මහනුවර හා පේරාදෙණිය අතර ඇරඹූ නව රේල් බස් සේවාව පසුගිය 3 වැනි දා සිට මේ දක්වා ධාවනය නොවු බවත් එම සේවාව අද දින නැවත ඇරඹියද ප්‍රවේශ පත් නොදීමේ ගැටලුව තවමත් පවතින බවත් මගීහු කියති.
රේල් බස් සේවාව ඇරඹුවේ මහනුවර හා පේරාදෙණිය අතර මහා මාර්ගයේ ඇති වාහන තදබදයට පිළියමක් නිසා වුව ද එම සේවාව අරඹා දින කිහිපයන් යන විටදී රේල් බසයේ ගමන් කිරිම සදහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරිම නිසා තමන් ගැටලුවට මුහුණ පෑ බව ඔවුහු සඳහන් කරති.
දුම්රිය ප්‍රවාහන අධිකාරී පි.ඒ.එස් වර්ණසුරිය මහතා පවසා සිටියේ යාන්ත්‍රිකව ඇති වු ගැටලුවක් හේතුවෙන් රේල් බස් රථ දෙක මේ වන විට ධාවනය නොවුවත් එහි අලුත්වැඩියා සිදුකර ධාවනයට එක් කිරිමට කටයුතු කර ඇති බවයි. රේල් බස් රථ වල ගමන් ගන්නා මගීන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන අයුරින් ප්‍රවේශ පත්‍ර අලවි කරන්නෙකු යොදා එම ගැටලුවද ඉතා කඩිනමින් විසඳන බවද වර්ණසුරිය මහතා පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රැකියා නොමැති ලක්ෂ ගණනක් සිටිද්දී ටිකට් නිකුත්කරන්න කෙනෙකු සොයාගන්න බැරි දුම්රිය දෙපාර්තුමේන්තුව. (ර)
පනඅදින ලංකාවේ දුම්රිය සේවය පුද්ගලික අංශයට හෝ විකුණා දමා ගොඩගන්න..... (නි)
අදක්ෂ සහ නවක නිලධාරීන් නිසා හැම දෙයක්ම කොට උඩ (අ)
මේච්චරටම සේවක හිඟයක් තියෙනවා වෙන්න බැහැනේ. මෙවැනි සරල ප්‍රශ්නයක්වත් විසඳාගන්න බැරිද ? (නි)
අපේ රටේ විරැකියාවෙන් පෙළෙන ලක්ෂ ගණනක් ඉන්නවා. ඒ වගේම රැකියා පුරප්පාඩුත් තියනවා. ඇත්ත ප්‍රශ්නය අර පුරප්පාඩු වලට විරැකියානුවන් අකමැතිවීම. ඔන්න ඔය හිඩැසට තමයි අර "එට්කා" කියන සතා ඉව අල්ලමින් ඉන්නේ. (නි)
දැන් තියන කසිකබල් කෝච්චි වල යනවට අපිටයි සල්ලි දෙන්න ඕනෑ (නි)
බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැහැ මෙම සේවාවේ ඇති වටිනාකම (නි)
මේ වාගේ සුළු ප්‍රශ්න විසඳාගන්න බැරි නම් අපේ ලොකු ලොක්කන්ගෙන් ඇති පලය කිම? (නි)