IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රොෂාන්ලා තුන්දෙනෙක් හමුවූ මොහොතක්

 


රොෂාන් පිලපිටියට යාළුවෝ ආමන්ත‍්‍රණය කරන්නේ මොන නමින්ද දන්නවද ‘‘පිලා’’ කියලයි. රොෂාන් රණවන සහ රොෂාන් රවීන්ද්‍ර නම් කියන්නෙ රොෂාන්ම කියලයි. රොෂාන් රණවනට ගෙදර අය කියන්නෙ බබා කියලයි. යාළුවො නම් කියන්නෙ රොෂාන්ම තමයි. රොෂාන් රවීන්ද්‍රට හැමෝම කතා කරන්නෙ රොෂාන් කියලයි. පාසලේ යාළුවෝ නම් රවීන්ද්‍ර කියලා හැඳින්වුවාලූ. නමුත් බොහොම ලෙංගතු මිතුරන් එයාට සුප්පා කියලත් කියනවලූ. ඔබ කවුද කියලා ඇහුවාම රොෂාන් රවීන්ද්‍ර, ඒ ගැන කිව්වේ මේ විදියටයි.

 

‘‘වෘත්තියෙන් මම රංගන ශිල්පියෙක්, පුද්ගලික ජීවිතයේදී සැමියෙක්, පියෙක්, සමාජයේදී සාමාන්‍ය මිනිහෙක්’’

‘‘එතකොට ගතිගුණ අතින් කොහොම කෙනෙක්ද?’’

‘‘ගතිගුණ සමාජයේ ඒ පවතින ස්වභාවය අනුව සිදුවන දෙයක් නිශ්චිතවම මෙහෙමමයි කියලා කියන්න බැහැ’’

රොෂාන් රවීන්ද්‍ර එසේ පවසද්දී රොෂාන් රණවනගෙන් අපි ඇහුවෙ ‘‘හරියටම ඔබ කවුද?’’ කියලයි.

‘‘මම නිදහස් ජීවිතයකට කැමති කෙනෙක්. සතුටින් නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ප‍්‍රශ්න ඔළුවට දාගෙන ඉන්න කැමති නැහැ. ඒත් රොෂාන් රවීන්ද්‍ර කිව්ව විදියට සමාජයේ පවතින ස්වභාවය එක්ක පවුලේ අය සමග සතුටින් ජීවත්වෙන්න කැමති කෙනෙක්.’’
එතකොට රොෂාන් පිලපිටිය? ඔබ කවුද?

‘‘මම සරල පොළවෙ පය ගහලා ජීවත් වන චරිතයක්. ජීවිතයට එන දේට මුහුණ දෙන කෙනෙක්’’

පිලපිටිය තමුන් ගැන එසේ කියද්දී රොෂාන් රවීන්ද්‍ර ගැන ඔහුට හැෙඟන්නෙ කොහොමද?

අතිශයින්ම පොළවෙ පය ගහලා ජීවත් වන ජීවිතය තේරුම් ගත්ත තරුණයෙක්.

එතකොට රොෂාන් රණවන ගැන ඔබට මොනවද කියන්න පුළුවන්?

ආගම - දහමට ලැදි මස් - මාළුවත් නොකන අවංක ගති තියෙන තරුණයෙක්

මේ විදියට රොෂාන් පිලපිටිය, රණවන සහ රවීන්ද්‍ර ගැන ඒ විදියට කියද්දී රොෂාන් රණවන පිලපිටිය ගැන කිව්වේ මේ විදියටයි.
බොහොම සත්ව කරුණාව තියෙන අනවශ්‍ය ප‍්‍රශ්න දාගන්නෙ නැතිව ඉන්න කෙනෙක්. එයා ගැන විතරක් එහෙම කියලා හරියන්නෙ නැහැනෙ. රොෂාන් රවීන්ද්‍ර ගැනත් කියන්න එපායෑ.  රොෂාන් රවීන්ද්‍ර කියන්නෙ වෙලාවකට තේරුම් ගන්න අමාරු චරිතයක්. හැබැයි වැඩිය කතා නැතිව, සද්ද නැතිව, කාටවත් කරදරයක් නැතිව ජීවත්වන චරිතයක්.

