

:       34       53

යෝගා Monday, 03 February 2025 03:09 PM

තාමත් ජාත්‍යන්තරය පිලිගන්නේ රනිල්වයි. මොකද අනුර බඩ ගගා, ෆේල් වෙවී ඉදිරියට ගෙන යන්නේ රනිල්ගේ වැඩ පිළිවෙලමනේ.

:       79       47

පිටරටවැසියා Monday, 03 February 2025 03:39 PM

අල් ජසීරා එකටත් පිස්සු. හොඳ නැද්ද, අය-වැය අතිරික්තයක් තිබිච්ච රටක් අය-වැය හිඟයක් සහිත රටක් බවට පත්වෙලා, ණය කන්දරාවක් සමඟ ක්‍රමානුකූලව බංකලොත් භාවයට පත්වෙච්ච හැටි ගැනත් අදහස් පලකලොත්? තවටිකක් ඉදිරියට ගිහින්, රටේ ආර්ථික මර්මස්ථාන වෙන්දේසී වූ හැටි, ලද ආදායම අය-වැය හිඟය පියවීමට යොදාගත් හැටි සහ රාජ්‍ය ආයතන අකර්යයක්ෂම පරිපාලනය සහ දේශපාලන ඇගිලිගැසීම් මත දිගින් දිගටම පාඩු ලබන හැටිත්, එම ක්ශේත්‍ර වල පෞද්ගලික ව්‍යාපාර ලාභ ලබන හැටි ගැනත් අදහස් ටිකක් ?

:       22       37

පම්පෝරි ජනක Monday, 03 February 2025 03:41 PM

රට බංකොලොත් වෙන්න වැඩියෙන් ම බලපෑවේ අර යහපාලන කාලේ රනිල් ගත්ත බැඳුම්කර ණය බිලියන 12.5 නේද කියල ඔය සාකච්ඡා වෙදිවත් අහයිද කවුරුහරි ?

:       32       53

කෝරළගේ Monday, 03 February 2025 04:15 PM

මෙයාගෙ ආර්ථික සැලැස්මවල් අපි නොදන්නවැයි... ලන්කාවෙ මහ බැංකුව කඩල USD ඩොලර් මිලියන 11ක් රටට අහිමි කරල අද වෙනකනුත් ඇලෝෂියස් සිංගප්පූරුවෙ භැන්ගිල ඉන්නෙ.අපි මේ බලන් ඉන්නෙ මහජන මුදල් හොරා කාපු මේ උන්දෑලට මාලිමා රජය ඉහලම දඩුවම ඉක්මනින්ම ලබාදෙයි කියල.

:       3       3

Asela Monday, 03 February 2025 04:16 PM

ලප කොටාට කාටවත් මුහුණ දෙන්න දැනුමක් හෝ හැකියාවක් නැහැ. ඔහු හොඳ NPP වහලුන්ට පමණි.

:       45       34

Rata PerataTuesday, 04 February 2025 02:01 PM

නොදකින් මේ වගේ අවජාතික කාලකන්නි. මේ වගේ අපතයෝ එක්ක කොහොමද රට හදන්නේ.

:       0       0

පොඩිඑකා Monday, 03 February 2025 04:29 PM

එකත් එකටම මහදවල් බැංකු කඩන හැටි උගන්නන වැඩහටහනකට වෙන්න ඇති. බටලන්ද ගැනත් ඇහුවොත් හොදා…!

:       22       40

ලක්විදු Monday, 03 February 2025 04:33 PM

අනේ යෝගෝ ඔයාගෙ මන්දබුද්ධික කම පෙන්නන්න එපා. ජාත්‍යන්තරය අනුර සහෝදරයා පිලිගත්ත හැටි මුළු ලෝකයම දැක්කා. අල් ජසීරා කියන්නේ ජාත්‍යන්තරය නෙවෙයි. ජාත්‍යන්තර කුණු අවුස්සන ජනමාධ්‍යයක් විතරයි. ඒකෙ ලෝක හොරැත් එක්කත් සාකච්ඡා කරනවා.

:       21       35

Srinath Monday, 03 February 2025 04:49 PM

තවමත් ජීවත්වෙන්නේ බොරුවෙන්. කොහේහරි යන්න උණාම සමුළුවක් ඉදිරියට දාලා අපේ ගොන්නු අන්දනවා . මොනවා ඇමතුවත් රට බංකොලොත් කළේ රනිල් ඇතුළු UNP සෙට් එක.

:       22       35

ගුණරත්න Monday, 03 February 2025 05:41 PM

විශ්‍රාමික ජනාධිපති ආරාධනා ලැබුණු උත්සවයකට ගියාම මාලිමාවුන්ට රිදෙන්නේ ඇයි...?

