IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රිසානා වෙනුවෙන් යාච්ඥා පමණයි

සරියා නීතිය අනුව යමින් රිසානාට මරණ දඩුවම ලබාදීම පිළිබදව සෞදිරජය ගත් පියවර පිළිබද විරෝධතා හා සත්‍යග්‍රහ පැවැත්වීම තම ආගමට කරන නිගාවක් බව අදහස් කරණ මුතූර් ප්‍රදේශයේ මුස්ලිම් ජනයා ඇය වෙනුවෙන් 11සිකුරාදා දින   මුස්ලිම් පල්ලිවල විශේෂ යාඥාවන් පැවැත්වීමට කටයුතු සංවිධානය කරති.
සෞදි අරාබියේ මරණ දඩුවම් හිමිව සිටි රිසානා නෆීක්  මරා දැමීමෙන් අනතුරුව  රිසානා පදිංචිව සිටි මූතූර් සාපිනගර් ඇගේ නිවසට දහස් ගණනින් ජනතාව ඇදී එන්නට වූයේ  රිසානා මරා දැමීමේ පුවත  ඔවුන් වෙත සැළවීමත් සමගයි.

ඉතා දිළිදු පවුලක උපන් රිසානා තම සහෝදරයාට හා සහෝදරියන් දෙදෙනාට හොද අධ්‍යාපනයක් ලබාදීම සදහා තමා පාසල් වයසේ සිටියදීම  අධ්‍යාපන කටයුතුද අතරමග නවතා විදේශ ගතවූයේ දහසකුත් බලාපොරොත්තු ඇතිවයි.  එහෙත් ඇයගේ සියලු බලාපොරොත්තු සිහිනයක් බවට පත්කරමින්  රිසානාට එහි සේවය කිරීමට හැකි වූයේ සති දෙකක් පමණ වූ කෙටි කාලයක් පමණි ළමා වියේ පසුවූ රිසානාට දරුවෙකු බලා ගැනීම  එතරම් පහසු කාර්යයක් නොවීය. ඇය තමා භාරයේ සිටි සිව් මස් දරුවාට කිරිපොවමින් සිටියදී දරුවා බිම වැටී කිරි පිටඋගුරේ යෑම හේතුවෙන් තම භාරයේ සිටි දරුවා මිය ගිය බව රිසානා ප්‍රකාශ කර තිබිණි.  එම වරදට මරණ දඩුවම් ලැබූ රිසානා 2005 වර්ෂයේ සිට 2013 ජනවාරි මස 09 වෙනි දින ඇය මරා දමනා තෙක් සවුදි හිර කදවුරක කාලය ගෙවීය.

මෙම වසර හතක කාලය තුල අවස්ථා දෙකකදී  රිසානාගේ දෙමාපියෝ ශ්‍රී ලංකා රජයේ හා පෞද්ගලික අංශයේ අනුග්‍රහය මත රිසානා හිරගත කර තිබු සෞදි හිරකදවුර වෙත ගියහ. ඔවුන් එහිදී රිසානා මුණ ගැසී ඇති අතර රිසානාගේ මව පවසන ආකාරයට සිර කදවුර තුල සිටි රිසානා ඇයට එරට රජය මගින් මරණ දඩුවම් ලබා දී ඇති බැව්  නොදැන සිටි බැව් පවසයි.  සිර කදවු‍රේ දී ඇයට ලැබුණු මුදල් සබන් හා ටොපි වැනි ද්‍රව්‍යය තම  සහෝදර සහෝදරියන් හට බෙදා දෙන ලෙස අවසන් වරට රිසානා  මුණගැසීමට ගිය දෙමාපියන්ට ලබා දී රිසානා ප්‍රකාශ කර ඇත්තේ තම සහෝදරියන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන ලෙසයි.

