ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය විසින් මීගමුව වෙරළ තීරයේදී පැවති සිංහල අළුත් අවුරුදු උළෙලේදී සංචාරක අවුරුදු කුමරිය සහ කුමාරා ලෙස රුසියානු ජාතික යෙව්ග්නියා කොටෙන්කෝ මෙනවියත් සෝටා කිලාට්සේ මහතාත් කිරුළු පැළදූහ.
ශ‍්‍රී ලංකාවට පමණක් සුවිශේසී සංස්කෘතික අංග සහ චාරිත‍්‍ර වාරිත‍්‍ර ලොවට විදහාපාමින් පැවත්වූ මෙම උළෙලේ අරමුණ වුයේ ශ‍්‍රී ලංකාව සංචාරය කිරීම සඳහා ඉතා සුබවාදී ගමනාන්තයක් යන පණිවිඩය ලෝකය වෙත ලබාදීමයි.
සංචාරක අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය තේරීමේ තරගය පැමිණ සිටි විදෙස් අමුත්තන්ගේ සිත් ඇඳ බැඳගත් අංගයක් වූ අතර කොට්ටපොර, කඹ ඇදීම, බැලූම් පිපිරවීම සහ ලිස්සන ගසේ නැගීම, කණා මුට්ටි බිදීම වැනි අවුරුදු ක‍්‍රීඩාවලටද සහභාගිවීමේ අවස්ථාවද ඔවුනට උදා විය.
මෙම උත්සවයට සහභාගිවූ සියලූ අමුත්තන් සිංහල චාරිත‍්‍රානුකූලව පිළිගනු ලැබූ අතර, ඔවුනට සිංහල සංස්කෘතික නර්තනාංග සහ රබන් ගැසීම මගින් විනෝදාශ්වාදය සපයන ලදී. එමෙන්ම මෙහිදී ඔවුන්හට කැවුම්, කිරිබත් මෙන්ම දේශීය රසකැවිලි පිසින ආකාරය දැකබලා ගැනීමට මෙන්ම ඒවා රස විඳීමටත් අවස්ථාවක් උදාවිය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපති භාෂ්වර ගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය තර තිබූ උත්සවය වර්ණවත් කර ගැනීමෙහිලා දී බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ක්ලෝඞ් තෝමස් මහතා විශේෂ දායකත්වයක් සපයා තිබුණි.
බස්නාහිර පළාත් සංචාරක අමාත්‍ය නිමල් ලන්සා, ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ කලමනාකරණ අධ්‍යක්ෂ ?මි ජවුපර්, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ක්ලෝඞ් තෝමස් යන මහත්වරුන් මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොද කියමුකෝ. එත් විශේෂයෙන් මේ සංචාරක තරුණියන්ට ලංකාවේ සිදුවෙන අතවර ගැන කොහෙත්ම සතුටු වෙන්න බැහැ. මතකනේ අර රුසියානු තරුණියට වෙච්ච දේ? පොලිසිය මීට වඩා තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි (නි)
මිට වඩා ලස්සන කුමාර ,කුමරියෝ ලංකාවට එන්නේ නැත්ද ?.(නදී)
සුද්දෝ බිදින කනාමුට්ටි කිව්වලු . නියම වැඩක්. මගෙන් සුබපැතුම් .(නදී)
අවුරුදු කුමාරියේ, සිංහලයෝ නම් භයානකයි! (නි)
තංගල්ල පැත්තේ නම් යන්න එපෝ (නි)
ජින්ජි බරස් , ජින්ජි බරස් අපේ ආච්චි කොට හිරමනේ ... මේවත් සුද්දන්ට ඉගැන්නුවා නම් හොදයි නේද? (නි)
ඔව් ඉතින්, දකුණේ තියෙන්නේ අමුතු සෙල්ලම්නේ (නි)
අවුරුදු කුමාරි නම් නියමයි (නි)
දැක්කම ආසා හිතෙනවා (නි)
සුදුහම තියෙන කෙල්ලනේ, කොළඹ, මීගමුව පැත්තේ ඕවා කළාට දකුණට එහෙම යන්නේ නැහැ ඔන්න (නි)
රුසියන් කෙල්ලෝ කොහොමත් හරි ලස්සනයි (නි)
සංචාරකයන් අතලොස්සක් පිනවීම පිණිස මහජන මුදල් විශාල ලෙස නාස්ති කරමින්කරන මෙවන් ක්‍රියා වහාම නතර කිරීමට රජය ක්‍රියා කළ යුතු වේ. (නි)
හරිම ආඩම්බරයි අපේකම ලෝකයට පෙන්වීම ගැන. (නි)
ඇයි ගිමාල්, ඔයාට දකුණේ කවුරුහරි මොනවත් කරදරයක් කළාද? (නි)
හොඳ වැඩක්. ගොඩක් සතුටුයි. (නි)
හරිම ආඩම්බරයි අපේකම ලෝකයට පෙන්නීම ගැන. (නි)
අවුරුදු කුමාරි නම් නියමයි (නි)