රයිගම ගලේකඩේ කකුලක් අහිමි ගවයකුට කෘත්‍රිම පාදයක් ලබා දීමට අද එහි එකමුතු තරුණ කැල සමත් වූහ.
මිනිසුනට කෘත්‍රීම පාද නිෂ්පාදනය කරන ජායි පූර් සමාගමේ කාර්මික නිලධාරී උපුල් ලියනගම මහතාගේ අනුග්‍රහයෙන් රුපියල් විසි දහසක වියදමින් මේ කකුල නිෂ්පාදනය කිරීමට හැකිවිය. එවැනි කකුලකට රුපියල් හතලිස් දහසක් පමණ වැයවෙතියි කියති.
කාගේදෝ කැති පහරකින් කකුල වෙන්වූ මේ හරකා තරුණ කැලේ ඇල්ම බැල්ම ඇතිව පිනට මුදා හැර සිටි සතෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ උතුම් වෙසක් පෝය දවස්වල කොච්චර පිනක්ද සසර සරනා තුරා මේ පින් බලෙන් මෙයට සහභාගි උන හැම දෙනාම නිදුක් වේවා!(නදී)
මම ඔබට හිස නවා ආචාර කරනවා තරුණයිනි! (නි)
බොහොම පින් සියලු දෙනාටම ස්තූතියි.(නදී)
උපුල් ලියනගම මහතාටත් ලොකු පිනක් ඓළඹෙන වෙසක් සමයකි.(නදී)
සතුන්ව නිදැල්ලේ අරින නිසානේ කැති පාරවලට යොමුවන්නේ. කව්රුහරි ටිකක් කල්පනාකර මෙයාගේ වගකීම ගන්න.(නදී)
මේ උතුම් පින කරපු අය මේ වෙසක් එකේ ලොකු පිනක් කරගෙන තියෙනවා.(නදී)
මේ කල පින මේ සියලු දෙන හට සසර පුරාවට මතු වේවා!(නදී)
උතූම් කටයුත්තක් සියලු දෙනාටම පින්.(නදී)
මහා උතුම් පින්කමක්. (අ)
කකුල විවෘත කරන්න මන්ත්‍රී කෙනෙක් ආවේ නැද්ද?(නදී)
මට හරිම සතුටුයි කියාගන්න වචන නැහැ.(නදී)
මේ සතාගේ කකුල කපාපු මිනිහට ඒවා පලදීල ඇති අපි ජීවත් වෙන්නේ සභාව ධර්මයේ සත්‍ය සමග බව හැමෝම මතක තබා ගත යුතුයි.(අ)
කරනවානම් මෙන්න වැඩ . (ත)
කරුණාවන්ත ළමයින් . මේ ගැන අහන එකත් සතුටක්.. (ත)
දෙවැනි වැඩේ කොරනවට වැඩිය උතුම් පලවෙනි වැඩේ නොකර සිටියානම් මේ දෙන්නම ශ්‍රී ලාංකික. උත්තරේ බිංදුවයි.(නදී)
කාලෙකින් අහන්න ලැබුන හොද දෙයක්. ඔයාලට ගොඩක් පින්. හරිම ස්තුතියි.(නදී)
කාලෙකින් තරුණයින් අතින් සිදුවුණු හොද වැඩක් (නි)
අගය කළ යුතු වැඩක්. (නි)
පන්නිපිටියෙත් මේවගේ අසරණ සතෙක් ඉන්නවා මට මේ අයගේ දුරකත අංකයක් දෙන්න . (ස)
හොඳ වැඩක්.(ස)
සතුන්ටත් සමානව සලකන අපි, ජාතිවාදීන් වෙන්නේ නැත. බෞද්ධයන් තරම් සාධාරන වෙනත් ජාතියක් මෙලොව නැත. බෞද්ධයන් හා සාධාරනත්වයෙන් ජීවත් වීමට නොහැකි නම් එය ඔවුන්ගේ පවය. ඔවුන්ගේ නොහැකියාවය. අපි අපේ රට රැක ගනිමු. (නි)
මෙවැනි සිතුවිලි සියලුම මිනිසුන්ගේ සිත්වල පහලවේවා. මෙයට දායක වුන සියලුදෙනාටම හුඟක් පින්.(නදී)