පොල් අතු පැලක ජීවත්වන රිසානාගේ පියා දර කපා පවුලේ නඩත්තුව ගෙන යන අතර ඔවුන්  සන්තකවම ඇත්තේ කරත්තයක් හා ගොන් බානක් පමණි. ඉතාදුක්බර ජීවිතයක් ගතකරන රිසානාගේ දෙමාපියන්ට රිසානා මිය ගිය බව සැළවීමත් සමග නිවසට ඇදී එන ජනතාවට තේ කොප්පයක් පවා ලබා දීමට නොහැකි තත්වයක් උදාවි තිබේ. මෙම තත්වය අවබෝධකරගත් ශ්‍රී ලංකා නාවික හමුදාව රිසානාගේ නිවසට  අවශ්‍ය සලාක දුන්නේය.

රිසානාගේ දෙමාපිය සහෝදර සහෝදරියන් තමන්ගේ ජීවිත ජීවත් කිරීම සදහා  පාසල් වයසේදීම විදේශ ගත වූ රිසානාගේ දේහය දැක ගැනීමේ දැඩි ආශාවකින් පසු වූවද  එම අවස්ථාවද  බොහෝ දුරට ඔවුන් වෙතින් ගිලිහී යනු ඇති  බැව් පැවසේ.



අදහස් (116)

රිසානා වෙනුවෙන් යාච්ඥා පමණයි

පාලිත Thursday, 10 January 2013 03:40 PM

අපි නිවන් සුව පතනවා (දී)

:       0       0

ඉසුරු Friday, 11 January 2013 12:28 AM

සම්පත් සහ ඉම්රාන් දෙන්නටත් දෙන්න ඕනෑ ශරියා නීතිය. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 10 January 2013 03:44 PM

රිසානාගේ අභාවය පිළිබඳ පුවත ඇසීමෙන් අපේ සිත් වල ඇති වූ කනස්සල්ල තව බොහෝ කලකට පහ වී නොයන මානසික වධයක්ව පවතිනු ඇත. මේ සිදුවීම අපට අපේ රටේ හැටි තේරුම් ගැනීමට බල කරයි. රිසානා මුල් වරට අත්අඩංගුවට පත් වූ විට අපේ රටේ දේශප්‍රේමී තානාපති අංශ හෝ විදේශ සේවා කාර්යාංශ නීති ආධාර ලබාදීම පැහැර හැරී අතර ඊට ඉදිරිපත් වුණේ ආසියානු මානව හිමිකම් කොමිසමයි. අන්තිමේදී ඇයගේ ගෙල සිඳි යන්න පැය ගණනක් තිබියදී පවා රටම රැවටුවා ඒ රටේ රජතුමා තීන්දු අවලංගු කරාවි කියලා. නමුත් ඒ රටේ රජතුමා පෙන්වා දුන්නා එරට අධිකරණයේ ස්වාධීනත්වය එතුමා ගරුකරන බව. දැන් අපි කොතනද ඉන්නේ? (නි)

:       0       0

අංජු Friday, 11 January 2013 12:30 AM

අළුගෝසු නීතිය කියන්නේ නඩුත් හාමුදුරුවන්ගෙ ‍බඩුත් හාමුදුරුවන්ගෙ කියන එක. රිසානාගෙ ඝාතකයාට ඔය නීතිය වලංගු නැද්ද? රිසානාගේ ඝාතන‍යෙන් ඈ ගැන වේදනාව ඇත්තේ වැදූ මවටත් හැදූ පියාටත් එක බඩවැල කඩාගෙන ආ සහෝදරියන්ට මිස ජාතිවාදීන්ට ආගම්වාදීන්ට නොවේ. (නි)

:       0       0

මාරියෝ Thursday, 10 January 2013 03:49 PM

පවු...පවු... මට දුකයි ඔබ ගැන (දී)

:       0       0

නසීර් එම්.එන්.එම් Thursday, 10 January 2013 03:50 PM

ඇමරිකන් ගැත්තොත් නැතුවා නොවේ(නු)

:       0       0

නුවන් Thursday, 10 January 2013 03:47 PM

මේකෙන් පාඩමක් ඉගෙනගෙන.(නු)

:       0       0

ලතා Thursday, 10 January 2013 06:58 PM

ඔබ මතු නිවන් සැප ලැබේවා (දී)

:       0       0

හාෆිස් Thursday, 10 January 2013 03:55 PM

අපි අපිට කරන්න පුළුවන් දේ කළා (දී)

