සරත් ෆොන්සේකාගේ ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයට රියදුරකු ලෙස බඳවා ගැනීමේ පරීක්ෂණයට පෙනී සිටි රියදුරකු මාදිවෙල කිඹුලාවල ජයවර්ධනපුර රෝහල පාරේ සක්මන් මළුව අසළ දී ලොරියක හැපී කඩ දෙකක් ද කඩාගෙන අනතුරට ලක් විය.
කිසිවකුටත් තුවාල සිදුවූයේ නැත.
සරත් ෆොන්සේකාගේ ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයට රියදුරකු ලෙස බඳවා ගැනීමේ පරීක්ෂණයට පෙනී සිටි රියදුරකු මාදිවෙල කිඹුලාවල ජයවර්ධනපුර රෝහල පාරේ සක්මන් මළුව අසළ දී ලොරියක හැපී කඩ දෙකක් ද කඩාගෙන අනතුරට ලක් විය.
කිසිවකුටත් තුවාල සිදුවූයේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ඉහළම සුදුසුකම් තිබෙන බව පෙනෙනවා. ලංකාවේ ඔය විදිහට තමා වැඩිදෙනෙක් එළවන්නේ. එනිසයි ගොඩක් වාහන වල "බුදු සරණයි" කියලා ගහලා තියෙන්නේ. මේ වගේ රියදුරෝ පාරේ යනවිට මහජනයාට බුදු සරණයි ! (නි)
මෙතන වරද නාගරික සංවර්ධන අධිකාරියේ සහ රථවාහන පොලිසියේය. ඒ මොහු වාහනය පැදවීමට පෙර මෙම බාධක ඉවත් කර නොදුන් නිසා (නි)
මේවට තමයි කියන්නේ හතර හිනා කියලා (නි)
පුලුවන් මිනිහෙක් ගන්න ඕනෑ. දේශපාලනෙත් ඒ වගේ තමයි. (නි)
ආනන්ද, කවුද මේ ඔය කියන හොඳ රියදුරු? ඔක්කොම කට්ටිය දුෂිත නිසා නේ ෆොන්සේකා මහත්තයා වෙනම පක්ෂයක් හදා ගත්තේ. (නි)
බයවෙන්න එපා, දෙවැනි බලවේගය වෙන්න වැඩිය අමරුවෙන එකක් නැහැ. (නි)
මෙම ඩිමෝ බට්ටාගේ අයිතිකරුට සාධාරණයක් ඉටු කළ යුතුයි නේද ? (නි)
චානක, හීනෙන්ද? (නි)
රියදුරාත් පාර වරද්දාගෙන. මොනවා කරන්නද? මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)
ෆොන්සේකා මහතාගේ දුර දක්නා නුවණ හින්දා එදා කීප වතාවක් පසුබාපු අපේ හමුදාව නිර්භයව ඉදිරියට යාමට ත්‍රිවිධ හමුදාවට අණදීලා කොටියා පරාද කළා. දෙවන වර මිනිසාට පරාද වුණේ ධාර්මිකව සාධාරන ලෙස ඡන්දය කරන්න ගිහින්. එනිසා තමයි හැමදෙයක්ම තෝරලා බේරලා ගන්න ඕනෑ.ඔය ක්‍රමය අපේ අනිකුත් බලදාරින් අනුගමනය කරන්නේ නැති නිසා තමයි එයාලගේ කට්ටිය පාරේ ඉගිලිලා ජනතාවට පීඩා කරන්නේ. ඔය වගේ ක්‍රමය හැම කාර්යයකම පැවැත්වීමට සිතට ගත යුතුයි (නි)
නමුත් රියදුරුත් හැපී තිබෙනවා.නේද? (නි)
බර්නාඩ්,චානකලා,ටිකිරි බන්ඩලා හීන දකිනවා මුලින්ම උත්සාහ කළොත් පළචෙනි බලවේගය වෙන්න. කොහොම වුණත් ෆොන්සේකා මහත්තයා මේකෙන්වත් තේරුම් ගත්තොත් හොඳයි හොඳ රියදුරු කෙනෙක් ඉන්න වාහනයකට නැග්ගානම් මෙහෙම වෙන්නෙ නැති බව. (නි)
