IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


රියදුරු බලපත්‍ර ගැනීමේදී අලුත් පරික්ෂණයක්

(නිමල කොඩිතුවක්කු)

බස්රථ ඇතුළු බරවාහන රියදුරන් සදහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ දී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය මත්ද්‍රව්‍ය ලබා ගන්නවාදැයි දැනගැනීම සඳහා සිදු කරන පරික්ෂණයට (DrugTest) අද  සිට අනිවාර්ය කිරීමට ප්‍රවාහන වෛද්‍ය ආයතනය පියවර ගෙන තිබේ.

රියදුරු බලපත්‍ර අලුත්කිරීමට සහ නව රියදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන බරවාහන රියදුරන් අනිවාර්යයෙන් මෙම පරීක්ෂණ සිදුකලයුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතාකොට රිය ධාවනයේ යෙදෙන බවට මගී ජනතාවගෙන් දිනෙන් දින ලැබෙන පැමිණිලි හේතුවෙන් මෙම පියවර ගත් බව රාජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණ ඇතිව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව ද දිලුම් අමුණුගම මහතා පැවසීය.

මෙම වෛද්‍ය පරීක්ෂණය අසමත්වන පුද්ගලයින් සදහා වෛද්‍ය සහතික නිකුත් නොකරන අතර මේ හේතුවෙන් ඔවුනට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ඇති හැකියාව අහිමිවී යන බවත් ඔහු සඳහන් කළේය.

මෙම මත්ද්‍රව්‍ය පරීක්ෂණය දිවයින පුරා පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතනයන්හි සිදු කිරීමට හැකි අතර එය හදුන්වා දීමේ කටයුතු ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේදී ඊයේ(20) සිදු කෙරිණි.

 



අදහස් (4)

රියදුරු බලපත්‍ර ගැනීමේදී අලුත් පරික්ෂණයක්

ජි ජි අමිතා නිල්මිණි Thursday, 20 May 2021 01:15 PM

බයික් ලයිසන් ගන්නේ කොහොමද?

:       0       0

Sanju Thursday, 20 May 2021 02:04 PM

බොහොම හොඳ වැඩක්... ඇමැතිතුමනි.. හරියට කළොත් ගොඩක් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

:       1       0

Chathuranga Friday, 21 May 2021 01:55 AM

ගොඩක් හොද දෙයක්. මහත්තයෝ, ඔය පරීක්ෂණයම මැතිවරණ වලට නාම යෝජනා එක්ක බාර දෙන්න ඕන කියල අනිවාර්ය කරන්න බැරිද?

:       0       5

AMaheshE Friday, 21 May 2021 03:50 AM

ඇත්තටම ඒ ක්‍රියාව හද පතුලෙන්ම අගය කරනවා

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 193 0

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 714 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 623 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 325 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 803 1

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 1180 5

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 60 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 443 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1391 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site