IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රඹුටන් වාරය ඇවිත්

රඹුටන් වාරය පැමිණ ඇත.

රඹුටන් කො‍හෙද මල්වානෙ එතැනය. මල්වානෙ කොතැනද රඹුටන් එතැනය.

“මල්වානේ රඹුටන්” කියා නාම පුවරු ද හැමතැන ඇත.

කොළඹ කොටුවේ ද , කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ දෙපස ද රඹුටන් වෙළදුන් සුළභ දර්ශනයකි. වෙ‍ළෙන්දියෝ ද බහුලය.

රඹුටන් ‍‍මලු අතින් ගත් අය ද දකින්නට ලැබේ. කාර්, වෑන් , පැජරෝ වල යන ඇත්තෝ ද කඩිමුඩියේ රඹුටන් මිලදී ගනිති.

සමහරුන් රඹුටන් කමින්ම ගමන් කරති.

කු‍‍ඩා දරුවාගේ සිට මහල්ලා දක්වා රඹුටන් වලට දක්වන කැමැත්ත හොදින් දැක ගත හැකිය.

අලුත් රඹුටන් ගෙඩි 12ක් රුපියල් 100කි. පෙර දින විකුණා ඉතිරි වූ රඹුටන් 15ක් රුපියල් 100කි.

“අපි දිනකට රු. 1000ත් 3000ත්  අතර ලාභයක් ලබනවා. අපිට පදික වේදිකාවේ වෙළදාම් කරන්න දෙනවානම් තව ලොකු ලාභයක් උපයන්න පුළුවන්.” එසේ පැවසුවේ ආනන්ද කුමාර මහතාය.

රඹුටන් ලෙලි ද තැන තැන දකින්නට ලැබේ.

“වැඩියෙන් කෑවොත් උගුරේ ආසාදන , කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග වැළදිය හැකිය.” රඹුටන් ලෙලි කටින් කැඩීම නුසුදුසු බව ද වෛද්‍යවරු පවසති.

 

 



අදහස් (0)

රඹුටන් වාරය ඇවිත්

පන්නපිටිය Saturday, 03 August 2013 05:42 PM

රඹුටන් වලින් කොහොමද හෙම්බිරිස්සාව හැදෙන්නේ? (දී)

:       7       0

සම්පත් ප්‍රියංකර Wednesday, 03 July 2013 08:12 AM

ඉස්සර බෞද්ධ රටවල් දැන් බෞද්ධ නොවෙන්නත් බෞද්ධයෝ වගකියන්න ඕනෑ.කොහොම වුනත් රඹුටන් රස පළතුරක්... (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 01 July 2013 06:00 PM

එල්ලෙන සියල්ල රඹුටන් නොවේ.(නදී)

:       0       0

සුරේශ් Monday, 01 July 2013 06:04 PM

විජේසිංහගේ කතාවට මම ගරු කරනවා (නි)

:       0       0

සුරේශ් Monday, 01 July 2013 06:04 PM

විජේසිංහ, ඔයාගේ කතාව නම් නියමයි (නි)

:       0       0

අමිල Tuesday, 02 July 2013 09:19 AM

කොහොම වුනත් රඹුටන් කාලා ලෙලි හැමතෙනම දාන්න එපා. ඩෙංගු මදුරුවා රඹුටන් ලෙල්ලේ බෝවෙනවා. මම දැකලා තියනවා. එතකොට මලයාසියාවෙන් ආවත්, හලාල් වුනත් බේරෙන්න බැහැ. අනික රඹුටන් ගෙඩියක් රුපියල් 10 ක් දීලා කන්න බැරි කට්ටිය රුපියල් 25 ක් දීලා සිගරට් බොනවා. රුපියල් 10 වුනත් මේවා අපේ රටේ හැදෙන දේවල්. ඒවා නොකා ඇපල් ම කාපල්ලා. රටේ සල්ලි ටික පිටරටටම යවපල්ලා. ජයවේවා! (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Tuesday, 02 July 2013 09:20 AM

කටට කෙල ඉනෙන බව ඇත්ත. නමුත් අපට නම් ඔය රඹුටන් කන්නට වරම් නැත. අපිටත් එක්ක ඔයගොල්ලෝ කන්න..... (නි)

:       0       0

ජයන්ත Monday, 01 July 2013 01:14 PM

කටට කෙල උනනවා (දී)

