රෝයල් පාර්ක් නඩුවේ විත්තිකාර ජූඞ් සාමන්ත ජයමහට අභියාචනාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු ගොනුකර තිබූ විශේෂ අභියාචන පෙත්සම විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කිරීමට නියෝග කළේය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ අභියාචනාධිකරණය විසින් පුද්ගලයෙකුට නියම කළ ප‍්‍රථම මරණ දඬුවම මෙය වේ. ඒ අනුව අභියාචනධීකරණය නියම කළ ඉතිහාසගත ප‍්‍රථම මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද ඊයේ තහවුරු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්යන්තර පාසල් සංස්කෘතිය අද අපේ රටේ සදාචාරය ගිලගනිමින් පවතී. (ස)
එයා හිරේ ගියාට, සල්ලි තිබෙන නිසා හොදින් සිටීවි (නි)
රත්නායක ආරච්චි ඒවා ඔබගේ මනසේ කෘතිමව මවා ගත පින්තුරයක් . උසාවියකින් දෙන තීරණයක් මත මරණ දඬුවම දෙන්නේ . විරුද්ධ වාදීන් මැරීමට එල්ලුම් ගස අවශ්‍ය නැත . එය දැනටම ඉබේම සිදුවේ.රත්නායක මනස පොඩ්ඩක් සෝදිසි කරවා ගන්න . ඔබට තෙරුවන් සරණයි !!! (ස)
ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම හරිම භයානකයි. වහාම මරණ දඩුවම අහෝසි කළ යුතුයි,නැත්නම් දේශපාලන විරුද්ධවාදීන්,අහිංසක නිවැරදිකරුවන්,නිදහස් මතදාරීන් පෝරකයට යාවි.ඇත්ත තිත්තයි. (නි)
මැති, ඇමතිවරු කීප දෙනෙක්ම කීවා නේද එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කටයුතු කරන බව.ඇයි තවමත් ප්‍රමාද?? (ස)
දඩුවම අනෙක් බලාගෙන ඉන්න අපරාධකාරයන්ට හොද පාඩමක්. එහෙත් විසදුම එය නොවේ. මෙම අපරාධය සිදුවුණේ කොහොමද? කියලා හොයලා එතන නිවැරදි කරන්න ඕනෑ නේද? මට නම් හිතෙන්නේ එතකොට අපරාධ රැල්ල අඩුවේව්. (නි)
බිනර, ඔබේ කතාව සීයට සීයක් හරි. (නි)
යමක් ප්‍රායෝගික නැති බව සාමාන්‍ය ඥානයට පෙනෙන දේ නීතියෙන් පොතේ හැටියට කෙරෙනවා. එක මනුෂ්‍ය ඝාතනයකටත් වෙන වෙන ඝාතන දහයකටත් එක මරණ දඬුවමනේ ලැබෙන්නේ. දහ පාරක් එල්ලන්න බැහැනේ. නමුත්, දුන් දඬුවමක් ක්‍රියාත්මක නොකිරීම නම් වැරදියි (නි)
ලංකාවේ බොරු මරණ දඬුවම් දීම නතර කළ යුතුයි. ක්‍රියාත්මක කළ නොහැකි දඬුවමක් දීම නිෂ්ඵලයි නේද? හිරගෙවල් පිරෙන එක මහජනයාගේ මුදල් නිකරුනේ නාස්ති කිරීමක් නේද? (නි)
මොහුට නම් සමාව දෙන්නම එපා.එල්ලුම් ගහ වහාම නියම කරලා,ඒකට පළමුවැනියා හැටියට යවන්න (නි)
දෙවෙනි සැරේටත් මරණ දඬුවම තීන්දු වෙනවිට එදා ඒ යුවතියට කල අපරාදය දැන් මෑන්ට මතක් වෙනවා ඇති නේද?(නදී)
මරණ දඬුවම් තීන්දු කරනවා විතරයි.ක්‍රියාත්මක කිරීමක් නැහැ .තව ටික කාලෙකින් පොදු සමාවදීල එලියට දමාවි.ලංකාවේ ක්‍රමය එහෙමයි නේ. (ස)
කොහොමත් අපරාධකරුවන් මනසින් විදවනවා (නි)
සල්ලි උඩ ජීවිතය ගතකළ කෙනෙක්. මරණ දඬුවම දෙන්නම ඕනෑ. එහෙත් එය ක්‍රියාත්මක නැහැ ලංකාවේ. (නි)
අපරාදේ! අර අහවල් පැත්තේ සාක්කිකාරයෙක් කරලා එළියට දාන්න තිබුණනේ (නි)
ගල් ගහලා මරන්නයි හිතෙන්නේ මට (නි)
කී වතාවක් තීන්දු කළත් වැඩක් තිබෙනවද ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්? (නි)
වැඩක් නැහැ.මොන අපරාධකාරයට වුණත් ඔය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්නේ නැහැනේ (නි)
එල්ලලා තියන්න ඕනා.(නදී)
සමාව දෙයිද දන්නේ නැහැ.(නදී)