IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘රනිල්ට එරෙහි දෝෂාභියෝගය අත්සන් කරලා ඉවරයි‘ - වෙල්ගම

‘රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව දෝෂාභියෝගය අත්සන් කරලා තියෙන්නේ. ලබන 7 වැනිදා කළුතර සිට කොළඹට පෙළපාළියකින් ගිහින් 8 වැනිදා දෝෂාභියෝගය බාර දෙනවා‘ යැයි හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා බණ්ඩාරගමදී කීවේය.

මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණ කාර්යාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොට්ඨාස නායකයින් හමුවීමකදී වෙල්ගම මහතා එසේ පැවසීය.

‘මෛත්‍රිපාල මහතාගේ ඔළුවේ තියෙන්නේ ජාතික ආණ්ඩුවයි. රනිල්ගේ අගමැතිකම පමණයි. එයා කථා කරන්නේ වෙනම දෙයක්. මම ඔය හැම සාකච්ඡාවකටම මුලින්ම ආව මිනිහෙක්. දහයක් හමුවුණොත් දහ විදියක්. ඒකට හොඳම උදාහරණය තමයි මුලින්ම සාකච්ඡාවට ගියේ මමයි, ටී.බී.ඒකනායකයි. සාකච්ඡාව ඉවරවෙලා ටී.බී ගෙදර යනකොට එයාව මධ්‍යම කාරක සභාවෙන් අයින් කරලා.‘

DSC00587 DSC00606

 



අදහස් (0)

‘රනිල්ට එරෙහි දෝෂාභියෝගය අත්සන් කරලා ඉවරයි‘ - වෙල්ගම

ටෙරන්ස් Thursday, 28 May 2015 05:33 PM

කපන්න බැරි අත සිඹිනවා වගේ වැඩක් කරන්න හදන්නේ. (නි)

:       0       0

වාසනා Thursday, 28 May 2015 08:51 PM

තව දවසක් මේ කට්ටියට පාර්ලිමේන්තුවේ නිදාගන්න පුළුවන්. කොට්ට පැදුරු අරගෙන එන්න. රත්තරන් බඩු තියලා එන්න. මෙදා මොනවා කරගනිද දන්නේ නැහැ. (නි)

:       0       0

දයාරත්න Thursday, 28 May 2015 08:59 PM

මෛත්‍රීට රනිල්ට ලැබී ඇත්තේ ජනතා කැමැත්තයි.දෝෂාභියෝග යනු ජනවරම අහිමි, බලය නැතිවේයැයි බියටපත් අය තම බලය රැකගැනීමට ගන්නා උපක්‍රමයකි.බුද්ධිමත් ජනතාව මොවුන්ට පාර්ලිමේන්තු වරම අහිමි කිරීමට තවත් හේතුවක් වන්නේ මොවුන්ගේ අවස්ථාවාදී දෝෂාභියෝගයයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 28 May 2015 09:21 PM

වහල්ලු වහල්බාවයෙන් නිදහස් කළාම ඔවුන් කිවුවලු අපිට වහල්ලු හැටියට ඉන්න දෙන්න අපිට වහල් ජීවිතේ හොඳයි කියලා.අද යහපාලලට වෙලා තියෙන්නෙත් ඒකම තමයි. මතක තියාගන්න, අපි දැන් තමයි ප්‍රජාතන්ත්‍රවාදේ අපුරුවට විඳින්නේ. (නි)

:       0       0

කවින්ද Thursday, 28 May 2015 09:32 PM

අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

තිළිණ Thursday, 28 May 2015 09:34 PM

එහෙනම් ඉතින් ගේන්නකෝ බලන්න (නි)

:       0       0

යවනාඩ් Thursday, 28 May 2015 10:32 PM

මෛත්‍රී කියන්නේ අපි කාගේත් නායකයා. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 28 May 2015 11:10 PM

යහපාල,ඔය දැන් එන්න ඉන්න කෙනා මේ පාරත් සිල් රෙදි එහෙම බෙදන්න ලැහැස්ති වෙලාද ඉන්නේ?පොඩ්ඩක් කට ඇරගෙන බලාගෙන ඉන්න රටේ දීලා තිබෙන ගේම් තව ඉස්සරහට එන හැටි .... නීතිය නමැති කුරුල්ලා අත්තේ වහලා ඉන්නේ, කොයි වෙලාවක හරි කරලේ වහයි.අපි ගියවර කළා වගේ අපේ මුළු ශක්තිය දාලා ජනතාව දැනුවත් කරලා හිටපු හොර නඩයට බලයට ඇවිල්ලා රට නැවතත් වනසන්න දෙන්නේ නැහැ (නි)

