IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘රූහි ඔයා ආවද මගේ පැටියෝ’’ රමන්ගේ අම්මා හමුවෙමු

Photo0606

 

‘හෙළෝ සුට්ටං බට්ටිත්තෝ...
ඔයා දැන් මොකද කරන්නේ...
මං අපේ අම්මටත් ඔයා ගැන කිව්වා,
අපේ අම්මා කිව්වා ඔයාට
අපේ ගෙදර එන්න කියලා
සුට්ටං බට්ටිත්තෝ...’’

 

 
ඒ හඬ ඔබට වඩාත් හුරු ඇති. හඬ වගේම රුවත් අමතක වෙන්න විදියක්ම නැහැ. ඇය ශිරෝමිකා ප‍්‍රනාන්දුය. උතුම් පැතුම් නාට්‍යයේ කෝසලා ලෙස රඟපාන චරිතය සමග ඒ විදියට අපට හමුවක්, ‘‘මේ ආදරයයි’’ නාට්‍ය මාලාවේ දී ඇය අපට හමුවන්නේ හඬින් විතරයි. නමුත් එහි තෝෂී චරිතයට හඬ මුසු කිරීම නිසා මේ දිනවල ශිරෝමිකා ගැන වැඩි දෙනෙක් කතා කරන බව කියන්න පුළුවනි. ඒ හන්දාම අපි ඇය එක්ක මේ චරිතවලට එහා ගිය විස්තර ටිකක් කතා කරමු.

 

Untitled-1
button ශිරෝමිකා, මොන නමින්ද අපි ඔබට කතා කරන්න  ඕනෑ..?
මට ඉතින් ශිිරෝ කියනවා, ශිරෝමි කියනවා. ඔය විදිය තමයි ඉතින්.

 


button මහත්තයා ආදරයට අමතන්නේ?
හාද වෙච්ච දවස්වල නම් සුද්දි, අම්මි ඔය ඔක්කොම වගේ ඒ විදියට ඇමතුවා. පසුව ශිරෝ කිව්වා. දැන් ශිරෝමි. ඉදිරියට කොහොම කියාවිද දන්නේ නැහැ.

 


button ශිරෝමිකා හරි විහිළුවෙන් සිටින කෙනෙක් නේද?
මං බොහොම සරලයි. සැහැල්ලූවෙන් පොළොවෙ පය ගහලා ඉන්න කැමතියි. කොහේ ගියත් මිනිස්සු අපට හරි ආදරෙයි. ‘ඔයා රඟපෑව නාට්‍ය හරි ලස්සනයි. ඔයාගේ හඬ අහන්න ආසයි.’’  ඒ වගේ දේ කියද්දී දැනෙන සතුට අපමණයි.

 


button ශිරෝමිකා රූපය ගැන හිතන කෙනෙක් නෙවෙයි නේද?
ඇත්තටම නැහැ. ඒ වාසනාව මට අඩුයි. ගෙදර ගෘහණිය සහ මවගේ චරිතය මම කරන්නේ හරිම ආසාවෙන්. ඒ නිසා රූපය ගැන හිතන්න වෙලාවකුත් නැහැ. ළමයින්ගේ ඉස්කෝලේ වැඩයි ගෙදර වැඩයි, වෙනුවෙන් සතුටින් කාලය ගත කරනවා. අපේ අම්මා ඉන්නෙත් අපිත් එක්ක. ඉතින් මේ රඟපෑම් කටයුතුවලට අම්මාගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නෙ. මගේ පවුලේ විස්තර කිව්වොත් සැමියා ගාමිණී ඩයස් අබේගුණවර්ධන. (විශ‍්‍රාමික හමුදා නිලධාරී) අපේ දුවගේ නම තරුෂි. පුතා තරුෂ.

 


button උතුම්-පැතුම් ‘කෝසලා’ චරිතය ගැන ඔබට හිතෙන්නේ කොහොමද?
විවාහයක් කර ගැනීමට ප‍්‍රමාද වූ කාන්තාවක්. ඉතින් එයාට ලැබුණු ආදරය නිසා මන්මත් වෙලා.

 


button ඔබ එහෙම වුණේ නැද්ද කවදාවත්?
වුණා... වුණා... 1996 දී විතර. විවාහයෙන් කෙළවර වුණේ ඒ ආදරය තමයි.

 


button මේ දිනවල ඒ උතුම්xපැතුම් චරිතයට අමතරව තවත් චරිත මොනවාද?
උතුම්-පැතුම් චරිතයට හාත්පස වෙනත් චරිතයක් දේවි නාට්‍යයේ රඟපානවා. ඊට අමතරව අකරවාඩිය නාට්‍යයේ තවත් වෙනස්ම චරිතයක්. නමුත් බොහෝ දෙනා අද කතා වෙන්නේ මේ ආදරයයි නාට්‍යයේ රමන්ගේ අම්මාගේ චරිතය නිසයි.
‘රූහි ඔයා ආවද මගේ පැටියෝ’’
ආ...ඉෂිිතා ඔව් ඉතින් ඔයාට වෙන වැඩක් නැහැනේ. ඔයාට තියෙන්නේ ඉතින් හොර වැඩ අල්ල, අල්ලා ඉන්න එක තමයි.’’
මේ වගේ ඒ දෙබස්වලට ගොඩාක් අය ආසයි. හැබැයි ඒ විදිහට ඒ තෝෂිගේ චරිතයට දෙබස් කවන්න පුළුවන් වුණේ, ඒ චරිතය රඟපාන ශිල්පිනියගේ දක්‍ෂතාවය නිසාමයි.