:       0       0

හේරත් Thursday, 10 January 2013 03:52 PM

එහෙම කියන්න එපා. අන්තිම මොහොත දක්වා අපි සටන් කරන්න ඕනේ (දී)

:       0       0

ධම්ම Thursday, 10 January 2013 03:57 PM

මෙතන ගැටලුව ෂරියා නීතිය නොවේ.ෂරියා නීතියේ ඇති සමාව ලබාගැනීමට අප අපොහොසත් විමයි. ජනාධිපතිවරයාගේ ඉල්ලීමට කන්දුන් සෞදි රජ මෙය සමථ මණ්ඩලයට යොමු කළේ ඒ අවස්ථාව අපට දෙන්නයි. අප ඒ අවස්ථාවෙන් නිසි ප‍්‍රයෝජන ගත්තාද? මැදිහත් සිතින් සිතා බලන්න.තවත් රටක නීතිය වෙනස් කරන්න අපට බැහැ. (ස)

:       0       0

ධම්ම Thursday, 10 January 2013 03:54 PM

මෙතන ගැටලුව ෂරියා නීතිය නොවේ.ෂරියා නීතියේ ඇති සමාව ලබාගැනීමට අප අපොහොසත් විමයි. ජනාධිපතිවරයාගේ ඉල්ලීමට කන්දුන් සෞදි රජ මෙය සමථ මණ්ඩලයට යොමු කළේ ඒ අවස්ථාව අපට දෙන්නයි. අප ඒ අවස්ථාවෙන් නිසි ප‍්‍රයෝජන ගත්තාද? මැදිහත් සිතින් සිතා බලන්න.තවත් රටක නීතිය වෙනස් කරන්න අපට බැහැ. (දී)

:       0       0

මහේෂ් Friday, 11 January 2013 01:19 AM

මේකට දැන් දුක ප්‍රකාශ කරලා වැඩක් නැ, දැන් වත් අපි රටක් වශයෙන් නැගී සිටින්න ඕනි, එත් මේ කොන්දක් නැති නිලධරයන් එක්ක අපි කොහොමද ඉදිරියට යන්නේ. කෙල්ල මැරිලා ඉවරයි. හැබැයි ඒ කෙල්ලගේ දෙමව්පියන්ට ගෙවල් දීලා මේ ප්‍රශ්නේ යට ගහනවානම් එයාලට දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙවි (ස)

:       0       0

කිත්සිරි Thursday, 10 January 2013 04:00 PM

යාඥා කරලත් මොකටද දැන් ? (ස)

:       0       0

සෝමා Saturday, 12 January 2013 11:23 PM

ෂරියා නීතිය අනුව අපේ රටේ වැරදි කරන මුස්ලිම් ට දඩුවම් දිය යුතුයි. (නි)

:       0       0

දිනේෂ් Thursday, 10 January 2013 04:01 PM

රිසානා දුවේ අපි ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම කළා (දී)

:       0       0

සේනක Thursday, 10 January 2013 07:25 PM

දුවේ මුබට නිවන් සුව ලැබේවා (දී)

:       0       0

ෆාරුක් Thursday, 10 January 2013 04:04 PM

ජිවිතයක හැටි (දී)

:       0       0

සිල්වා Thursday, 10 January 2013 04:02 PM

අපේ වගකිවයුත්තෝ ගිහින් කතා කලාට වැඩක් උනේ නැහැ නේද (දී)

:       0       0

වජිර Thursday, 10 January 2013 04:02 PM

අපි අපේ කෙල්ල බේරා ගන්න මොනවා හරි කරමු (දී)

:       0       0

සාගර Thursday, 10 January 2013 04:07 PM

අයියෝ අපේ පුංචි කෙල්ල (දී)

:       0       0

කමල් Thursday, 10 January 2013 04:05 PM

මේ කාරනාව වෙනුවෙන් දුක්වූ සැමට පින් (දී)

:       0       0

අස්වාන් Friday, 11 January 2013 01:57 AM

ලංකාවටත් නීති දෙකක් ගේන්නට ඕනෑ. එකක් දැන් තිබෙන එක. අනෙක ෂරියා නීතිය. හැබැයි ෂරියා එක මුස්ලිම් කට්ටියට පමණයි හොඳේ. (නි)

