මොරැන්තුඩුව ඉපිලිස්ස පාලම යටින් සොයා ගත් නාඳුනන මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා භාර ගැනීමට කළුතර නාගොඩ රෝහල හා පානදුර රෝහල ප්‍රතික්ෂේප කළ බව පොලිසිය කියයි.
එම නාඳුනන සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන ලෙස කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධරයාට නියෝග කළ අතර සිරුර නාගොඩ රෝහලට යැවීය.
නාඳුනන සිරුරු භාර ගත නොහැකි බව කියමින් එහිදී සිරුර භාර නොගැනීම නිසා පානදුර රෝහලට ගෙන ගියත් එයින් ද පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර භාර ගෙන නැත.
එම නිසා සිරුර තිබූ ස්ථානයට ගෙන ගොස් යළි මහේස්ත්‍රාත්ට දැනුම් දෙන බව පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදු, චේන් එහෙම නැතුව ඇති. (නි)
මිනිස් ජීවිත ඇයි මෙතරම් පහතට වැටුනේ...?කාගේ වරදින්ද...?ඔය පුටු රත් කරන අය මිනිස් ජීවිතයක අගය දන්නේ නැද්ද. සිරුර හදුනා ගන්න කන් රෝහල් මෘත ශරීරාගාරයේ තැබීම මේ අය වෙනස් කරලද. බාර ගන්න බැහැ කියන්නේ.(නදී)
මීට පස්සේ පොලිසියට කියන්න තියෙන්නෙ,අපට හිතෙන්නේ මෙයාලා ලංකාවෙ අය නොවන පාටයි.සමහරවිට රත්තරන් ගිලලා මැරුණ ඉන්දියානු ජාතිකයන් වගේ පේන්නේ කිව්වා නම් ඒ මළසිරුරු වල කෑලි කෑලි කපලා හරි පරීක්ෂා කරනවා. ඒ විතරක් නොවේ අයිතිකාරයෝ හදුනා නොගන්න එකත් වඩා හොදයි කියයි.රෝහල් වලත් බාර නොගන්නවා නම් කාටද බාර දෙන්නේ?මොනවා වුණත් පොලීසියේ මහත්වරුන්ට ස්තුතිවන්ත වෙනවා උත්සහයට.ඒ දෙන්නාට නිවන් සුව. (නි)
මාලා දන්නා බව පෙන්නන්න ගිහින් නොදන්නා බව ලෝකෙටම ප්‍රකාශ කළා. (නි)
මේකෙන් ඉගෙනගන්න තිබෙන පාඩම : මැරෙනවා නම් හැඳුනුම්පත ළඟ තබාගෙන මැරෙන්න. (නි)
රෝහල භාරගන්නේ ලෙඩ්ඩු විතරයිලු (නි)
හැමදෙයක්ම විහිළුවක් වුණේ කාගේ වරදින්ද? (නි)
අධිකරණ නියෝගයක්වත් පිළිගන්නේ නැති රටක නීතිය වල්වැදිලා කියන්න වෙන සාක්ෂි වුවමනා නැහැනේ. රටට ගිය කල! කිසිම දේශපාලන බලයක්වත්, සිවිල් බලයක්වත් නැති සාමාන්‍ය ජනතාවට දෙවියන්ගේ පිහිට සහ තමන් පෙර කළ කුසල කර්ම වල පිහිටෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. (නි)
මෙහි අදහස් දැමූ අයට මේ ප්‍රශ්නයේ යතාර්ථය අවබෝධ කරගන්නට බැරි පාටයි. මෙය අපි බුද්ධිගෝචරව නම්‍යශීලීව උපායශීලිව යථාවබෝධයෙන් බැලිය යුතු ප්‍රශ්නයක්. (නි)
මහජන මුදලින් යැපෙන්නවුන්ට ගිය කල? (නි)
බයේ බැහැ මට නම් (නි)
ඔය පාලම උඩින් යනකොට ටිකක් බයයි තමයි. ඒක නිසා මේ දෙන්නා යටින් යන්න හැදුවද දන්නේ නැහැ (නි)
මළ සිරුර නැගිටලා ගෙදර යයිවද්ද ,මේවා දකිද්දී? (නි)
රූපා, බය වෙන්න එපා. දැන් අපිට ගම් කබරයෝ රෑනක්ම ඉන්නේ (නි)
තව ටික කලකින් මේ වගේ මළ සිරුරු නිකම්ම වළ දාන්න වෙයි. (නි)
ඒ කියන්නේ මැරුණු තැනැත්තා අඳුනා ගන්නාතුරු මළ සිරුර පොලිසියේ තියාගන්න ඕනෑ කියන එකද? අනේ මෙහෙම ලංකාවක්! (නි)
ලංකාවේ මේ වගේ දේවල් වෙන්නේ නීතියේ තිබෙන අඩුපාඩුකමක් නිසා කියලා හිතෙනවා. බොහෝ කලකට පෙර සිදුවූ ත්‍රිත්ව මිනීමැරුමකදී මළසිරුරු 2 ක් පොලිස් කොට්ඨාශ දෙකක මායිම වන කුඩා ඇළ පාරක එගොඩ සහ මෙගොඩ පැත්තේ ත් 3 වන සිරුර ඇළ පාර හරහා ඇති බන්ට් එක උඩත් වැටී තිබුන විටදී පළමු මළ සිරුරු 2 ඒ ඒ පොලිසි වලින් රැගෙන ගියාට බන්ට් එක උඩ තිබුණ සිරුර ගෙනයාමට පළාත භාර පොලිස් අධිකාරී එනතුරු ඉන්න සිද්ද වුණා (නි)
මළ සිරුර රෝහලට ගෙනයන්නේ කුමකටද? එය ගෙන යා යුත්තේ පොලිස් මෝචරියටය. (නි)
අාශ්චර්යවත් රටක් (නි)
අනේ ඕක ඔය අයිතිකාරයෙක් නැත්නම් අපේ අහවල් මල්ලිලාට බාර දෙන්න. (නි)
මොනවද ඉතින් යම් උදහසකට ලක් වු දෙන්නෙක් වෙන්න ඇති.. (නි)
දැන් බැලූවිට මැරෙන එකත් මහා පණ යන වැඩක් නේ? (නි)
ලංකාව නම් පුදුමම රටක්. දැන් මේ අවනඩු කාටද කියන්නේ?කව්රු කව්රුත් නහින දෙහින කාලේ ළංවෙන්න කලින් කබරයෙක් ඇති කරගන්න වෙනවා ඉස්සරහට.නැත්නම් දරුවොත් කියයි අපිට නම් එපා කියලා. එහෙම වුණොත් කබරගොයාවත් සළකයි (නි)