IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


රූපවාහිනිය ළමා මොළේ වනසයි

අධික ලෙස රූපවාහිනිය නැරඹීමෙන් ළමයින්ගේ මොළයේ ව්‍යුහමය වෙනස්කම් සිදුවී හානිකර තත්ත්වයන් ඇතිවන බව ජපානයේ විශ්වවිද්‍යාලයක කරන ලද පරීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇත.

සෙන්ඩායි නගරයේ පිහිටි ‍ටොහොකු විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් වයස අවුරුදු පහත් 18ත් අතර වයසේ පසුවන ළමයින්ගෙන් 276 දෙනකු යොදාගෙන මේ පරීක්ෂණය සිදුකැර ඇත. මේ අධ්‍යයනයෙන් සොයාගෙන ඇත්තේ ඔවුන් පර්යේෂණයට යොදාගත් ළමයින්  දිනකට අවම වශයෙන් පැය හතරක් පමණ රූපවාහිනිය නරඹා ඇති බවයි.

රූපවාහිනිය නැරඹීමේ සාමාන්‍ය අගය පැය දෙකකි. එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ බොහෝ වේලා රූපවාහිනිය නරඹන ළමයින්ගේ මොළයේ සංවේදනය දැනෙන හා චලනයන් සඳහා විධානයන් ලබාදෙන කොටසේ වෙනස්කම් ඇතිවී තිබෙන බවයි. නමුත් මෙවැනි දරුවන් කතා කිරීමට සැලැස්වීමේ දී මේ තත්ත්වය ඉහළ යෑම පාලනය කළ හැකි වූ බව ද පර්යේෂකයෝ කියති.

පර්යේෂකයන් වැඩිදුරටත් පවසන්නේ ළමා කාලයේ දී මොළයේ මෙම කොටස් වර්ධනය වීම කාර්යක්ෂමතාවට බලපාන බවයි. රූපවාහිනිය නැරඹීමෙන් මොළයේ ව්‍යුහමය වෙනසක් සිදුවන බව මීට පෙර අධ්‍යයනයකින් සොයාගෙන නොතිබූ බව ද ඔවුහු කියති. මේ පර්යේෂණයට අනුව රූපවාහිනිය නිතර නිතර නැරඹීම ළමයින්ගේ ඥානාත්මක වර්ධනයට බාධාවකි.  මේ ගැන වැඩිහිටියන් වැඩි අවධානයක් යොමු කරමින් තම ළමයින්ගේ අනාගතය යහපත් කළ යුතු බව ද ඔවුහු කියති.



අදහස් (0)

රූපවාහිනිය ළමා මොළේ වනසයි

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 12 January 2014 11:34 PM

මේ තත්වය අනාගත මිනිස් ක්‍රියාකාරිත්වය ට බෙහෙවින් බලපෑමට ඉඩ තියෙනවා. සාම්ප්‍රදායික සමාජවල විස්තෘත පවුලේ දරුවන් හදා වඩා ගැනීම සීයලා හා ආච්චිලාට පැවරී තිබුන කාලයේ එම වැඩි හිටියන්ගේ අත්දැකීම් අනුසාරයෙන් හා දරුවන්ගේ මානසික වර්ධනය ට ගෝචර කවි, ගීත හා කතාන්දර කීමෙන් ශක්තිමත් මනසක් ගොඩ නගා ගැනීමට ඒ දරුවන් ට හැකිවුනා. ඊට අමතරව රුපවානිය නැරඹීමේදී නොලැබෙන අන්තර් ක්‍රියාවලියක ට පවුලේ සමාජ සම්බන්ධතා තුලින් ඉඩක් ලැබුණා. අද සමස්ත ලෝක සමාජයම ගමන් කරන්නේ ආර්ථික විමුක්තියක් හා පාරිභෝජන තෘප්තියක් සඳහා නිසා අනාගත මිනිස් සමාජය රොබෝ ලා වැනි මිනිසුන්ගෙන් පිරීම නොවැලැක්විය විය හැකි වනු ඇත.(නදී)

:       0       0

සම්පත් කහවිට Monday, 13 January 2014 06:48 AM

මේ වාර්තාව සම්පූර්ණයෙන්ම සත්‍යයි. දරු දෙදෙනෙක් සිටින මගේ නිවසේ රුපවාහිනියක් නැත. ඉහත වාර්තාව මා කල සිටම දනැ සිටීම එසේ කිරීමට හේතුවයි. පියෙකු හැටියට එම වාර්තාව දැක මම ඉමහත් සතුටට පත්වුයේ මගේ තිරණය පර්යේෂනයකින්ද තහවුරු වී ඇති බව දැකීමෙන්. ළමුන් රූපවාහිනියෙන් ඈත්කර තබන අතර තොරතුරු දැනගැනීම සදහා ඔවුන් පුවත්පත් හා ගුවන් විදුලියේ තෝරාගත් නාලිකා සදහා පමණක් ශ්‍රවණයට යොමුකළ යුතුය. පවුලේ සමගියටද රුපවාහිනිය බාධාවක් යයි මම සිතමි. (නදී)

:       0       0

අසාද් Monday, 13 January 2014 08:42 AM

සම්පත් කහවිට 2014-01-13 06:48:47 සහතික ඇත්ත. (ස)

:       0       0

ඩබ් එම් උපාලි සෝමසිරි Monday, 13 January 2014 10:38 AM

සම්පත් කහවිට මාත් ඒක කලා.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 12 January 2014 07:09 PM

මේ නිසාමයි අපි ළමයින්ව මේ අසහනයෙන් තරමක් දුරට පාලනය කර ගන්න විවිද උත්සාහයන් වල නිරත වෙන්නේ. මොකද අපි කොහෙන් වත් පර්යේෂණ කරලා මේක කියන්න පෙර දැනගෙන හිටියේ අපේ ප්‍රථම ගුරු උතුමා බුදුන් වහන්සේ නිසා.(නදී)

:       0       0

සිසිර Monday, 13 January 2014 03:42 PM

සහතික ඇත්ත. (නදී)

:       0       0

බි ජයමාන්න Tuesday, 14 January 2014 09:09 AM

සහතික ඇත්ත (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 424 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1075 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 322 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 67 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 437 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1695 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14589 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 182 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 102 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 145 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site