IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


රොෂාන් මහානාම විදුහලට සිසුන් ඇතුළත් කෙරේ

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකවරයකු ලෙස කටයුතු  කළ රොෂාන් මහානාම මහතා සිය ධන පරිත්‍යාගයෙන් ඉදිකළ වවුනියාව බෝගස්වැව වෙහරතැන්න පිහිටි රොෂාන් මහානාම ප්‍රාථමික  විද්‍යාලයට පසුගියදා නවක සිසුන් ඇතුළත් කරගන්නා ලදි. 
පළමු වැනි වසරට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා පසුගිය 11 වැනිදා පැවැති උත්සවයට රොෂාන් මහානාම මහතාද සහභාගි විය. පළමු ශ්‍රේණිය සඳහා සිසුන් 14 දෙනකු එදින ඇතුළත් කරගන්නා ලද බවත් තවත් සිසු සිසුවියන් 24 දෙනකු පොරොත්තු ලේඛනයේ සිටින බවත් විදුහල්පති ටී.ඩී.ඒ. ක්‍රිෂාන්ත කුමාර ජයසූරිය මහතා පැවසීය. 
පසුගිය වසරේ ජූනි 14 වැනිදා විවෘත කරන ලද මෙම පාසල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 27 ක පමණ මුදලක් වැය කෙරිණ. පාසල් ගොඩනැගිල්ලේ සියලු ඉදිකිරීම් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදු වූ අතර එය විවෘත කිරීමේ අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතාද සහභාගී විය.
මෙම විදුහල් ගොඩනැගිල්ල නම්කර ඇත්තේද රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලය නමිනි. 

DSC_7588 DSC_7592 DSC_7642 DSC_7782



අදහස් (0)

රොෂාන් මහානාම විදුහලට සිසුන් ඇතුළත් කෙරේ

රේණුක Sunday, 15 January 2017 02:05 PM

රේණුක හරි. (බ)

:       0       0

සුගත් Tuesday, 17 January 2017 09:03 AM

ඇත්තටම ඉතාම් හොඳ වැඩක් , මහේල, සංගා, දිල්ෂාන් කළා වගේම මෙතුමගෙනුත් උදාර සේවයක් සිදු වෙලා තිබෙනවා.හොඳ ආදර්ශයක් (බ)

:       0       0

සමන් Sunday, 15 January 2017 06:21 PM

මහානාම, මහේල යනු දීප්තිමත් නාලන්දියන්. (නි)

:       0       0

අතුල Sunday, 15 January 2017 11:53 PM

ජාතියට ණය නැති පුතෙක්. මේ වගේ පුළුවන් අය අපේ අයට අත දෙනවා නම් අපිට අනාගතය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මිනිසුන්ගේ සතුටු කඳුළු ඔහුගේ ලෝකෙට ආශිර්වාද කරනවා (නි)

:       0       0

අධිකාරී Sunday, 15 January 2017 11:55 PM

දේශපාලනයට පැමිණ මේ රට බේරාගන්න (නි)

:       0       0

සඳුන් Monday, 16 January 2017 12:18 AM

සමන් කිවුවා හරි. රොෂාන් මහානාම නියම මහත්තයෙක් වගේ තමන්ගේ සල්ලි වලිනුයි මේක කරලා තියෙන්නේ. ගොඩක් හොඳ වැඩක්. (නි)

:       0       0

රොෂාන් Monday, 16 January 2017 02:24 AM

රොෂාන් මහානාම කියන්නේ ඉතාමත් නිහතමානී මහත්මයෙක්. (නි)

:       0       0

නිමල් ලලිත Monday, 16 January 2017 02:39 AM

මේ සත්ක්‍රියාවට, පුණ්‍යකර්මයට දස දහස් වරක් පින්. (නි)

:       0       0

ඩයස් Tuesday, 17 January 2017 03:38 AM

මේවා නම් ඇත්තෙන්ම අගය කළයුතු වැ‍ඩ (නි)

:       0       0

මහින්ද අලුත්ගෙදර Sunday, 15 January 2017 05:45 AM

මෙය දැයේ දූ දරුවන්ගේ හෙට දවස ආලෝකමත් කිරීම උදෙසා සිදුකළ උදාර ක්‍රියාවකි. එය සමස්ත ජන සමාජයටම මහත් වූ ආදර්ශයක් වන අතර මේ වෙනුවෙන් දායක වූ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රොෂාන් මහානාම මහතාට අපේ උත්තමාචාරය ! (බ)