 


button මේ තෝෂිගේ චරිතය ගැන මිනිස්සු මොනවද කියන්නේ?
ඇත්තටම අපේ මහත්තයා මට කියන්නේ, අනේ ශිරෝ ඒ හඬ ඒ චරිතය වෙතින් ගලා එද්දී, ඒ චරිතය රඟපාන නිළිය නොවෙයි ඔයාවයි මැවිලා පෙනෙන්නේ කියලා. ඇත්තටම මට නම් ටී.වී. එක බලද්දී ඒ හඬ කවලා තියෙන්නේ මමද කියලා මට අමතක වෙනවා. ඒ තරමටම ඒ ශිල්පිණිය හොඳට රඟපානවා.

100_3859

 

buttonඑහි දෙබස් කැවීම්වලට ගිහින් වෙච්ච සිදුවීම් එහෙම තියෙනවාද?
එහෙමම  නැහැ. මොකද අපි එක එක්කෙනා චරිතයට අදාලව දෙබස් කැවීම්වලට සහභාගී වෙනවා. ඔක්කෝමලා එකම වෙලාවට නෙවෙයි එන්නේ. ඒ නිසා අනෙක් අය හමුනොවෙන තරම්.

 


 button ඔබ රඟපාන මේ චරිත ගැන දුව පුතා මොනවද කියන්නේ?
අම්මේ - අම්මා හිනාවෙන චරිත විතරක් කරන්න එපා කියලා කියනවා. ඒත් මම කැමති හිනාවෙන චරිත කරන්නයි. මිනිස්සුන්ට දුක දෙන්න මම කැමති නැහැ අයියෝ.

 


button  ශිරෝමිකා මේ විදියට අද සරල චරිත එක්ක හමුවුණත් ඔබ කලාවට ආ අතීතය මේ විදිය නොවෙයි නේද?
මුලින්ම මම රඟපෑමට ආවේ මලිත් ඉන්ද්‍රනාත්ගේ ‘සද්ද බද්ද’ කියන වේදිකා නාට්‍යයෙන්. එය සරසවි නාට්‍ය උළෙලට තේරී මම හොඳම නිළිය සම්මානය ගත්තා. පසුව එය විනිශ්චයට ආ සුගතපාල ද සිල්වා ශූරීන්ගේ ඇරයුම මත දුන්නxදුනුගමුවේ ප‍්‍රධාන නිළි චරිතය රඟපෑවා. පසුව ධර්මසිරි බන්ඩාරනායකගේ ඒකාධිපති, මකරාක්‍ෂයා යන නාට්‍යයවල රඟපෑවා. වසර 28කට විතර පෙරදි මගේ ගමන පටන් ගත්තේ එහෙමයි.
 

sandun 01

 



අදහස් (0)

‘රූහි ඔයා ආවද මගේ පැටියෝ’’ රමන්ගේ අම්මා හමුවෙමු

ශ්‍රීකාන්ත්. Friday, 27 March 2015 06:56 PM

ඉතාම අනර්ඝ විදිහට තෝෂිට ඔබ විසින් හඬ කවනවා. ඒත් තෝෂිගේ චරිතයට ආවේනික "ඕයේ" කියන කොටස ඉතා වැදගත්. හින්දි සංස්කරණයේදී එය හාස්‍ය උත්පාදනයේ ඉතාම වැදගත් තැනක් ගන්නවා. එය සිංහල සංස්කරණයේ "ඒයී" ලෙස යොදා ගත්තත්, හඬ මුසු කිරීමේදී තවත් තීව්‍ර ලෙස සිදු කරා නම් ඉතාමත් අනර්ඝයයි මට හැඟේ. ඔබට සුභ පැතුම්.(දිල්)

:       0       0

හේමා Saturday, 21 March 2015 09:55 AM

චූට්ටක් කට පරිස්සම් කරගෙන ව්‍යායාම කළොත් ඔබ සැබෑම ලස්සන කාන්තාවක්. රැඟපෑම් නම් අති විශිෂ්ඨයි. අපි හරිම ආසයි.(නදී)

:       0       0

කපිල Saturday, 21 March 2015 09:56 AM

ඔබ කතා කරනවා හරිම හුරතල්‍ ඇත්තටම අපි හරි ආසයි ඔබට. (නදී)

:       0       0

ප්‍රියා Monday, 23 March 2015 09:57 PM

කවමදාකවත් මම ලස්සන නැහැ කියලා හිතන්න එපා.උදේට නැගිටලා කණ්ණාඩිය ළඟට ගිහින් කියන්න මම තමා මේ ලෝකේ ලස්සනම කාන්තාව කියලා.ඔයා දක්ෂ නිළියක්. ඔයාට මගේ සුබ පැතුම්. (නි)

:       0       0

දිල්හානි Friday, 20 March 2015 11:59 PM

ලස්සන පවුලක්. ඇය වාසනාවන්තයි. (නි)

:       0       0

යුගන්ත Saturday, 21 March 2015 02:38 AM

ඇය සැබවින්ම රූමත්... (නි)

:       0       0

සුනෙත් - කඩවත Monday, 23 March 2015 04:52 AM

දක්ෂකමත් ලක්ෂණත් කියන්නේ දෙකක්. ඔබ හැබැම දක්ෂ නිළියක්. මගේ සුබ පැතුම්. (බ)

:       0       0

ජීවා Friday, 20 March 2015 12:38 PM

මට නම් ඔයාව මධුරි ඩික්සිත් වගේත් පෙනෙනවා. ඔයා ලස්සනයි (නි)

:       0       0

රොෂාන් Sunday, 22 March 2015 04:15 AM

අවංකව ඔබ ඉතා දක්ෂ නිළියක් මගෙන් සුබ පැතුම් ඔබට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 878 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 407 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 888 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3226 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 590 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 229 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site