IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


රුසියා රියදුරෙක් නීතිය අතට ගනී

ඇලෙක්සි වොල්කොව් බස් රථ රියැදුරෙකි.රුසියාවේ මොස්කව් අගනුවරින් සැතපුම් 23 ක් පමණ වයඹ දෙසට පිහිටි සෙලනොග්‍රාඩ් නගරයේ හෙතෙම රාජකාරි කරයි.සෙලනොග්‍රාඩ් හි බොහෝ දෙනා ඇලෙක්සි හදුනාගෙන සිටියේ විනය ගරුක හා නීතිගරුක රියැදුරෙකු ලෙසිනි.

රුසියාවේ රියැදුරන් බොහෝමයකගේ සිරිත වී ඇත්තේ තම රථ උවමනාවෙන්ම හප්පාගෙන රක්ෂණ වන්දි ගැනීමයි. තමන් ඉදිරියේ ධාවනය වන වාහනයක් පසු කරගෙන ගොස් එහි මග හරස්කර වහා තිරිංග තද කිරීම ඔවුන් සිය වාහන ‘‘හප්පා ගැනීමට‘‘ භාවිතා කරන සූත්තරයයි.එවිට පසුපසින් එන වාහනය ඉදිරියෙන් ඇති වාහනයේ ගැටෙන අතර ‘‘වරද‘‘ පසුපසින් පැමිණි රියැදුරාගේ ලෙස සැළැකෙන බැවින් ‘‘අනතුරට‘‘ ලක්වූ රථ හිමියාට රක්ෂණ වන්දි ලබා ගැනීමට ඉඩ සැළසේ.රියැදුරන්ගේ මේ ක්‍රමය අවබෝධ කරගත් රක්ෂණ සමාගම්ද රක්ෂණ වන්දි ලබා ගැනීමට නම් පැහැදිලි සාක්කි ඉදිරිපත් කළ යුතු බවට කොන්දේසියක්ද පැණැවීමට කටයුතු කළේ මෑතකදීය.ඒ අනුව රුසියාවේ බොහෝ රියදුරන් දැන් සිය රථ වල කැමරා සවිකරගෙන සිටින්නේ අනතුරක් සිදුවුවහොත් සාක්කි සැපැයීමටය.

කෙතරම් විනයගරුකව රථය පැදැවූවද සහෝදර රියැදුරන් තම බස් රථය ඉස්සර කරමින් තිරිංග තද කරමින් නටන නාඩගම් බලා සිටීමට නම් ඇලෙක්සිට කිසිම අවශ්‍යතාවයක් නොතිබිණි.අවසානයේ සිය ‘‘ඇගට කැපූ‘‘ රියැදුරකුගේ බැන වැදීමක් හමුවේ ඇලෙක්සි තීරණය කළේ මෙවන් පුද්ගලයන්ට තමන්ම දඩුවම් දීමටය. ඒ අනුව එදා  සිට සිය බස් රථයේ මාර්ගය අවහිර කරන කලබල කාරයින්ගේ මෝටර් රථ උවමනාවෙන්ම හප්පා දැමිම ඇලෙක්සයිගේ නව වැඩපිළිවෙළ විය. ‘‘බොහෝ දෙනා මා කරන වැඩේට කැමතියි.පොලිසිය පවා මා හට දඩුවම් පනවන්නේ නැහැ.වෙනකක් තියා මගේ බස් රථය අයිති සමාගමවත් මට මුකුත් කියන්නේ නැහැ. මේ වගේ රියැදුරන්ට දඩුවම් දෙන්න ඕනෑ.එක් අතකින් මම කරන්නේ සේවයක්‘‘ඇලෙක්සි පවසන්නේ ආඩම්බරයෙනි.

මේ හප්පා දැමිමේ කර්තව්‍යය නිසාම ඇලෙක්සි දැන් හැදින්වෙන්නේ ‘‘පීඩකයා‘‘ යන අන්වර්ථ නාමයෙනි.තමන් දඩුවම් කරන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශනද අන්තර්ජාලය වෙත එක්කිරීමද ඇලෙක්සිගේ පුරුද්දකි.‘‘මේවා බැලීමේන්වත් මිනිස්සු මේ වගේ වැරදි නොකර ඉදිවී‘‘ ඒ ඇලෙක්සිගේ විශ්වාසයයි.



අදහස් (0)

රුසියා රියදුරෙක් නීතිය අතට ගනී

සුජීව Tuesday, 26 February 2013 02:52 PM

නිරාන් ඔබ වගේ වටින අදහස් පල කරන්නේ කීප දෙනෙක් පමණයි.. ස්තුතියි ඔබට(ස)

:       0       0

ප්‍රදීප් Tuesday, 26 February 2013 03:44 PM

අම්මප මටත් හිතිල තියනව ට්‍රැෆික් එකේදි වැරදි ලේන් එකෙන් ඔවර්ටේක් කරල, වටපිටවත් බලන්නෙ නැතිව රින්ගන ත්‍රීවීල් කාරයන්ට ඔහොම කරන්න..(ස)

:       0       0

ඉදුනිල් Tuesday, 26 February 2013 04:21 PM

මෙන්න වීඩියෝව http://www.youtube.com/watch?v=c1GQncXsHCE

:       0       0

ඇන්ටන් Tuesday, 26 February 2013 05:19 PM

වැඩි දවසක් යන්න කලින් අපේ ලංකාවෙත් ඔය වගේ රියදුරෙක් ලැබෙන්න කියලා පතනවා.. අපේත් ඉන්නේ කරදර කාර රියදුරන් නිසා.!(නු)

:       0       0

දම්මි Tuesday, 26 February 2013 07:30 PM

ප්‍රදීප් ඔහොම කරන්න ඕන මේ රටට ත්‍රීවීල් ගෙන්වපු අයට..!(නු)

:       0       0

නිරාන් Tuesday, 26 February 2013 12:32 PM

මේක තමයි මිනිස්සුන්ට අසාධාරණය ඉවසීමට සීමාවක් තියෙනවා... ඊට පස්සේ මිනිස්සු ඔවුන්ට සුදුසු යැයි කියන දේ නිර්මාණය කරගන්නවා. මේනිසා තමයි යහපත් සාජයක් අවශ්‍ය නම් යහපත් පාලනයක් අවශ්‍යයි කියන්නේ (ස)

:       0       0

දුමින්ද Tuesday, 26 February 2013 01:28 PM

මේ වගේ විසිපස් දෙනෙක් වත් හිටියොත් අපේ රටටත් හොඳයි.. (ස)

:       0       0

ගාමිණී Tuesday, 26 February 2013 10:12 PM

පාසල් ළමුන්, මගීන් ඇතුළේ සිටින වෙලාවක වාහනයක් හැප්පීම සුභ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 909 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 444 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 389 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 327 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1591 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1719 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38808 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site