:       0       0

රවී Thursday, 28 May 2015 11:25 PM

ඔබතුමා ප්‍රසිද්ධ තැන් වල කාන්තාවන් ගැන කියන කතා ඇහුවහම පාර්ලිමේන්තු යන්න සුදුසුසුද කියලත් හිතෙනවා.එහෙවු ඔබතුමලානේ අනුන්ට දෝෂාභියෝග ගෙනෙන්න හදන්නේ. (නි)

:       0       0

මනෝජ් Thursday, 28 May 2015 11:41 PM

එහෙනම් ප්‍රවේශමෙන් තියාගන්නකෝ (නි)

:       0       0

විකුම් Friday, 29 May 2015 12:35 AM

රනිල් දැන් විශ්‍රාම ගතයුතුයි (නි)

:       0       0

සමන්ති Friday, 29 May 2015 12:54 AM

ඔයගොල්ලෝ මෛත්‍රී මහත්මයාට වෙනස්කම් කරලා දැන් කකුලෙන් අදිනවා. ඒ විතරක් නෙමෙයි,නිමල් මහත්මයාටත් වෙනස්කම් කරන්න බලනවා. (නි)

:       0       0

සමන්ති Friday, 29 May 2015 12:55 AM

විකුම් , ඇයි එතකොට විශ්‍රාම ගන්න ඕනෑ අය ‍නැද්ද වෙන?? (නි)

:       0       0

තිලක් Friday, 29 May 2015 03:54 PM

දෝෂාභියෝග අත්සන් කරලා වැඩක් වෙන්නේ නෑ දැන්.(හේ)

:       0       0

තිලක් Friday, 29 May 2015 03:58 PM

දැන් පරක්කු වැඩියි.(හේ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 29 May 2015 01:17 AM

රජයේ සල්ලි වලින් බෙදුවත් පුද්ගලිකව බෙදුවත් සිල් අම්මලාට සිල් රෙද්දක් බෙදලා දෙන එක සිංහල බෞද්ධ අපි නම් සළකන්නේ ලොකු පිනක් හැටියට. පෝස්ටර් වලටවත් කටවුට් වලටවත් බෙදලා දීපු ඒවාටවත් නෙමෙයි මහින්ද මහත්තයාට සිංහල ඡන්ද බහුතරය ලැබුනේ.බොරුවට ආයුෂ ගොඩක් කෙටියි. (නි)

:       0       0

ඉසුරු Friday, 29 May 2015 01:23 AM

මහින්ද ආයෙත් බලයට එයි කියලා හිතලා සමහරු දැන්ම තියා මහින්දට කඩේ යනවා. හිටපු හොරුන්ව ජනතාව ආයෙත් බාරගන්නේ නැහැ.ජාතික ආණ්ඩුවක් ඕනෑ ජනතාවට.මේ අය කෑගහන්නේ ආයෙත් තනිවම බලය අරගෙන හොරකම් කරන්නයි (නි)

:       0       0

මහානාම - මතුගම Friday, 29 May 2015 01:27 AM

රනිල් කියන්නේ ලංකාවේ සිටින හොඳ ඔළුවක් ඇති නායකයෙක් (නි)

:       0       0

ගිහාන් Friday, 29 May 2015 01:32 AM

අපෝ මෙයාව හරි විශ්වාසයිනේ ජනතාවට . ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කාලේ කාන්තාවන් ගැන ප්‍රසිද්ධියේ පම්පෝරි ගගහ හිටිය මිසක් රට වෙනුවෙන් කළ දෙයක් තියනවද? (ම)

:       0       0

ගිහාන් Friday, 29 May 2015 01:33 AM

අපෝ මෙයාව හරි විශ්වාසයිනේ ජනතාවට . ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කාලේ කාන්තාවන් ගැන ප්‍රසිද්ධියේ පම්පෝරි ගගහ හිටිය මිසක් රට වෙනුවෙන් කල දෙයක් තියනවද? (ස)

:       0       0

උමේෂ් Friday, 29 May 2015 01:35 AM

මෙන්න බලන්නකෝ විශවාස භංගයක් ගැන කතා කරන එක්කෙනා. ඔබතුමාව ගෙදර නෝනාට විශ්වාස යයි මම විශ්වාස කරනවා. (ස)