මෙලෙසින් රණවන සහ පිලපිටියගෙන් පසුව රොෂාන් රවීන්ද්‍රට පිලා සහ බබා (රණවන) ගැන කියන්නට අවස්ථාවක් ලබා දුන්නා.
රොෂාන් පිලපිටිය මට මුලින්ම හමුවුනේ වසර දහයකට විතර පෙරදී මම වේෂ නිරූපණ ශිලපියකුව සිටියදීයි. මට ගොඩාක් ඇසුරු කරන්න ලැබුණෙ නැහැ. නමුත් මෑතකදී ඔහු මට හමුවුනාම මට හැඟුණෙ ඇසුරට ඉතාම හොඳ මිතුරෙක් කියලයි. රොෂාන් රණවන එක්ක වැඩ කරන්න ලැබිලම නැහැ. ඔහු එක්ක නිර්මාණයක රඟපාන්න ආසයි. මතුපිටින් බලද්දී මට පෙනෙන්නෙ රණවන කාටවත් කරදරයක් නැතිව තමුන්ගෙ පාඩුවේ ජීවත්වන චරිතයක් කියලයි.

 

 

මේ විදියට එකිනෙකා ගැන කියන්නට ඉඩ හැරි අපි මේ තිදෙනාටම ප‍්‍රශ්න යොමු කළ අතර ඔවුන් ඒවාට පිළිතුරු දුන්නෙ මේ විදියටයි.

 

‘‘ජීවිතය කියන්නෙ මොකක්ද?’’


ජීවිතය කියන්නෙ පරීක්ෂණයක්. අත්හදා බැලීමක්. ගවේෂකයෙක් වගේ දෙයක්. සමහරු ඒ පරීක්‍ෂණය තමාට දැනෙන විදියට කරගෙන යනවා. සමහරුන්ට එය හරියන අතර සමහරුන්ට වරදින්නත් පුළුවනි.



ඒක ඇත්තටම අමාරු ප‍්‍රශ්නයක්. මොකද ජීවිතය මොකක්ද කියලා බොහෝ අර්ථකතන දිය හැකිියි. කොහොම වුනත්, අත් දැකීම් සම්භාරයක් කියලා හිතෙනවා. දුක සහ සතුට මුසුව ගලායන දෙයක් කියලත් හිතෙනවා.



ඒ දෙන්නා කියු දේට එහා කතා කළොත්, ජීවිතය කියන්නෙ සම්බන්ධතා ජාලයක්. විවිධ අවස්ථාවලදී ජීවිතයට ගලා එන සබඳතා අනුව ජීවිතය විවිධ හැඩතල ගන්නවා. ඉදිරිය ගලා යන්නෙ එහෙමයි.

 

 

ජීවිතයේ බැඳීම් මොන විදියටද දනෙන්නේ? ප‍්‍රථම පේ‍්‍රමය දැනුණෙ කොහොමද කියලා ඇහුවොත්?



මගේ ප‍්‍රථම පේ‍්‍රමය වුනේ අද මම විවාහ වෙලා සිටින මගේ බිරිඳයි. එදා දහම් පාසලේදී ඇති වූ ආදරයත් කිව්වොත් නිවැරදියි. ඒත් එදා අපට ඉගෙනීම මිස ආදරය ප‍්‍රකාශ කරන්න අවකාශයක් තිබුණෙ නැහැ. පසු කලෙක ලියුම් එහෙමත් හුවමාරු කර ගත්තා. හැබැයි එක් දවසක් තරහා වෙලා ලිපිටික පුච්චලා අළු ටික මට එව්වා. ඒක අද වගේ මට මතකයි.



එකම සහ ප‍්‍රථම පේ‍්‍රමය එය බව කියන්න පුළුවනි.
එතැනින් එහාට රොෂාන් රණවන තම ප‍්‍රථම පේ‍්‍රමය ගැන කීමට අදිමදි කරද්දී අනෙක් රොෂාන්ලා දෙන්නා එයාගෙන් ඇහුවෙ ඇයි කියන්න බයද? වයසට ගිහිල්ලද කියන්නෙ? කියලයි. කොහොම වුනත් එයාට එය රහසක් හැටියටම තියා ගන්න ඉඩදුන්නා.



සුන්දර මතකයක් තමයි ඒ ගැන තියෙන්නෙ. සෑහෙන කාලයක් ඒ සම්බන්ධය තිබුණා. ඒ කාලයේ මට හරියට රැුකියාවක්වත් තිබුණෙ නැහැ. බස් එකේ යද්දී තමයි ආදරේ ප‍්‍රකාශ කළේ. මොකද අවස්ථාවක් ලැබුණ හැටියෙ එය ප‍්‍රකාශ කළා. අදටත් ඒ අදරය ගැන මට තියෙන්නෙ ලොකු ගෞරවයක්.

