‘අද වැඩියෙන් වැරදි කරන්නේ වැඩිහිටියෝ. දරුවන් රැක ගත යුත්තේ ඔවුන්ගෙන්. රූපවාහිනිය අන්තර්ජාලය වැනි දෙයිනුත් දරුවන් නොමග යනවා. දරුවන් යහ මගට ගැනීමට නම් වැඩිහිටියන් තම වැරදි නැතිකර ගත යුතුයි. ‘ යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතොමෝ හිඟුරක්ගොඩ ක්‍රිස්තුරාජ දෙව්මැරේ ළමා උත්සවයකදී පැවසූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැම දේකටම වඩා අපේ ළමා පරපුර අපිට වටිනවා නේද?? අපි ඒ අය රැක ගමු (ස)
100% එකඟයි මම
හොද නරක දෙක තෝරාගෙන කටයුතු කළොත් හරි. (නි)
ඔබතුමාගේ කතාව සත්‍යක්, ඒ බව දන්නෝ දනිති (ස)
බලන්න පල්ලියක මංගල්ලයක් තියනකොට ඒ අවට මොන තරම් නොහොබිනා වැඩ කෙරෙනවද ? මත්පැන් බීගෙන වැඩිහිටි අය සත්තු මර මරා මොනතරං පාපකාරී ක‍්‍රියාවල යෙදෙනවද? (ස)
පල්ලියේ මංගල්ලේට මරාගෙන කන්නේ කුකුල්ලු, ඌරෝ , හරක් වගේ සත්තු. එහෙත් අද අපේ සමාජයේ එළිපිට මිනිස්සු මරන්නේ පල්ලි ඉස්සරහ. (නි)
මෙය අපේ විතරක් නෙවෙයි මුළු ලෝකයෙම දරුවන්ට බලපානවා.දෙමව්පියොත් මේ දේවල් පරිහරණය කරන්න දෙනවනම් ළමයි කරන්නේ මොනවද කියල හොයන්න පුළුවන්.අපේ රටේ දෙමව්පියන්ට පරිගණකය ගැන දැනුම අඩුයි. (ස)
එහෙනම් ඉතින් පත්තරවල තියෙන ඒවාට මොකද කියන්නේ?? (නි)
මෝඩ කතාවක් , මේ කතාව ඇමරිකාවට ගිහින් කියන්න (ස)
මැල්කම් උතුම් අගරදගුරු ගුණ යහපත් මිනිසුන් යහමගට ගන්නා වෙර සවිමත් බීමට පුරුදු මිනිසුන් කරනා වරදත් නරකද මතට තිත තැබුවොත් කිතු දහමෙත් සුරාව දුරාචාරය වැනි වැරදි වලින් වැළකෙනු තමන් ලත් මිනිසත් බව රකිමින් සිහි කල්පනා ඇතිකර ආගම දහමින් කිසිදා වැරද්දට නොයොදනු දූ දරුවන්.... (ස)
ඇයි ජංගම දුරකතනත් ඒ වගේමයි. (නි)
සමහරු දෙව්මැදුරුවල වෙන ළමා අපචාර?? ඒවාට මොකද කියන්නේ?? (ස)
කතාව ඇත්ත
අයියෝ සල්ලි
ළමයි විනාශ වෙන්නේ ඒ දෙකෙන් තමයි
පන්සල් වල මොනවත්ම වෙන්නේ නැද්ද? (නි)
වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා
1000% ඇත්ත මම පිලි ගන්නවා ඒ කතාව
චතු, හරි මමත් එකට එකගයි. ඇත්ත. නමුත් කතෝලික මිනිස්සු විතරක් නෙමෙයි සත්තු මරාගෙන කන්නේ. හැම ආගමකම මිනිස්සු සත්තු මරාගෙන කනවා. ඔබතුමා හරක් මස් කැවේ නැති වුණාට ඕනෑතරම් බෞද්ධයෝ ඉන්නවා හරක් මස් කන අරක්කු බොන. (නි)
කතෝලිකයෙක් වශයෙන් කතෝලික සභාව වැරදි කළ පියතුමන්ලා වෙනුවෙන් කතෝලිකයන්ගෙන් සමාව ඉල්ලා ඇති අතර එසේ වැරදි කරන පියතුමන්ලාව සභාවෙන් එළවා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඔබ එසේ කරන පැවිදි පුද්ගලයෙක් දන්නවා නම් රපෝර්තු කරනු මැනවි. ඔබේ ආගමේ වගේ කිසිවක් නොකර උඩ බලන් ඉන්නේ නැහැ. (නි)