:       0       0

අප්පුහාමි Friday, 29 May 2015 01:35 AM

ජනතාව බහුතරයක් ගේ කැමැත්ත පිළිගන්න අකමැති නම් අපිත් ගේනවා හොද දෝෂාභියෝගයක් ලබන ඡන්දෙදි... මහන්සි වෙන්න එපා. (ස)

:       0       0

සමන්ත Friday, 29 May 2015 01:38 AM

අනෙක් මිනිස්සුන්ගේ චරිතයෙයි කල නොකළ දේවල් වලයි වැරදි සොයන්න , මහජන මුදලින් "කලාව" නඩත්තු නොකරන කෙනෙක් මුල් වුණා නම් වඩාත් හොඳයි. (ස)

:       0       0

පිවිතුරු යහපාල Friday, 29 May 2015 01:40 AM

අපරාදේ නේද මහානාම මහත්තයෝ..2004 දී ඒ ඔලුව අයින් කලේ..(ස)

:       0       0

නිමල්ලාලිත Friday, 29 May 2015 01:47 AM

පැවිදි වේවා,ගිහි වේවා සියලුම දේශපාලන ගැතියන් තම නායකයන් පුදති , පසසති. රට ජාතිය ,විෂේශයෙන් සිංහලයා,සිංහල අයිතිය වලපල්ලට. (ස)

:       0       0

රකිත් Friday, 29 May 2015 02:13 AM

මිට පෙරත් විශ්වාස භංග යෝජනාවක් ගේනාවා කිව්වා නේද එක්තරා ඇමතිවරයකුට එරෙහිව 130ක්ද කොහෙද අත්සන් කරලා. ඒකට මොකද වුනේ? (ම)

:       0       0

සමිදු Friday, 29 May 2015 03:05 AM

මොලයක්,උගත්කමක් ඇති කෙනෙකුට වැඩක්‌ කරන්න දෙන්නේ නැති රැලක් තමයි ඔය කෑගහනේ .(හේ)

:       0       0

හේමන්ත Friday, 29 May 2015 03:05 AM

මෛත්‍රී බලය තවම පෙන්නුවේ නෑ. අපි ඉදිරි මැතිවරණයේදී එතුමාගේ ජාතික දැක්ම දිනවනවා. ශ්‍රී ලංකා සහ එජාප හොරු නැති වැඩ ඇති ජාතික සමගි රජයක් ගෙනෙනවා. (හේ)

:       0       0

සුනිමල් Friday, 29 May 2015 03:24 AM

88/89 කාලේ බටලන්ද වධකාගාරවල තරුණයෝ ඝාතනය කරපු, රාජ්ය ආයතන කුණු කොල්ලෙට විකුණපු, රට පාවා දුන්නු වික්රමසිංහ මහත්තයාගේ දේශපාලනයට මම විරුද්ධයි. කවුරු හරි කියයි ඒවා ඉතිහාස කතා කියලා.අද සිද්ධ වෙන්නේ එදා විධිහටම රට පාවා දීමක්. (කේ)

:       0       0

සුනිල් Friday, 29 May 2015 03:35 AM

තමුන්ගේ දොස් මොනවත් තිබුනේම නැද්ද අනුන්ට දොසාබියෝග ගෙන්න ? තමුන් ඉතා පිරිසුදු වෙලාද හිටියේ? (ස)

:       0       0

නිමාෂා Friday, 29 May 2015 03:40 AM

හොඳ ඔළුවක් ඇති නායකයෙක් වුණාට අනා ගැනීම් හරි වැඩි බව පෙනෙනවා. රටට නොගැලපෙන ප්‍රතිපත්ති කරන්න ගියහම වන විපාක. හොඳ නායකයෙක් නම් දැන් කල යුත්තේ නීතිගරුකව ඉල්ලා අස්වීමයි. (ස)

:       0       0

ලක් Friday, 29 May 2015 03:58 AM

තරහ වෙන්න එපා මෙහෙම අහුවට, ඉසුරු අනිත් අයට කඩේ යනව කියන්නේ ඔයා කඩේ යන්නෙම නැද්ද (කේ)

:       0       0

සමන් කුමාර Friday, 29 May 2015 04:08 AM

හොරෙක්, තක්කඩියෙක්, ස්ත්‍රී දුෂකයෙක්, පදාඩයෙක් නොවෙන තාක් කල් කොච්චර අනාගත්තත්, නාගත්තත් කමක් නැහැ. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 29 May 2015 04:12 AM

