මැදවච්චියේ සිට තලේමන්නාරම දක්වා ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ සවි කිරීම රැගෙන ආ රේල්පීලි අටක් සොරකම් කළ බව කියන එම ගබඩාවේ ආරක්ෂකයෝ සිව් දෙනෙක් එම රේල් පීලිද සමග මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුව ගනු ලැබූහ.
ඉන්දියා ඉදිකිරීම් සමාගමකට අයත් මැදවච්චිය යකාවැව ගබඩාවේ තිබියදී සොරාගත් මෙම රේල් පීල්ලක දිග අඩි 150ක්. ඒවා ලොරියකින් පටවාගෙන යා හැකි ආකරයට කොටස් කර තිබූ බවත් පොලිසිය පවසයි. තවත් ඒක් අයකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුනාට අර මරදානේ රේල් පීලි ගිලපු සුද්දවන්තයා තවමත් නිදැල්ලේ.(නදී)
ස්කෑන් එකක් කරලා බලන්න බඩේ කෝච්චියක් ඇති. (නදී)
අඩි එකසිය පනහක්? (නදී)
අනේ අහන්නත් දුකයි මෙහෙම මිනිස්සුද දැන් ලංකාවේ ඉන්නේ? (නදී)
මේ අයට රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ.(නදී)
ලංකාවේ ඉන්න ස්ටෝර් කිපර්ලත් හොරු.(නදී)
සංජය ඔබ මොනවා ද මේ කියන්නේ අපි දැන් ඉන්නෙත් රජ කාලෙක තමයි. වෙනස තියෙන්නේ සම්ප්‍රදායික රජ කාලෙට වඩා දුෂණ හා අපරාධ දැන් සිය දහස් ගුණයකින් වැඩිවෙලා තිබීමයි. (නදී)
යකඩ දාගිය තැන පුළුන් ඉතුරු වේද? (නදී)
අයියෝ රේල් පිලි මොනවද, නැවුත් උස්සන කාලේ. ඕවා පුංචි 2.50 හේ වැඩනේ.(නදී)
සඳුනි ලස්සනට ලියලා. නියර ගොයම කාලා නේද ගොයියෝ? (නදී)
අනේ පාන් කෑල්ලක් කන්ඩ වෙන්ඩ ඇති. (නදී)
මම දැක්කා බෝතල් පත්තර කඩයක දැන්වීමක් දාලා තියෙනවා පරන යකඩ රුපියල් 40ට ගනු ලැබේ කියලා.(නදී)
ඉතින් ලංකාව දියුණු කරන්න පුලුවන්ද (දී)