එසේය. මොකද ළමයින්ට දැන් ලෝකේ පැතැලියි කිවුවට පිළිගන්නේ නැත. (නි)
ඔය කිව්වේ කතාවක් !! ඔය හදන්නේ ඊලඟ පරපුර ළදේ ඉන්න මැඩියන් වගේ කරන්නද !! (ස)
අගරදගුරුතුමනි ඔබ හරි. රූපවාහිනිය වඩා අන්තර්ජාලය දරුණුයි ඔබ ඔබලාගේ. දරුවන්ට අන්තර්ජාලය නිසිසේ හසුරුවන්න ඉඩදෙනවනම් ඔබලා කරන්නේ දරුවන් නොමග යවන්න අනුබල දිමක් කියලායි මට සිතෙන්නේ (ස)
ඒක ඇත්ත. අද කාලේ යන ටෙලිනාට්‍ය වල වැඩි හරියක් තියෙන්නේ මීනිමැරුම්/පළිගැනීම්/අසම්මත ආදර සම්බන්ධතා. අනික මංකොල්ලකෑම් එහෙම නියමෙට ප්ලෑන් කරලා පෙන්නනවා. ඒවා බලන පොඩි එවුන්ගේ හිත් දූෂණය වෙනවා. ආගමික වැඩසටහන් දාන්නේ පෝය දවසට විතරයි. ඒකයි වැරැද්ද. දහම් පාසල් අධ්‍යාපනයත් පිරිහිලා. (නි)
අන්තර්ජාලය සහ රූපවාහිනිය ගැන දරුවන්ට හරි දැනුමක් දුන්නානම් හරිනේ. (නි)
කතාව නම් ඇත්ත. නමුත් මේවා පිළිනොපදින එකනේ වෙලා තියෙන්නේ. (නි)
සත්තයි. (නි)
මරුවෙක් නෙමෙයි. වස. වස. (නි)
විවුර්ථ ආර්ථිකයත් එක්ක වුන අපරාදයක් මේ (දී)
අදහස නම් හොදයි. (නි)
ඒ කියමනට එකග වෙන්න අමාරුයි. මොකද දෙකම හොදට පාවිචිචි කෙරුවොත් දෙකම හොදයි. නරකට පාවිච්චි කෙරුවොත් නරකයි. හරියට විදුලිය වගේ පරෙස්සමෙන් පාවිච්චි කළොත් ඔය කොයිකත් නරක නැහැ. ඔය දෙකෙන්ම ඉගෙනීමට කෙතරම් දෙවල් තියෙනවද? ගින්දර වුණත් ඔය ටිකමයි. (නි)
ඇත්ත තමයි. (නි)
කතාව ඇත්ත මමත් පිලි ගන්නවා ඒ කතාව (දී)
ඔබතුමා හරි. වැඩිහිටි පාසලක් වෙනම පිහිටුවන්න ඕනෑ. (නි)
මේවාට නීති දමන්න ඕනේ
ඔවු, මාධ්‍ය තුළින් දරුවන්ට වඩාත් ඵලාදයිම මාධ්‍ය වන්නේ පුවත්පතයි. නමුත් රූපවාහිනිය, අන්තර්ජාලය, පමණක් නොව දුරකතනය පවා අද දරුවන්ගේ ජීවිතවල ඛේදවාචකයක් බවට පත්වී ඇත. නමුත් තාක්ෂණයේ දියුණූව අපට වළකාලිය නොහැකිය. එම නිසා දරුවන්ට මාධ්‍ය, ජීවිතයට ඵලදායි ලෙස පරිහරණය කිරීමට මුල සිට උගන්වනේ නම්, දරුවන් ගෙල වැලලාගෙන මිය නොයනු ඇත. පෙර පාසලේ සිට දරුවන්ට මාධ්‍ය අධ්‍යාපනය ලබා දිය යුතුයි. නරකයි, නරකයි කිය කියා සිටියාට වැඩක් නැත. ඔවුන්ට ඵලදායි ලෙස මාධ්‍ය පරිහරණයට මග පෙන්වීම කළ හැකි නම් ඔවුන් වඩා යහපත් ආකාරයට මාධ්‍ය පරිහරණය කර ගනීවි. (නි)
මේක සියලුම දෙමවුපියන්ට හොද කතාවක්. ස්තූතියි. (නි)
දරුවන්ට නොමග යන්න අද කාලේ රූපවාහිනිය, අන්තර්ජාලයට වඩා දේවල් සමාජයේ අහන්නට දකින්නට ලැබෙනවා. මේවාට ප්‍රසිද්ධියක් ඔය කියන මාධ්‍ය වලින ලැබෙන බව ඇත්ත. ඒත් අධ්‍යාපනය හොඳ නම්, සමාජය හොඳ නම්, දෙමව්පියන් හොඳ නම්, අප වටේ පරිසරය හොඳ නම් රුපවාහිනිය හෝ අන්තර්ජාලය ලොකු ප්‍රශ්නයක් නොවෙයි. ඒවා එදිනෙදා ජීවිතයේ අවශ්‍ය දේවල්.(ස)
දැනට දශක තුනකට පෙර තිබුණු ලංකාව කෙතරම් හොදද? (නි)