:       0       0

අශිකා Monday, 16 January 2017 12:12 PM

දැන් ඉන්න ක්‍රිකට් නළුවන්ට ඔබ හොඳ ආදර්ශයක්. (නි)

:       0       0

රණසිංහ Monday, 16 January 2017 12:13 PM

රොෂාන්, ඔබ නියම මහත්මයෙක්! (නි)

:       0       0

අරුණ Sunday, 15 January 2017 05:57 AM

ව්ශිෂ්ටයි. ජයවේවා ඔබට පින් !!! (බ)

:       0       0

හුසේන් Sunday, 15 January 2017 06:08 AM

හොඳ වැඩක් සර් (බ)

:       0       0

ෆාහිම් Sunday, 15 January 2017 06:37 AM

දැන් සීටින ක්‍රීඩකයන් මෙන් නොවී හොද ආදර්ශයක් දුන් ඔබට අපගේ ගෞරවය (බ)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Sunday, 15 January 2017 07:07 AM

අපි දැක්කා මෑත ඉතිහාසයේ සංගා මහේල, දිල්ශාන් වැනි ක්‍රීඩකයින් ඔවැනි සමාජ සේවාවල නිරතවෙනවා. ඔවුන් ඇතුළුව රොෂාන්ටත්, "දීර්ඝායුෂ ලැබේවා‘‘ (බ)

:       0       0

නිහාල් Sunday, 15 January 2017 07:18 AM

අති විශිෂ්ටයි ...ඔබට පින් ....අර නත්තල් ගස් ඇමතිට මේ වගේ දෙයක් කරන්න ඔලුවට අාවේ නැත්ද ...? (බ)

:       0       0

රත්ගම Sunday, 15 January 2017 07:17 AM

හොඳ වැඩක් සර්...බුදුසරණයි...!!! (බ)

:       0       0

මොහොමඩ් Sunday, 15 January 2017 08:00 AM

වේදනාත්මක සමුගැනීමක් ලැබූ ඔබ සමාජ සේවයේ සුපිරි ආරම්භයක් සනිටුහන් කළ වගයි. සුපිරියි මහා....(බ)

:       0       0

සංජීව Monday, 16 January 2017 04:32 AM

රොෂාන්, ඔබ යුග පුරුෂයෙක්. මේ ක්‍රියාවත් ඔබගේ අතිවිශිෂ්ට පන්දු රැකීම වගේමයි. මෙවැනි තවත් සත්ක්‍රියාවක් කරන්නේ නම් අපි ඔබ සමඟයි සැමදාමත්. (නි)

:       0       0

සිසිල් Monday, 16 January 2017 04:32 AM

විශිෂ්ට සත්ක්‍රියාවක්. (නි)

:       0       0

රකිත් Tuesday, 17 January 2017 04:27 AM

ක්‍රිකට් ගහන කාලෙත් හැමවිටම කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කල කෙනෙක්. අද සල්ලි පස්සේ දුවන සමහර ක්‍රීඩකයන්ට හොඳ ආදර්ශයක්.(ම)

:       0       0

අතුල Sunday, 15 January 2017 08:03 AM

නිහාල් නියමෙටම කියල තියනවා. (බ)

:       0       0

සමන් Sunday, 15 January 2017 08:03 AM

රුපියලක් පිනට දීල රුපියල් සීයක ප්‍රචාරයක් බලාපොරොත්තු වෙන ලෝකෙක නිහඬව ඔබ කළ මේ සත්ක්‍රියාවට අපේ උපහාරය (බ)

:       0       0

විමලරත්න පෙරේරා Sunday, 15 January 2017 08:20 AM

මෙම ප්‍රදේශය දෙමල සිංහල මිනිසුන් ඉන්න ප්‍රදේශයක්ද ? සිංහලෙන් විතරක් විදුහල්පති කියල තිබෙන්නේ (බ)

:       0       1

පුෂ්පකුමාරි Sunday, 15 January 2017 08:23 AM

ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි . දෙවියෝ රකිත්වා (බ)

:       0       0

සරීන් Sunday, 15 January 2017 08:27 AM

විශිෂ්ටයි සුපිරි වැඩක් සර්. (බ)

:       0       0

පාලිත ගලපිටිය Sunday, 15 January 2017 08:28 AM

ඉතා ඉහළින් අගය කරනවා (බ)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Monday, 16 January 2017 05:05 AM