:       0       0

ෂෙහාන් Thursday, 10 January 2013 04:08 PM

වෙන මොනවා කරන්නද (දී)

:       0       0

ශාන් Thursday, 10 January 2013 04:11 PM

මොන හිතකින්ද කඩුවකින් බෙල්ලක් කපන්නේ (දී)

:       0       0

අස්වාන් Friday, 11 January 2013 01:59 AM

මොනවා වුණත් අන්තිමට සෞදියේනේ මැරුණේ. ඒක නිසා ඉක්මණට දෙවියෝ ළඟට යන්ට පුළුවන් වෙයි. (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 10 January 2013 04:14 PM

කිසිම ආත්මයක මෙවන් විපතක් නොවේවා (දී)

:       0       0

පුබුදු Friday, 11 January 2013 02:37 AM

ඒ ළමයා වෙනුවෙන් අපිත් නැගී සිටිනවා (දී)

:       0       0

යොහාන් Thursday, 10 January 2013 04:16 PM

අපි හැමෝම මේ කෙල්ලට නිවන් සුව පතන්න ඕනේ (දී)

:       0       0

සමන් Friday, 11 January 2013 02:46 AM

ලංකාවේ හිගා කැවත් මේ රටවලට යන එක නතරකරන්න ඕනෑ. (නි)

:       0       0

සඳුනි Friday, 11 January 2013 06:05 PM

කෝ රිස්වාන් මුස්ලිම් සහෝදරත්වය ??? (ස)

:       0       0

චන්ද්‍රසේන Thursday, 10 January 2013 04:17 PM

මගේ කනගාටුව (දී)

:       0       0

රම්‍යා Friday, 11 January 2013 02:58 AM

නංගියේ ඔබට නිවන් සුව (ස)

:       0       0

ලංකා Thursday, 10 January 2013 04:23 PM

තම තමන්ගේ ආගම් වලට අනුව රිසානාට නිදහස ප්‍රාර්ථනා කරන්න (දී)

:       0       0

මෙන්ඩිස් Thursday, 10 January 2013 04:22 PM

කොහොම හරි අපි මේ ළමයාව බේරා ගනිමු (දී)

:       0       0

ජනක Friday, 11 January 2013 03:41 AM

මගේ කනගාටුව පල කරනවා, දුවේ නුබට නිවන් සුව (දී)

:       0       0

ෂිෆා Friday, 11 January 2013 03:47 AM

මැද පෙරදිගම දේහය භුමිදාන කළ එක හොදයි. (නි)

:       0       0

ෂිෆා Friday, 11 January 2013 03:49 AM

අපිට තියෙන්නේ රිසානා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නයි... (නි)

:       0       0

සිල්වා Thursday, 10 January 2013 08:12 PM

සැවොම නිවන් සුව පතන්න (දී)

:       0       0

සුසිල් Thursday, 10 January 2013 04:36 PM

අපිට ඔබ වෙනුවෙන් කල හැක්කේ නිවන් ප්‍රර්ථනා කරන එක පමණි (දී)

:       0       0

ශාන්ත Friday, 11 January 2013 04:41 AM

මට මේවට කියන්න දේවල් තිබුණත් ඒවා පසුවට කල් දාන්න වෙලා (ස)

:       0       0

සුමනා Thursday, 10 January 2013 04:41 PM

අපි ඔබ වෙනුවෙන් අපෙන් වෙන්න ඕන දේවල් ටික කරනවා (දී)

:       0       0

ජීවා Thursday, 10 January 2013 04:44 PM

දෙවි පිහිටයි ඔබට (දී)

:       0       0

ජීවන්ත Thursday, 10 January 2013 04:41 PM

වෙන යමක් නැද්ද කරන්න අපිට (දී)

:       0       0

හමීඩ් Thursday, 10 January 2013 04:45 PM

අයියෝ රිසානා (දී)

