රඹුටන් වාරය පැමිණ ඇත.
රඹුටන් කොහෙද මල්වානෙ එතැනය. මල්වානෙ කොතැනද රඹුටන් එතැනය.
“මල්වානේ රඹුටන්” කියා නාම පුවරු ද හැමතැන ඇත.
කොළඹ කොටුවේ ද , කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ දෙපස ද රඹුටන් වෙළදුන් සුළභ දර්ශනයකි. වෙළෙන්දියෝ ද බහුලය.
රඹුටන් මලු අතින් ගත් අය ද දකින්නට ලැබේ. කාර්, වෑන් , පැජරෝ වල යන ඇත්තෝ ද කඩිමුඩියේ රඹුටන් මිලදී ගනිති.
සමහරුන් රඹුටන් කමින්ම ගමන් කරති.
කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා රඹුටන් වලට දක්වන කැමැත්ත හොදින් දැක ගත හැකිය.
අලුත් රඹුටන් ගෙඩි 12ක් රුපියල් 100කි. පෙර දින විකුණා ඉතිරි වූ රඹුටන් 15ක් රුපියල් 100කි.
“අපි දිනකට රු. 1000ත් 3000ත් අතර ලාභයක් ලබනවා. අපිට පදික වේදිකාවේ වෙළදාම් කරන්න දෙනවානම් තව ලොකු ලාභයක් උපයන්න පුළුවන්.” එසේ පැවසුවේ ආනන්ද කුමාර මහතාය.
රඹුටන් ලෙලි ද තැන තැන දකින්නට ලැබේ.
“වැඩියෙන් කෑවොත් උගුරේ ආසාදන , කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග වැළදිය හැකිය.” රඹුටන් ලෙලි කටින් කැඩීම නුසුදුසු බව ද වෛද්‍යවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණි- සිරි, හොඳ අදහසක් දාලා තියෙන්නේ. කාලෝචිතයි, එකඟයි. මොනවා වුනත් අපි අපේ දේ අගය කරමු. රු 100 රඹුටන් කනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද එක අතකට? (නි)
පිරුණත් නෙත බද හොඳ රස අරගන්න මැරුනත් අපි කනවා හරි ඇසි කන්න අරුවත් නළු අම්බදු කියා කියා ඔන්න කරුණත් ඇවිත් පිටුපස රඹුටන් ගන්න.(නදී)
හැම දේටම ආගම් වාදය ....(අ)
චන්ද්‍රසිරි කෙලින්නේ පච. මම චන්ද්‍රසිරිට අභියෝග කරනවා, ඔය කියන රඹුටන් වැවෙන කැලේ, ලිපිනය ප්‍රසිද්ද කරන්න කියලා.(නදී)
හැම දේටම ආගම ගාව ගන්න එපා (අ)
රඹුටන් පින්තුර දෙක්කත් කටට කෙල එනවා . කියක් දීල හරි කන්නමයි හිතෙන්නේ (අ)
සෑම රඹුටන් ගසකටම 1000.00. රඹුටන් 12ක් 100.00සියක්? (අ)
ගිය අව්රුද්දෙ නම් අපි රබුටන් කාවා මේ අව්රුද්දෙ පත්තරෙන් දැක්ක ලංකාදීපෙට මගේ ස්තුතිය (අ)
සීයට රබුටන් 12 යි නම් සීයට රබුටන් කීයද .......?ලංකාවේ රබුටන් වාරය ජුනි ජුලි නමුත් තායිලන්තයේ රබුටන් වසරේ වැඩි කාලයක් දක්නට ලැබෙනවා හරි පුදුමයි . ? (අ)
කොච්චර ගණන් වුනත් කන්නම තමා හිත (නි)
අපේ යාළුවන්ට රඹුටන් දැක්කාම මේ ප්‍රවෘත්තියට පහලින් තියන මහපාරේ ටයර් පුළුස්සන පින්තුරේ පෙනිලත් නැහැ. මහපාරේ ටයර් පුච්චනවට නම් මමත් කැමති නැහැ .එහෙත් මේ අය මේ වැඩේ කරලා තියන්නේ බොන්න වතුර නැතුව.මහා ලොකු අදහස් අවශ්‍ය නැහැ .ප්‍රවෘත්තිය කියවලා පොඩි ප්‍රාර්ථනාවක් කරන්න ඒ අයට ඉක්මනින් වතුර ටික ලැබෙන්න කියලා.ඒ හොඳටම ඇති .බැරිවෙලාවත් රොබට් නොක්ස් මහත්මයා මේ කාලෙ හිටියා නම් කියයි ,සිංහලයා ඥානයා රඹුටන් කන්න යෝධයා කියලා . (නි)
