IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රසායනාගාර පරීක්ෂණ ලෙඩ හඳුනාගන්න හොඳම මගක්

(කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පර්යේෂණාගාර කාර්මික විද්‍යාඥ අධිකාරි, සෞඛ්‍ය ප‍්‍රවර්ධන ඩිප්ලෝමාධාරි ඩබ්ලිව්. එම්. වීරසේකර)

අද වනවිට ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග වැඩිවීමේ ප‍්‍රවණතාවක තිබෙනවා. දියවැඩියාව හෘද රෝග, පිළිකා සහ මානසික ආබාධ යන රෝගවල වැඩිවීමක් තිබෙන අතර මෙයින් දියවැඩියාව රෝගය බහුලව පවතින බව හෙළිවී තිබෙනවා. මීට කලකට පෙර මෙම රෝග ගැන අවධානය යොමු කළේ වයස 40 පමණ ඉක්මවූ, පරම්පරාවෙන් පැවත එන සහ නාගරික පරිසරවල ජීවත්වන සිටින පිරිසකටයි. එහෙත් මේ වනවිට මෙම දියවැඩියා වැනි රෝග බොහෝ කුඩා ළමයින්ටද වැළදී තිබෙනවා. ලොකු කුඩා ගැහැනු පිරිමි ගම්බද හා නගරබද සියල්ලටම පොදු වූ ලෙඩක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින රෝගයක් බවට දියවැඩියාව පත්වී ඇති බව රෝහල්වල දියවැඩියා සායන හා බාහිර රෝගි අංශවලින් දැකගන්න හැකිවී තිබෙනවා.

දියවැඩියා රෝගය තිබේදැයි හඳුනා ගන්නේ කෙසේද?

දියවැඩියා රෝගියකු බාහිර පෙනුමෙන් හඳුනාගන්න බැහැ. ඒ සඳහා රුධිර පරීක්‍ෂණයක් කළ යුතුමයි. දියවැඩියාව ගැන සැකයක් ඇතිවුණාම හොඳම දෙය තමයි ඒක තහවුරු කර ගැනීම. මේ සඳහා කරන්න තියෙන එකම දෙය රුධිර පරීක්‍ෂාවක් කිරීමයි. වෛද්‍ය උපදෙස් අනුව FBS පරීක්‍ෂණයක් කිරීමෙන් දියවැඩියාව හඳුනාගන්න පුළුවන්. මෙම පරීක්‍ෂණය සඳහා පැය 10 ක කාලයක් නිරාහාරව සිටිය යුතුයි. රුධිරයෙහි අඩංගු සීනි ප‍්‍රමාණය පරීක්‍ෂාකර බැලීමේදී සාමාන්‍ය කෙනකුගේ රුධිරයෙහි අඩංගු ග්ලූකෝස් ප‍්‍රමාණය ඩෙසිලීටරයට මිලිග‍්‍රෑම් 110 ට වඩා අඩු අගයක් එහෙත් 110ට වැඩි අගයක් ඇත්නම් බොහෝ දුරට එය දියවැඩියාව ගැන සැක සහිත තත්ත්වයක්. රුධිරයෙහි ග්ලූකෝස් ප‍්‍රමාණය 110x126 අතර පවතීනම් එය පූර්ව දියවැඩියා අවධිය ලෙස සලකනු ලබනවා. මෙම අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් අනුව ආහාර පාලනය කිරීමෙන් සහ ව්‍යායාමවල නිරතවීමෙන් දියවැඩියාව වැළදීමෙන් වැළකී සිටීමට හෝ දිගු කලක් බෙහෙත් පාවිච්චි කිරීමකින් තොරව නිරෝගී දිවියක් ගත කිරීමට හැකියාව තිබෙනවා.

මේ සඳහා වඩාත්ම සුදුසු වන්නේ මුත‍්‍ර පරීක්‍ෂණයක්ද? රුධිර පරීක්‍ෂණයක්ද?

මුත‍්‍ර පරීක්‍ෂණයකින්ද දියවැඩියා රෝගය හඳුනාගත හැකිවූවත් එමගින් රෝගය හඳුනා ගන්නා විට පූර්ව අවධිය පසුකර උග‍්‍ර තත්ත්වයට පත්වී ඇති බැවැනි වඩාත් සුදුසු වන්නේ රුධිර පරීක්‍ෂණයක් සිදුකිරීමයි. මෙම රෝගය වැළදුණු බොහෝ දෙනෙක් මානසිකවත් පීඩාවට පත්වන අවස්ථා අප දැක තිබෙනවා. සමහර අය පවසන්නේ මේක මහ කරුම ලෙඩක් කියලයි. කන්නත් නැහැ බොන්නත් නැහැ කාටවවත් පේන්නෙත් නැහැ. හැමෝටම කියන්නත් බැහැ කියලා තව සමහරු කියනවා. මේ කතාවල සත්‍යතාවකුත් තියෙනවා. මොකද දියවැඩියාව රෝගය වැළඳුණු කෙනකුට එය සුවකිරීමට නොහැකිවුවත් පාලනය කිරීමට සිදුවෙනවා. මේ සඳහා අනිවාර්යයෙන්ම කෑම බීමවල පාලනයක් තිබිය යුතුමයි. ඒ වගේම ව්‍යායාමත් අවශ්‍ය දෙයක්.