 

 

ඔබ තිදෙනාගෙන් වඩාත් බැරෑරුම් චරිතය කවුරු කියලද හිතන්නෙ?
මම හිතන්නෙ අපි කවුරුවත් එහෙම බැරෑරුම් නැහැ. දැන් තමයි අපි මේ විදියට හරි එකට එකතු වන්නෙ.
තිදෙනාම එහෙම කියද්දී මේ මිත‍්‍රත්ත්වය දැනෙන්නෙ කොහොමද කියලා රොෂාන් රණවනට කියන්න ඉඩ හැරියෙමු.
ඒ මිත‍්‍රත්වය ඇත්තටම හොඳ මිත‍්‍රත්වයක් බව තිදෙනාම ප‍්‍රකාශ කළෝය.
රොෂාන් පිලපිටිය රඟපෑ චරිත අතරින් මුලින්ම ඔහු රඟපෑ සමන්තා නාට්‍යයේ චරිතයට රවීන්ද්‍ර කැමති බව කීවේය. රොෂාන් රණවනගෙ හිරිපොද වැස්ස රඟපෑ චරිතයට කැමතිලූ.
ඒ ප‍්‍රශ්නයට රොෂාන් රණවන කිව්වෙ මේ විදියටයි.

 

 

රොෂාන් රවීන්ද්‍ර අදරණීය වස්සානය චිත‍්‍රපටයේ රඟපෑ චරිතයට මම ආසයි. රොෂාන් පිලපිටියගෙ චරිත අතරින් ඉසුරුයෝගයට වඩාත් කැමතියි.
මේ විදියට මේ රොෂාන්ලා තුන්දෙනාගෙ හමුව අවසානයට පෙර පිලපිටිය රොෂාන් රවීන්ද්‍රගෙ ආදරණීය වස්සානය සහ රොෂාන් රණවනගෙ හිරිපොද වැස්ස චරිතයට කැමති බව මතක් කළා. මේ හමුව සැබැවින්ම මිත‍්‍රශීලි බව අලූත් වූ හමුවක් ලෙස මේ අය සමුගන්න බව සඳහන් කරන්න පුළුවනි.

 

 

 



අදහස් (0)

රොෂාන්ලා තුන්දෙනෙක් හමුවූ මොහොතක්

කමල් Monday, 14 October 2013 03:20 AM

රොෂාන්ලා 3න් දෙනාම හරිම දක්ෂ නළුවන්.රොෂාන්ලාට සුබ අනාගතයක්! (නි)

:       0       0

මධු Friday, 25 October 2013 12:26 PM

සුපිරිම රොෂාන් රවින්ද්‍ර, එයාගේ හැකියාව ලංකාවම දන්නවා. (ස)

:       0       0

ආර්තික් ඇන්තනී Sunday, 20 October 2013 01:18 PM

ලස්සන පින්තූරයක්.(නදී)

:       0       0

කෙවින් Sunday, 13 October 2013 06:56 PM

රවීන්ද්‍ර රොෂාන් අති විශිෂ්ට ඉතාම දක්ෂ නළුවෙක්. ඔහු වැනි අය බිහිවන්නේ ඉතා කලාතුරකින්. රොෂාන් පිලපිටිය වරදක් නැහැ . රොෂාන් රණවක. දිගටම මොඩ්ලීන් කරනවානම් හොදයි රගපාන්නේ නැතිව. (නදී)

:       0       0

සුරංජි ද සිල්වා Sunday, 13 October 2013 06:59 PM

මගෙත් කැමතිම, ඒ වගේම තමන් රඟපාන චරිතයට උපරිමව සාධාරණත්වය ඉටුකරන අති දක්ෂ නලුවෙක් තමා රොෂාන් රවීන්ද්‍ර කියන්නේ.... (නදී)

:       0       0

තුෂා Monday, 14 October 2013 05:14 PM

රොෂාන් රවින්ද්‍ර ඉතාම දක්ෂ නළුවෙක්. ඔහු රගපාන හැම චරිතයකටම සාධාරණය ඉෂ්ට කරලා තිබෙනවා. ඒ වගේම නිහතමානී පුද්ගලයෙක්. තුන් දෙනාටම සුබ පතනවා (නි)

:       0       0

රෝහණ Monday, 14 October 2013 05:22 AM

මොවුන් තුන්දෙනාම ඉතාම හොඳ පුද්ගලයින්. රොෂාන් රවින්ද්‍ර හොඳ නළුවෙක්, ඔහු ඉතාම දක්ෂයි. තිදෙනාම වැදගත් මහත්වරු. ආඩම්බරයි (නි)