දැන් ඉන්න සභාපති පක්ෂයට ද්‍රෝහිකම් කරනවා කියල සමහරු කියනවා. මට නම් එහෙම පේන්නේ නැහැ. ඒ උනාට හිටපු සභාපති කලේ විපක්ෂයේ කට්ටිය පක්ෂයට වද්දගෙන ඉහල ඇමතිකම් දීල පක්ෂේ පැරණි කට්ටිය මුල්ලට දාපු එක නොවෙයිද? වෙල්ගම උන්නැහේ මේ පැත්තේ කියපුව කරපුව අපි හොඳට දන්නවා. එයාට මමත් එක ඡන්දයක් දුන්න . හැබැයි ආයෙමත් නම් දෙන්නේ නැහැ. (ස)

:       0       0

නීලනුවන් Friday, 29 May 2015 04:25 AM

ඉති බාර දෙන්ඩ මගෙ රත්තරන් (බ)

:       0       0

එච්.පෙරේරා Friday, 29 May 2015 04:35 AM

වෙල්ගම මහත්තයාගේ පිටිපස්සේ හොද පෝස්ටර් එකක් ගහල තියෙන්නේ " වෙනස මාරයි. රට හමාරයි " කියල . ඒ කට්ටියට ගැලපෙන පෝස්ටර් එක ගහල නැහැ වගේ මට පෙන්නේ. හරි නම් ගහන්න තිබුනේ " වෙනස මාරයි. හොරු හමාරයි " කියල. (බ)

:       0       0

උදාර Friday, 29 May 2015 04:38 AM

වෙල්ගම මහතා ඉස්සෙල්ල බලන්නකෝ අර අසවල් දුම්රිය හොඳ දෝෂ නොමැති තත්වයේද කියලා . ඒක නඩත්තු කරන්නත් පාවිච්චි කරන්නේ මහජන මුදල් නේ ! (බ)

:       0       0

මොහාන් Friday, 29 May 2015 05:18 AM

දෝෂාභියෝග මොකටද? අත්සන් 113 ක් දාල ලිපියක් දෙන්න ජනාධිපතිතුමාට ,(හේ)

:       0       0

ජනක Friday, 29 May 2015 05:18 AM

ඉකමනට ඡන්දේ දෙන්න.(හේ)

:       0       0

චන්න බුවනක Friday, 29 May 2015 05:24 AM

ඔබලා දැන් මොනවා කීවත් මොනවා කළත් වැඩක් නැහැ. ජනාධිපතිවරණයේදී වගේ ඊළඟ මැතිවරණයේදී ජනතාව හොඳ තීන්දුවක් දෙයි, බලාගෙන ඉන්න.(හේ)

:       0       0

සුරන් Friday, 29 May 2015 05:37 AM

ඉස්සර රනිල් මහත්තයා විපක්ෂ නායකව සිටිනතාක් මහින්ද මහත්තයාට බලයේ ඉන්න පුළුවන් හැකියාවක් තිබුනා. දැන් මෛත්‍රී මහත්තයා ජනාදිපතිව සිටිනතාක් රනිල් මහත්තයට බලයේ ඉන්න පුළුවන්. (හේ)

:       0       0

අජිත් Friday, 29 May 2015 06:02 AM

තාවත් නාටකයක්.(හේ)

:       0       0

ශාන් Friday, 29 May 2015 06:17 AM

ඒක හොඳයි. (හේ)

:       0       0

තුසිත Friday, 29 May 2015 07:23 AM

මේගොල්ලන්ට ඉතිහාසයේ උරුම තැනට ජනතාව මෙවර යවවී (ම)

:       0       0

ඉන්දික ගාලේවත්ත Friday, 29 May 2015 07:52 AM

මේ අයගේ තියන ලැජ්ජා නැති කම තමයි..ලංකාවේ අගමැති ‍ලෝක‍යේ විශිෂ්ටතම ප්‍රඥාවන්ත ඉවසිලිවන්ත අගමැති නිසා මේ අයට දරා ගන්න බෑ..(හේ)

