රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බළපිටියේ ප්‍රථම මන්ත්‍රීවරයා වූ ගරුමුණි රොබට් ද සොයිසා මහතාගේ සොහොන් කොතට කිසියම් පිරිසක් හානි කර ඇති බැව් අම්බලන්ගොඩ පොලිසිය කියයි.
බලපිටිය-වැල්ලවත්තේ ගාලු පාර සමීපයේ පිහිටි පවුලේ සුසාන භූමියේ ඉදි කර ඇති සොහොන් කොත ගලවා ගෙන යෑමට උත්සාහ කර ඇත්තේ කෞතුක භාණ්ඩ සොයන්නකු විය හැකි යැයි පොලිසිය සැක කරයි.
ටොන් ගණනක් බර ඇති මෙම සොහොන් කොතේ පළුවක් කඩා වෙන්කර ඇති අතර එහි බර නිසා ගෙන යෑමට නොහැකි වී තිබේ.
බළපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයයේ ආදි කර්තෘවරයා වන රොබට් ද සොයිසා මහතා ලංකාව පුරා පාසල් රැසක්ම ආම්භ කිරීමට දායක වූ දානපතියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් තිරිසන්නු ඉන්නවනේ.(නදී)
සොහොන් කොත් ඇතුලෙත් නිදන් සොයනවා. මළමිනී නැගිටලා එන කාලේ ළඟ වගේ.(දිල්)
මැරුණාට පස්සේවත් නිදහසේ ඉන්න නෑනේ (දිල්)
හා.....හා....වැඩේ කැතයි.(නදී)
සුවර් එකටම ඒ කාලේ දුටු ගැමුණු කුමාරයාගේ රජ කඩුව මෙයා ළඟ ඇති බව ලොක්කෝ දැනගෙන ඇති. (නදී)