කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියේ නියෝගයක් මත කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ඇතුළු කණ්ඩායමක් බම්බලපිටිය කොස්මැටික් සර්ජරි රූපලාවන්‍යාගාරයේ පරීක්ෂණයක් සඳහා ගියහ.
අධිකරණ වෛද්‍ය නිලධරයෝ දෙදෙනෙක්, රජයේ රස පරීක්ෂක, ප්ලාස්ටික් සැත්කම් විශේෂඥ වෛද්‍යවරයෙක් හා නිර්වින්දන වෛද්‍ය වරයෙක් ද එම කණ්ඩායමට අයත් වෙති.
එම රූපලාවන්‍යාගාරයේ පාවිච්චි කළ බෙහෙත් හා උපකරණ ගැන ඔවුන් සොයා බලනු ඇත.
බම්බලපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතා පරීක්ෂණ භාරව සිටී.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ඇති යන්තම් අනිත් අයගේ මුණු බේරුනා (නදී)
අප රටේ ගොඩක් ඉන්නේ ජරාව කන, පින් පඩි ගන්නා, නිකන් කාලය කමින් පුටු රත්කරනා අයයි. එම නිසානේ රටේ මෙහෙම දේවල් වෙන්නේ. යමක් වුණහම නම් කෑගහන අය එමටයි. බලමු මෙය අවසන් වෙන්නේ කොහොමද කියලා (නි)
මෙවැනි සිද්ධීන් වන්නේ පාලනයේ සහ මේවා වෙනුවෙන් සිටිනා බලධාරින්ගේ වැරදී නිසා. මොහු ගැන දැනුම් දීලා තිබියදී , සොයා නොබලපු නිසා. මෙවැනි අකල් මරණ තවත් සිදුනොවන්නට මෙයවත් උදාහරණයක් වේවා! (නි)
ගුණේ මහතාණෙනි, රස පරීක්ෂකවරුන් කියන්නේ පරීක්ෂා කරනා දේවල් දිවේ ගාලා හෝ මුඛයේ තබා හෝ නාසයෙන් බලා තීන්දු දෙන කොටසක් නොවේ. ඒ සඳහා ඔවුන්ට එක්තරා ප්‍රමිතියක් සහ විශේෂ උපකරණ තිබෙනවා. ඔබ මේවා ගැන දැනුවත්වීමට අන්තර්ජාලයෙන් සොයා බලන්න (නි)
ඉරිසියාව, කුහකකම ඉතින් අපේ ලංකාවේ ජානගත ලෙඩක්නෙ. දැන් බන්දුල පෙරේරාටත් එයාට වඩා මෝඩ අදහස් දාන අයත් එක්ක ඇති වෙන්නේ ඕකම තමයි. (නි)
රස පරීක්ෂක කියන්නේ රසායනික පරීක්ෂක යන්නෙහි කෙටි යෙදීමක්. මේ තනතුර තේ රස පරීක්ෂක, ආහාර රස පරීක්ෂක තනතුරු සමඟ පටළවා නොගන්න. අද කාලයේ, රසායනික ද්‍රව්‍ය හඳුනාගන්නා නවීන, විද්‍යාත්මක සහ ආරක්ෂිත ක්‍රම බොහොමයි. රස පරීක්ෂකතුමිය මෙහිදී කරන්නේ මෙම ස්ථානයේ විෂ රසායනික ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා මළ සිරුරෙන් හමුවන රසායනික ද්‍රව්‍ය සමඟ සැසඳීමයි. මෙමඟින් මරණය සිදු වූ හේතුව, රසායනික ද්‍රව්‍ය, වෙලාව ඇතුළු වැදගත් විද්‍යාත්මක කරුණු සොයාගත හැකියි. (නි)
බන්දුල, නොදන්නාදේට පණ්ඩිතයෙක් වගේ කියවන එක ඔබේ පුරුද්ද තමයි. මොහු ගැන මීට කලින් අදාළ තැන්වලට දැනුම්දීම් වෙලා තිබෙනවා. ඒවා ගැන ඒ කාලයේ විමර්ශන සිදු වෙලා නැහැ. නිතරම වැරැද්ද සිද්ධ වුණ තැන් වලට හෝයියා කියන්නේ නැතුව සොයා බලා කියන දෙයක් කියන්න. (නි)