:       0       0

හර්ෂිනී Wednesday, 16 October 2013 10:56 PM

මේ රොෂාන්ලා තුන් දෙනාටම මම කැමතියි. රොෂාන් රවින්ද්‍ර සහ රොෂාන් පිලපිටිය හොදට රගපානවා. රොෂාන් රණවක තව ඉගෙනගන්න ඕනෑ. රොෂාන් රණවකට තව කලාත්මක හා විවිධ චරිත ලැ‍බේවායි ප්‍රාර්ථනා කරනවා. තුන් දෙනාටම සුබ පැතුම්! (නි)

:       0       0

සෑම් Sunday, 27 October 2013 10:49 PM

රොෂාන් රවින්ද්‍ර නියම නළුවෙක්. රොෂාන් රණවන රගපාන්නේ නැත්නම් මම ආසයි. (නි)

:       0       0

චන්දියා Wednesday, 13 November 2013 01:46 PM

රවීන්ද්‍ර රොෂාන්ට ඉතා දක්ෂ ලෙස රගපාන්න පුළුවන්. මම සුබ පතනවා (නි)

:       0       0

දිලාන් Thursday, 31 October 2013 02:36 AM

මම හිතුවා රොෂාන් හරිස්චන්ද්‍රයි, රොෂාන් සේනානායකයි, රොෂාන් කරියවසමුයි කියල මේ කව්ද මේ ?(නදී)

:       0       0

ඉන්දික Monday, 14 October 2013 07:54 AM

එක රොෂාන් කෙනෙකුට පාසල් කාලයේ හොද නමක් කිවුවා. මොකද එයා දුවනකොට දණහිස් නැමුවේ නැහැ (නි)

:       0       0

විජෙතුංග Saturday, 16 November 2013 12:23 AM

ඔබලා තිදෙනාම දක්ෂ නළුවන්. (දී)

:       0       0

රාදා Saturday, 26 October 2013 10:32 PM

මම නම් වෙදියෙන්ම කැමති රොෂාන් මහානාමට (අ0

:       0       0

චමී Tuesday, 29 October 2013 12:38 PM

රවීන්ද්‍ර රොෂාන් දක්ෂ නළුවෙක්. සුබ පතනවා. (ස)

:       0       0

කුමාරි Monday, 14 October 2013 08:47 AM

ඇත්තටම රොෂාන් රවින්ද්‍ර ගොඩක් දක්ෂ නළුවෙක්. එයා ඉන්න ගොඩක් ටෙලිනාට්‍ය මම බලලා තිබෙනවා.තුන් දෙනාටම සුබ අනාගතයකට ආශිර්වාද කරනවා. (නි)

:       0       0

නීල්-කොස්තා Sunday, 13 October 2013 09:28 PM

විජය, ගාමිණී, ජෝ, ටෝනි කියන නළුවන් ලගින්වත් තියන්න බැහැ. (නදී)

:       0       0

රමනි Tuesday, 15 October 2013 02:52 AM

රොෂාන් පිලපිටිය හරිම නිහතමානී නළුවෙක් (නි)

:       0       0

අමිල Sunday, 27 October 2013 02:58 AM

රොෂාන් රවින්ද්‍රගේ රංගනයන් ඉතාම අපුරුයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 13 October 2013 09:56 PM

මත රොෂාන් රවීන්ද්‍රගේ රඟපෑම් වලට කැමතියි. අනෙක් දෙන්නත් ගොඩක් දක්ෂයි (දිල්)

:       0       0

එරන්දි Monday, 14 October 2013 02:41 PM

මම මේ තුන්දෙනාටම කැමතියි (නි)

:       0       0

කේ.ඩබ්.එස්. එරන්දි Monday, 14 October 2013 02:42 PM

රොෂාන්ලා තුන්දෙනාම ඉතාම දක්ෂ රංගන ශිල්පින්.මම මේ තුන්දෙනාටම කැමතියි. (ස)

:       0       0

නිලූෂි Monday, 14 October 2013 10:21 AM

මම වැඩිපුරම කැමති රොෂාන් රවින්ද්‍ර කියන රංගන ශිල්පියාටයි. මට හැගෙන හැටියට ඔහු ඉතාම දක්ෂ නළුවෙක්. (නි)

:       0       0

තරිඳු Monday, 14 October 2013 10:40 AM

රොෂාන් රවීන්ද්‍ර කියන්නේ සියල්ලන්ටම වඩා දක්ෂ කෙනෙක් (නි)