:       0       0

සහන් Thursday, 10 January 2013 08:34 PM

මගේ එකම පැතුම ඔබට නිවන් සුව අත් වේවා (දී)

:       0       0

නිසාර් Thursday, 10 January 2013 08:31 PM

සෞදි රජයට මාගේ විරෝධය (ස)

:       0       0

අජන්ත Thursday, 10 January 2013 04:52 PM

මටනම් හරිම කනගාටුයි (දී)

:       0       0

සදුන් Thursday, 10 January 2013 04:55 PM

තවත් අයකුට මෙවන් දෙයක් වෙන එක වළක්වන්න (දී)

:       0       0

රුක්ශාන්ත Thursday, 10 January 2013 04:53 PM

ඇය වෙනුවෙන් අපි නිවන් සුව පතන අතර ඔබ වැනි තවත් ජිවිත රාශියක් එරට වාසය කරයි, ඒ අය මෙවන් අනතුරු වලින් බේරා ගැනීම වෙනුවෙන් අපි කැප වෙමු (දී)

:       0       0

නන්දා Friday, 11 January 2013 07:26 AM

අපි සැමදා ඔබ වෙනුවෙන් දුවේ (දී)

:       0       0

උදය Thursday, 10 January 2013 04:54 PM

අපිට කරන්න පුළුවන් එපමණයි (දී)

:       0       0

උපාලි Friday, 11 January 2013 07:39 AM

ම්ලේච්ඡකම පිළිගන්නෙ නැහැ. චිත්‍රපටයකට නම් විරුද්ධව බොරුවට කෑගහන්න පුළුවන්. මේක මිනිස්කමටත් නින්දාවක්. විරෝධතා පැවැත්වීම ආගමට නිගාවක් කියන්නෙ, එතකොට ෂරියා නීතිය අනුව මරන එක ආගමද? (නි)

:       0       0

ලක්පහන Thursday, 10 January 2013 04:55 PM

අපි ඒ ළමයා වෙනුවෙන් අපෙන් වෙන්න ඕන යුතු කම ඉටු කරමු (දී)

:       0       0

චින්තක Thursday, 10 January 2013 08:47 PM

අනේ අපේ කෙල්ල (දී)

:       0       0

රහීම් Thursday, 10 January 2013 08:49 PM

ජීවිතයක හැටි (දී)

:       0       0

ධම්ම Thursday, 10 January 2013 05:05 PM

මා ඉන්ද්‍රජිත්ගේ අදහස සමග එකගයි. (ස)

:       0       0

සදුනි Thursday, 10 January 2013 05:13 PM

අනේ මන්දා (දී)

:       0       0

සදුන් Thursday, 10 January 2013 08:53 PM

අපි වෙනුවෙන් වෙන්න ඕන දේ අපි කරනවා (දී)

:       0       0

මුතුකුඩ Thursday, 10 January 2013 05:15 PM

ඉන්දුජිත් ඔබ අදහස ඇත්තෙන්ම නිවැරදි (දී)

:       0       0

නසාර් Thursday, 10 January 2013 08:57 PM

එක්කෙනාගෙන් රුපියල ගානේ එකතු කරලා හරි මේ පවුලට නිවසක් තනාදෙමුද ? (ස)

:       0       0

ලංකා Thursday, 10 January 2013 08:58 PM

මම ඔබට නිවන් සුව පතනවා (දී)

:       0       0

ලංකා Thursday, 10 January 2013 08:54 PM

එහෙම නොවෙයි, බැරිද අපිට බේරා ගන්න (දී)

:       0       0

දිමුතු Thursday, 10 January 2013 05:12 PM

ඔබට නිවන් සුව (දී)

:       0       0

දමින්ද Friday, 11 January 2013 08:14 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

බන්දුල Saturday, 12 January 2013 06:59 PM

සවුදියට දෙවියෝ තෙල් මවා දුන්නට එකේ ඉන්න අයට මොළයක් දීලා නෑ (අ)

:       0       0

අමිල් Thursday, 10 January 2013 09:31 PM

පවු අහිංසක කෙල්ල. ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රොහාන් Thursday, 10 January 2013 09:32 PM

අපි අරාබිය වර්ජනය කරමු. (නි)

