වසර 10 කටත් අධික කාලයක් පැරැණි මානසික රෝහලක පවත්වාගෙන යන රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අබලන් තත්වයක පවතින බව ශ්‍රි ලාංකිකයෝ මෙන්ම තානාපති කාර්යාල නිළධාරයෝ පවසති.
නොයෙක් දිනවල සිය ගණනක් සේවා ලබා ගැනිමට පැමිණියත් ඔවුන්ට තානාපති කාර්යාලයයේ රැදි සිටිමට ඉඩකඩ මදි බවත් එ අසල ඈති පදික වේදීකාවේ රෑදි සිටින ශ්‍රි ලාංකිකයින් නිසා ඉතාලි ජාතිකයින්ද මහත් අපහසුතාවයට පත් වන බවත් එහි නිළධාරියෙක් පැවසීය. නියෝජ්‍ය තානාපති රානි බුලත්වෙල මහත්මිය ලංඩන් නුවර සිට එසෑණට කියා සිටියේ අබලන් ගොඩනෑගිල්ල නඩත්තු කිරිමද හිමිකරුවන් විසින් අතහැර දමා ඈති බවය.
කාණු පද්දතිය අවහිර වි ඇති බවත් එබැවින් ඇතැම් ස්ථාන ගිලා බැසිමට ඉඩකඩඇති බවත් මෑතකදී නිළධාරියෙකුගේ හිස මත විදුරුවක් පවා කඩා වැටුණු බවත් මේයට පෙර නව ගොඩනැගිල්ලක් මිලදී ගැනිම සදහා හිටපු තානාපතිවරයකු උත්සහා දරා ඇතැත් කුමනයම් හෝ හේතුවක් මත එය මගහැරි ඇති බවය.
මාසික කුලිය මත ගොඩනැගිල්ලක් ගන්නාවාට වඩා අපේම තැනක් මිලදී ගෑනිමට හෑකිනම් එය වටීනා බව ඇය කීවාය. විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියා සිටියේ නව ගොඩනැගිල්ලක් මිලදී ගැනිම සදහා නව තානාපතිට උපදෙස් දෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු පාඩු නැතුවා නොවේ.නමුත් සේවය හොදට වෙනවා නම් ඇති. (නි)
වචනයෙන් කියන්න බැරි තරම් වටිනා වැඩක් (දී)
රුහුණු අදහසට අපිත් කැමතියි. අනේ පින් සිද්ද වෙනවා.(නදී)
ලුම්බිණි කියන්නේ අපි කැනඩාව වගේ සල්ලි වියදම් කරමු කියලද? (නි)
මාසයකට යන කුලිය ගැන බලපුවහම, අපිට කියලා තැනක් ගන්නවානම් ඔය සල්ලි සේරම ඉතුරුයි.කොමිස් මුදලුත් ඉතිරියි. කොමිස් කට්ටිය තමයි ඔය බොරුවට කෑගහන්නේ. (නි)
මෙතන හැටි. බලන්න මේක ඉස්සරහා තියෙන කැනඩා තානාපති කාර්යාලය. (නි)
අයියෝ රටටත් එක්ක ලැජ්ජයිනේ. ඉක්මනින් අලුත් තැනක් හොයා ගන්න (නි)
හැබැයි ඒ බිල්ඩිම ලංකාවට හොඳට ගැළපෙනවා (නි)
මානසික රෝහලේ හුලං තානාපති කාර්යාලයට වැදිලාද මන්දා, හැමදාම ප්‍රශ්න ගොඩයි (නි)
තියෙන ගොඩනැගිල්ල අයිතිකරු සමග ගිවිසුමක් ගහලා අලුත් බද්දක් යටතේ ටිකක් අලුත්වැඩියා කරගත්තොත් හොද නැද්ද? (නි)
මෙච්චර කාලයක් තිස්සේ රෝමේ ප්‍රශ්න තිබුණේ මොකද කියලා අපි කල්පනා කලා.දැන්නේ වැඩේ දැනගත්තේ (නි)
දැන් මාටියා ගහන්නේ ඉස්සරහා ඉන්න මහත්තුරු (අ)
මිනිස්සුන්ට හොඳ සේවයක් කරන්න වැදගත් වෙන්නෙ ගොඩනැගිලිද? අවංක සේවකයොද? මෙහෙ ගොඩනැගිල්ලක් ගහන්න කෝටි හත අටක් වත් ඕනෑ නේද? (නි)
ඇත්තටම මානසිකව වැටෙනවා ඔය කියන තැනට ගියාම... (නි)
මාරු කරන්න එපා. ඕකට කියාපු තැන ඔතන තමයි (නි)
උත්සාහය සාර්ථක වේවා! (නි)
වැඩේ නම් හොදයි (දී)
සන්තෝසයි නේ අපිට
රුහුණු ඔබගේ අදහසට මමත් එකගයි.(අ)
මානසික රෝහලයි මානසික රෝග තියෙන සේවකයෝ ටිකයි අයින් කරලා අලුතෙන්ම තානාපති කාර්යාලය පටන් ගත්තොත් නේද හොද.(අ)
කවුරු කවුරුත් ලෑස්ති වෙන්නෙ ලොකු වැඩක් ගන්නයි (අ).
ඇයි වෙන තැනකට යන්නේ ? ඔතන තමයි සුදුසුම තැන.(නදී)
ගහක් යට ඉදලා හරි කමක් නැහැ, අපිට ඕනෑ හොද සේවයක් (නි)