:       0       0

සුරාජ් Sunday, 20 October 2013 08:45 AM

නියමයිනේ.(නදී)

:       0       0

විරාජ් Tuesday, 15 October 2013 07:24 AM

මම ගොඩක් කැමති රොෂාන් පිලපිටිය අයියටයි. එය ගොඩක් හැගුම්බරයි. ගොඩක් අවංක කෙනෙක් සහ නිහතමානී කෙනෙක්. (නි)

:       0       0

අතුල Monday, 14 October 2013 03:18 PM

රොෂාන් රවින්ද්‍ර දක්ෂ නළුවෙක් වගේම යහපත් මනුස්සයෙක් රොෂාන් පිලපිටියත් හොද දක්ෂ කෙනෙක් (ස)

:       0       0

නෙලි කොස්තා Saturday, 19 October 2013 05:47 PM

මම කියුවේ නැහැ නියම තුන්දෙනෙක් කියල, (අ)

:       0       0

කුමාර Wednesday, 23 October 2013 05:40 AM

මම නම් ඔවුන්ට කැමති නැහැ (නි)

:       0       0

නීල් Saturday, 19 October 2013 02:47 AM

නියම තුන් දෙනෙක් (නි)

:       0       1

ලංකා විතානගේ Sunday, 13 October 2013 04:47 PM

රවීන්ද්‍ර රොෂාන්ගේ රංගනයන් ඉතාම අපුරුයි... (නදී)

:       0       0

චින්තක-කුවෙට් Monday, 14 October 2013 08:58 PM

රොෂාන් රවින්ද්‍ර ඉතාම ඉහල දක්ෂතා පෙන්වපු නළුවෙක්. රොෂාන් පිලපිටියත් දක්ෂය. අනෙක් එක්කෙනා තව දියුණු වෙන්න ඕනේ.(නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 15 October 2013 03:32 PM

රොෂාන් රවින්ද්‍ර අපේක්ෂා භංගත්වයට පත් වූ හෝ ඉක්මනින් කෝපවෙන චරිත ඉතා හොඳට රඟපානවා. 'තාත්තේ අපි ආවා' නාට්‍යය උසස් රගපෑම් පෙන්වනවා. රණවනට අනෙක් දෙදෙනා තරම් දක්ෂකම් පෙන්වන්න අවස්ථා නොලැබුණත් තරුවක් වෙන්න ඉහළින්ම සුදුසුයි. රණවන 'හිරිපොද වැස්සෙන්ම' දක්ෂකම් මතුවන නළුවෙක් කියලා පෙන්නුවා. ඔහු තව දියුණු විය යුතුයි.රොෂාන් පිලපිටිය දැන් ප්‍රවීණයෙක්. ඔහු 'වියලුන පිනිකැට' චිත්‍රපටයේ පාතාල මැරයෙකු ලෙස කළ රඟපෑම, මේ දිනවල විකාශනය වන හා ළඟදි විකාශනය වූ ටෙලි නාට්‍යවල කළ රඟපෑම් ඔහුගේ දක්ෂකමට නිදසුන්ය. (නි)

:       0       0

නිල් කොස්තා Friday, 01 November 2013 01:17 AM

නියම අර අය වගේ. (නදී)

:       0       0

දුම්මලසූරිය Sunday, 13 October 2013 05:37 PM

මේ රොෂාන්ලා තුන්දෙනාම හොදයි. නමුත් මම වැඩිපුරම කැමති රොෂාන් රවින්ද්‍ර කියන රංගන ශිල්පියාටයි. මට හැගෙන හැටියට ඔහු ඉතාම දක්ෂ නළුවෙක්. ඔහු තමන් කරන නිර්මාණයට ඉතාම ඉහලින් සාධාරණය ඉෂ්ඨ කරන පුද්ගලයෙක්. ඔහු රගපාන නිර්මාණ මම අනිවාර්යෙන්ම බලනවා. අවසානයට මම බැලුවේ තුන්මන්තැන්න. ඔහුට හා අනික් රොෂාන්ලා දෙදෙනාටත් යහපත් අනාගතයක් ප්‍රර්ථනා කරනවා!!!!!!!!!! (නදී)

:       0       0

පෙරේරා Monday, 14 October 2013 02:15 AM

සමාන ගති ලක්ෂණ වලින් හෙබි තුන් දෙනෙක්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2689 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2345 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2924 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5849 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1968 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6655 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18599 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site