මේ බන්දුල, නිකම් කියවන්නේ නැතුව හොඳට විස්තර සොයලා බලා කට අරින්න. මෙයා ගැන මීට කලින් අදාළ උදවියට කළ දැනුම්දීම් බීරි අලියනට කළ වීනා ගායනාවක් වුණ බව ඔබ හැරෙන්න මේ සභාවේ ඔක්කොම දන්නවා. (නි)
මට පෙනෙන හැටියට බන්දුලත් මෙතනින් රූපලාවන්‍ය කටයුතු කරගෙනද කොහෙද ? මළගමක් වුණ තැනට වැඩ සිද්ධවෙලා තියෙද්දී තව සුදු හුණු ගානවා. (නි)
බන්දුල, ආවඩමින් ඉන්නකෝ. මෙයාගේ චෝදනා ටික තවම එළියට ආවේ නැහැ. කට ඉස්සර කරගන්න හොඳ නැති නිසා අපිට ආරංචි දේවල් මෙතන ලියන්න බැහැ. දැනට අපේ ඉරිසියාව කියලා ඔයා හිත හදාගන්නකො. (නි)
අනේ බන්දුල, මේ දොස්තර දන්නා ශිල්ප ටික තවම ප්‍රසිද්ධ වුණේ නැහැ (නි)
බන්දුල මේ දොස්තරට දක්වන මහා කරුණාවේ හැටියට මට හිතෙන්නේ බන්දුලගේ මුහුණේ රැලි යවලා ඔප මට්ටම් කරලා අරගෙන තියෙන්නෙත් එයාද කොහෙද ? (නි)
වෛද්‍ය ප්‍රතිකාරයකින් පසු කෙනෙක් මියයාම ඉතාම අවාසනාවන්ත සිද්ධියක්. කුඩා ළමුන් කී දෙනෙක් රෝග නිවාරණ එන්නත් ලබා මරුමුවට පත් උනාද? ඒ ළමයින් නම් තමන්ට දෙන බෙහෙත මොකක්ද, මොන ලෙඩේ සඳහාද, කිසිම දෙයක් දැන ගන්නේ නැතිව කාගේ හෝ කීමට බෙහෙත් විදගෙන මැරුණා. නමුත් මෙතන මිය ගිය දොස්තරවරිය අනිවාර්යයෙන්ම තමන්ට දෙන්නේ මොනවාද කියලා දැනගෙන කැමැත්තෙන් මේක ලබාගත්තා කියා මම හිතනවා. සෑම බෙහෙතකම අතුරු ආබාධ තියනවා. ඒක නිසා මේක අවාසනාවන්ත සිද්ධියක් මිසක් කාගේ හෝ නොසැලකිල්ලක් කියා මම හිතන්නේ නැහැ. පසුගිය කාලේ ලංකාවේ ප්‍රසිද්ධ කලාකාරියක් ඇමරිකාවේදී හෙයා ඩයි විසවෙලා මැරුණා. තවත් කාන්තාවක් කඳාන පැත්තේ රුපලාවන්යාගාරයකදී මැරිලා මිනිය හංගපු එකත් මතක් උනා. (නදී)
මේ වෛද්‍යවරයාගෙන් බෙහෙත් අරගෙන මැරිලා තියෙන්නේ තවත් වෛද්‍යවරියක් වීම තමයි අනිත් වෛද්‍යවරු ලොකුවට මේ ගැන කරුණු කරණා ඉදිරිපත් කරන්න ප්‍රධානම හේතුව. බැරිවෙලා හරි ඔය මැරුණ කෙනා රජයේ රෝහලකට ඇවිත් බෙහෙත් ගත්ත සමාන්‍ය දුප්පත් මනුස්සයෙක් හෙම වුනානම් ඔය දොස්තර නෙවෙයි කොයි දොස්තර අතින් බෙහෙත් වැරදිලා මැරුණත් ඔය ලොකුවට කතා කරන විශේෂඥයෝ මැරුන ලෙඩා පිටම වැරැද්ද පටවලා අපූරුවට කට පියාගෙන ඉඳියි. (දී)