රෝගියකු රුධිර පරීක්‍ෂණයකට මුහුණ දීමේ ඇති වැදගත්කම සහ නොකළ යුතු දේ කුමක්ද?

දියවැඩියා රෝගය කාලයක් පවතින විටදී විවිධ සංකූලතා හටගන්න පුළුවන් මේ අතර අධික රුධිර පීඩනය ලිපිඩවල වෙනස්වීම් (කොලෙස්ටරෝල්) අක්මාවෙහි මේදය තැන්පත්වීම, වකුගඩු රෝග ආදි තත්ත්වයක් හටගන්නා බව හෙළිවී තිබෙනවා. වඩාත් සැලකිලිමත් විය යුත්තේ රෝගය වැළදී ප‍්‍රතිකාර මගින් පාලනය කරන අයට ඔවුනට වෛද්‍ය උපදෙස් අනුව බෙහෙත් සහ ආහාරපාන මෙන්ම ජීවන රටාවද රෝග පාලනය කිරීමට පහසුවන පරිදි හුරුකර ගැනීමට සිදුවීමයි. සමහර අය සායනවලට ගොස් බෙහෙත් ලබා ගන්නත් නියමිත මාත‍්‍රාවට නොගෙන හිතුමතයට හෝ වෙනත් අයගේ කටකතාවලට බෙහෙත් පාවිචිච්ය වෙනස් කරන අතරම රුධිර පරීක්‍ෂා කරන දවස ළගාවනවිට විශේෂයෙන් ආහාර පාලනය හා බෙහෙත් පෙත්තක් වැඩියෙන් බීල එන අවස්ථා බොහොමයක් තිබෙනවා. මෙය නොකළ යුතු දෙයක්. මෙසේ කිරීමෙන් පාලනයකින් තොර දියවැඩියාව තත්ත්වය හටගන්න පුළුවනි. මෙය වෛද්‍යවරයාට රුධිර පරීක්‍ෂණ වාර්තා අනුව බෙහෙත් ලබාදිමට අපහසුවනවා වගේම රසායනාගාර වාර්තා ගැන ඇති විශ්වාසයද පළුදු වන අවස්ථා උදාවෙනවා. රුධිරයෙහි ග්ලූකෝස් ප‍්‍රමාණය ඉතා අධිකවීම හෝ ඉතා අඩුවීම නිසා මරණය පවා සිදුවිය හැකිය.

විවිධ රුධිර පරීක්‍ෂණ සඳහා රෝගියා සූදානම් විය යුත්තේ කෙසේද?

රුධිර පරීක්‍ෂණ:x FBS x පැය 10 ක කාලයක් නිරාහාරව සිට (ජලය පමණක් පානය කිරීමෙන් ප‍්‍රතිඵල වෙනසක් නොවේ)

RBS : ඕනෑම වෙලාවක පරීක්‍ෂාකළ හැක. රෝගය හඳුනා ගැනීමට මෙන්ම හදිසි ප‍්‍රතිකාර වලදීද මෙම පරීක්‍ෂණය සිදු කරයි.

PPBS: ආහාර ගෙන පැය දෙකකට පසුව හෝ ග්ලූකෝස් නියමිත ප‍්‍රමාණයක් පානය කිරීමෙන් පැය 2 කට පසුව

GTT: ග්ලූකෝස් නියමිත ප‍්‍රමාණයක් බීමට සලස්වා වෛද්‍ය උපදෙස් අනුව පැය 1 සහ පැය 2 රුධිර සාම්පල පරීක්‍ෂාව.

Micro albumin- දියවැඩියාව නිසා වකුගඩු වලට හානියක් සිදුවී ඇත්ද යන බව සොයා ගැනීම සඳහා කරන මුත‍්‍ර පරීක්‍ෂණයකි.

H6AICx මෙම රුධිර පරීක්‍ෂණය දියවැඩියා තත්ත්වය නිසා රතු රුධිරානුවල වෙනස්වීම පිළිබඳව හඳුනා ගැනීමට උපකාරවෙනවා.

FBS සහ PPBS රුධිර පරීක්‍ෂණයක් මගින් දියවැඩියා රෝගය හඳුනාගෙන වෛද්‍ය උපදෙස් හා ප‍්‍රතිකාර නිසි පරිදි පිළිපැදීමෙන් සුවකළ නොහැකි දියවැඩියා රෝගය පාලනය කරගෙන සුවපත් දිවියක් ගෙවීමට හැකිය.

 



අදහස් (0)

රසායනාගාර පරීක්ෂණ ලෙඩ හඳුනාගන්න හොඳම මගක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1072 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6645 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3640 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 307 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1532 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1641 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28672 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site