ඇත්තටම ආසයි රඹුටන් කන්නත් ඒත් රුපියල් 10 දීල කන්න පුලුවන්ද?(නදී)
කොහොම වුනත් රඹුටන් කාලා ලෙලි හැමතෙනම දාන්න එපා. ඩෙංගු මදුරුවා රඹුටන් ලෙල්ලේ බෝවෙනවා. මම දැකලා තියනවා. එතකොට මලයාසියාවෙන් ආවත්, හලාල් වුනත් බේරෙන්න බැහැ. අනික රඹුටන් ගෙඩියක් රුපියල් 10 ක් දීලා කන්න බැරි කට්ටිය රුපියල් 25 ක් දීලා සිගරට් බොනවා. රුපියල් 10 වුනත් මේවා අපේ රටේ හැදෙන දේවල්. ඒවා නොකා ඇපල් ම කාපල්ලා. රටේ සල්ලි ටික පිටරටටම යවපල්ලා. ජයවේවා! (නි)
කටට කෙල ඉනෙන බව ඇත්ත. නමුත් අපට නම් ඔය රඹුටන් කන්නට වරම් නැත. අපිටත් එක්ක ඔයගොල්ලෝ කන්න..... (නි)
වරුණ, ඔයා ශ්‍රී ලංකන් ගුවන් යානයේ ගිහින් නැහැ වගේ. ඒකේ දෙන මෙනු එක හොදට බලන්න. එහි සැම ආහාරයක් ම හලාල් සහතික කරලා තියෙනවා නේද? ඇයි මේ බොරු කතා? ඔය මොන සේනාව ශ්‍රී ලංකන් ගුවන් යානයේ ගියත් ඕවා තමයි කන්නේ, නැත්හම් බඩගින්නේ... (නි)
ඒ වුනාට මැලේසියව අද දියුණු රටක්. ලංකාවට ඒ තත්වෙට එන්න හීනෙකින්වත් බැහැ. (නි)
මගේ පර්:10 ගේ සමග ඇති පොඩි මිදුලේ ,රඹුටන් ගහක් සාදාගෙන තියෙන්නේ. අවුරුද්දට දෙපාරක් ළමයින් ඇති වෙන්න රබුටන් කාලා සත්තුන්ටත් කන්න ඉතිරි වෙනවා.(ත)
රූපා,ඔයා කියපු දේ මගෙත් සිතුවිල්ලට ආවා. නමුත් මම කිව්වේ නැත්තේ මහා ජාතියගේ හිත රිදෙයි කියලා.මේ මගේ මව් බිම, මම ශ්‍රී ලාංකික කියන හැගීම අප සියලු දෙනා අතරට එන තුරු මේ රට දියුණුවේයැයි කියලා හිතන්න අමාරු යි. (දී)
ජාතිවාදයක් මේ ලිපියට ගව ගත්තේ මොකද?...කොහොම වුණත් අර්ශාට යමක් කියන්න ඕන .ඔබ කියන විදිහට සියලු දෙනා සිතනවා නම් ,එසේ කටයුතු කරනවා නම්.මහජාතියට රිදෙන්නේ නැහැ අපිත් කියන්නේ එම උතුම් චේතනාවෙන් සැමදෙන සමගියෙන් සිටිමු කියා තමා.නමුත් මහජාතිය විනාශ කරන්න යටිකූට්ටු වැඩකරන විට තමා රිදෙන්නේ . ඒවාට විරුද්ධව නැගී සිටීම ජාතිවාදයද?? (අ)
ඉස්සර බෞද්ධ රටවල් දැන් බෞද්ධ නොවෙන්නත් බෞද්ධයෝ වගකියන්න ඕනෑ.කොහොම වුනත් රඹුටන් රස පළතුරක්... (නි)
අම්මෝ! රඹුටන් ගෙඩියක් ගිය දුර ... (නි)
රඹුටන් වලින් කොහොමද හෙම්බිරිස්සාව හැදෙන්නේ? (දී)
මලයාසියාවේ රඹුටන් කැලෑවට වැවිලා තියෙන්නේ. ලංකාවේ රුපියල් 100 කට එහේ රඹුටන් ගෝනියක් ගන්න පුළුවන් (දී)
කෙලත් ඉනෙනවා....නියමයි... (දී)
රඹුටන් හලාල් ද ? මේවා ආවේ මලයාසියාවෙන්..... (දී)