:       0       0

ජසීම් Monday, 01 July 2013 07:31 PM

මේ රඹුටන් වලට මොනවටද ආගම පටලවා ගන්නේ. මෙහෙම වෙනකොට මොනවා වෙයිද ලෝකේ.(නදී)

:       0       0

නිමල් Monday, 01 July 2013 01:22 PM

කෙලත් ඉනෙනවා....නියමයි... (දී)

:       0       0

අර්ෂා Monday, 01 July 2013 01:25 PM

රඹුටන් හලාල් ද ? මේවා ආවේ මලයාසියාවෙන්..... (දී)

:       0       0

රීටා Monday, 01 July 2013 01:26 PM

12 යිලු ගෙඩියක්. ඇපල් ගෙඩියක් 10යි. පිටරට වල ඉදන් නැවෙන් ඇවිත් වරායෙන් බාලා ලොරි වලින් ඈත ප්‍රදේශවලට අරන් ගිහින් ලාබෙත් තියාගෙන ඇපල් 10ට විකුනද්දී අපේ රඹුටන් 12ක් සියක්? (දී)

:       0       0

කින් බෙනට් Monday, 01 July 2013 01:26 PM

රඹුටන් ලෙලි ද තැන තැන දකින්නට ලැබේ. (දී)

:       0       0

බමුණු Monday, 01 July 2013 01:28 PM

අපි පොඩිකාලේ සතයට කාපු රඹුටන් (දී)

:       0       0

කසුන් Monday, 01 July 2013 08:03 PM

ළමයි....... රඹුටන්, දුරියන් ,මැගුස් කන්න එන්න මලේසියා.... 1kg = රුපියල් 120..... නියම දුරියන් රුපියල් 200.....ම්මම්ම්ම්.(නදී)

:       0       0

අර්ෂා Tuesday, 02 July 2013 10:42 AM

වරුණ, ඔයා ශ්‍රී ලංකන් ගුවන් යානයේ ගිහින් නැහැ වගේ. ඒකේ දෙන මෙනු එක හොදට බලන්න. එහි සැම ආහාරයක් ම හලාල් සහතික කරලා තියෙනවා නේද? ඇයි මේ බොරු කතා? ඔය මොන සේනාව ශ්‍රී ලංකන් ගුවන් යානයේ ගියත් ඕවා තමයි කන්නේ, නැත්හම් බඩගින්නේ... (නි)

:       0       0

පුබුදු ශ්‍යාමික Monday, 01 July 2013 08:21 PM

ඇත්තටම ආසයි රඹුටන් කන්නත් ඒත් රුපියල් 10 දීල කන්න පුලුවන්ද?(නදී)

:       0       0

අමිල Monday, 01 July 2013 01:43 PM

අර්ෂා, ඔයාලා වගේ කට්ටිය දැක්කහම දුකටම රඹුටන් කන්න හිතෙනවා (දී)

:       0       0

ප්‍රසන්න Monday, 01 July 2013 01:55 PM

රීටා, …ඇපල් කොහෙද රු. 10 ට තියෙන්නෙ. ලාබෙටම තියෙන එකත් රු. 100 ට 3 යි. (දී)

:       0       0

ශ්‍රියා Monday, 01 July 2013 08:47 PM

පිරුණත් නෙත බද හොඳ රස අරගන්න මැරුනත් අපි කනවා හරි ඇසි කන්න අරුවත් නළු අම්බදු කියා කියා ඔන්න කරුණත් ඇවිත් පිටුපස රඹුටන් ගන්න.(නදී)

:       0       0

ඕෂන් Monday, 01 July 2013 08:48 PM

හැම දේටම ආගම් වාදය ....(අ)

:       0       0

සමන් Monday, 01 July 2013 02:00 PM

අර්ෂා, මැලේසියාවත් ඉස්සර බෞද්ධ රටක් (දී)

:       0       0

මිනිපෙ Monday, 01 July 2013 08:56 PM

චන්ද්‍රසිරි කෙලින්නේ පච. මම චන්ද්‍රසිරිට අභියෝග කරනවා, ඔය කියන රඹුටන් වැවෙන කැලේ, ලිපිනය ප්‍රසිද්ද කරන්න කියලා.(නදී)

:       0       0

වරුණ Monday, 01 July 2013 02:03 PM

වාරේ වුනාට ගිනි ගණන් නේද? රු 10 ක් දීලා කාටද පුළුවන් රඹුටන් ගෙඩියක් කන්න? මේවා ආශ්චර්යයේ රඹුටන්ද කොහෙද? (දී)

