රෝමයේ ශ්‍රී ලංකා තානිපති කාර්යාලයයේ ගැටලුකාරී තත්ත්වය පිළිබඳ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ අවධානය යොමු වී තිබේ.
ඒ මහතා එසැණ සමඟ කියා සිටියේ එක් අයකු විසින් සමස්ත නිලධාරීන්ටම කෙනෙහිලිකම් සිදු කරන්නේ නම් ඒ මගින් තානාපති කාර්යාලයයේ සේවා අඩපණ විය හැකියි.රට සල්ලි ගෙනෙන ඉතාලියේ ජීවත් වන ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයන්ට ඉන් අසාධාරණයක් සිදු වන අතර විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා සමඟ සාකච්ඡාකර ඉතා ඉක්මනින් මේ පිළිබඳව තීරණයක් ගන්නා බව ඒ මහතා කියයි.
මේ පිළිබඳ සිදු කළ අනාවරණය පිළිබඳව ජනාධීපති ලේකම්වරයා එසැණට සිය ස්තූතිය පුද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ ලංකාවේ තිබෙන ඉතාලි තානාපති කාර්යාලය ගැනත් හොයලා බැලුවොත් හොදයි. (නි)
වැඩක් වෙන්නේ නැහැ ,ආණ්ඩුවේ හෙන්චයියෙක් ඒවි (දී)
චමින්ද මඩවල, දන්නේ නැති හින්දයි අහන්නේ. ඉතාලියේ තානාපති ගියහම වැඩබලන තානාපති ගෝතමී ඉඳිකඩහේන මහත්මියයි. උප තානාපති කියලා තනතුරක් රෝමේ නැහැනේ. එහෙනම් රාණි බුලත්වෙලා කොහොමද නැති තනතුරක් බොරුවට පාවිච්චි කරන්නේ? මේක නීති විරෝදියි. ලන්ඩනයේත් මේවගේම නීති විරෝදී වැඩ කරලා තියෙනවලු. ඒවා හරියන්නේ නැහැ ඉතාලියට. අපි පාරට බහිනවා. (දී)
රාණි ඉතාලිවල රැස්වීම් වලදී අපිට කිව්වේ ලන්ඩනයේ කින්ස්බරි ජාතයන්තර බෞද්ධ මද්‍යස්ථානය හැදුවේ එයාලු. පස්සේ අපිට ආරංචි උනා ඒක පට්ට පල් බොරුවක් කියලා. එංගලන්තේ එක පන්සලකටවත් මෙයාට එන්න දෙන්නේ නැතිබව දැන ගත්තා ගිය තැන විනාස කරන නිසා. රාණි රජයේ නිලධාරීන්ට කරන මේ චෝදනාත් ඒවගේම බොරු. එයාට වැඩ බැරි උනාට අනිත් අය මොකද කරන්නේ? වැඩ පුළුවන් දක්ෂයින්ව එලවගන්නයි මේ හදන්නේ. (දී)
යම්කිසි විදේශ රටකදී ශ්‍රී ලාංකික ජනතාවට පිහිටවන්නේ තානාපති කාර්යාලයයි. නමුත් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ යම්කිසි වෑඩකට කතාකළ විට යමක් විස්තර කරදීමට මෑලිවෙන භාවයක් මා අත්දැක තිබෙනවා. (නි)
දන්නවනේ ගල උඩට ගිය පුසාට මොකද වුනේ කියලා. (නි)
ඉතාලි මිතුරනි, එයාව ගෙන්නා ගත්තා නම් ඔහේම තියාගන්න (නි)
සුදුස්සන්ට සුදුසු තැන දෙන්න ඕනෑත් සුදුස්සොමයි.නැත්නම් හැමදාම ප්‍රශ්න. (නි)
අපේ රටේ නම කන්නේ මේ වගේ අය තමා..... (නි)
කියා කියා ඉදල වැඩක් නැහැ. ඉක්මනට බෙහෙත් දෙන්න (දී)
මේ ඉතාලියෙන් අරයා ගියදාට ඉතාලියේ ශ්‍රී ලාංකිකයන්ට සාමය උදාවෙනවා. සමහරුන්ට වංචාවෙන් හම්බකරන්න බැරුව යනවා. රානි වගේ තවත් දක්ෂ නිහතමානී අවංක නිලධාරින්ව එවා ඉතාලියේ ඉන්න අපිව බේරගන්න (නි)
නුසුදුස්සන් ආවහම මෙහෙම තමයි (නි)