:       0       0

සෙහාන් Thursday, 10 January 2013 05:49 PM

ඔබේ සිහින සැබෑ කරන්න අපි එකතු වෙන්නම් (දී)

:       0       0

ලලිත් Thursday, 10 January 2013 05:58 PM

අපේ කෙල්ල නිදහස් කරන්න (දී)

:       0       0

වරුණ Thursday, 10 January 2013 05:56 PM

අපිට මොකද්ද අපේ කෙල්ල වෙනුවෙන් කරන්න පුළුවන් (දී)

:       0       0

පාලිත Thursday, 10 January 2013 06:00 PM

දැන්වත් බැරිද නිදහස් කරන්න (දී)

:       0       0

ජානක Thursday, 10 January 2013 02:57 PM

අපේ දහමට අනුව වෙනත් ආගමකට ගරහන්න හොද නැහැ.. ඒත් මේ වගේ අපරාධ නවත්තන්න කටයුතු කරන්න සංවිධානය වෙන්න ඕන..!(නු)

:       0       0

දර්ශන Thursday, 10 January 2013 02:59 PM

මෙයාලට පුළුවං බොරුවට කෑගහන්න විතරයි තමයි..!(නු)

:       0       0

පිටිගල Thursday, 10 January 2013 02:57 PM

රිසානාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

එඒ.ඩබ්. සංජීව Thursday, 10 January 2013 02:58 PM

මේ වගේ දේවල් තියෙනකොට මුළු ලෝකෙටම සෙතක් වෙන්නෙ නැහැ.. දැන්වත් ජනතාවගේ දෑස් පෑදේවා..!(නු)

:       0       0

උපාලි Thursday, 10 January 2013 10:08 PM

සියලුම සාක්ෂි වලට වඩා බලවත් වන්නේ හෘද සාක්ෂියයි. (නි)

:       0       0

දුශාන් Thursday, 10 January 2013 06:08 PM

හද කම්පා කරවන කතාවක් (දී)

:       0       0

රත්න Thursday, 10 January 2013 03:03 PM

ඇයි විරෝධතා හා සත්‍යග්‍රහ පැවැත්වුවොත්, "උඩ බලාගෙන කෙලගහගන්න වෙනවානේ". (නු)

:       0       0

අසේල Thursday, 10 January 2013 03:08 PM

අන්තවාදී කම ලොකුයි සත්‍ය අසත්‍ය තේරුම් ගන්නවට වඩා.(නු)

:       0       0

සම්පත් Thursday, 10 January 2013 03:10 PM

එතකොට අහිංසක ළමයෙක් අත්වැරදීමකට මරලා දාන එක මිනිස්කමට නින්දාවක් නෙමෙයිද? ටිකක් කල්පනා කරලා බල්නන..!(නු)

:       0       0

ප්‍රියංකර Thursday, 10 January 2013 06:17 PM

රිසානා ගැන තොරතුරු එසැනින් ගෙන එන ලංකාදීපයට ස්තුති (දී)

:       0       0

කෙවින් Thursday, 10 January 2013 03:07 PM

ශර්යා යනු නීතියක් පමණි ආගමක් නොවෙයි..!(නු)

:       0       0

ජීවන්ත Thursday, 10 January 2013 03:07 PM

අපි උත්සාහ කරමු නිදහස් කර ගන්න (දී)

:       0       0

මහරුෆ් Thursday, 10 January 2013 10:22 PM

මට හරිම දුකයි (දී)