:       0       0

අර්ෂා Tuesday, 02 July 2013 11:14 AM

ඒ වුනාට මැලේසියව අද දියුණු රටක්. ලංකාවට ඒ තත්වෙට එන්න හීනෙකින්වත් බැහැ. (නි)

:       0       0

වරුණ Monday, 01 July 2013 02:19 PM

අර්ෂා, අපි කොහොමත් හලාල් කන්නේ නැහැ. ඔය කට්ටියනේ හලාල් කන්නේ. (දී)

:       0       0

කුමාරසිරි Tuesday, 02 July 2013 11:20 AM

මගේ පර්:10 ගේ සමග ඇති පොඩි මිදුලේ ,රඹුටන් ගහක් සාදාගෙන තියෙන්නේ. අවුරුද්දට දෙපාරක් ළමයින් ඇති වෙන්න රබුටන් කාලා සත්තුන්ටත් කන්න ඉතිරි වෙනවා.(ත)

:       0       0

නුවන් පියතිස්ස Monday, 01 July 2013 09:50 PM

හැම දේටම ආගම ගාව ගන්න එපා (අ)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 July 2013 02:40 PM

මලයාසියාවේ රඹුටන් කැලෑවට වැවිලා තියෙන්නේ. ලංකාවේ රුපියල් 100 කට එහේ රඹුටන් ගෝනියක් ගන්න පුළුවන් (දී)

:       0       0

ගාමිණී-සිරි Monday, 01 July 2013 02:54 PM

රඹුටන් ගෙඩියක් වෙළඳ පොලට එවන්න ගොවියා නොසෑහෙන වෙහෙසක් දරනවා. මල් කාලයේ පිටි මකුනන්ගෙන්, මෝරන විට දහවල් කාලයේ දී රිලවුන්,කපුටන්,ගිරවුන්,ලේනුන් ගෙන්,ආරක්ෂාකර ගතයුතුයි. රාත්‍රී කාලයේදී වවුලන්ගෙන් ආරක්ෂා කර ගැනීමට සෑම ගසකටම රතු විදුලි බුබුළු දමමින්, නින්දක් නොලබා වරින් වර අහස් කුරු යවනවා. ගොවියා ගෙඩි මෝරාගෙන එන කාලයේදීම ගැනුම් කරුවන්ට බදුදෙන අතර. ඔවුන් තාවකාලික පැල් පත් අටවාගෙන, කුසට අහරක් නැතිව , ගෙඩි ඉදෙන කන් දිවා රාත්‍රී මදුරුවෝ තලමින් ඉමහත් දුකක් විදින්නේ. සංචාරකයින් එන මේ කාලයේ , රඹුටන් වාරයට පමණක් නගර සභා සීමා තුල දිණකට සාධාරණ , සුළු මුදලක් අයකර වෙළඳුන් දිරිගැන්වීමක්, වශයෙන් තාවකාලික බලපත්‍ර නිකුත් කර අනුමැතිය ලබා දෙන්නේ නම් රඹුටන් ගොවියාත්, නගා සිටුවීමක් වෙනවා. සියලූම නගරාධිපති වරුන්ගේ කාරුණික අවධානය යොමු වේවා!(නදී)

:       0       0

දිනේෂ් Monday, 01 July 2013 03:09 PM

මැලේසියාවත් ඉස්සර බෞද්ධ රටක්. ඒකවත් දන්නේ නැද්ද අර්ෂා? (දී)

:       0       0

අමාලි සිල්වා Monday, 01 July 2013 11:21 PM

රඹුටන් පින්තුර දෙක්කත් කටට කෙල එනවා . කියක් දීල හරි කන්නමයි හිතෙන්නේ (අ)

:       0       0

රූපා Monday, 01 July 2013 03:26 PM

සමන් මහත්තයෝ, තව කොහෙද ඉස්සර බෞද්ධ දැන් නැති රටවල් සිතියමේ තියෙන්නේ.නේපාලේ ඉස්සර බෞද්ධ, දැන් නැහැ. ඉන්දියාව ඉස්සර බෞද්ධ, දැන් නැහැ කියලා කට්ටියට දැනෙන හිතේ අමාරුවට වඩා මැලේසියාව ඉස්සර බෞද්ධ දැන් මුස්ලිම් කිවුවම රිදෙනවා වැඩියි. ඒ මොකෝ? (දී)