බන්දුල පෙරේරා, ඔබ හැමදාමත් බොරුවට වාචාල කමට මොනවා හරි කියවනවා. මේ පිටුවට අවශ්‍ය වැදගත් උගත් අයගේ වටිනා අදහස්. මේ දොස්තර ඉන්ජෙක්ෂන් එක ගහල - අසාධ්‍ය වුන දොස්තර මහත්මිය පැය 1 1/2 ( පැය එකහමාරක් ) ජීවිතයත් මරණයත් අතර සටනක සිටියාලු. බන්දුලගේ මහා වටිනා දොස්තර උත්තමයා ඒ අසාධ්‍ය රෝගියාව රෝහලකට යොමුකළේ නැහැ. මොකද එහෙම වුනොත් ඔක්කොම එළිවෙන නිසා. මෙයාගේ හොර රෝහලෙන් කල් ඉකුත්වුන බෙහෙත් වර්ග 9ක් හොයාගෙන තියෙනවා. මේ දොස්තර ගැන තවත් කතා කුමටද ? බන්දුලගේ මෝඩ අදහස් නිසා අපේ පිටුව ගැන කලකිරුන අය දැන් අපේ ඉංග්‍රීසි පත්තරයේ එයාලාගේ වටිනා අදහස් දානවා මම දැක්කා. මම හිතන්නේ නැහැ ඒ අය ගේ වටිනා අදහස් අපේ සිංහල කියවන අයට අයෙත් දැකගන්න ලැබෙයි කියලා. එ්ක අපේ අවාසනාව. (නදී)
රස පරීක්ෂක එම පරීක්ෂාව කරන විශේෂ ආකාරයක් තිබෙනවා (නි)
දැන් ඉතින් මැරිච්ච අලියාගේ පිටේ කුබින් යනවලු. බන්දුලත් කරන ඒ වගේ ද (නදී)
රනිල් මහතා ඉංග්‍රීසි පත්‍රය මොකද්ද කියල කරුණාකර කියන්නකෝ. අපි කැමතියි ඒකත් බලන්න. (නදී)
ප්ලාස්ටික් ශෛල්‍ය වෛද්‍යවරු ලංකාවෙම ඉන්නේ 12 විතර වගේලු. එයාලා මේ වගේ රෝහල් වලින් පිට ප්‍රසිද්ධියට පත්කරගත්ත වෙනත් තැන්වල මෙවැනි සැත්කම් කරන්නේ නෑ කියලා පුවත්පත් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ මනුස්සයා එම් බී බී එස් එකක් විතරක් තියෙන සාමාන්‍ය වෛද්‍යවරයෙක්. කැලිෆෝනියා වෛද්‍ය සභාවෙත් ප්‍රශ්නයක් තියෙනවා නේද? රූපවාහිනී නාලිකා මේ දොස්තරව විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට ප්‍රසිද්ධ කරලා ජනතාව නොමග යවලා තමයි වැඩසටහන් කලේ. හරිනම් දොස්තරව විතරක් නෙවෙයි ඔය මනුස්සයාව ගෙන්වලා පවත්වපු වැඩසටහන්වල නිෂ්පාදකවරුන්වත් හිරේට දාන්න තියෙන්නේ (නදී)
කුෂාන් මහත්මයා ටයිම්ස් ඔන් ලයින් බලන්න (නදී)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
සමරකෝන්, ඇයි මොනවා බලන්නද? මේ දොස්තර මහත්තයාට දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය සැමදාම තියෙනවා. (නි)
මෙහි අවසානය කෙසේ විසඳේවිදැයි සිතේ ඇත්තේ මහත් කුතුහලයකි (නි)
මෙහි අවසානය කෙසේ විසඳෙයිද? (නි)
සමහරුන්ට මේක විහිලුවක් වෙලා (නි)
සමරකෝන් මහත්තය ගණන් ගන්න එපා..ඔය ආශීර්වාද පතන්නේ මට මේ කොයි දොස්තරත් එකයි..ඔය ඔක්කොම ආදරේ සල්ලි වලට මිසක් මිනිස්සුන්ට නෙමෙයි..මේ දොස්තර මහත්තයාගේ යම් හැකියාවක් තියෙනවා..ඒ ප්‍රායෝගිකත්වය හැමෝටම නැහැ..දැනුම තිබුනට උගන්නන්න බැරි මෙලෝ රහක් නැති ගුරුවරු වගේ..මෙයා ගාවට ප්‍රතිකාර වලට ගිය ප්‍රතිකාර ලබාගත් කට්ටිය ගැන හිතාගන්න පුළුවන් මේ මිය ගිය දොස්තර මහත්මියගෙන්ම..සාර්ථකත්වයක් නැතුව දක්ෂතාවක් නැතුව වැඩ පෙන්නනේ නැතුව ඒ තැන ඒ නම ගන්න බැහැ..අවාසනාවකට මේ සිදු වීම උනා..දැන් ඔක්කොම ඉවරයි.නමත් නැහැ ..හම්බ කරපුවත් වතුරේ.මේක තමයි දෛවය කියන්නේ..(අ)