:       0       0

මහානාම - කඳාන Thursday, 28 May 2015 02:59 PM

ජනාධිපතිවරණය වගේ සාධාරණ මැතිවරණයක් පවත්වා , ජනතා අභිලාශය ලබා ගන්න ලෙස අපි ඉල්ලා සිටිමු . මොනම පක්ෂයක් හෝ ජාති වාදී , දැඩි මතධාරි , බෙදුම් වාදී න් ගේ සහය නැතිව බලය ලබා ගන්න පක්ෂය අපි ආදරයෙන් පිළිගත යුතුයි මොන පක්ෂ වලට සහයෝගය අද දැක්වුවත් , හැබැයි විරුද්ධ මත දරන උදවිය හිර කොට , තලා පෙලා ලබන ජයග්‍රහණ නම් ජනතාව අනුමත නොකරනු ඇත . ඔන්න බලන්න දෛවයේ සරදම , මෝඩි මහතා ව දැන් මුළු ඉන්දියාවම ප්‍රතික්ෂේප කරනවා , කරුණා කර ඉන්දියන් පුවත් පත් බලන්න ( ඉන්දියන් එක්ස්ප්‍රස් ) . ලදී පුවත් වපු ප්‍රාන්ත ඡන්දයෙන් දිල්ලිය මෝඩි පකෂය අන්ත පරාදයි , ඉන්දියාවේ එහෙම උනාට මෝඩි ඇදුම ලංකාවේ මෛත්‍රී මහතාට එහෙම නොවේවා (බ)

:       0       0

සමරසිංහ Thursday, 28 May 2015 03:08 PM

මහත්තයෝ , දෝෂාභියෝගයක් ගෙන්න පුළුවන් විධායක ජනාධිපති කෙනෙකුටනේ. මම දන්නා තරමට අගමැති කෙනෙකුට ගේන්න ඉඩ තියෙන්නේ විස්වාශ භංගයක් විතරයි . රනිල් ආවේ පිනට නම් මේ මොකට මහන්සි වෙනවද? ඔයාල පුළුවන් නම් අර හොරු ටික දිනවන්න බලන්නකෝ! අපි ඔහෙලට ගේනවා ජනතාව රවට්ටලා බලය අරන් ජනතාවගේ දේවල් මංකොල්ල කාපු එකට විස්වාස භංගයක් . මොකද කියන්නේ? දේශපාලනය බිස්නස් එකක් කරගන්න හදන්න එපා! (බ)

:       0       0

නුවන් සිංහවංශ Thursday, 28 May 2015 03:11 PM

දෝෂාභියෝගයකින් ඉවත් කරනකන් නොසිට ස්වකැමැත්තෙන්ම ඉවත්වන්නේ නම් මැනවි (බ)

:       0       0

අර්ජුන රණවන Thursday, 28 May 2015 03:11 PM

ඔබලාට එරෙහිව දෝෂාභියෝගය අපිත් අත්සන් කරලා ඉවරයි (බ)

:       0       0

අර්ජුන රණවන Thursday, 28 May 2015 03:16 PM

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළීමට විපක්ෂයට අශ්ව කුලප්පුවක් නැතැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (28) ප්‍රකාශ කළේය. (බ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 28 May 2015 03:30 PM

වෙල්ගම මහත්තයෝ ..ඔක්කොටම කලින් පක්ෂයේ සභාපතිට විශ්වාස භංගයක් ගෙන්න..තමන්ගේ පක්ෂයේ පැවැත්ම වෙනුවෙන් දියුණුව වෙනුවෙ ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයින්ගේ බලාපොරොත්තු වෙනුවෙන් කැපවීමක් නොකරන අමු අමුවේ පක්ෂයට ද්‍රෝහී වෙමින් පක්ෂයේ බලය ජන්ම හතුරට පාවල දීපු මෙහෙම සභාපති කෙනෙක් ලෝක ඉතිහාසේ කිසිම දේශපාලන පක්ෂයක ඉදල නැතුව ඇති..පොල්පිත්තක් කපල ගෙනත් ඔය පුටුවෙන් තිබ්බනම් ඒකෙන් ඔයිට වඩා පක්ෂයට සෙතක් වේවි..(බ)

:       0       0

මෛත්‍රීරත්න Thursday, 28 May 2015 03:41 PM

යහපලගේ කටේ මසුරන් දාන්න ඕන, අම්මප. (බ)

:       0       0

දුමින්ද Thursday, 28 May 2015 03:43 PM

ලක්ෂ 62 ජනවරම සහ ඩාර්ලි පාරේ සභාපතිකම යාදෙක -නොරත-රත (බ)

:       0       0

පරණගම Thursday, 28 May 2015 04:55 PM

කපටිකමට වඩා අවංකත්වය හොදයි. මහජනතාව දැනුවත් කිරීම දේවකාරියක් . (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 0 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2329 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1273 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 523 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 849 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1479 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site