:       0       0

මයියන්ගනේ Monday, 01 July 2013 11:40 PM

සෑම රඹුටන් ගසකටම 1000.00. රඹුටන් 12ක් 100.00සියක්? (අ)

:       0       0

චන්දි Tuesday, 02 July 2013 12:22 AM

ගිය අව්රුද්දෙ නම් අපි රබුටන් කාවා මේ අව්රුද්දෙ පත්තරෙන් දැක්ක ලංකාදීපෙට මගේ ස්තුතිය (අ)

:       0       0

සමීර් Tuesday, 02 July 2013 12:55 AM

සීයට රබුටන් 12 යි නම් සීයට රබුටන් කීයද .......?ලංකාවේ රබුටන් වාරය ජුනි ජුලි නමුත් තායිලන්තයේ රබුටන් වසරේ වැඩි කාලයක් දක්නට ලැබෙනවා හරි පුදුමයි . ? (අ)

:       0       0

නන්දලාල් Tuesday, 02 July 2013 07:43 PM

ජාතිවාදයක් මේ ලිපියට ගව ගත්තේ මොකද?...කොහොම වුණත් අර්ශාට යමක් කියන්න ඕන .ඔබ කියන විදිහට සියලු දෙනා සිතනවා නම් ,එසේ කටයුතු කරනවා නම්.මහජාතියට රිදෙන්නේ නැහැ අපිත් කියන්නේ එම උතුම් චේතනාවෙන් සැමදෙන සමගියෙන් සිටිමු කියා තමා.නමුත් මහජාතිය විනාශ කරන්න යටිකූට්ටු වැඩකරන විට තමා රිදෙන්නේ . ඒවාට විරුද්ධව නැගී සිටීම ජාතිවාදයද?? (අ)

:       0       0

දුලිප් Tuesday, 02 July 2013 01:47 AM

කොච්චර ගණන් වුනත් කන්නම තමා හිත (නි)

:       0       0

සුදත් බ්‍රෙෂියා Tuesday, 02 July 2013 02:31 AM

අපේ යාළුවන්ට රඹුටන් දැක්කාම මේ ප්‍රවෘත්තියට පහලින් තියන මහපාරේ ටයර් පුළුස්සන පින්තුරේ පෙනිලත් නැහැ. මහපාරේ ටයර් පුච්චනවට නම් මමත් කැමති නැහැ .එහෙත් මේ අය මේ වැඩේ කරලා තියන්නේ බොන්න වතුර නැතුව.මහා ලොකු අදහස් අවශ්‍ය නැහැ .ප්‍රවෘත්තිය කියවලා පොඩි ප්‍රාර්ථනාවක් කරන්න ඒ අයට ඉක්මනින් වතුර ටික ලැබෙන්න කියලා.ඒ හොඳටම ඇති .බැරිවෙලාවත් රොබට් නොක්ස් මහත්මයා මේ කාලෙ හිටියා නම් කියයි ,සිංහලයා ඥානයා රඹුටන් කන්න යෝධයා කියලා . (නි)

:       0       0

පිටබෙද්දර ජයා Tuesday, 02 July 2013 05:58 AM

ගාමිණි- සිරි, හොඳ අදහසක් දාලා තියෙන්නේ. කාලෝචිතයි, එකඟයි. මොනවා වුනත් අපි අපේ දේ අගය කරමු. රු 100 රඹුටන් කනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද එක අතකට? (නි)

:       0       0

විජේසිංහ Monday, 01 July 2013 04:44 PM

අපේ අය හැම දේකටම ආගම පටලව ගන්නනවා. හැබැයි ගොඩක් අයගේ ආගම තියෙන්නේ කතාවේන් , ක්‍රියාවෙන් නෙමෙයි.(නදී)

:       0       0

අර්ෂා Wednesday, 03 July 2013 11:44 AM

අම්මෝ! රඹුටන් ගෙඩියක් ගිය දුර ... (නි)

:       0       0

අර්ෂා Tuesday, 02 July 2013 01:18 PM

රූපා,ඔයා කියපු දේ මගෙත් සිතුවිල්ලට ආවා. නමුත් මම කිව්වේ නැත්තේ මහා ජාතියගේ හිත රිදෙයි කියලා.මේ මගේ මව් බිම, මම ශ්‍රී ලාංකික කියන හැගීම අප සියලු දෙනා අතරට එන තුරු මේ රට දියුණුවේයැයි කියලා හිතන්න අමාරු යි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 689 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 265 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3592 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1290 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 640 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2235 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37786 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site