12 යිලු ගෙඩියක්. ඇපල් ගෙඩියක් 10යි. පිටරට වල ඉදන් නැවෙන් ඇවිත් වරායෙන් බාලා ලොරි වලින් ඈත ප්‍රදේශවලට අරන් ගිහින් ලාබෙත් තියාගෙන ඇපල් 10ට විකුනද්දී අපේ රඹුටන් 12ක් සියක්? (දී)
රඹුටන් ලෙලි ද තැන තැන දකින්නට ලැබේ. (දී)
අපි පොඩිකාලේ සතයට කාපු රඹුටන් (දී)
අර්ෂා, ඔයාලා වගේ කට්ටිය දැක්කහම දුකටම රඹුටන් කන්න හිතෙනවා (දී)
රීටා, ඇපල් කොහෙද රු. 10 ට තියෙන්නෙ. ලාබෙටම තියෙන එකත් රු. 100 ට 3 යි. (දී)
අර්ෂා, මැලේසියාවත් ඉස්සර බෞද්ධ රටක් (දී)
වාරේ වුනාට ගිනි ගණන් නේද? රු 10 ක් දීලා කාටද පුළුවන් රඹුටන් ගෙඩියක් කන්න? මේවා ආශ්චර්යයේ රඹුටන්ද කොහෙද? (දී)
අර්ෂා, අපි කොහොමත් හලාල් කන්නේ නැහැ. ඔය කට්ටියනේ හලාල් කන්නේ. (දී)
කටට කෙල උනනවා (දී)
රඹුටන් ගෙඩියක් වෙළඳ පොලට එවන්න ගොවියා නොසෑහෙන වෙහෙසක් දරනවා. මල් කාලයේ පිටි මකුනන්ගෙන්, මෝරන විට දහවල් කාලයේ දී රිලවුන්,කපුටන්,ගිරවුන්,ලේනුන් ගෙන්,ආරක්ෂාකර ගතයුතුයි. රාත්‍රී කාලයේදී වවුලන්ගෙන් ආරක්ෂා කර ගැනීමට සෑම ගසකටම රතු විදුලි බුබුළු දමමින්, නින්දක් නොලබා වරින් වර අහස් කුරු යවනවා. ගොවියා ගෙඩි මෝරාගෙන එන කාලයේදීම ගැනුම් කරුවන්ට බදුදෙන අතර. ඔවුන් තාවකාලික පැල් පත් අටවාගෙන, කුසට අහරක් නැතිව , ගෙඩි ඉදෙන කන් දිවා රාත්‍රී මදුරුවෝ තලමින් ඉමහත් දුකක් විදින්නේ. සංචාරකයින් එන මේ කාලයේ , රඹුටන් වාරයට පමණක් නගර සභා සීමා තුල දිණකට සාධාරණ , සුළු මුදලක් අයකර වෙළඳුන් දිරිගැන්වීමක්, වශයෙන් තාවකාලික බලපත්‍ර නිකුත් කර අනුමැතිය ලබා දෙන්නේ නම් රඹුටන් ගොවියාත්, නගා සිටුවීමක් වෙනවා. සියලූම නගරාධිපති වරුන්ගේ කාරුණික අවධානය යොමු වේවා!(නදී)
මැලේසියාවත් ඉස්සර බෞද්ධ රටක්. ඒකවත් දන්නේ නැද්ද අර්ෂා? (දී)
සමන් මහත්තයෝ, තව කොහෙද ඉස්සර බෞද්ධ දැන් නැති රටවල් සිතියමේ තියෙන්නේ.නේපාලේ ඉස්සර බෞද්ධ, දැන් නැහැ. ඉන්දියාව ඉස්සර බෞද්ධ, දැන් නැහැ කියලා කට්ටියට දැනෙන හිතේ අමාරුවට වඩා මැලේසියාව ඉස්සර බෞද්ධ දැන් මුස්ලිම් කිවුවම රිදෙනවා වැඩියි. ඒ මොකෝ? (දී)
අපේ අය හැම දේකටම ආගම පටලව ගන්නනවා. හැබැයි ගොඩක් අයගේ ආගම තියෙන්නේ කතාවේන් , ක්‍රියාවෙන් නෙමෙයි.(නදී)
එල්ලෙන සියල්ල රඹුටන් නොවේ.(නදී)
විජේසිංහගේ කතාවට මම ගරු කරනවා (නි)
විජේසිංහ, ඔයාගේ කතාව නම් නියමයි (නි)
මේ රඹුටන් වලට මොනවටද ආගම පටලවා ගන්නේ. මෙහෙම වෙනකොට මොනවා වෙයිද ලෝකේ.(නදී)
ළමයි....... රඹුටන්, දුරියන් ,මැගුස් කන්න එන්න මලේසියා.... 1kg = රුපියල් 120..... නියම දුරියන් රුපියල් 200.....ම්මම්ම්ම්.(නදී)