බන්දුල, මේ දොස්තරට තියන එකම හැකියාව තමා ඉන්ජෙක්සන් ගහලා මිණිමරන්න තියෙන හැකියාව.(අ)
ඕනෑම මුහුණක් ලස්සන වීමට නම් එය සිනහවකින් සරසා ගන්න. එසේ සිනා වීමට බැරිනම් තමාම කිති කවා ගන්න (නදී)
අපේ ගෙදර නම් රස පරීක්ෂක මම. අපේ ගෙදර උන්දැ ටීවී එකේ යන වැඩසටහන් බලාගෙන හදන හැම කෑමේම රස බලන්න වෙලා තියෙන්නේ මට. දැන්නම් මට ඒවායේ කිසිම රහක් නැහැ. හැබැයි ඒක කිව්වොත්, එදායින් පස්සේ මම ගෙදරින් බත්කාලා හමාරයි. (නි)
රිකාස්, මෝඩකම සහ නපුරුකම පෙන්වන්න එපා. සුදුසුකම් තිබුනා නම් නිසි වෙලාවට රෝගියාව මැරෙන්න කලින් රෝහලකට ඉක්මනින් යවන්න ඕනෑ. මෙහෙමත් අය රටේ ඉන්නවනේ. (නි)
අනේ රිකාස්, මොනවද මේ කියන්නේ? මට හිතෙනවා රිකාස්ටත් එන්නතක් දෙන්න මොළේ පෑදෙන්න (නි)
ඔය ගමන්ම අනිත් පියර බබ්බුන්ගේ කඩවල් ටිකත් බලන්න. ඔය රුප පෙට්ටියේ ඉදන් බෙහෙත් වික්කේ පහුගිය දවස්වල. (නදී)
තවත් පරික්ෂා කළයුතු තැනක් තිබෙනවා. ඕනෑම ගොඩ වෙදෙක්ව ගෙන්වාගෙන මහජනතාවට උපදෙස් ලබාදෙන අර රූපවාහිනි මැදිරි ටික. මේවායේ වැඩසටහන් නිෂ්පාදකලා මහජනතාවට පෙන්වන මැජික් වලට සම්බන්ධ සැබෑ වෘත්තිකයන් නොවන උපදේශකවරු තවත් ඉන්නවද කියලා සොයලා බලන එක හරිම වැදගත්. (නි)
රුපලාවන්‍ය වැඩ වලදී මිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ (දී)
සුසුකම්ලත් වෙද්‍යවරයෙක් නම් , එන්නත නීත්‍යනුකූල නම් , වගකීම අනතුරට ලක්වූවන් බාරගත යුතුය්. (දී)
එහෙනම් රූපලාවන්‍යාගාරයේ පැණි රස කෑමත් ඇති. නැත්නම් රස පරීක්ෂක යන්නේ අහවල් කෙන්ගෙඩියක රස බලන්නද? (දී)
සම්පත්, විදපු බෙහෙතේ රසය බලන්න ඕන බව දන්නේ නැද්ද? (දී)
රස පරීක්ෂක ..කියන පදවිය වත් දන්නේ නැති අය රටේ ඉන්නවා දැක්කම ..බොහොම කණගාටු හිතෙනවා ....... (දී)
අනේ ලියනගේ, අපි දන්නවා. අපි දන්නේ නැහැ කියලා හිතුවද? (නි)
ලියනගේ මල්ලීට තදවෙලා...සම්පත්ගේ ප්‍රතිචාරය හාස්‍යමය එකක් බව ඔබට නොතේරීම ගැන තමයි මට කණගාටු (නදී)
ඇත්තටම ලියනගේ " රස පරික්ෂක" කියන්නේ කාටද? කුඹින්ටද? (නදී)
රස පරීක්ශක කියන තනතුර මොකක්ද කියන එකවත් සමහරු දන්නෙ නෑ. මෙහෙම නුගත් අය ලංකාවේ ගොඩක් ආයතනවල වෑඩ කරනවා. කනගාටුයි. (නදී)
ස්වභාව ධර්මය වෙනස් කරන්න ගියාම ඔහොම වෙනවා. (නි)
අනේ මන්දා, මේක කොතනින් කෙළවර වෙයිද? (නි)
බලමුකෝ වෙන දේ.... (නි)
