රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා හෙරොයින් කිලෝවක් රැගෙන ඉන්දියාවේ ට්‍රිචී නුවර සිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයකු හා මාළිගාවත්තේ කාන්තාවක කටුනායකදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුනු බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.
දෙදෙනාම සතියකට වරක් ඉන්දියාවට ගොස් ඇති බවත් ඔවුනොවුන් නොහඳුනන බවත් කියති.
ඉන්දියානුවා තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි හතලිස් එක් හැවිරිදි රෙදිපිලි ව්‍යපාරිකයෙකි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර විජේවීර මහතාගේ උපදෙස් පිට රාජ්‍ය බුද්ධි තොරතුරු සේවය සමග එක්ව රේගු සමාජ ආරක්ෂන අංශයේ රේගු අධ්‍යක්ෂක කේ.ඒ.ඩී නිකොලෂ්, ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අතුල ලංකාදේව, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පී. නන්දසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන්වන එම්.කේ උයද ගාමිණී, අයි.එන් ඒකනායක, ඩී.ඩී.එස්.සී මයිකල්, කීර්ති අබේසේකර, තිලින විෙජ්සේකර, ප්‍රබුද්ධ පෙරේරා, තනුෂ්ක විෙජ්සූරිය, උදේෂ් ජයවර්ධන යන නිලධාරීන් විසින් සිදුකරති.
මේ පිළිබඳව රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අතුල ලංකාදේව මහතා විසින් සිදුකිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය වෙත බාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොමත් හරි. ඕක අර ආයතනයට බාරදුන්නම කුරක්කන් පිටි වෙයිද දන්නේ නැහැ. ඔය අහුවෙන කුඩු ප්‍රසිද්දියේ විනාශ කරන්න ක්‍රමයක් සකස් කලොත් හොදයි.(නදී)
අපේ කාන්තාවෝ ඉන්දියන් බිස්නස් කරනවා කියලා කරන්නේ මේවා තමයි. ජාතිය වනසන මෙවැනි වැඩ කරන අයට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න.(නදී)
දින දෙකකදී කුඩු ගැන අහන්න ලැබෙන කී වෙනි පුවතද මේ?(නදී)
මෙන්න ලංකාවේ උතුම් බව කියාපාන තවත් එක සිදුවීමක්.(නදී)
නීතිය නම් වල්වැදිලා ඉතින් බොහොම කල්නේ. (නි)
මේවා බරපතල වැරදි. උපරිම දඩුවම් දෙන්න.(නදී)
දැඩි දඩුවම් ලබාදිය යුතුයි. (නි)
දකුණු ඉන්දියාවේ අය ලංකාවේ අනෙක් දේවල් ප්‍රතික්ෂේප කළාට මෙහෙම දේවල් වලට නම් ලංකාව හොදයි. (නි)
රේගු නිළධාරීන්ගේ කාර්යක්ෂමභාවයට අපේ සුභ පැතුම්! (නි)
ලංකාව විනාස කරන්න ඇවිත් තියෙන්නේ (දී)
රයිගමයයි ගම්පලයයි කියුවේ ඇයි (දී)
අන්තවාදී ආගම් කල්ලිවල සම්බන්ධයක් ඇත්දැයි සොයා බලන්න. (නි)
ළමා පරපුර විනාශ කරනවා (දී)
රේගුවට ලොකු මල් මිටක්! අපේ අහිංසක සහෝදර සහෝදරියන් මත් රකුසාගේ බේරා ගැනීමට ඔබ දරන උත්සාහයට කොපමණ ස්තුති කළත් මදි. (නි)
මේව අල්ලපු එක නම් හොඳයි, හැබැයි මගේ ජීවිත කාලෙටම තාම කුඩු 'මුදලාලිලා'ට දඬුවම් කරනවා අහලා නෑ. මේ වගේ ගෝල බාලයෝ තමයි හැමදාම අහුවෙන්නේ. (ස)