වෙසක් එකට මහත් පිනක්. බොරුවට වියදම් කරන සල්ලි මේ වගේ දේකට යොමුකරන්න (නි)
පින් සිදුවේවා!(නදී)
අසරණ සතුන්ගේ මස් කොල්ලය නතර කරන්න. (නි)
ඔබ සැමට බොහම පින්.හොඳ වැඩක්. (නි)
ලංකාවේ තරුණයෝ කොහොමත් ආදර්ශමත් ගොඩක් පින් අතේ වැඩ කරනවා.(නදී)
එත් පොඩ්ඩක් පරෙස්සම් කරන්න. සතාව අටුලුගමට දක්කල කකුල පරණ යකඩ වලට වීකුනයි.(නදී)
සියලු දෙනාටම ස්තූතියි.(නදී)
ඔලු බක්කෝ එපා. සාජ්ජ එපා. සෝබන වැඩ එපා. මෙන්න කරනවනම් පින්කම්. ඒ තරුණ පිරිසට පින් සිදු වේවා. (නදී)
බොහොම පින් අතේ වැඩක්. අද කාලේ වෙසක් දන්සැල් කියලා තියන්නේ පාටියක් වගේ එකක්නේ.(නදී)
ඔබලා වැනි පින් ඇති පුතුන් ,තව තවත් බිහි වේවා මේ ලක් දෙරනේ.(නදී)
සියල්ලන්ටම ගොඩක් පින් .... (නි)
කැති පහරීන් ගව කකුල අහිමිකල නරුමයා ලද සතුට කුමක්ද?(නදී)
හොද වැඩක්
මෙවැනි දේ තවත් කිරීමට දිරිය ශක්තිය ලැබේවා!(නදී)
මේ පුණ්‍ය කර්මයට සහභගි උන සියලුම දෙනාට ජාති ජාතිත් මෙන් පින් බලෙන් කිසිම කරදරයකට, අතුරු අන්තරාවකට ,පත් නොවී නීරෝගී සුව සමගින් දීර්ගායු ලබා ජීවත් වෙන්න,දේවාශිර්වාදය ලැබෙනවා ... ස්වභාව ධර්මය ඔවුන්ව ආරක්ෂා කරනවා.(නදී)
ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ. දෙවියෝ වැඩ ඉන්නේ. මේ පුන්ය කර්මයට දායක උන සැමට නිදුක් නිරෝගී සුව ලැබෙවා. මට මතක් වෙනවා මෙහෙයුම් කරන කාලේදී කකුල් 3 නේ හරක් බිම්බෝම්බ අහු උන අහිංසක සත්තු තමන්ගේ දේවල් රැක ගන්න අනුන්ගේ ජිව්ත නැති කරන තිරිසන් මිනිස්සුන්ට ශාපවේවා!(නදී)
ගිනියම් අව්වේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ. දෙවියෝ වැඩ ඉන්නේ. මේ පුන්යකර්මයට දායක වූ සැමට නිදුක් නිරෝගී සුව ලැබෙවා. මට මතක් වෙනවා මෙහෙයුම් කරන කාලේදී කකුල් 3 නේ හරක් බිම්බෝම්බ වලට අහුඋන අහිංසක සත්තු. තමන්ගේ දේවල් රැක ගන්න අනුන්ගේ ජිව්ත නැති කරන තිරිසන් මිනිස්සුන්ට ශාපවේවා.(නදී)
සහෝදර සියල්ලන්ටම බොහොම පින් [ ජය ].(නදී)
බලාගෙන ඔය කකුල ගලවාගෙන විකුනයි. දැන් රට හැමතැනම කුඩුකාරයෝ ඉන්නවා.(නදී)
විපතේදී කෙනෙකුට පිහිටවීම අපි ළඟ තිබියයුතු උසස් ගුනධර්මක්. බුදුන්වහන්සේ කියාදුන් වදන් සිහියට ගෙන රයිගම් තරුණ පිරිස කර ඇත්තේ මහත් ගුණසම්පන්න ක්‍රියාවක්. ඔබට ජය. (නි)