IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රියැලිටි තරගයකින් ඉදිරියට එන්න ලේසියි

2016-05-03-ent-93

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරු මාවතේ පැමිණි තරුවක් ලෙස චින්තක මලිත්ව හැඳින්විය හැකිය. සංගීත කණ්ඩායම් නායකයෙකු ලෙසද කටයුතු කරන අතර, ඉදිරියේදී ඔහුගේ නවතම ගීතයක් එළිදැක්වීමට සූදානමින් සිටියි. ඒ පිළිබඳව සහ ඔහුගේ සංගීත දිවිය පිළිබඳව "සාරවිට" අපත් සමග මෙසේ දොඩමලු විය.

 

2016-05-03-ent-94වර්තමාන තොරතුරු ගැන සඳහන් කළොත්?

අලුතින් ගීතයක් කරනවා. ඒක පොඩි ආදරයක් පිළිබඳව කියැවෙන ගීතයක්. හැබැයි ඒක ආදරයේ පොසිටිව් පැත්ත ගැන කතාකරන වැඩක්. එකේ ඕඩියෝ ට්‍රැක් එක නම් අවසන් කරලා තියෙන්නේ. වීඩියෝ එක ජූලි මාසයේ එළිදක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

සංගීත කණ්ඩායම සහ එහි කටයුතු පිළිබඳ පැවසුවොත්?

Trioz සංගීත කණ්ඩායම පටන් ගත්තෙ 2005 වර්ෂයේදී. අපි O/L වලට පාඩම් කරද්දි තමයි මේ අදහස අපිට එන්නේ. 2008 වර්ෂයේදී අපි ප්‍රසංගයක් කරනවා. එතකොට ඒ ප්‍රසංගයත් සමග තමයි සංගීත කණ්ඩායම එළියට එන්නේ. ඊට පස්සෙ අවුරුදු ගාණක් පොඩ්ඩ පොඩ්ඩ ඇවිල්ලා අද වෙද්දී හොඳ තත්ත්වයක ඉන්නවා කියලා කියන්න පුළුවන්.

 

කණ්ඩායමක් වශයෙන් ගීත කරලා නැද්ද?

අපේ සංගීත කණ්ඩායමෙන් ගීත කරලා තියෙනවා. එළිදක්වලා නැහැ. මොකද තාම හරියටම මොන ගීතයද කියන එක තමයි හිතලා නැහැ. තවත් ගීතයක් කරනවා. සංගීත කණ්ඩායමක් වශයෙන් දාන පළමුවැනි ගීතය හොඳ ගීතයක් සහ අපි කරන පළමුවැනි වැඩේම හරියට කරන්න ඕනා කියන තැන අපි ඉන්නවා. අපි කාලය ගන්නේ හරිම ගීතය කරන්නයි.

 

රියැලිටි තරගයෙන් ඉදිරියට ආපු කෙනෙක් ලෙස කොහොමද මේ රියැලිටි තරග දිහා බලන්නේ?

මෙහෙමයි. තරග තියෙන්න ඕනේ. තරග තිබුණ නිසානේ අද අපි මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. මමත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් තමයි එළියට ආවේ. ඉතිං 2009 වර්ෂයේදී තමයි මට ඒ අවස්ථාව හම්බවුණේ. තරගයකින් ඉස්සරහට එන්න ලේසියි. එතැනින් එහාට යන්න තියෙන ගමන තමයි අමාරුයි. මම කියන්නෙ තරග පැවැත්වෙන්න ඕනේ. වෙන්නේ තරගවල ප්‍රශ්නයක් නෙමෙයි. තරගයෙන් පස්සෙ ඒ ගායන ශිල්පියා ඉදිරියට යෑම තමයි ප්‍රශ්නය තියෙන්නේ. එක තරගයකින් අවසාන 12 දෙනාවම චරිතයක් විදිහට කැපී පෙනෙනවා. ඉතිං එතැනින් එහාට ඒ අයගේ අතේ තමයි තරගය තියෙන්නේ. ඒක තමයි අමාරුම කර්තව්‍යය. ඈත පිටිසර ඉඳන් දැන් කොළඹ දක්වා ඇවිත් ගායන තමන්ගේ වෘත්තීය කරගන්න මේ තරග බොහොම ඉඩකඩක් වුණා කියලා කියන්න පුළුවන්. මෙවැනි තරග නිසා බිහිවෙච්ච හොඳ ගායක ගායිකාවෝ අද ක්ෂේත්‍රය තුළ ඉන්නවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප අනුග්‍රහය - චින්තකගේ ෆේස්බුක් ගිණුම

 

 



අදහස් (0)

රියැලිටි තරගයකින් ඉදිරියට එන්න ලේසියි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 89 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 75 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 592 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1368 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 178 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 91 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38403 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site