පරික්ෂණයක් නෙමෙයි, රියදුරෙක් ගන්න විදිය මගෙන් අහන්න. හොදම රියදුරෙක් ගන්නවා නම් සෞදි දුවපු රියදුරෙක් ගන්න. ලංකාවට අද අවශ්‍ය එවැන්නෙක්. (නි)
රියදුරෙකු වශයෙන් රැකියාව ලබාගැනීමට පැමිණි අය හැකියාව පිළිබඳ පරීක්ෂණයේදී අනතුරක් සිදු කළා. ඉති සමහරු මොකද මේ සරත් ෆොන්සේකා මහතාගේ නම දැකලා වලිගය උස්සාගෙන දඟලන්නේ? ඔය ඕනෑ තරම් මැති ඇමති ආරක්ෂක සේවාවල් රියදුරනුත් අනතුරු සිදු කරන්නේ. (නි)
අනිවාර්යෙන්ම මේක රියදුරු මහතාගේ වරදක් නොවේ. හොද වෙලාවට රියදුරාව පරික්ෂා කරලා ගන්න හිතුනේ. මේ කිසිම දෙයක් නැතුව, සමහරවිට මේක අටවපු උගුලක්ද දන්නේ නැහැ (නි)
ඩිමෝ බට්ටා ගේ අයිතිකරු සාධාරණයක් ඉටු කරන්න (දිල්)
කොහම උනත් ර 8.00 වෙනකම් පොන්සේකා මහත්තයාගේ ගෑවෙන තෙනෙක්වත් වත් පොලිසියට ආවේ නැ (දිල්)
බට්ටා පටලවාගෙන. මම කිව්වෙ දෙශපාලනය ගැන නෙමෙයි රියදුරෝ ගැන. (නි)
අදාල දේයි අදාල නැති දේයි ඔක්කොම එකට පටලවාගෙන වගේ මේ ප්‍රවෘත්තිය බලපු කට්ටිය. මේ වගේ මෝඩ මිනිස්සු ඉන්නකම් මේ රට ලෝකෙටම ආශ්චර්යක්.මේවා කොහොම දියුණු කරන්නද? හැම දේටම දේශපාලනේ ගාවාගෙන,කෙසේවෙතත් රියදුරු පරීක්ෂණයක් පැවැත්වීම පැසසීමට ලක් කළ යුතුයි.මොකද මේ රටේ හැමතැනම නුසුදුස්සෝ රජ වෙලා. (නි)
මේ ලඟදි ඇමරිකාවෙත් බ්රේක් කියලා ගැස් පාගල තරුණ ගැනු ළමයකුගේ කකුල උඩින් කාරෙක ගියා .ඔය නිකම් තියෙන වම කකුලට බ්රේක් එක හැදුවනම් මොකද ?ආසියාවේ මහා හොරකම කියන වැට් ප්‍රෝඩාවේ සල්ලිත් අරන් පිටරටක වැජබෙනවා . විශාල පුජා දාන දෙනවා. සල්ලි වලට යටවෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ .කාටත් නීතියත් නැහැ. ඉතින් ඕවා මොනවද? (නදී)
මේකේ ඉන්න අය බලාගෙන ඉන්නේ කාගේ හරි අතින් වරදක් වෙනකම් තමා. ඒකට හිනා වෙන්න.කොහොමත් අපේ මිනිස්සු එහෙමනේ... (නි)
එක සැරයක් මිනිස්සු හතර පස් දෙනෙක් එක්ක වැන් එකක් හැටන් කිට්ටුවදී කන්දෙන් පහලට පෙරලුන. ඒ වෙලාවේ අපිත් උදව් කරන්න එතනට ගිය. එතකොටත් එයාලගේ වැන් එකේ මහා හය්යෙන් සින්දුවක් යනවා "ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද" කියල (දී)
හෙට සිට සේවයට වාර්තා කරන්න කියලා කියන්න ඇති (නි)
බ්රේක් කියලා ගෑස් පෑගුවේ! (නි)
පරික්ෂණයක් පැවැත්වීම ඉතාම හොඳයි. මේකෙන්ම එතුමාගේ දුර දක්නා නුවණ පේනවා. (ස)
එදා වේල හම්බකරගෙන කන ඩිමෝ වාහනේ අයිතිකරුට මාසයක්ම බඩගින්නේ ඉන්න වෙයිද? (නි)