:       0       0

තරංග Saturday, 12 January 2013 05:46 AM

ඒ අපේම සොහොරිය රිසානාට වෙච්ච දේ හෙට අපේම වෙන සොයුරියකට වෙන්න පුළුවන්. මට හොදටම තේරෙනවා. අපි දුප්පත් නැගිටින්න වෙර දරන පුංචි රටක්. අපිට රට සංවර්ඡනය කරගෙන යාමේදී රට විරුවන් දුක් මහන්සියෙන් හම්බකර තම මව්බිමට එවන ඒ මුදලට ලොකු වටිනාකමක් තිබෙනවා.නමුත් ඒ මතයේම ඉදලා අපේ රටේ අහිංසක මානව සම්පත මේ අරාබිකරයේ ඉන්න මස් වැද්දන්ට හිතුනු හිතුනු වෙලාවට ගොදුරු කරගන්න දෙන්න එපා. මම සිංහල දේශයේ ඉපදුණු සිංහල අම්මා කෙනෙකුගේ කිරි බීලා හැදුනු සිංහලයෙක්. අපිට ආඩම්බර ඉතියාසයක් තියෙනවා. වීර මද්දුම බණ්ඩාර පෙන්නුවා රට වෙනුවෙන් එඩිතරව කොහොමද කඩුවට බෙල්ල තියන්නේ කියලා. අපිට කාගෙන්වත් එඩිතරකම ගැන ඉගනගන්න ඕනෑනැහැ. අපේ රටේ කාන්තාවන් ඒ කෲර දේශයට යවන එක දැන්වත් නවත්වන්න. නැත්නම් අපේ සිංහල දරු පැටවුන්ට උන්ගේ අම්මලා නැතුව හැමදාමත් ඇඩු කදුලෙන් තමයි ඉන්න වෙන්නේ. (නි)

:       0       0

ජීවා Thursday, 10 January 2013 03:10 PM

කෝ මේ අපේ අය රිසානා වෙනුවෙන් පෙළපාලි යනවාද? (නු)

:       0       0

රණ රාල Thursday, 10 January 2013 03:07 PM

ඇමරිකාවේ මෙහෙම උනොත්, මෙයාලා සිකුරාදාට මොනවා කරයිද?(නු)

:       0       0

රාජා Thursday, 10 January 2013 10:28 PM

බැරිද මොකුත් කියලා කරගන්න (දී)

:       0       0

රාජ් Thursday, 10 January 2013 03:12 PM

මේවායින් ලෝකයම ගලවා ගන්නට පුළුවං ඇමරිකාවට පමණයි..!(නු)

:       0       0

දමිත් Thursday, 10 January 2013 03:11 PM

ඇය වෙනුවෙන් වෙන යමක් කරන්න ඉතිරි වී නැද්ද (දී)

:       0       0

මහින්ද Thursday, 10 January 2013 10:29 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

සිරිපාල Thursday, 10 January 2013 03:18 PM

මේ රටේ ම්ලේඡ්ච ශාරියා නීතිය නැහැ. ඉතිං ඇයි ඒ නීතියට බයේ පෙළපාලි නොයන්නේ? මේ ලිපියෙ නොතිබුණාට ශාරියා නීතියෙන් ලැබුණ දඩුවමකට විරුද්ධව පෙළපාලි ගියොත් ඒ ම්ලේඡ්ච නීතියෙන්ම ඒ අයට දඩුවම් ලැබෙනවා. ඇමෙරිකාවේ චිත්‍රපටයට විරුද්ධව පෙළපාලි ගියපු හැටි මතකනේ. තමන්ගේ අක්කා මරල දාලා. මූණවත් බලාගන්න විදියක් නැහැ මේ සහෝදරියන්ට. ම්ලේඡ්ච නීතියෙන් මරා දැම්මට පස්සේ සිරුර ඒ රටේම මිහිදන් කරන්න ඕනෑලු. ඊයේ දවල්ම මිහිදන් කරලලු සිරුර. (නි)

:       0       0

කමල් Thursday, 10 January 2013 03:23 PM

තීරණය හොදයි. විරෝධතා හෝ සත්‍යග්‍රහ මගින් රිසානාට නැවත පණ දිය නොහැක. (නි)

:       0       0

කමල් Thursday, 10 January 2013 03:21 PM

ජාතිවාදීන් හට රිසානාගේ දේහය අනිසි ලෙස පාවිච්චි කිරීමට ඉඩදෙන්න එපා. (නි)

:       0       0

චාර්ලිස් Thursday, 10 January 2013 03:22 PM

සම්පත්, ඔයා නිකන් සිංහල නමකින් පෙනී හිටියට ඔයාගෙ අදහසෙන්ම පේනවා ඔයා කවුද කියලා. (නි)