මට මේ ප්‍රවෘත්තිය දැක්කම මේක කියවාගෙන යනකොට ගල්ගමුව දරුවා පැහැර ගැනීම අමතක වේගෙන එනවා. අලුත් ප්‍රවෘත්තියක් දැක්කම පරණ ඒවා ඉක්මනින් අමතක වෙන්නේ මට ලංකාවේ ජාන තිබෙන නිසා වෙන්න ඕනෑ. (නි)
රිකාස් මොනවා කියනවද මන්දා? (නි)
බෙහෙත් වර්ග මීට වැඩිය හොඳින් ආරක්ෂිතව ගබඩා කළ යුතුයි නේද? අඩුමගානේ බිම නොතියා රාක්ක වල දමාවත්... (නි)
අනේ මන්දා! මේ ඔක්කොම ඇදලා බලලාත් මේ විදපු බෙහෙතේ අරුමය සොයාගන්න පුළුවන් වේවිද දන්නේ නැහැ. මේකත් තමා විසින්ම එන්නත විදගෙන අවට සිටි අයට කිසිම දෙයක් මතක නැති වීමේ ප්‍රතිඵලයකින් අවසන් නොවේවා! (නි)
මේවා මිනිස්සුන්ට හොඳ පාඩම් (දී)
දැන් බැරි වෙලාවත් මේ ස්ථානයේ භාවිතා කෙරෙන බෙහෙත් වල ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් ආවොත් , මෙතනින් රූපලාවන්‍ය කටයුතු මීට කලින් කරවාගත් අයට ඊළඟට යන්න වෙන්නේ අධික රුධිර පීඩනයට බෙහෙත් ගන්න. (නි)
ඇත්ත තමයි දිමුතුට විතරයි එ්ක තේරුනේ (නදී)
ලියනගේ, මොනවද දන්නේ ඔය ආයතනය පිළිබඳව? ලියනගේ මහත්මයා, එන්න. මම කියලා දෙන්නම් (නි)
අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා වැඩක් නැත (නි)
රස පරීක්ෂක කියන්නේ දිව ගාලා බලලා එ්කේ රසය කියන වෘතියක්. හරිම අවදානම් සහිත වැඩක් (නදී)
රස දේවල් ඇඟට ගියාම මහත් වෙනවලු. ඒක ඇත්ත බව මේ පින්තුර දැක්කම පෙනෙනවා. (නදී)
දැන් මේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කල රුපවාහිනි නාලිකා ටික කසාය බීපු ගොළුවෝ වගේ ඇති. (නදී)
මේ වගේ දෙයක් වෙන්නම ඕනෙද ඕවා ගැන හොයන්න ඔය ටයි කෝට් ගලවලා සීතල කාමර වලින් එලියට ඔය ඇත්තෝ එන්න පටන් ගන්නයි තියෙන්නේ. තවත් මරණ දෙක තුනක් වත් වෙන්න කලින්. (නදී)
මේ මධ්‍යස්ථානය අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි..මේ ප්‍රතිකාර ගත් දොස්තර තුමිය මෙයාගෙන් ප්‍රතිකාර ගත් පළවෙනියත් නෙමෙයි..අද මේ වෛද්‍ය වරයාගේ සුදුසුකම් ගැන ප්‍රශ්න කරන වෛද්‍යවරුන්ට මොකද මේක ගැන මේ වගේ සිදුවීමක් වෙන්න කලින් ප්‍රශ්න කරලා මේ වෛද්‍යවරයා නුසුදුසු තමන්ට නොගැලපෙන ක්‍රියාවක් කරනවානම් එක හෙළිදරව් කරලා මේ ක්‍රියාව නතර කරන්න ක්‍රියා නොකළේ..මෙතන තියෙන්නේ ඉරිසියාව..කුහක කම..මේ වෛද්‍ය වරයා නමක් හදා ගෙන තමන් ඉගෙන ගත් ශිල්පයෙන් ගාන කපපු එක ගැන..(අ)
තව ටික දිනකින් එළියට එයි. ඒ ආවත් ඕකම තමයිනේ කරන්නේ. මොකද කාන්තාවන්ගේ වැඩි ඉල්ලීම රූපලාවන්‍යය වලටනේ. (නි)