:       27       26

බණ්ඩාMonday, 03 February 2025 06:34 PM

හිටගෙනද දන්නේ නෑ UNP රට බංකොලොත් කලේ. රනිල්ට ඉංග්‍රීසී ප්‍රස්නයක් නැති නිසා ඕක වැඩිය ගණන් ගන්න එපා.

:       5       9

Asela Monday, 03 February 2025 05:30 PM

පිනට ජනාධිපති වෙලා ඉන්න කාලේ අර දහ සැරයක් විතර ගියපු කිසිම වැඩකට නැති දේශගුණික විපර්යාස සමුළුව එහෙම සෑහෙන්න මතක් වෙනවා ඇති... සීයට නේද දැන්..? ඒ මදිවාට දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයකුත් හදනවා කිව්වා ලංකාවේ, කවදාවත් කිසිම දැක්මක් තිබ්බ මනුස්සයෙක් නෙමෙයි.

:       19       30

ලසා Monday, 03 February 2025 07:42 PM

අනේ මෙහෙම මාධ්‍ය හමු තිබ්බා කියලා රටේ මිනිසුන් කවුරුත් කැමැති නැති බොරු පුරාජේරු කෙලින මේ මිනිසා රට අවුලක් කරලා තියෙන එක වහන්න හදන්නේ ඇයි? අනික මේ ආත්මාර්ථකාමි මිනිසා තමන්ගේ පුද්ගලික සම්බන්ධතා තියෙන කෙනෙක් නිසාම පක්ෂයත් නැති කරලා ඊළඟ නායකත්වයත් විනාශ කළා...

:       9       9

රම්සි Monday, 03 February 2025 08:29 PM

අල් ජසීරා කියන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාව ම්ලේච්ඡ හමුදාවක්, සිංහල ජාතිකයන් ම්ලේච්ඡයන්, ලෙස පෙන්වා වැඩසටහන් විකාශනය කල රෑපවාහිනී නාලිකාවක්.

:       0       0

Perera Monday, 03 February 2025 11:40 PM

මේ මිනිහට කරන ඒවා රටට දැනගන්න උවමනාවක් නැහැ නේ

:       0       0

සමන්ත Tuesday, 04 February 2025 12:24 AM

අපි ජේ. වී.පී ආණ්ඩුවට දුන්නේ මාස 6 යි. ඒත් ඔහොම යං තව ටිකක්. එතකොට මිනිස්සුන්ට හොඳටම තේරෙයි “ දොර වහන සද්දෙයි දර පාලන සද්දෙයි වෙනස. හා..හා..හා ජේ.වී.පී. කාරයෝ අද ආණ්ඩු කරන්නේ අරගලයට සහ රනිල්ට පින් සිද්ධ වෙන්න. නැතුව තමන්ගේ දක්ෂකමකින නෙවේ. වැඩිය උඩ පැන්නොත් වෙන්නේ බිමට වැටිලා හොම්බ ඇනගන්න වෙන එක.රනිල් ඉතුරු කරලා ගිය සල්ලි ටිකයි. රනිල් ගේ මිනිස්සු කරපු වැඩ ටිකයි නොවෙන්න අද වෙද්දී ජේවීපී කාරයෝ කරලා තියෙන්නේ මොනවාද? තව රට බංකොලොත් කමින් මුදා ගත්තෙත් උන්ලු. රටේ හාල් නෑ , පොල් නෑ , ලුණු නෑ , මිනිස්සුන්ට කන්න නෑ , හොඳට තිබ්බ වරායේ වැඩ නෑ. මිනිස්සු රට රැකියා වලට යන්න හදලා දීලා, සංචාරක ව්‍යාපාරය දියුණු කරලා, යු.එස්. ඒඩ් එකෙන් ආධාර ලෙස පොහොර ඇරන් ගොවියට දීලා රටේ බත සරු කලේ රනිල් මිසක් උඹලා ගේ මොනම නායකත්ව ලක්ෂණයක් නැති අනුර කුමාර නෙමේ. ඒ තමයි යු. ඇන්.පී කාරයොන්ගේ හැටි. අනිත් උන් වගේ කුහක නෑ.

:       1       0

Janitha Tuesday, 04 February 2025 03:20 PM

අම්මෝ කයිනායක එහෙම ලන්ඩන් ගියා නම් බලන්න තිබුණා ජෙපයියෝ කවි ලියන හැටි. ඇයි ඉතිං රාජාංගනේ හිටපු උන්ට ඒකත් ලොකු දෙයක් නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර
2025 අප්‍රේල් මස 25 5 0

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල


ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 255 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 177 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 483 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 642 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 528 5

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 769 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 521 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site