:       0       0

අනෝමා Thursday, 10 January 2013 10:52 PM

රිසානා, ඔබගේ ගෙල සිදුනද සැමදා ඔබ අප හදවත් තුල ජීවත් වනු ඇත. (නි)

:       0       0

බුරම්පි Thursday, 10 January 2013 03:23 PM

සියලුම මිත්‍යා දෘෂ්ටිකයන් සම්‍යක් දෘෂ්ටිකයන් වේවා! (නි)

:       0       0

රනිල් Thursday, 10 January 2013 03:27 PM

කෝ මේකෙ වෙනදා කෑ ගහලා අදහස් දාන මුස්ලිම් කට්ටිය? මොකද මේවට දැන් සද්දයක් නැත්තෙ? (නි)

:       0       0

හර්ෂ Thursday, 10 January 2013 11:05 PM

ඔබට නිවන් සුව ලැබේවා (දී)

:       0       0

රොහාන් Thursday, 10 January 2013 03:33 PM

අසරණ කෙල්ල (දී)

:       0       0

කොඩිතුවක්කු Thursday, 10 January 2013 06:38 PM

සෞදියේ විනාශය අතලඟ (ස)

:       0       0

රොහාන් Thursday, 10 January 2013 03:33 PM

ජෝජ් බුෂ්ට ස්තුතියි.!(නු)

:       0       0

මධූ Thursday, 10 January 2013 06:39 PM

ලංකාවේ මුස්ලිම් අය නැද්ද? බොරු දේවල් වලට කෑ ගැහැවට කෝ මේ වගේ දේකට කිසි සද්දයක් නෑනේ (ස)

:       0       0

යොහාන් Thursday, 10 January 2013 11:22 PM

අපේ පරම යුතුකම ඇය වෙනුවෙන් පින් කම් කිරීම පමණි (දී)

:       0       0

කුමාර Thursday, 10 January 2013 03:36 PM

මේක අහලා සිංහල අපි මොනතරම් දුක් උනාද? මේ අය කියන විදියට මොන දේකට දුක්වෙන්නේ..?(නු)

:       0       0

තිලක් Thursday, 10 January 2013 11:30 PM

අපිත් නිවන් සුව පතනවා ඔබට (දී)

:       0       0

සන්දරුවන් Thursday, 10 January 2013 03:36 PM

ආනන්තර්ය පාප කර්මයක් කල කෙනකා අන්ත.කල්පයක් නරකයේ දුක් විදිනවා.. මිත්‍යා දෘෂ්ඨිකයන් අනන්ත කල්පයක් නරකයේ දුක් විදිනවා.. කර්මය මේකට කරන්න දෙයක් නැහැ..!(නු)

:       0       0

ඉම්රාන් Thursday, 10 January 2013 03:38 PM

ලංකාවටත් ශර්යා නීතිය ගෙනල්ලා මේ කුඩු විකුණන අයට ස්ත්‍රී දුෂකයන්ට හොද පාඩමක් උගන්වන්න..!(නු)

:       0       0

තරංග Thursday, 10 January 2013 03:38 PM

අපි ඒ දේ කරමු (දී)

:       0       0

ලාල් Thursday, 10 January 2013 06:47 PM

ඒක අපේ යුතුකමක් (දී)

:       0       0

දුන්හිද Thursday, 10 January 2013 03:41 PM

පෙනෙන්නේ නැද්ද දැන් සිරියාවේ වෙලා තියෙන දේ? (නි)

:       0       0

නසීර් Thursday, 10 January 2013 03:38 PM

අපේ යුතුකම අපි කරමු (දී)

:       0       0

ආනන්ද Thursday, 10 January 2013 11:59 PM

අපිත් නිවන් සුව පතමු (දී)

:       0       0

අසේල Friday, 11 January 2013 12:17 AM

අනේ අපේ කෙල්ල, මොනවාද අපිට මේ දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් (දී)

:       0       1

රිෂාන් Monday, 27 September 2021 08:27 PM

ඇත්තෙන්ම පව්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 681 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1529 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 534 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 269 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 772 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1429 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39102 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25574 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1081 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site