දුර ගමනක් යන්න නම් වටපිට බලලා හොඳින් ධාවනය කළ යුතුයි.... හදිස්සිය තිබුණට මදි.. පළපුරුද්දත් ඕන...(දිල්)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්? (නි)
රියදුරෙකු බදවා ගැනීමට වෙනම පරික්ෂණයක් පැවැත්වීම අගය කල යුතු කරුණක්.නියම මහත්මා ගති ගුණයක් වගේම අගය කල යුතු ඉදිරි අනාගතයක් වගේම පැහැදිලි දැක්මක් ඇති නායකයෙකුගේ ක්‍රියාවක්..... (ස)
මෙයා නම් නියමෙට ගැලපෙනවා. (ස)
කුසල් හරි. කෙනෙක් පරීක්ෂණයට පෙනී සිටි පමණින් මොකටද ෆොන්සේකා මහත්තය මේකට ගාගන්නේ? (නදී)
මට පෙනෙන්නේ ඔටෝ ගියර් වාහන පදවල නැති කෙනෙක් වගේ.(නදී)
මෝඩ මිනිසුනේ, මේ රථය පැදවූයේ සරත් ෆොන්සේකා මහතාද? ඒ වගේනේ අදහස් (නි)
හීන තමයි මහත්තයෝ පස්සේදී සැබෑ වෙන්නේ (නි)
මොනවා වුනත් ලබන සතියේ එයා රියදුරු බලපත්‍රය ගත්තා කියාවි. මේ දවස් වල වෙන අනතුරු දිහා බැලුවහම එහෙම හිතෙනවා. (ස)
බුදු අම්මේ! මේ ඩිමෝ බට්ටේක්වනේ පෙරළගෙන තියෙන්නේ. ලොකු ලොරියක් එලෙවුවා නම් කොහේ ගිහින් නවතීද දන්නේ නැහැ (නි)
මොනවා වුණත් හොඳට සුදුසුකම් හොයලා බලලා බඳවා ගන්න බව තමයි මට නම් පෙනෙන්නේ.නැත්නම් හිතවත්කමට රස්සාව දෙන්න ගියා නම් ලයිසන් එක තියෙන කෙනෙක්ව නැවත පරික්ෂා කරන්නේ නැහැනේ (නි)
එස්. එෆ් ගේ වෙලාව හොදයි. (නි)
මෙවැනි දෙයක් කරනවා නම් හොදට හිතලා බලලා කරන්ඩ ඕනෑ. මොකද අද පාරේ කීදෙනෙක් ගමන් කරනවද? ඔවුන්ට කරදරයක් වෙන්නෙ නැති විදියට සැලසුම් කර ගහන්න ඕනෑ කියලයි මම හිතන්නේ.මොකද එවෙලේ කාට හරි කරදරයක් වුණා නම් මොකද කරන්නේ ..? (නි)
මැතිවරණ ජයග්‍රහනය ලැබුණම ලොකුම නිලය නිසා පරිස්සම් වෙන්නට ගස් ගල් අනිකුත් වාහන හා පදිකයන් ඉවත් කරගෙන යාහැකි රියදුරෙක් දැන්ම සොයනවා ඇති. (නි)
දෙවන බලවේගය නෙමෙයි, ළගදීම අපේ රටේ පළමු බලවේගය වෙන්නේ ඔය පක්ෂය තමයි (නි)
එස්.එෆ්.ගේ හැටි දන්න නිසා එයා කලබල වෙලා වෙන්න ඇති. හැබැයි එයා පාස් වෙයි (නි)
අයියෝ මං ඔය වෙලාවේ ඔතනින් ගියා. (ස)
ඔයාලා මේ බණ දෙසනවා. වැඩ දන්නා හින්දා ඔය ගානට බේරුනා. නැතිනම් පුනාගල ගියා වාගේ තමයි. (නි)
අයියෝ....හොඳ වෙලාවට රියදුරු පරික්ෂනේදී සිද්ධ වුනේ. (ස)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂණය මත නොරැදී හොඳ වෙලාවට බඳවා ගැනීමේ පරීක්ෂණයක් කලේ. (ස)
අයියෝ සල්ලි... (ස)
බාධා වෙන තරමට, ගමන සාර්ථකයි. (ස)
දභාබ්බා, කට පරිස්සම් කර ගන්න. ඔය වගේ අදාස් පල නොකර. (ස)