මේකේ බෙදීමක් නැතුව අදහස් ප්‍රකාශ කරන්න ලැබෙන එකත් හොඳයි. එතකොට තමයි වටිනා කියන අදහස් ඉස්මතුවෙලා පෙනෙන්නේ. රොෂාන් වැනි උතුම් පරිත්‍යාගශීලි ක්‍රීඩකයින්ට ජාතියේ ප්‍රණාමය කවදත් හිමිවේවි. (නි)

:       0       0

අජිත් Monday, 16 January 2017 05:04 AM

බොදු පදනමක උපන්, බොදු අධ්‍යාපනයෙන් පෝෂණය වූ, රොෂාන් මහානාම සැබවින්ම නිහතමානී මහත්මයෙකි. මෙවන් උතුම් කටයුතු කරන්නට ඔහුට තව තවත් ශක්තිය හා වාසනාව ළඟාවේවා! (නි)

:       0       0

චාමික Sunday, 15 January 2017 08:36 AM

රොෂාන් මහානාම මුලසිටම මා ආදරය කරන ක්‍රීඩකයෙක් සහ මහත්මයෙක්. මේ පුවත දකිද්දී ,මට ඔහු කෙරේ තිබෙන ආදරය, වැරදි තීරණයක් නොවන බව ඔහු විසින් ඔප්පු කිරීම ගැන ලොකු සතුටක් ලැබුනා. (බ)

:       0       0

රුවන් Monday, 16 January 2017 05:09 AM

අධිකාරිට රට අරාජික වගේ පේනවා නම් වෙන රටකට යන්න. රට බෙරිලා ගොඩක් කල්. දැන් ඉන්න නායකයන්ට රට කරගෙන යන්න දෙන්න කුහකකම නැතුව. ඔබට ස්තුතියි මහනාම! ඔබ කළ පුණ්‍යක්‍රියාව මහමෙරක් තරමට අගෙයි (නි)

:       0       0

මංගල Monday, 16 January 2017 05:12 AM

මේ සත්ක්‍රියාවට, පුණ්‍යකර්මයට දස දහස් වරක් පින්! (නි)

:       0       0

කුසුම් දල්පදාදු Monday, 16 January 2017 05:25 AM

මහත්වරුන්ගේ ක්‍රීඩාව කළ ඔබ නියම මහත්මයෙකු බව පසක්කර ඇත. ඔබටත් දූදරු සියලු දෙනාටත් තෙරුවන් සරණයි. (නි)

:       0       0

උදය Monday, 16 January 2017 05:46 AM

විමලරත්න වතුර වීදුරුවේ කිඹුල්ලු හොයනවා වගේ. යහපත් වැඩක යහපත් බව නොදැකීම වසල බවක් කියලයි මට හිතෙන්නේ. මහානාම මහතාණෙනි,ඔබට හිස නමා ආචාර කරමි. (නි)

:       0       0

ශාන Sunday, 15 January 2017 09:25 AM

ඉතා වටිනා අගය කළයුතු කටයුත්තක්. අපේ රටේ මෝඩ දේශපාලන, ව්‍යාපාරික රැල මේවායින් පාඩමක් ඉගෙනගත්තොත් හොඳයි. (නි)

:       0       0

රූබි Sunday, 15 January 2017 09:30 AM

විමලරත්න පෙරේරා, ඔයා ලංකාවේ ප්‍රශ්නම ඇතිකරන්න බලාගෙන ඉන්න ජාතියේ කෙනෙක් කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

අතුල Sunday, 15 January 2017 09:29 AM

ඉතාමත්ම නිර්භීත තීරණයක්. ජාති, ජාතිත් ඔබ ඇතුලු පවුලට නිදුක්, නීරෝගී, වාසනවන්ත චිරජීවනය ලැබේවා!!!

:       0       0

ප්‍රියංකර Sunday, 15 January 2017 09:45 AM

මෙන්න මේවා තමයි පින්අතේ වැඩ. ඔබට ජය! (නි)

:       0       0

රත්න Sunday, 15 January 2017 10:22 AM

පුදුමයි, මේක විවෘත කරන්න අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ඉල්ලුවේ නැති එක. (බ)

:       0       0

බණ්ඩාර Sunday, 15 January 2017 10:34 AM

විමලරත්න මේක ශ්‍රිලංකාවේ ශ්‍රී ලාංකීකයන් සිටින ප්‍රදේශයක් (බ)

:       0       0

අනන්තා Sunday, 15 January 2017 10:40 AM

ඔබට පින්......(බ)