උප තානාපතිලා ඉන්න එකම රට ලංකාවයි. (නි)
ඔය ඔක්කොම තානාපති කාර්යාල වල සිටින්නේ කඩේ යන අය, විශේෂයෙන්ම විදේශ සේවයට උගතුන් බුද්ධිමතුන් එවිය යුතුයි. (ස)
හරියටම හරි. පරීක්‍ෂණයක් කළොත් එලිවෙයි. (නි)
වැදලා වැදලා අමාරුවෙන් ලබාගත්තු ජොබ් එකනේ. ලයිසනුත් කැන්සල් නිසා වෙන මොනවා කරන්නද. මගේ අම්මෝ, කඩේ ගිය හැටි. කි දෙනෙක්ට නම් කඩේ ගියාද? කෑම, බිම, ලැම, තව මොනවද නොදුන්නේ. කුක්කන්ටත් වදින්න උනානේ. එහෙව් එකේ ඔක්කොම එලවල හරි මම ඉන්නවා.(අ)
එංගලන්තෙට ගිය පුක්කුසයා ගිය උඩ කිව්වලු! (නි)
තව කොපමණ වතාවක් ඔහොම කියාවිද ? (නි)
ඇන්ටන් රණසින්හටයි, අරුණ මන්චනයකටයි පිස්සුද රජයේ සේවකයින්ට වල කපන්න? ගෝතමී සුදුසුකම් වලටයි ඇවිල්ල ඉන්නේ. වැඩත් හොඳටම දන්නවා. හරිම දක්ෂයි. බොරුනම් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අහල බලන්න. දේශපාලන පත්වීම් වලට ආපු රාණිව යවන්න. බොරුවට උප තානාපති කියලා නැති තනතුරකුත් බලෙන්ම හදාගෙන. (දී)
ගොතමිව නෙවෙයි යවන්න ඕනේ රාණිව. ගෝතමී දක්ෂ රාජතාන්ත්‍රික නිලධාරිනියක්. සුදුසුකම් වලටයි පත්වීම් ලබාගෙන තියෙන්නේ. සුදුසුකම් නැතිව පත්වීම් දෙන්නේ දෙසපාලකයින්ට කඩේ යන අයටයි. සාධාරණය ඉෂ්ට විය යුතුයි. අපි බලාගෙන ඉන්නවා. (දී)
ඔබතුමිය කරුණාකර ලංකාවට යන්න. මෙහෙ අහිංසක මිනිස්සුන්ට කරදර නොකර, (නි)
අනේ ගොතමීව ගෙදර යවන්න.ජනාධිපතිතුමට පින් සිද්ද වෙනවා (දී)
අන්තෝජටා,බහිජටා.... කර්මය සෙවණැල්ලක් මෙන් පසුපසින් එනු ඇත. (නි)
ජනාධිපති ලේකම්තුමා මැදිහත් වෙනකම්ම ප්‍රශ්ණ විසදෙන්නේ නැද්ද? (නි)
තානාපති සේවයේ පිහිටලා තියෙන්න ඕනෑ විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ. නමුත් දැන් අහිංසක සේවාදායකයින් අසරණ වෙලා දහසක් දෙනා අතුරින් විදේශික ශ්‍රමිකයන් අන්ද මන්ද වෙලා (නි)
විදේශ සේවා අමාත්‍යංශය විසුරුවා හැරිය යුතුයි. (නි)
කරුණාකරලා ,විදේශ සේවයේ නිපුන ගරු මහත්වරුන් මෙම තනතුරු වලට එවුවොත් ප්‍රගතිය දකින්න ලැබේවි (නි)
අවංකවම වැඩ කරන, සුදුසුකම් වලට රජයේ සේවයට ආපු නිලධාරීන්ගේ පිටින් අනෙක් අයගේ වැරදි නම් අරින්න එපා. ඒ අයට අසාධාරණයක් නම් කරන්න එපා. දේශපාලන බලය පෙන්නලා කරන බොරු කේලම් වලට රැවටෙන්නත් එපා. හොඳට හොයලා බලලා තීරණය කරන්න. ඔබතුමාත් හිටපු රජයේ නිලධාරියෙක් නිසා සාධාරණය ඉෂ්ට වෙයි කියලා හිතනවා. (නි)
මම නම් කියන්නේ ඉතාලිය සමග ඇති තානාපති සබදතා අත්හැරිය යුතු බවයි (නි)
කවුද මේ උප තානාපති? (නි)
ළගදීම මීට පිළියමක් ලැබෙයි (නි)
කරන්න තියෙන්නේ එක දෙයයි. පත්වීම් දෙනකොට මීට වඩා හොයලා බලලා සුදුස්සන්ව පත් කරන්න. (නි)
එක එක්කෙනාට ඕනෑ විදිහට බොරු තනතුරු හදාගන්න බැහැ රජයේ සේවයේදී. (නි)