හෙමින් ගිහින් පුරුදු නැති අය එක්කෝ ඇන ගන්නවා නැතිනම් අනිත් අයට ඇනයක් වෙනවා. පාරවල් හැදුවට තරහින් පාරවල් වල යන්න එපා. (ස)
ඉක්මන් කොටයි කියන්නේ .. නැතිවාද ඒක දන්නේ ? .. ඔය පාරේ ඉක්මනින් යන ගමන ඉක්මන් උනොත් වෙන දෙයම තමා දේශපාලනයේදීත්එ. ගොඩක් අය ඉක්මනින් රජ වෙන්න හැදුවට ඉක්මනින්ම නොපෙනී යනවා. (ස)
දෙවැනි බල වේගෙ වෙන්න තියෙන ඉක්මන හින්දද මන්දා හයියෙන් ගිහින් තියෙන්නේ.. (ස)
ඉක්මන් වුණොත් ඔහොම වෙනවා. එක පාර උඩ යන්න හදන අයට නවතින්න වෙන්නෙ ඔහොමයි (නි)
චානක, ඔබ ඔය මොකක් ගැනද කියන්නේ? (නි)
චානක. දෙවන බලවේගය නෙමෙයි, ළගදීම අපේ රටේ පළමු බලවේගය වෙන්නේ ඔය පක්ෂය තමයි (නි)
මේ යන ක්‍රමයට අනිවාර්යෙන්ම අපේ රටේ පළමු බලවේගය වෙන්නේ ඔය පක්ෂය තමයි. (නි)
සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලනය අනුමත නොකළද, ඔහු පරිඝණකයක නොව හදවතේ ඉතිරි වූ ජාතික වීරයෙකි. (නි)
ලොක්කා වරද්දාගත්තා වගෙයි (නි)
මම හිතන්නේ මේක පෙරහුරුවක්. ඇමති කෙනෙක් හෝ පක්ෂයක ප්‍රධානියෙක් වුණහම ගොඩක් අය යන්නේ මෙහෙම නිසා. මේක පෙරහුරුවක් වෙන්න ඕනෑ. (නි)
එතුමා කතා කරන්නේ නම් පාපැදියක් වත් නැහැ වගේ.. (දී)
මේ ඉතින් එතුමාගේ වරදක් නොවෙයි.... එහෙනම් අර චෝගම් එකේ බෙන්ස් එලවන්න ගිහිල්ලත් හප්පා ගත්තේ ඒක හොදද, (දී)
ෆොන්සේකා මහත්තයාට ජයවේවා (දී)
බැටළු හැම පොරවාගෙන ආවට මහජනයා ඕවට රැවටෙන්නේ නැහැ. මිලිටරි පාලනය තිබුන රටවල් අද අසාර්ථක රාජ්‍යවල්. (දී)
අපේ ෆොන්සේකා මහත්තයාට බනින්න එපා (දී)
සත්තු වත්තේ සත්තු ටික ඔක්කොම අද එලියට එන්න ඇති..කොහොම උනත් ලොක්කටම ගැලපෙන මිනිහ..දෙන්නටම බ්රේක් නැහැ..(දිල්)
මේකේ අදහස් දාල තියෙන උදවිය හිතන් ඉන්නේ මේක ලංකාවේ වෙච්ච පලවෙනි රිය අනතුර වගේ, වලිගෙ පාගාගෙන ඔහේ බනින්නන් වලේ ෆොන්සේකාව විවේචන කරලා තියෙන්නේ,දේශපාලනය වෙන දෙයක් යන්නේ කොහෙද මල්ලේ පොල් න්‍යාය තමයි තියෙන්නේ පාඨකයාටත්, මේක රියදුරුගේ වැරද්දක් මිසක් වෙන මොනාද,අපේ රටේ ලයිසන් දෙන්නේ හරියට පුහුණුව වත් දීලද,(දිල්)
වැරැද්ද සරත් ෆොන්සේකා මහතාගේ නොවේ.රියදුරන් කරන වරදිවලටත් දේශපාලනය පටලවාගෙන.මීට කලින් මැති ඇමතිවරුන්ගේ රියදුරන් විශාල අනතුරු කරලා තියෙනවා.මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පක්ෂය අමතක කර හරිදෙය වැරදි දෙය නිවැරදිව දකින එකම ජනකොටසක් වන තාක් මේ රට දියුණු කරන්න බැහැ.(දිල්)