:       0       0

සුසිල් Sunday, 15 January 2017 10:44 AM

ඉතා හොඳ යුග මෙහෙවරක්, සමාජ සත්කාරයක්, ඔබට යම් දිනෙක සතුටු වීමට ඉතිරි වන්නේ මෙවැනි දේ පමණි (බ)

:       0       0

ප්‍රදීප් Sunday, 15 January 2017 10:53 AM

ජාතියේ උතමචාරය ඔබට ... දීර්ගායු වේවා ! (බ)

:       0       0

කුමාර Sunday, 15 January 2017 11:02 AM

මෙන්න මේ වගේ දේවල් තමයි ඇත්තටම අගය කරන්න ඕනෑ (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 15 January 2017 11:07 AM

නියමයි රොෂාන්, ඔබට අපි තවත් ගරු කරනවා. අපි ක්‍රිකට් වලට ආදරෙයි. ඒ වගේම ඔබටත් ආදරෙයි. අනෙක් අය බයිලා ගහන කාලේ ඔබ ඉතා උතුම් ක්‍රියාවකට දායක වෙලා. අතිවිශිෂ්ටයි...! ඔබට ගොඩක් පින් (නි)

:       0       0

තුෂාර Monday, 16 January 2017 07:34 AM

අතම ගානකට පළදෙන පින්අතේ වැඩක් (නි)

:       0       0

සමන් Sunday, 15 January 2017 11:21 AM

සමහරුන්ගේ වැඩ නිසා අපේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබට අකාලයේ සමුගන්නට සිදුවුණා. දක්ෂ ක්‍රීඩකයන්ගෙන් එක්කෙනෙක් තමා රොෂාන්. ඔබට ජයෙන් ජය වේවා...! (නි)

:       0       0

රේණුක Sunday, 15 January 2017 11:24 AM

ඔබ ක්‍රීඩා කරනකොට වඩේ එකක්, අන්නාසි කෑල්ලක්, අයිස් පලමක් කකා කාෂ්ට අව්වේ ඉඳගෙන අත්පුඩි තලපු අහිංසක මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට කළ ඔබට, ඔබගේ අනාගත සැළසුම් සියල්ල සාර්ථක වේවා! (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 17 January 2017 07:43 AM

ගොඩාක් හොඳ පුණ්‍යකර්මයක් (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Sunday, 15 January 2017 12:31 PM

සතුට වැඩි කමට ඇත්තටම ඇසට කදුලක් අවා.රේණුක කියල තියන දේ හරියටම හරි.රොෂාන් ඔබ තුමාට තෙරුවන් සරණයි.වැඩි වැඩියෙන් ලැබේවා. (බ)

:       0       0

මේනක Tuesday, 17 January 2017 07:49 AM

ඔබට ගොඩක් පින්. දහස් වාරයක් පින් ඔබගේ දෙමාපියන්ටත්. මගේ ලෝකයේ වීරයෙක් ඔබ. රොෂාන් අයියේ, ඔයාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

චාමික Sunday, 15 January 2017 12:31 PM

විමලරත්න මහත්මයා, ඔබ අදහස් කරන්නේ කුමක්ද? රේණුක, ඔබගේ අදහස සහ අර්ථය ඉතා සිත්ගන්නාසුළුයි (නි)

:       0       0

පහන් Sunday, 15 January 2017 01:13 PM

සෝම හිමියන්ගේ පසුගිය සැමරුම් පින්කමේ දී ඔබ දැක ගතිමි .සෝම හිමියන් දෙසු මග ගමන්ගන්නා බව ක්‍රියාවෙන් ඔප්පු කළා. ක්‍රීඩා පිටියේ ද අප දුටු මහත්මයාණනි මහා පින්වතණනි ඔබකලා වූ මේ කුසලයෙන් මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම චතුරාර්ය සත්‍ය අවභෝධ වේවා !!!ඔබ මෙලොවට බිහිකළ දෙමාපියන්ටත් ඔබගේ පාසැල වූ නාලන්දාවට ත් මේ ගෞරවය අයිතියි (බ)

:       0       0

පහන් Sunday, 15 January 2017 01:24 PM

විමලරත්න සුළුතරයට සිංහල උගන්වන එක බහුතරයට දෙමල උගන්නන එකට වඩා ලේසියි .අනික බෝගස් වැව සිංහල ලංකාවේ වෙන්නේ මොනවද කියල දන්නේ නැති කෙනෙක් විමලරත්න .සමාවෙන්න මේවගේ හොද තැනක මේ විදිහට ලිව්වට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 825 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 125 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 305 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 454 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2145 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4177 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site